හිතට වැදුනු පොත්..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    maxsim gorky

    අම්මා

    මක්සිම් ගෝර්කි කියන්නෙ ආරූඪ නාමය.1868 උපත ලබාපු මක්සිම්ගෙ තාත්ත මියයනව මක්සිම්ට අවුරුදු 4ක් වෙද්දි.අම්ම නැතිවෙන්නෙ අවුරුදු 10ක් වෙද්දියි.ආච්චියි සීයයි තමයි භාරකාරයො වෙන්නෙ. සීය ට්කක් මසුරු, නිතර තරහ යන,කුරිරු ගති තිබ්බ කෙනෙක් කියලයි කියන්නෙ.ආච්චි අම්මනම් බොහොම මෘදු සෙනෙහෙබර කෙනෙක්ලු.ඇගේ සුරංගනා කතා අහ අහා ගිය පාසල් ගමන 3 පන්තියේදි නතර වෙනව.
    විවිධාකාරවූ රැකියා කීපයක්ම කල මක්සිම් ජීවිතය ගැන බොහෝ දේත් ඉගෙන ගන්නව.ඉතින් මේ 'අම්මා' කතාව කියවල නැත්නම් අදම කියවන්න.එය ඔබේ ජීවිතයට වැදගත් ඔවදනක් වේවි.

    "ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යයේ ආලෝකය ගිල්වා දැමිය නොහැක"

    gorky.jpg
    maxim_gorky_amma.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ වගේ පොත් කියවන හරක් නිසා තමයි උපේක්ෂා ස්වර්ණමාලි , රන්ජන් අය්යා , අනර්කලී වගේ අයට පාර්ලිමේන්තුවේ දොර ඇරුනේ.

    පොත් වලයි ඒකෙයි ගැලපීමක් නෑ mcn. ඒක ආකර්ශනයක් විතරයි.මේ මට හිතෙන විදිය.:)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    නියම පොතක් සහෝ....ඔහොම යන් ඔහොම යන්..........:)

    [mawbima paththaren]
    ජැක් ෂෙෆ් ලියපු ‘ෂේන්’ කියන්නේ අමෙරිකාවේ මුල් පදිංචිකරුවන්ගේ ජීවිත පසුබිම් කොටගත්තු නවකතාවක්. රස්තියාදුකාරයාට ෂේන්ව මුලින්ම හමු වෙන්නේ සුහද පත්තරයෙන්. ඒ පී. ඒ. ලීලාරත්නගේ ‘ෂේන්’ නමින්ම වූ චිත්‍ර කතාවෙන්.
    ෂේන්, ජෝ ස්මාර්ට්ගේ ගොවිපළට සේන්දු වෙන්නේ අහම්බෙන්. ස්මාරට් ඇතුළු මිටියාවතේ පදිංචි ගොවීන් එළවා දමන්නට ෆ්ලෙචර් නම් දාමරිකයකු තැත් කරනවා. ෆ්ලෙචර් සමඟ ගැටුමට ෂේන් මැදිහත් වෙනවා. අවසානයේ ෂේන්ගේ වෙඩි පහරින් ෆ්ලෙචර් සමඟ විල්සන් නම් කුලී මිනීමරුවාත් මිය යනවා. ඒ අන්ධකාර රාත්‍රියේම
    ෂේන් මිටියාවතෙන් පිටවී යනවා. ‘ෂේන්’ කතාවේ අවසානය සිරිල් සී. පෙරේරා සනිටුහන් කරන්නේ මේ විදිහට.
    අපේ රටේ බටහිර පෙදෙසේ සිට, අපේ කුඩා මිටියාවතට මිනිහෙක් පැමිණීයේය. තමා සතු යුතුකම් ඉටු කළ හෙතෙම ආපසු පැමිණි දිසාවටම ගියේය. ඒ මිනිහා ෂේන්ය.”

     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    lady chatterley's lover

    "චැටර්ලි ආර්යාවගේ පෙම්වතා"

    'කොන්ස්‌ටන්ස්‌ චැටලි' හෙවත් 'කොනී', ඇගේ සැමියා 'ක්‌ලිපෙඩ්' සමග රැග්බි මන්දිරයේ වාසය කරමින් සැමියාගේ කෘතිවලට ඇලී ගැලී ව්‍යාකූල ජීවිතයක්‌ ගත කරයි. යුද්ධයේදී කායික වශයෙන් අංග විකලයෙකු වී රෝද පුටුවේ වාරුවෙන් එහා මෙහා යන ඇගේ සැමියා භාවික වශයෙන් 'කොනී'ගෙන් පෝෂණය ලබන පරපෝෂිතයකු මෙන් වේ. සමාජ හා සංස්‌කෘති සම්මුති ලෝකය තුළ ඇය අසරණ වූ සිය සැමියාද රැක ගනිමින් මළ ජීවිතයක්‌ ගතකළ යුතු විය. එහිදී ඇයගේ අවශ්‍යතා පිළිබ`ද සිතීමට ඇයට අවකාශයක්‌ නැත. ජීවිත කාලය පුරා ඇයට විවාහය රක්‌ෂා කරමින් රෝද පුටුවට වාරු වීමට සිදුවේ. එහෙත් නවකතාවේදී නිර්මාණකරුවා ඇයට පරිපූර්ණ නිදහසක්‌ ලබා දෙමින් ලිංගිකමය වශයෙන් 'කොනී'ගේ පැවැත්ම ලිහිල් කර දක්‌වයි. 'ක්‌ලිපෙඩ්' සමග ඇයගේ ලිංගිකමය ගණුදෙනුවක්‌ නොවුණද ඇය හමුවන අනෙකුත් පිරිමින් සම`ග ආශ්‍රය ලිංගික උත්කර්ෂයෙන් සරසන්නට නිර්මාණකරුවා අමතක නොකරයි. ස්‌ත්‍රී ලිංගිකත්වය දෙවන ලිංගිකත්වයක්‌ බවට පරිවර්තනය කිරීමේ සංස්‌කෘතික වෑයමට එදිරිව 'කොනී'ගේ ලිංගික පර්ෂදය මෙහිදී උත්කර්ෂයට නගා ඇත.

    ... අන්තිමේදි ඔහුගේ වෙව්ලීම නැවතී, ඔහු ඉතා නිසංසල ව සිටියේය. පසුව, ඇගේ ළැම මත තබා සිටි ඔහුගේ හිස ඈ ඇගේ දයාලු ඇ`ගිලි වලින් පිරිමැද්දාය.
    book+cover.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුදු වැද්දා, සුදු ගෝනා, සුදු සෙවනැලි, විජයභා කොල්ලය, සුනේත්‍රා,අරලියමල් ආරමය, thawa tienawooo... den yanna wela... :(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නියම පොතක් සහෝ....ඔහොම යන් ඔහොම යන්..........:)

    [mawbima paththaren]
    ජැක් ෂෙෆ් ලියපු ‘ෂේන්’ කියන්නේ අමෙරිකාවේ මුල් පදිංචිකරුවන්ගේ ජීවිත පසුබිම් කොටගත්තු නවකතාවක්. රස්තියාදුකාරයාට ෂේන්ව මුලින්ම හමු වෙන්නේ සුහද පත්තරයෙන්. ඒ පී. ඒ. ලීලාරත්නගේ ‘ෂේන්’ නමින්ම වූ චිත්‍ර කතාවෙන්.
    ෂේන්, ජෝ ස්මාර්ට්ගේ ගොවිපළට සේන්දු වෙන්නේ අහම්බෙන්. ස්මාරට් ඇතුළු මිටියාවතේ පදිංචි ගොවීන් එළවා දමන්නට ෆ්ලෙචර් නම් දාමරිකයකු තැත් කරනවා. ෆ්ලෙචර් සමඟ ගැටුමට ෂේන් මැදිහත් වෙනවා. අවසානයේ ෂේන්ගේ වෙඩි පහරින් ෆ්ලෙචර් සමඟ විල්සන් නම් කුලී මිනීමරුවාත් මිය යනවා. ඒ අන්ධකාර රාත්‍රියේම
    ෂේන් මිටියාවතෙන් පිටවී යනවා. ‘ෂේන්’ කතාවේ අවසානය සිරිල් සී. පෙරේරා සනිටුහන් කරන්නේ මේ විදිහට.
    අපේ රටේ බටහිර පෙදෙසේ සිට, අපේ කුඩා මිටියාවතට මිනිහෙක් පැමිණීයේය. තමා සතු යුතුකම් ඉටු කළ හෙතෙම ආපසු පැමිණි දිසාවටම ගියේය. ඒ මිනිහා ෂේන්ය.”


    ඔය novel එක අයිත කියවන්න ආසයි බන් .හැබැයි මම කියෙව්වේ ටිකක් පොඩි කාලේ . ඒ feeling එකම දැන් එයි ද දන්නේ නැ.තැනක් තියෙනවනම් කියපන් පොත ගන්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැබෑ මිනිසෙකුගේ කතාවක්
    මාස්ටර්මන් රෙඩී
    ඈ හෙවත් අයේෂා
    මොන්තක්‍රිස්තෝ සිටුවරයා



     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    විලම්බීත - ටී. බී. ඉලංගරත්න
    පස් අවුරුද්ද - ඔරුවල බන්දු
    කාන්තාරයේ කුසුම (Desert Flower) - රංජිත් කුරුප්පු
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය novel එක අයිත කියවන්න ආසයි බන් .හැබැයි මම කියෙව්වේ ටිකක් පොඩි කාලේ . ඒ feeling එකම දැන් එයි ද දන්නේ නැ.තැනක් තියෙනවනම් කියපන් පොත ගන්න

    මං හිතන්නෙ ගුණසේන එකේ ඇති. මම බැලුවෙ පුස්තකාලෙන් අරන්. සමහර පොත් ආයෙ ආයෙ කියෙවුවත් ඇති වෙන්නෙ නෑනෙ බන්. :)

    සැබෑ මිනිසෙකුගේ කතාවක්
    මාස්ටර්මන් රෙඩී
    ඈ හෙවත් අයේෂා
    මොන්තක්‍රිස්තෝ සිටුවරයා

    නියම පොත් ටික මචෝ..... සැබෑ මිනිසෙකුගේ කතාව එහෙම මාරම කතාවක්.හොඳ ගැම්මක් එනව හිතට. මොන්තක්‍රිස්තො එහෙම ආයෙම බලන්නත් හිතුන.tnxxxaaaa:):)

    විලම්බීත - ටී. බී. ඉලංගරත්න
    පස් අවුරුද්ද - ඔරුවල බන්දු
    කාන්තාරයේ කුසුම (Desert Flower) - රංජිත් කුරුප්පු

    එළනෙ....කාන්තාරයේ කුසුම හෙම:):)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    tnxxxxaaaaaaa.......:)

    සුදු වැද්දා, සුදු ගෝනා, සුදු සෙවනැලි, විජයභා කොල්ලය, සුනේත්‍රා,අරලියමල් ආරමය, thawa tienawooo... den yanna wela... :(


    විජයබා කොල්ලය, සුනේත්‍රා........kiyala wadak na mcn......elaaaaaaaaaaz:)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    ටාර්සන්
    ෂර්ලොක් හෝම්ස්

    මේ පොත් සෙට් එකම කියවල තියනවා....

    තව හිතට වැදුන පොතක් තමයි
    කරුණාසේණ ජයලත් ගෙ "ගොලු හදවත"

    කොහොම උනත් මෑතකදි කියවපු හොදම ගොඩක්ම හිතට වැදුන පොත තමයි

    මහේෂ් රත්සර මද්දුම ආරච්චිමහත්මයා ලියපු
    "හැම තාත්තෙකුගෙම සිතුවිලි " කියන පොත....ලස්සන පොතක්.....ගැහැනු දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ගේ ලෝකය ගැන තමයි මේ පොතෙන් කියවෙන්නේ.....කියවලා නැත්නම් අනිවා හොයාගෙන කියවන්න..සරසවි එකේ තිබ්බා.

     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපුගේ ලොකය
    අපරාජිත ජිවිතයක්

    elaaaaaaaaaaaaaz niyamayine...... :):):)

    ටාර්සන්
    ෂර්ලොක් හෝම්ස්

    මේ පොත් සෙට් එකම කියවල තියනවා....

    තව හිතට වැදුන පොතක් තමයි
    කරුණාසේණ ජයලත් ගෙ "ගොලු හදවත"

    කොහොම උනත් මෑතකදි කියවපු හොදම ගොඩක්ම හිතට වැදුන පොත තමයි

    මහේෂ් රත්සර මද්දුම ආරච්චිමහත්මයා ලියපු
    "හැම තාත්තෙකුගෙම සිතුවිලි " කියන පොත....ලස්සන පොතක්.....ගැහැනු දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ගේ ලෝකය ගැන තමයි මේ පොතෙන් කියවෙන්නේ.....කියවලා නැත්නම් අනිවා හොයාගෙන කියවන්න..සරසවි එකේ තිබ්බා.


    ela ela.................tnx mcn :)


    mokada hichcho me?:rolleyes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රෝහිණී

    කතෘ: මාර්ටින් වික්‍රමසිංහ

    දුටුගැමුනු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියවුනු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියවුනු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.

    11254081.jpg
    M.Wickramasinghe.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වානේ පන්නරය ලැබූ හැටි

    936897_635344629827739_1078834279_n.jpg
    5066730.jpg


    නිකොලායි ඇලෙක්සිවිච් ඔස්ත්‍රොවොස්කි (Николай Алексеевич Островский) ගේ ‘කක් සකල්යාලස් ස්තාල්’ (Как закалялась сталь)



    සිංහල පරිවර්තනය ‘වානේ පන්නරය ලැබූ හැටි 1 හා 2′ පරිවර්තක දැදිගම වී. රුද්‍රිගු – ද ‘ගුරු ගීතය සේම ජෝෂෆ් ස්ටාලින් යුගයේ ප්‍රචාරාත්මක නවකථාවකි. මීට පාදක වන්නේ 1918-21 අතර රුසියානු සිවිල් යුද්ධයයි. කථා නායකයා පාවෙල් කෝර්චිගින් මෙහිදී බොල්ෂෙවිකයන්ගේ පක්ෂය ගෙන සටන් වදියි. කෘතියට කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් රාශියක් යොදා ගෙන තිබේ.
    කතුවරයා 1936දී එනම් ඔහු තිස් දෙහැවිරිදි වියෙහිදී (32) මිය ගියේය.
    මෙම කෘතියේ පළමු කොටස 1932දී ‘මොලොදොවා ග්වාර්දියා’ (තරුණ ආරක්ෂකයා) සඟරාවෙහි කොටස් වශයෙන් පළවිය. 1934දී එහි දෙවන කොටස ආරම්භ විය.

    1936දී නව කථාව පොතක් සේ පළ වූ නමුත් එහි බොහෝ කොටස් සෝවියට් ආණ්ඩුවේ මැදිහත්වීම විසින් ඉවත් කොට තිබුණේය. මුල් කෘතියෙහි සඳහන් වූ කථා නායකයාගේ පවුල හා සම්බන්ධ අප්‍රසන්න සිද්ධීන්, ආබාධිතයකු ලෙස ඔහු මුහුණ දුන් දුෂ්කරතා හා බිරිඳ සමඟ ඔහුගේ සම්බන්ධය ක්‍රමයෙන් බිඳ වැටුණු ආකාරය මෙසේ ඉවත් කළ කොටස් අතර විය. එසේම කථා නායකයා කෘතිමව පුම්බා යුගයේ දේශපාලන අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ වීරයකු කොට තිබුණේය.පසුකාලීනව ‘වානේ පන්නරය ලැබූ හැටි’ලෙස ප්‍රචලිත වූයේ මේ සංශෝධිත කෘතියයි.



    ‘වානේ පන්නරය ලැබූ හැටි’ නරඹමු

    ඉංගිරිසි උපසිරැසි නැත


    http://www.youtube.com/watch?feature=player_embedded&v=ticGZnUzMyM
     
    Last edited:

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    Robert knox
    අභය භූමිය
    ෂර්ලොක් හෝම්ස් සියලුම කතා
    අහස පොලව ලංවෙලා