හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇස්පනාපිට බිදුණු හීනෙක
    ලොවට රහසින් සැරිසැරිමය
    හිත්පුරා විදිනට වරම් නැති
    සොදුරු සයනෙක නිදිවැරීමය

    නෙලා ගැනුමට නොහැකි වුවද
    අත්හැරීමත් නොවෙයි ප්‍රේමය
    බලා දුර හිද කතානොකරම
    සුසුම් පපුවක සිරකිරීමය..
    ..........
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන්වී හඬා
    ආයෙත් ඉතිං ප්‍රේමේ නමින්
    සෝගී ගයන්නෑ ඉතිං
    .............
    මේ ඉරයි හඳයි තනි අහසක
    පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා
    උයනක වෙරළක
    එදා වගේ හමුවන්නට
    සුන්දර හවසක
    හීනමවනවද සිරවී
    හිමිනැති පපුවක
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ඇස්පනාපිට බිදුණු හීනෙක
    ලොවට රහසින් සැරිසැරිමය
    හිත්පුරා විදිනට වරම් නැති
    සොදුරු සයනෙක නිදිවැරීමය

    නෙලා ගැනුමට නොහැකි වුවද
    අත්හැරීමත් නොවෙයි ප්‍රේමය
    බලා දුර හිද කතානොකරම
    සුසුම් පපුවක සිරකිරීමය..
    ..........
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන්වී හඬා
    ආයෙත් ඉතිං ප්‍රේමේ නමින්
    සෝගී ගයන්නෑ ඉතිං
    .............
    මේ ඉරයි හඳයි තනි අහසක
    පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා
    උයනක වෙරළක
    එදා වගේ හමුවන්නට
    සුන්දර හවසක
    හීනමවනවද සිරවී
    හිමිනැති පපුවක
    You spoke me bro :love:
    +
    +

    නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු
    හිතක නැති මල් ඇයි මට නුදුරු
    පැතු මලේ රුසිරු
    මන්ද මට පස මිතුරු

    මලක් වී පැතු බඹරෙකු නොලැබූ
    පිපෙන්නට විය දෑතක නුහුරු
    ආදරේ සොඳුරු
    මට නොවෙද පස මිතුරු

    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
    ................................................
    රන් කෙන් දෙන් බැඳ
    අතැඟිලි එක්කළ ආදරයයි
    පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ
    ආදරයයි
    ................................................
    මුලු ලොවම නැතිවුනත්
    එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන්
    ඇත ඔබේ නාමයෙන්...//

    ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
    වරම් නැතිවූ ලෝකයෙන්...//
    වෙන්ව සිටිනා හුදකලාවේ
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්
    ..............................................
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ

    මට ඔබ, ඔබ මට පෙම්කල තරමට
    වෙන්වී යන්න බැරී
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී
    ..............................................
    මලකුත් තිබුණා හැඟුමන් හංගා
    එය හඳුනාගත් බඹරෙකු රිංගා
    වෑකුලු උයනේ. දෝරගුළු බින්දා
    පෙම රසයි. රසයි.
    රහසින් හංගා
    ..............................................
    අසම්මත විශ කටු තුලින් හද පාරනා ගලනා
    නේක අවමන් අප වටා රැදෙනා
    නේක වරුසා කඳුලු ඇද හැලෙනා
    ඒ කදුලු බිදු නුඹේ දෙපා පොඩි තෙමෙනා
    ඒ වෙලාවේ අප අපේ වන්නට
    පින් මදියි සිතුනා
    ..............................................
    අප හමු නොවුණා නම්
    මේ තරම් දුකින් නොඉන්න තිබුණා
    කඳුළු නැතිව හිනාවෙලා හිඳින්න තිබුණා
    යාළුකමට එහා ගිහින් අපිට ආදරේ හිතුණම
    මගේ කනට කොඳුරා නොකියන්නට තිබුණා
    කැමති වුණත් මට අකැමති වෙන්නට තිබුණා
    ................................................
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    අපි හැගිම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හදපානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ
    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
    මම මගේ හෙවනැල්ලෙන් මිදී
    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
    මම මගේ හෙවනැල්ලෙන් මිදී
    අව්දින් එමුත් රහසින් මුමුණා
    හදපානේ මද අදුරේ
    ...........................................
    මතක ලන්තෑරුම් අඳුර මැද
    ඔබේ හුස්මක සුවඳ දැනුණා
    අහම්බෙන් වට මුරුගසන් වැහි
    මැද්දෙ මම තනියෙන්ම තෙමුණා

    කියන්නම ගිය වචන අමතක
    වුණත් මගෙ හදවතට දැනුණා
    නොදැනුණා වාගේම උන්නට
    සුදු කමිස උරහිසට රිදුණා
    ..............................................
    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
    එදා වගේ හමුවන්නට සුන්දර හවසක
    හීන මවනවද හිර වී...
    හිමි නැති පපුවක
    .............................................
    අතැගිලී බැදුනේ ඇයි මේ විලසින්
    ඔබ හමුවෙන්න කලින්
    සෙනෙහස ඔබගෙ කෙලෙස විදින්නද
    අන්සතු ළදකි මෙමන්
    .............................................
    අසම්මත පෙම් කතාවක පැටලිලා
    නුඹ හැඩුවා මුලු රෑ පුරාම ඉකි ගසා
    .............................................
    සීත හිම මත වතාවක්
    නිම වුණා පෙම් කතාවක්
    අරුත සඟවා ඔහේ ලියැවුණු
    අකීකරු පෙම් කතාවක්

    නින්ද නැති මැදියම පුරා
    හැඬූවත් දෙතැනට වෙලා

    නින්ද නැති මැදියම පුරා
    හැඬූවත් දෙතැනට වෙලා
    නොදැන සිටියා නොවෙයි නුඹ මා
    දිනක් එන බව වෙන් වනා

    +
    +
    :love:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හදන්නට වැහි බිංදුවක්
    පොළොව ගහකොළවිදි දුකක්
    දන්නවා නම් තෙමෙනවා නුබ
    මහා වැස්සේ කල්පයක්

    නෙතට නිදි නැති රැය දුකක්
    ඉසිබුවක් නිලදිමි පැයක්
    ඔබව හිත ළඟ බලාගත් හැටි
    දන්නේ නෑ ලොව කවුරුවත්
    .............


    සැදී රන් අබරණින්
    රිදී සළුපිළි දරා
    නැගී රිය පෙළහරින්
    පැතු පෙම් ලොව දවා
    මනාලියවී ළදේ ගියත්
    ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවිඇති තුරා
    ..........
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
    මේ රැයේ මිහිරිම වෙලාවයි
    දොර ඇරන් එළියට ආවොතින්
    මේ මිහිරි දේවල් නුඹටමයි

    සේපාලිකා මල් බිමට බැහැලා
    ඇවිදින්න යන වෙලාවයි
    නිල් තාරුකා බිම බලාගෙන
    වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොළව කොතරම් සුන්දරද
    මගේ දූ තනියම හිනාවෙයි
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සැඳෑ අඳුරේ වලා තීරේ
    අපේ මතකේ වියකුනාවේ
    සිතුවමක් සේ රිදුන දෑසේ
    ඔබේ පිලිරූ බොඳවුනාවේ
    මෙ සිරි මතකේ කඳුලු අවුලා
    පිපුණු සුනරුත් පැතුම් දැවිලා
    මතක සිතිජය මතින් ඇදිලා
    අතීතය දුර පාවුනාවේ

    නිවී නෙතු තාරකා වැල්
    සාදවා දුක් වේදනා ගෙන්
    මලානික වී හදේ මදු මල්
    බිමට බරවේ නිරා වේ
    නැගෙන තුරු යලි සඳලියේ
    පායලා ආකාස ගංගාවේ
    ම හද උල්පත උණන සෙනෙහස
    නොසිඳේ නුඹ නමින් කිසිදා

    සිතඟ පවසට උණන සුසුමක
    ඔබේ සුසුවඳ ගිලී කිමිඳී
    ගීතයක් වී ඇසී නෑසී
    විහඟ වීනා සරද ගොලුවී
    කලු⁣වරේ කලු තිතක් වී
    බොඳවෙලා වස්සාන මදහාසේ
    සිහිනයකි ලඟ දෑස කෙලවර
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නැහැ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නැහැ

    @Miami-Vice දෙන්නම එකම සින්දුව එකම වෙලාවේ වගේ දාලා.
    ------ Post added on Sep 23, 2023 at 6:27 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නැහැ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නැහැ

    @Miami-Vice දෙන්නම එකම සින්දුව එකම වෙලාවේ වගේ දාලා.
    ------ Post added on Sep 23, 2023 at 6:27 PM
    :love2:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
    ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ
    හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
    සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
    අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
    නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
    සුර විමනක වැදී. මගේ රන්කද නිදී
    තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
    කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ

    මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
    ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
    සුර විමනක වැදී. මගෙ රන්කද නිදී
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,409
    113
    Sri Lanka
    ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
    කාරි නෑ සඳ මගෙ ලොව එලිය නොවුනට

    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ නුඹදැක ගන්න නෑ අද…
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    .
    .
    .
    .
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ