මේකයි බන්! මම ඔතන පන්සලට ඇඟිල්ල දික් කරන්න යන්නේ නෑ! නමුත් මිනිස්සු දැන ගන්න ඕනි ළමයි හදන කොට තමන්ගේ වත්කමට අනුව තමන්ට කන්න අඳින්න දෙන්න පුලුවන් ප්‍රමණයට හදා ගන්න!!!
නිකමට හිතලා බලපන්! ඔහොම මහන වෙන ළමයෙක්ට ශාසනය කැක්කුමක් තියෙයි ද? අඩුම තරමේ මහන ජීවිතයක වටිනාකමක් තේරෙයි ද??
ඔය විදිහට මහන කරවන ළමයි තමයි අන්තිමට ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ සිවුරු ඇරලා යන්නේ!!!
ඔය කතාව ඉස්කෝල ගැනත් ඔහොමම කියන්න පුළුවන්. ඉස්කෝලේ යන ළමයි කී දෙනාටද ඔය ඉස්කෝල වල අනිවාර්යයෙන් උගන්නන ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සමාජ අධ්‍යයනය ගැන ඇත්ත ආසාවක් තියෙන්නේ? ඉගෙනීමේ හැකියාව අඩු කම නිසා ඉස්කෝල වලදී ඇති වෙන මානසික පීඩනයෙන් ළමයි කී දෙනෙක් මුරණ්ඩු වෙනවද? ඒ සමහරු පස්සේ අපරාධ කාරයෝ පවා වෙනව නේද? එත් මහණ වෙන එකෙන් නම් ඔය තරම් හානියක් වෙන්නේ නෑ.
Last edited:



ඒ දවස්වල මම දුර්වල එකම විෂය වුනේ ගණිතය. ඒ එක පීරියඩ් එක ඇති මගේ ඉස්කෝලේ දවසක්ම මූසල කරලා දාන්න!!!
පන්සලට බාර දුන්නම අඩුම ගානෙ කෑම බීම, අධ්යාපනය වත් ලැබෙනව.