koooo itiri tika
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα Feb 7, 2015 #244 ada tama beluwe davas ganakata passe... kello enava yanava hehe.. ela ela digatama yamu
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Feb 8, 2015 #245 damuko 1k thawa
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Feb 10, 2015 #251 හිතුවක්කාර ආදරය - 21 වෙනි දිගහැරුම "අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන පෙම් පාට බලහන්කො" "කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ. හිඟන්නෙක් වගේ" "හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ, තමුසෙගෙ කකුල් ලෙවකන.." "පියුමි නවත්ත ගන්නව ඕක.. දැන් තමුසෙම නේද ඔය වැඩේ පටන් ගත්තෙ. ඒ කොල්ලව බයිට් කරමු කියලා" "මම පටන් ගත්ත තමා, ඒත් ඒ කොල්ල අහින්සකයි බන්. මාර ගති. මේකිගෙ තාත්තගෙ සල්ලි .." "මම දැන් සැරයක් කිව්ව නේද උඹට ඕක නවත්වන්න කියලා" "හිරුනිටයි අනෙක් අයටයි මම මේ කියන්නෙ හිඟන්නෙක් එක්ක මන් ඉන්නවට අකමැතිනම් මාව යාළුවෙක් විදිහට තියා නොගත්තට කමක් නැහැ." "ඈම් සොරි පියුමි.. මම ඒක හිතල කිව්වෙ නැහැ" "පිස්සු කෙල්ල.. එනව යන්න පන්තියට. උඹ ඒ කොල්ලට කැමතිනම් කියපන්. අපි සෙට් කරල දෙන්නම්. මෙතන මේ යාළුවො එක්ක වලි දාගන්න ඕන නැහැනෙ බන්" "එහෙම කැමැත්තක් නැහැ තිනුරි.. ඒත් ඒ කොල්ලට මන් ආසයි. එයා මාරයි. ගති" "හා හා ඇති ඇති.. වරෙන් යමු පන්තියට. පස්සෙ එමු උඹේ කුමාරයව බලන්න" අප සියලුදෙනාගේම උත්සහය හා කැපවීම නිසා අපගේ මෘදුකාන්ගය අප සිතුවා ලෙසම නිම කිරීමට හැකි විය. උදයේ හිරු එළිය වැටෙත්ම සියලුදෙනාගේම මුහුනුවල සතුට මෙන්ම නිදිමත ගතියද රැඳී තිබුනි. පෙරදා මෙන් නොව අද දිනයේ මාගේ හිසද බරව තිබුනේ රොෂෙන්ගේ සමහර සමීකරණ විසඳීමට උදව් වූ නිසා විය යුතුය. අප සියළු දෙනාටත් වඩා රොෂෙන් සතුටින් සිටියේ ඔහු මෙමෙ රාජකාරිය සාර්තක කර ගැනීමට අප සියළු දෙනාටම වඩා කැපවූ නිසාය. "අමිල, දිනුක ගොඩක් තෑන්ක්ස් බන් උඹලගෙ උදව් වලට." "ඕක මොකක්ද බන්. ඕන වෙලාවක ඕනෑම දේකට අපි දෙන්න ඇති" "දිනුක ඒ වගේම උඹල ගොඩක් තෑන්ක්ස් මගෙ ඇල්ගොරිදම්ස් ටික ගොඩදාගන්න සප් එක දුන්නට" "අනේ මන්දා බන්. උඹට කොහොම ඒ අදහස් එනවද කියන්න. උඹට කියන්න අමිලය, සමහර ඒවල අවුට්පුට් එක රොෂෙන දන්නෙත් නැහැ. " "ඒ ගැන හිතන්න එපා බන්. ඕව ඉතින් මම ඔය නාද්දි එහෙම ඔළුවට එන අයිඩියාස් බන්" "මොනවද මොනවද නාද්දි එන්නෙ.. දැන් කව්ද මෙතන නාන්නෙ" "ඩිලා මේ උඹට කොහොමත් මේක තේරෙන් නැහැ. මොකද උඹ නාන්නෙ නැහැනෙ කොහොමත්. අනික දැන් මෙතන නාන්නෙත් උඹම තමා" "ආ ඒකත් එහෙමද" "ඒක නෙමේ දිනුක උඹ වරෙන් බන් මාත් එක්ක ප්රොග්රැමින් කරන්න. ඒක මටත් ලෙසියි. මම උඹට හෙල්ප් කරන්නම්" "අනේ බැහැ බන්. උඹ දන්නවනෙ මගෙ ලයිෆ් ස්ටයිල් එක. ඒකට ඕක ගැලපෙන්නෙ නැහැ බන්." අමිලට මෙන්ම මටද තදින්ම නිදිමත ගතිය දැනුනද රොෂෙන්ගේ ඉල්ලීම පරිදි අපි තවත් හෝරා කීපයක් රැඳීමට තීරනය කලෙමු. පියුමිව බලාගැනීමේ යටිසිතේ තිබුනු ආසාවද රොෂෙන්ගේ යෝජනාවට කැමති වීමට එක් හේතුවක් විය. රොෂෙන්ගේ හා ගයාන්ගේ ආරාධනාව මත අප දෙදෙනා නැවතත් ප්රදාන ලැබ් එකට පැමිනියේ අප කල මෘදුකාන්ගයේ ඉදිරිපත්කිරීම නැතහොත් ප්රසන්ටේෂන් එක කරනා අයුරු සාකච්චාකිරීමටය. අප එහි යනවිටද ඩිල්ෂාන් හා ලක්ෂිත එහි සිට් අතර සන්ජය හා කසුන් නිවස් බලා ගොස් තිබුනි. එය අප සියළුදෙනාගෙම අප්රසාදයට හේතුවක් උවත් අප අපගේ සාකච්චාව ආරම්භ කෙරුනු අතර එහෙදී නොයෙකුත් අදහස් ඉදිරිපත් විය. ලක්ෂිතගේ අදහස වූයේ වීඩියෝ පටයකින් අප මෙය ඉදිරිපත් කරමු යන්නය. නමුත් එහි ඇති වාසි අවාසි ගයාන් අප හට තේරුම්කර දුන්නේය. එමෙන්ම රොෂෙන්ට අවශය්ය වූයේ මෙම ඉදිරිපත්කිරීම වෙනස්ම ආකාරයකට කිරීමටය. එනම් සාම්ප්රදායික ප්රසන්ටේෂන් කලාවෙන් මිදී අළුත් දෙයක් කිරීමටය. ඒ සඳහා ඔහුගේ හිතේ තිබූ අත්භූත අදහස් ඉදිරිපත්කරමින් සිටියේ ඩිල්ෂාන්ගේද උදව්වෙන් වූ අතර හදිසියේම රොෂෙන් නිහඬ වූයේ අලන්කාව වූත් මනමාලවූත් සිනහවක් සමග අප මවිතකරමින්ය. "දිනුක ..." "එක්ස්කියුස්මී අයියා ඔයා බිසීද.. මම මේ .. " "ම්ම්... දැන්නම් මේ අයියල එක්ක පොඩි වැඩක් පියුමි. මොකද මේ හදිසියේම.." "අනේ සොරි .. මම හිතුවෙ ඔයාල ෆ්රීඑකේ ඉන්නෙ කියලා හිනාවෙවී හිටිය හින්දා.. මම පස්සෙ එන්නම්" "නන්ගි ඉන්න ටිකක්. යාළුවා ඔයා බලන්න පියුමි ගැන. අපි මෙතන වැඩ ටික හැන්ඩ්ල් කරන්නම්. අවුලක් නැහැ" "ඔව් ඔව් දිනුක අවුලක් නැහැ" මගේ මිතුරන් එසේ පැවසුවද මා හට මම සිටිනා ස්ථානයෙන් නැගිට යාමට මදක් ලැජ්ජාවක් ඇතිඋනෙමි. නමුත් අමිලට සිතින් පින් දෙමින් මා ඇය සමග ලැබ් එකෙන් අලියට ආවේ අඩම්බර වූ සතුටකින් උවත් ඇයගේ මිතුරියන් පිරිසද සිටිනා දුටු විට මා තුල වී ඒ අහින්සක සතුට දියවී ගියේ මට නොදැනිවමය. "දිනුක අයියෙ.. ඔයාව මෙතන්ට එක්කන් එන්න කියල මෙයාට කිව්වෙ ..." "මේ තිනුරි ඔයා කටවහ ගන්නවද.." "හරි හරි මම එහෙම කරන්නම්කො. එහෙනම් දෙන්න කතාකරන්නකො. ඔයාට මෙයා පිස්සු වැටිල අයියෙ" "තිනු ...... රී ...." "හරි හරි අපි ගියා. පැය භාගෙකින් වරෙන් පන්තියට හරි" ඇගේ මිතුරියන් කියූ දේ මා හට සිතාගත නොහැකි වූ නිසා මා මාවම කොනිත්තා බැලුවේ මා මේ දකින්නේ සිහිනයක්දැයි මට සිතුනු නිසාය. ඇයව මෙතරම් ලන්ව දුටු පළමු දිනය අද විය. ඇයගේ සමද රෝස පෙතිමෙන් සිනිදු බව දැනුනේ අප දෙදෙනාටම හොරා අප අත් ස්පර්ෂ වූ නිසාය. රාතියම වෙහෙසට පත්ව සිටි නිසා මා අසලින් දහදිය ගඳක් එයිදෝ යැයි මගේ අහින්සක සිතට ප්රාතමික සිතුවිල්ලක් පහල වූයේ ඈ අසලින් ආ පිච්චමල් සුවඳ නිසාය. තවමත් අප දෙදෙනාම නිහඬය. "දිනුක අයියා.. අනේ මගෙ යාළුවො කිව්ව ඒව ගැන හිතන්න එපා හරි" "හරි හරි පියුමි.. මොකද මට මේ හදිසියේම එන්න කිව්වෙ" "යාලුවො කිව්ව ඒව ගැන හිතන්න එපා කියල කිව්වට ඉතින්... මයා මාර ගති අනේ. ඒ නිසා මට ආස හිතුන ඔයා එක්ක කතා කරන්න. ඒකයි මේ හදිසියේම .." "හම්ම්.. ඒකද මේ.. හරි එහෙනම් අපි ඔඩීලියා එකය ගිහින් මොනව හරි බොනගමන්ම කතා කරමුකො" "මොකද අනේ මෙච්චර උදේ ඉඳන් ඔය ලැබ් එකට වෙලා කරන්නෙ" "උදේ ඉඳන් නෙමේ කෙල්ලෙ.. ඊයෙ ඉඳන් ඉන්නෙ අපි" "ඒ කිව්වෙ.. මොකෝ ගෙවල් වලින් එලවලද ඔයාලව" "නැහැ එහෙම දෙයක් නෙමේ.. අපි මේ සොෆ්ට් වෙයර් එකක් හදනවා සොෆ්ට් වෙයර් කම්පිටිෂන් එකකට. ඊළඟ සඳුද ඒක අපි අපේ හෙඩ් ඔෆිස් එකට අරගෙන යන්න ඕන. ඉතින් ඒකෙ වැඩ තමා කරන්නෙ" " හම්ම්ම්ම්.. මට ටිකක් ආස හිතුනා ඔයා එක්ක කතා කරන්න. අනේ මම ගැන වැරදියට හිතන්න එපා හරි" "එහෙම වැරදියට හිතන්නෙ නැහැ. මොකද කොල්ලන්ට විතරක් නෙමේනෙ තමන් ආස කෙල්ලො එක්ක කතා කරන්න පුලුවන් පස්සෙන් ගිහින්" "හරියට හරි.. ඉතින් දැන් ඔයාට නිදිමත නැද්ද අනේ" "ම්ම්ම් නැතුවමත් නෙමේ.. ප්රසන්ටේෂන් එකේ වැඩේ නිසා තමා නැවතුනේ" "ඒ වැඩේට විතරමද... නැතින ...ම් ..." "නැතිනම් මොනවද" "හරි හරි මන් විහිළුවක් කලේ. දැන් අපි යමු. ඔයාට මහන්සිත් ඇතිනෙ. ගෙදර ගිහින් හොඳට නිදාගන්න. අපි අයෙත් දවසක මීට් වෙලා කතා කරමුකො. අහ්.. බොහොම ස්තූතියි බීම එකට" සාමානය්ය පෙල හදාරා අවසන් වී කර ඇති ඇය ප්රතිඵල බලා පොරොත්තුවෙන් සිටි අතරතුර පරිගනක හැදෑරීමට මෙහි පැමින ඇත. ඇගේ ලෝකයේ අතරමන් උවද, ඈවෙනුවෙන් සිහින මැවුවද මා සිත තුල ඇති කැමැත්ත පැවසීමට ඇය තවමත් කෝඩුකාරියක වූවාය. නමුත් ඇය මා ජීවිතයේ ඊළඟ බලාපොරොත්තුවය. නැතිනම් මම හොරාවට විඳිනා මගේ සිහිනයය. ඇගේ ලෝකයෙන් අතරමන් වී සිටියද වල්මත් වී සිටියද තදින්ම දැනුන නිදිමත ගතිය නිසා අමිලද සමග මම මිතුරන්ටද සමුදුන්නෙමි. අම්මා සාදා තිබූ පොල්සම්බෝලය හා කැකුළු හාලේ බත පිඟන් දෙකක් පමන හිස් කර මම ඇඳට වැටුනෙමි. පියුමි පිළිබඳව මතකයන් සිහියට ගෙන ඒමට උත්සහ දැරුවද මා අසමත් වූයේ නිදිඅත ගතිය තදින්ම දැනුන නිසාවෙනි. "අයියෙ .. නැගිට්න්න. ඔයාගෙ ෆොන් එක දැන් පැය භාගෙක විතර ඉඳන් රින් වෙන්නෙ. කවුරු හරි හදිසියක්ද දන්නෙ නැහැ" "යනවා.. මෙතනින් .. මට නිදිමතයි.." නන්ගිගේ බැනුම් වරුසාව මැද මා කොට්ටය තුල හිස සඟවා ගත්තේ ඇයගේ හඬ නොඇසීමටය. හීනෙන් වගේ දුරකතන තිරය දෙස බැලූ මා නැවත අවදි වූයේ එහි මිස් කෝල්ස් විසි තුනක් ලෙස සටහන් වී තිබීම නිසාය. දුරකථනය අතට ගෙන ඒ කවුරුන්දැයි බැලීමටත් මත්තෙන්ම නැවතත් එය නාද වන්නට විය. "හලෝ .." "පොඩි මහත්තයා, මම මොහොමඩ්. ඇයි ෆෝන් එක ආන්සර් කරන් නැත්තෙ" "මම නිදියන් හිටියෙ මොහොමඩ්. මොකද මේ හදිසියෙම" "මේක මෙහෙම කියන්න බැහැ. අපේ තැනට එනවද පොඩි මහත්තයා.පුලුවන්තරම් ඉක්මනට එන්න" දුරකථනය විසන්දි විය. තදින්ම තිබූ නිදිමත නිසා නැවතත් කොට්ටය තුල ඔළුව සැඟවීමට සිතුවද නිදිමත සඟවාගෙන අමාරුවෙන් නැගිට ටවුමට යාමට සූදානම් වූයේ එම දුරකථන ඇමතුම නොසලකා හැරීමට නොහැකි නිසාය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..
හිතුවක්කාර ආදරය - 21 වෙනි දිගහැරුම "අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන පෙම් පාට බලහන්කො" "කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ. හිඟන්නෙක් වගේ" "හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ, තමුසෙගෙ කකුල් ලෙවකන.." "පියුමි නවත්ත ගන්නව ඕක.. දැන් තමුසෙම නේද ඔය වැඩේ පටන් ගත්තෙ. ඒ කොල්ලව බයිට් කරමු කියලා" "මම පටන් ගත්ත තමා, ඒත් ඒ කොල්ල අහින්සකයි බන්. මාර ගති. මේකිගෙ තාත්තගෙ සල්ලි .." "මම දැන් සැරයක් කිව්ව නේද උඹට ඕක නවත්වන්න කියලා" "හිරුනිටයි අනෙක් අයටයි මම මේ කියන්නෙ හිඟන්නෙක් එක්ක මන් ඉන්නවට අකමැතිනම් මාව යාළුවෙක් විදිහට තියා නොගත්තට කමක් නැහැ." "ඈම් සොරි පියුමි.. මම ඒක හිතල කිව්වෙ නැහැ" "පිස්සු කෙල්ල.. එනව යන්න පන්තියට. උඹ ඒ කොල්ලට කැමතිනම් කියපන්. අපි සෙට් කරල දෙන්නම්. මෙතන මේ යාළුවො එක්ක වලි දාගන්න ඕන නැහැනෙ බන්" "එහෙම කැමැත්තක් නැහැ තිනුරි.. ඒත් ඒ කොල්ලට මන් ආසයි. එයා මාරයි. ගති" "හා හා ඇති ඇති.. වරෙන් යමු පන්තියට. පස්සෙ එමු උඹේ කුමාරයව බලන්න" අප සියලුදෙනාගේම උත්සහය හා කැපවීම නිසා අපගේ මෘදුකාන්ගය අප සිතුවා ලෙසම නිම කිරීමට හැකි විය. උදයේ හිරු එළිය වැටෙත්ම සියලුදෙනාගේම මුහුනුවල සතුට මෙන්ම නිදිමත ගතියද රැඳී තිබුනි. පෙරදා මෙන් නොව අද දිනයේ මාගේ හිසද බරව තිබුනේ රොෂෙන්ගේ සමහර සමීකරණ විසඳීමට උදව් වූ නිසා විය යුතුය. අප සියළු දෙනාටත් වඩා රොෂෙන් සතුටින් සිටියේ ඔහු මෙමෙ රාජකාරිය සාර්තක කර ගැනීමට අප සියළු දෙනාටම වඩා කැපවූ නිසාය. "අමිල, දිනුක ගොඩක් තෑන්ක්ස් බන් උඹලගෙ උදව් වලට." "ඕක මොකක්ද බන්. ඕන වෙලාවක ඕනෑම දේකට අපි දෙන්න ඇති" "දිනුක ඒ වගේම උඹල ගොඩක් තෑන්ක්ස් මගෙ ඇල්ගොරිදම්ස් ටික ගොඩදාගන්න සප් එක දුන්නට" "අනේ මන්දා බන්. උඹට කොහොම ඒ අදහස් එනවද කියන්න. උඹට කියන්න අමිලය, සමහර ඒවල අවුට්පුට් එක රොෂෙන දන්නෙත් නැහැ. " "ඒ ගැන හිතන්න එපා බන්. ඕව ඉතින් මම ඔය නාද්දි එහෙම ඔළුවට එන අයිඩියාස් බන්" "මොනවද මොනවද නාද්දි එන්නෙ.. දැන් කව්ද මෙතන නාන්නෙ" "ඩිලා මේ උඹට කොහොමත් මේක තේරෙන් නැහැ. මොකද උඹ නාන්නෙ නැහැනෙ කොහොමත්. අනික දැන් මෙතන නාන්නෙත් උඹම තමා" "ආ ඒකත් එහෙමද" "ඒක නෙමේ දිනුක උඹ වරෙන් බන් මාත් එක්ක ප්රොග්රැමින් කරන්න. ඒක මටත් ලෙසියි. මම උඹට හෙල්ප් කරන්නම්" "අනේ බැහැ බන්. උඹ දන්නවනෙ මගෙ ලයිෆ් ස්ටයිල් එක. ඒකට ඕක ගැලපෙන්නෙ නැහැ බන්." අමිලට මෙන්ම මටද තදින්ම නිදිමත ගතිය දැනුනද රොෂෙන්ගේ ඉල්ලීම පරිදි අපි තවත් හෝරා කීපයක් රැඳීමට තීරනය කලෙමු. පියුමිව බලාගැනීමේ යටිසිතේ තිබුනු ආසාවද රොෂෙන්ගේ යෝජනාවට කැමති වීමට එක් හේතුවක් විය. රොෂෙන්ගේ හා ගයාන්ගේ ආරාධනාව මත අප දෙදෙනා නැවතත් ප්රදාන ලැබ් එකට පැමිනියේ අප කල මෘදුකාන්ගයේ ඉදිරිපත්කිරීම නැතහොත් ප්රසන්ටේෂන් එක කරනා අයුරු සාකච්චාකිරීමටය. අප එහි යනවිටද ඩිල්ෂාන් හා ලක්ෂිත එහි සිට් අතර සන්ජය හා කසුන් නිවස් බලා ගොස් තිබුනි. එය අප සියළුදෙනාගෙම අප්රසාදයට හේතුවක් උවත් අප අපගේ සාකච්චාව ආරම්භ කෙරුනු අතර එහෙදී නොයෙකුත් අදහස් ඉදිරිපත් විය. ලක්ෂිතගේ අදහස වූයේ වීඩියෝ පටයකින් අප මෙය ඉදිරිපත් කරමු යන්නය. නමුත් එහි ඇති වාසි අවාසි ගයාන් අප හට තේරුම්කර දුන්නේය. එමෙන්ම රොෂෙන්ට අවශය්ය වූයේ මෙම ඉදිරිපත්කිරීම වෙනස්ම ආකාරයකට කිරීමටය. එනම් සාම්ප්රදායික ප්රසන්ටේෂන් කලාවෙන් මිදී අළුත් දෙයක් කිරීමටය. ඒ සඳහා ඔහුගේ හිතේ තිබූ අත්භූත අදහස් ඉදිරිපත්කරමින් සිටියේ ඩිල්ෂාන්ගේද උදව්වෙන් වූ අතර හදිසියේම රොෂෙන් නිහඬ වූයේ අලන්කාව වූත් මනමාලවූත් සිනහවක් සමග අප මවිතකරමින්ය. "දිනුක ..." "එක්ස්කියුස්මී අයියා ඔයා බිසීද.. මම මේ .. " "ම්ම්... දැන්නම් මේ අයියල එක්ක පොඩි වැඩක් පියුමි. මොකද මේ හදිසියේම.." "අනේ සොරි .. මම හිතුවෙ ඔයාල ෆ්රීඑකේ ඉන්නෙ කියලා හිනාවෙවී හිටිය හින්දා.. මම පස්සෙ එන්නම්" "නන්ගි ඉන්න ටිකක්. යාළුවා ඔයා බලන්න පියුමි ගැන. අපි මෙතන වැඩ ටික හැන්ඩ්ල් කරන්නම්. අවුලක් නැහැ" "ඔව් ඔව් දිනුක අවුලක් නැහැ" මගේ මිතුරන් එසේ පැවසුවද මා හට මම සිටිනා ස්ථානයෙන් නැගිට යාමට මදක් ලැජ්ජාවක් ඇතිඋනෙමි. නමුත් අමිලට සිතින් පින් දෙමින් මා ඇය සමග ලැබ් එකෙන් අලියට ආවේ අඩම්බර වූ සතුටකින් උවත් ඇයගේ මිතුරියන් පිරිසද සිටිනා දුටු විට මා තුල වී ඒ අහින්සක සතුට දියවී ගියේ මට නොදැනිවමය. "දිනුක අයියෙ.. ඔයාව මෙතන්ට එක්කන් එන්න කියල මෙයාට කිව්වෙ ..." "මේ තිනුරි ඔයා කටවහ ගන්නවද.." "හරි හරි මම එහෙම කරන්නම්කො. එහෙනම් දෙන්න කතාකරන්නකො. ඔයාට මෙයා පිස්සු වැටිල අයියෙ" "තිනු ...... රී ...." "හරි හරි අපි ගියා. පැය භාගෙකින් වරෙන් පන්තියට හරි" ඇගේ මිතුරියන් කියූ දේ මා හට සිතාගත නොහැකි වූ නිසා මා මාවම කොනිත්තා බැලුවේ මා මේ දකින්නේ සිහිනයක්දැයි මට සිතුනු නිසාය. ඇයව මෙතරම් ලන්ව දුටු පළමු දිනය අද විය. ඇයගේ සමද රෝස පෙතිමෙන් සිනිදු බව දැනුනේ අප දෙදෙනාටම හොරා අප අත් ස්පර්ෂ වූ නිසාය. රාතියම වෙහෙසට පත්ව සිටි නිසා මා අසලින් දහදිය ගඳක් එයිදෝ යැයි මගේ අහින්සක සිතට ප්රාතමික සිතුවිල්ලක් පහල වූයේ ඈ අසලින් ආ පිච්චමල් සුවඳ නිසාය. තවමත් අප දෙදෙනාම නිහඬය. "දිනුක අයියා.. අනේ මගෙ යාළුවො කිව්ව ඒව ගැන හිතන්න එපා හරි" "හරි හරි පියුමි.. මොකද මට මේ හදිසියේම එන්න කිව්වෙ" "යාලුවො කිව්ව ඒව ගැන හිතන්න එපා කියල කිව්වට ඉතින්... මයා මාර ගති අනේ. ඒ නිසා මට ආස හිතුන ඔයා එක්ක කතා කරන්න. ඒකයි මේ හදිසියේම .." "හම්ම්.. ඒකද මේ.. හරි එහෙනම් අපි ඔඩීලියා එකය ගිහින් මොනව හරි බොනගමන්ම කතා කරමුකො" "මොකද අනේ මෙච්චර උදේ ඉඳන් ඔය ලැබ් එකට වෙලා කරන්නෙ" "උදේ ඉඳන් නෙමේ කෙල්ලෙ.. ඊයෙ ඉඳන් ඉන්නෙ අපි" "ඒ කිව්වෙ.. මොකෝ ගෙවල් වලින් එලවලද ඔයාලව" "නැහැ එහෙම දෙයක් නෙමේ.. අපි මේ සොෆ්ට් වෙයර් එකක් හදනවා සොෆ්ට් වෙයර් කම්පිටිෂන් එකකට. ඊළඟ සඳුද ඒක අපි අපේ හෙඩ් ඔෆිස් එකට අරගෙන යන්න ඕන. ඉතින් ඒකෙ වැඩ තමා කරන්නෙ" " හම්ම්ම්ම්.. මට ටිකක් ආස හිතුනා ඔයා එක්ක කතා කරන්න. අනේ මම ගැන වැරදියට හිතන්න එපා හරි" "එහෙම වැරදියට හිතන්නෙ නැහැ. මොකද කොල්ලන්ට විතරක් නෙමේනෙ තමන් ආස කෙල්ලො එක්ක කතා කරන්න පුලුවන් පස්සෙන් ගිහින්" "හරියට හරි.. ඉතින් දැන් ඔයාට නිදිමත නැද්ද අනේ" "ම්ම්ම් නැතුවමත් නෙමේ.. ප්රසන්ටේෂන් එකේ වැඩේ නිසා තමා නැවතුනේ" "ඒ වැඩේට විතරමද... නැතින ...ම් ..." "නැතිනම් මොනවද" "හරි හරි මන් විහිළුවක් කලේ. දැන් අපි යමු. ඔයාට මහන්සිත් ඇතිනෙ. ගෙදර ගිහින් හොඳට නිදාගන්න. අපි අයෙත් දවසක මීට් වෙලා කතා කරමුකො. අහ්.. බොහොම ස්තූතියි බීම එකට" සාමානය්ය පෙල හදාරා අවසන් වී කර ඇති ඇය ප්රතිඵල බලා පොරොත්තුවෙන් සිටි අතරතුර පරිගනක හැදෑරීමට මෙහි පැමින ඇත. ඇගේ ලෝකයේ අතරමන් උවද, ඈවෙනුවෙන් සිහින මැවුවද මා සිත තුල ඇති කැමැත්ත පැවසීමට ඇය තවමත් කෝඩුකාරියක වූවාය. නමුත් ඇය මා ජීවිතයේ ඊළඟ බලාපොරොත්තුවය. නැතිනම් මම හොරාවට විඳිනා මගේ සිහිනයය. ඇගේ ලෝකයෙන් අතරමන් වී සිටියද වල්මත් වී සිටියද තදින්ම දැනුන නිදිමත ගතිය නිසා අමිලද සමග මම මිතුරන්ටද සමුදුන්නෙමි. අම්මා සාදා තිබූ පොල්සම්බෝලය හා කැකුළු හාලේ බත පිඟන් දෙකක් පමන හිස් කර මම ඇඳට වැටුනෙමි. පියුමි පිළිබඳව මතකයන් සිහියට ගෙන ඒමට උත්සහ දැරුවද මා අසමත් වූයේ නිදිඅත ගතිය තදින්ම දැනුන නිසාවෙනි. "අයියෙ .. නැගිට්න්න. ඔයාගෙ ෆොන් එක දැන් පැය භාගෙක විතර ඉඳන් රින් වෙන්නෙ. කවුරු හරි හදිසියක්ද දන්නෙ නැහැ" "යනවා.. මෙතනින් .. මට නිදිමතයි.." නන්ගිගේ බැනුම් වරුසාව මැද මා කොට්ටය තුල හිස සඟවා ගත්තේ ඇයගේ හඬ නොඇසීමටය. හීනෙන් වගේ දුරකතන තිරය දෙස බැලූ මා නැවත අවදි වූයේ එහි මිස් කෝල්ස් විසි තුනක් ලෙස සටහන් වී තිබීම නිසාය. දුරකථනය අතට ගෙන ඒ කවුරුන්දැයි බැලීමටත් මත්තෙන්ම නැවතත් එය නාද වන්නට විය. "හලෝ .." "පොඩි මහත්තයා, මම මොහොමඩ්. ඇයි ෆෝන් එක ආන්සර් කරන් නැත්තෙ" "මම නිදියන් හිටියෙ මොහොමඩ්. මොකද මේ හදිසියෙම" "මේක මෙහෙම කියන්න බැහැ. අපේ තැනට එනවද පොඩි මහත්තයා.පුලුවන්තරම් ඉක්මනට එන්න" දුරකථනය විසන්දි විය. තදින්ම තිබූ නිදිමත නිසා නැවතත් කොට්ටය තුල ඔළුව සැඟවීමට සිතුවද නිදිමත සඟවාගෙන අමාරුවෙන් නැගිට ටවුමට යාමට සූදානම් වූයේ එම දුරකථන ඇමතුම නොසලකා හැරීමට නොහැකි නිසාය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..
sudu appooo Member Jul 31, 2013 271 15 0 කිරිඇල්ල Feb 10, 2015 #252 maru maru maru..... digatama yamu....
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Feb 10, 2015 #254 එල එල මචෝ..දිගටම ලියපන්..
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα Feb 10, 2015 #256 plot twist cant wait for next episode
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Feb 10, 2015 #258 ela a elaga ekath ikmanin dapan machan...
kelum.wijesooriya Well-known member Jun 2, 2012 1,673 63 48 Kurunegala Feb 10, 2015 #259 නියමයි මචං.. දිගටම දාපන් ඈ.. මඟ නවත්තන්න නම් එපා.
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Feb 10, 2015 #260 patta machan digatama liyapan..