හිතුවක්කාර ආදරය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 22 වෙනි දිගහැරුම

    "මම බය උනා පොඩි මහත්තයට අසනීපයක්වද්ද කියලා, මොකද මේ අවේලාවෙ නිදි"
    "අනේ එහෙම දෙයක් නැහැ මොහොමඩ්, ඊයෙ මේ ක්ලාස් එකේ පොජෙක්ට් එකක් කලා නිදි මරාගෙන. ඒකයි ටිකක් තදටම නින්ද ගියෙ. ඉතින් මොකද්ද කාරනාව"
    "ඒ සේරටම කලින් කියන්නකො අර වීඩියෝ එකේ වැඩේ මොකද උනේ කියලා"
    "ඒක අවුලක් නැහැ මොහොමඩ්. එයාල ගාව ඒ වීඩියෝ එක විතරනෙ තියෙන්නෙ. ඒකෙන් මහලොකු දෙයක් කර්න්න බැහැ. පුළුන්නම් ඉතින් දැන් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බනෙ. මොහොමඩ් බය වෙන්න එපා, මට අවුලක් වෙන් නැහැ. ඉතින් දැන් අපු ආව කාරනාව කිව්වනම්"
    "මතකද අපි බ්‍රයන් මහත්තය නැති හින්දා අපට ආව වැඩක් නැවැත්තුවා"
    "ඔව් ඔව්.. ඉතින් ඒක දැන් කරන්නද යන්නෙ."
    "එහෙම දෙයක් නැහැ. ඒ ජර්මන් පොර ආයෙත් ඇවිත්. එයාට ඕනලු අපේ වැවෙන මල් එයාගෙ රටට ගෙනියන්න."
    "ඉතින් මොහොමඩ් කිව්වෙ නැද්ද අපිට වෙච්ච කරදර. අපි දැන් ඩීල් කරන එක නවත්වල කිව්වෙ නැද්ද"
    "කිව්වා. අසීසුත් කියල. ඒත් මිනිහ කියනව අපි තරම් කවුරුත් එයාට විස්වාස නැහැලු."
    "ඉතින් ඒක අමාරු වැඩක් නෙමේනෙ. අපි වෙනද දාන තියරියම දාමු"
    "ඒක නෙමේ තියන ප්‍රස්නෙ.. අපි පුත්තලමෙන් ඒ ටික ගේන්නත් ඕන. අනික ඒ ටික කොළඹට ගෙනියනත් ඕන පැකින් කරල. ලොකුම අවුල තමා එයා ඉල්ලන්නෙ කිලෝ 4ක්."
    "කිලෝ 4ක් "

    මා මෙය කිරීමට අදිමදි කෙරුවද මොහොමඩ්ගේ ඉල්ලීම මට අහක දැමීමට නොහැකි විය. අපට තිබූ විෂාලම ගැටලුව වූයේ කිලෝ හතරක පමන මත්ද්‍රව්‍ය ප්‍රමානයක් ලබා ගන්නේ කාගෙන්ද යන්නය. අවුරුදු තුනකට පමන ආසන්න කාලයක් මෙම ඩීල් වලින් වැලකී සිටිය නිසා මෙහි නිවරැදිතාවය පිළිබඳවද සීයට සීයක්ම වගකීමක් තැබීමටද මට නොහැකි විය. මෙය ඔළුවට බරක්වීමට තුඩු දුන් අනෙක් කරුන වූයේ අපට ලැබී තිබූ කාලයය. මන්ද අපට දවස් පහක පමන කාලයකින් නිමකීරීමට සිදුව තිබුනි.

    "මොකද පුතේ ගෙදර ආව වෙලේ ඉඳන් කල්පනා කරන්නෙ. කොහෙද හැන්දෑවෙ ගියෙ හදිසියේම"
    "අවුලක් නෑ අම්මෙ. පරණ යාළුවෙක් හම්බෙන්න ගියෙ. මිනිහට කැන්සර් එකක්ලු. ලඟදි දැනගෙන තියෙන්නෙ. ඉතින් මාව බලන්න ඇවිල්ලා"
    "හම්ම්.. පුදුමයි මේ මිනිස්සුන්ගෙ ජීවිත. අපිටත් මොනවා වෙයිද දන්නෙ නැහැ"


    අම්මාට බොරු කීමට අකමැති උවද සත‍ය්‍ය පැවසීමට නොහැකි නිසා සියුම් වූ සරල බොරුවකින් අම්මා සැනසූ මා මාගේ රාජධානිය නැතහොත් මාගේ නිදන් කාමරයට ගියේ නොයෙකුත් දෑ සිත තුල ප්‍රෂ්න නගමින් තිබියදීය. ජාවාරම් කලාවෙන් ඉවත්වීමට උත්සහ දැරූවද, එම සමාජයේ නමක් තැබූ පුද්ගලයන් නිසා අපට අප හිතන තරම් ලෙහෙසියෙන් ඉවත්වීමට නොහැකිය. පසුගිය අවුරුදු කීපය තුල මදක් ඈත් වී සිටියද අසීස්ට බොහෝ බලපෑම් තර්ජන එල්ලවුන බව මට මොහොමඩ් කීවා මතකය. එමෙන්ම මගේ පවුලේ උදවිය, යාළුවන්, පියුමිට මේ පිළිබඳව යන්තම් හෝ ඉවක් වැටුනොතින් මගේ ජීවිත කතාව මීටත් වඩා සන්කීර්නවන බව නොඅනුමානය. අලුතින් හිතන්න කාලය එළබ ඇතැයි සිතමින් සුපුරුදු ලෙස මම කොට්ටය තුල හිස සඟවා ගත්තෙමි.

    "පියුමි, ඔයා වැඩකද"
    "නැහැ නැහැ කියන්න"
    "එනවද මන් එක්ක කොෆී එකක් බොන්න යන්න"
    "ම්ම්ම්ම්.. කොහොමද මම ඉතින් බෑ කියන්නෙ"
    "ඉතින් කොහොමද ස්ටඩීස් වැඩ එහෙම."
    "හොඳින් කරනවා දිනුක අයියා.. ඒත් අර් කෙහෙල්මල් ජාවාද මොකද්ද කියල කරනවා, මටනම්"
    "හා හා හා ... ඒ ඔයාලට උගන්වන්නෙ බේසික් ටික විතරයි. අනික මෝඩ ළමයින්ට බැහැ ඒක එකපාර තේරුම් ගන්න"
    "ආ ඇත්තද නුවණක්කාරයා.. හැබැයි ඉතින් මෝඩ ළමයි එක්ක කොෆී බොන්නෙත් මෝඩ ළමයිම තමා."
    "ඒකත් ඇත්ත තමා බලාගෙන යනකොට.. ඒක නෙමේ කාට හරි ආදරේ කරල තියනවද, නැතිනම් කරන්වද"
    "කොල්ලෙක් ඉන්නවද කියල කෙලින්ම ඇහුවනම් නෑ කියල කියනවනෙ මම.. ඒක නෙමේ මාව හරියට නොදැක මම ගැන හරියට නොදැන කොහොමද එදා එක පාරටම ඇවිත් නම්බර් එක දීල ගියෙ"
    "මම ඔයා දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියෙ. ලැබ් එකේ කැමරාවෙන්"
    "කැමරාවෙන්.. ඔයානම් ... ඉතින් ඔයා ඇයි මම දිහාම බැලුවෙ. ඔය ඕන තරම් වෙන කෙල්ලො හිටියෙ. ඉන්නකො මම ඔය කැමරාව ගලවනවා"
    "මගේ ජීවිත කතාව ටිකක් සන්කීර්නයි. දවසක් කියන්න්ම්කො හිමිහිට. මට ඔයාව දකිනකොට මගේ ජීවිතේ මන් ගොඩක් අතීතෙට යනවා. ඒ අතීතෙ ලස්සන මතකයන් තියන ආදරය රැඳුනු තැනක් පුයුමි."
    "ඒ කියන්නෙ තව ගැහැණු ළමයෙක් හා බැඳුනු කතාවක්. ඒ ගැහැණු ළමය මම වගේ නිසාද මගේ ළඟට ආවෙ"
    "අවන්කවම කිව්වොත් ඔයා ළඟට ආවෙ ඒ නිසා තමා. ඒත් ඔයාට ලෙන්ගතු උනේ ඒ නිසා නෙමේ"
    "ම්ම්ම්ම්.. බුද්ධිමත් උත්තරයක්. මමත් මෙහෙම කොල්ලෙක් එක්ක කොෆි එකක් හරි බොන්නෙ පළමු වතාවට තමා. ඔයාව මටත් හිතට අල්ලල ගියා. දන්නෙ නැහැ ඇයි කියන්න. දකිනකොට මම කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම ඔයා එක්ක එකට ඉඳගෙන ඉන්නවත්"
    "ඒ කියන්නෙ ළමයට මට ආදරේවත් හිතිලද දන්නෙ නැහැ"
    "ආදරේ ගැන නම් කියන්න මම දන්නෙ නැහැ. මොකද මම තාම චූටි කෙල්ලෙක්නෙ. තාම ස්කූල් යනවනෙ. ඒත් ඉතින් මටත් ඔයා එක්ක කතාකර කර ඉන්න ආසයි"
    "එහෙනම් ඉතින් හැමදාම ඉන්න මගේ ලඟ"
    "කපටිය.. ඒක ලොකු ආරාධනාවක් නේද දිනුක අයියා. ඒ වගේ දෙයකට මුල පුරන්න තරම් මම තාමත් ලැස්ති නැහැ කියල මට හිතෙනවා. කමක් නැහැ මෙහෙම ඉමුකො. කාලය එක්ක යනකොට අපිට නොතේරෙන තැන් විසඳෙයි. එතකොට බලමුකො"


    මා හට ඇයගේ අකමැත්තක් නොතිබූ අතර ඇය තවමත් කෝඩුකාරියක වූ නිසාවෙන් යොවුන් ආදරයකට සූදානම්ව නොසිටියේය. ඇගේ අතින් ඇල්ලීමට ආසව තිබුනද මගේ සිතේ ඇතිවූ චකිතය නිසා ඇගේ වමතේ පොඩි ඇඟිල්ල මා සිනිදුව අල්ලන් සිටියේ අප කතාකරන අතරතුරය. කටකොනකින් සිහින් ලස්සන සිනහවකින් මා හට සන්ග්‍රහ කල ඈ ඇගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දෙස මදක් වෙලා නිහඬව බලා සිටියේ අප අතර සිහින රාශියකට මුලපුරමින්ය.

    "ඔය ඇස්වලින් කිවවෙන ඒ ආදරේ, තාම ඉකූල් යන මේ පුන්චි කෙල්ලට පිලිගන්න පුලුවන් වෙයිද දිනුක අයියා ....."
    "ම්ම්ම්ම්... අපි අතරෙ නොගැලපෙන ගැලපෙන හේතු දහසක් තියේවි. ඔයා තියන්න පළවෙනි අඩිය පියුමි. ඉතිරි නවසිය අනූ නමයම මම තියන්නම් ඔයා වෙනුවෙන් ඔයා ලඟට එන්න"


    ඇය හා ගත කල ඒ මිනිත්තු කීපය තුල මම සැහැල්ලුවෙන් සිටියෙමි. එතරම්ම සිතට සහනයක් ගෙන දෙන මෙම මනුස්ස දුවව මගේම කරගන්නවායැයි සිතමින් අපි දෙදෙනාම අප සිටි ස්ථානයෙන් නැගිට ගියෙමු. මා ඇහේ අතින් ඇල්ලුවද ඇය එය වලකාලීමට උත්සහ දැරූවේ නැත. එය මා ඇගේ අත ස්පර්ෂ කල පළමු අවස්තාව විය. සාම්ප්‍රදායික පෙම්වතෙක් ලෙස දැනුටු ඒ සතුට හා හැඟීම් මට වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම්ය. නමුත් නොසිතූ ලෙසම කෙවින් ඇතුලු පිරිස අපි දෙදෙනාගේ ඉදිරියට හමුවුනේ ගැහැණු ළමයෙකු මගේ ජීවිතයට පැමිනෙන්නේ තවත් කරදර රාෂියක් සමග යන මතය නැවතත් සනාත කරමින්ය. කෙවින් ඉදිරියේ වෙනදා මාගේ තිබූ තේජාන්විතය මදකට අඩුවූයේ මා අසල පියුමි සිටි නිසාත් ඇය ඉදිරියේ කෙවින් හා එකට එක යාමට තිබූ අකමැත්තත් නිසාය.

    නමුත් සිදුවූයේ මා නොසිතූ දෙයකි. කෙවින් පියුමි දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි. ඔහුගේ පිරිසද එක පියවරක් ආපස්සට ගැනීමෙන් ඔවුන්ගේ පසුබෑම පැහැදිලි විය. සිදුවූ දේ කුමක්දැයි මට එකවරම සිතාගත නොහැකි උවද එක වරම කෙවින් ඔහුගේ අත ඔහුගේ මුහුන මත තබා ගැනීමෙ නිසා ගෙවූ තප්ප්පර කිපය තුල සිදුවූ දෙය මට වැටහිනි. දුටු මුල් වරම කෙවින්ද, පියුමිට ඉමාෂා යැයි රැවටෙන්නට ඇත. ඔහු ඔහුගේ කම්මුල මත අත තබා ගැනීමෙන් එය මට තහවුරු විය. එදා ඉමාෂාගෙන් වැදුනු ඒ පහර ඔහුට තවමත් මතකයේ ඇත.


    "කව්ද දිනුක ඒ කට්ටිය. ඇයි එයාල මගේ දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ. ඔයා එයාලව අඳුරනවද"
    "මාත් එක්ක එයාල ටිකක් හිත හොඳ මදි"
    "රස්තියාදු කාරයො එක්ක රන්ඩුවලට පැටලෙන්න එපා දිනුක අයියා. මම කැමති නැහැ"
    "මම රන්ඩු කරන්න ගියෙ නැහැනෙ. ඒක නෙමේ මට දිනුක කියල කතා කරන්න. අයියා කෑල්ල ඕන නැහැ"
    "එහෙනම් මම යනවා දැන් පන්තියට. පරක්කුත් උනා මට. හවස හම්බෙමු එහෙනම් .. දිනුක .."


    සුන්දර වූ ඇයට සමුදුන්නද මාගේ සිත රැඳී තිබුනේ කෙවින් වෙතය. ඇය නොපෙනී ගිය විගසම මා නැවතත් පාරට පැමිනියේ ඔවුන් සීටීද බැලීමටය. මාගේ සිතුවිල්ල නිවරැදිය. කෙවින්ගේ සහෝදරයා වන නවීන් ද පැමින සිටියේය. පියුමිගේ ජීවිතයට අනතුරක් වේවිදෝ යන සැකය මුල්වරට මා සිත තුල බිහිවෙද්දී කෙවින්ගේ සහෝදරයා මා වෙතට ආවේ ඇහිපිල්ලක වේගයෙනි. අළුත්ම ජේඩ් වර්ගයේ මෝටර් බයිසිකලයකින් පැමින මා ඉදිරියේ නැවතු ඔහු හා මා අතර පැවදියේ නිහඬතාවයකි. නවීන් ඔහුගේ සහෝදරයා මෙන් මා හා තරහක් නොතිබූ අතර මගේ සටන ඇත්තේ ඔහු හා නොව ඔහුගේ සහෝදරයා හා සමග බවද නවීන් හොඳාකාරවම දැන සිටියේය.

    "දිනුක.. මොකක්ද මේ අපේ අයිය කියන්නෙ. ඉමාෂ එක්ක ඔයා උන්න කියලා"
    "ඒ ඉමාෂ නෙමේ නවීන්."
    "ඒ කිව්වෙ"
    "ඉමාෂාගෙ හැඩරුවට සමාන හැඩරුව තියන කෙනෙක්. මමත් මුල් දවසෙ රැවටුනා. අයියට කියන්න ඒ කෙල්ල කිසිම දේකට සම්බන්ද නැහැ කියලා. ගනුදෙනුවක් තියනවනම් එයාට මන් එක්ක බේරගන්න කියන්න"
    "දිනුක මම උඹ ගැන දන්නවා. ඊට වඩා මම මගේ අයිය ගැන දන්නවා. මිනිහ හිතුවක්කාරයි තමා. ඒකයි මේ ගැන කෙලින්ම මම උඹෙන් ඇහුවෙ. කෙල්ල ගැන ටිකක් හොඳට බලාගනින්. දන්නවනෙ අයියගෙ හැටි"


    ඔහු එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ තවත් හිතීමට දෙයක් මා තුල ඉතිරිකරමින්ය. ඔහු පැවසුවා මෙන්ම කෙවින් යනු නරුමයෙකි. ඔහුගෙන් පියුමිට කරදරයක් සිදුවීමට ඇති අවස්ථාව වැඩිය. ඉමාෂා මෙන්ම පියුමිවද මා හට නැති කරගැනීමට නොහැකිය. ජීවිත ගමනේදී කලාතුරකින් ලැබෙන දෙවනි අවස්තාව මා හට මග හැරිය නොහැකිය. එහෙයින් කෙවින් පිළිබඳව ඉක්මන් තීරනයක් ගැනීමට කාලය එලඹ ඇත. නැතිනම් ඔහු මා නොමරා මරන බව නොඅනුමානය.


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මචන්ස්ලා ... පොඩි පොඩි වැඩ වගයක් සෙට් උනා.. අනේ ටිකක් පරක්කු වෙනවට ගොඩාක් සොරි.. පුලුවන්තරම් ඉක්මනට දාන්නම් ..
    :):):):):):):):):)
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මචන්ස්ලා ... පොඩි පොඩි වැඩ වගයක් සෙට් උනා.. අනේ ටිකක් පරක්කු වෙනවට ගොඩාක් සොරි.. පුලුවන්තරම් ඉක්මනට දාන්නම් ..
    :):):):):):):):):)

    එල එල
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මචන්ස්ලා ... පොඩි පොඩි වැඩ වගයක් සෙට් උනා.. අනේ ටිකක් පරක්කු වෙනවට ගොඩාක් සොරි.. පුලුවන්තරම් ඉක්මනට දාන්නම් ..
    :):):):):):):):):)

    awlak ne bn.Ube weda karagena hemihita daapan..:yes::yes::yes::yes: