හිතුවෙ නෑ මල්ලි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිතුවෙ නෑ මල්ලි

    චාමර වීරසිංහ නිහතමානී දක්ෂ කලාකරුවෙකු විදියට තමයි සංගීතයට ආදරය කරන හැමෝම හඳුනාගෙන තියෙන්නෙ. මේ නිසාම චාමර වීරසිංහට බොහෝ දෙනා කියන්නෙ හදවතේ ගායකයා කියලා. චාමරට තියෙන මේ ආදරය නිසාම පහුගිය කාලයේ චාමරගේ රුව සිත්තම් කරන එක ,ඒ වගේම චාමරගෙ රුව සහිත ටැටූ ගහන එක තරුණයින් අතර උන්මාදයක් බවට පත්ව තිබුනා.

    මේ අතරෙ චාමරගෙ රුව නිර්මාණය කරපු අපූරු තරුණයෙකු ගැනත් මේ වෙද්දි සමාජ ජාලාවල බහුලව කතා බහට ලක්වෙමින් පවතිනවා. ඉතා නිර්මාණශීලී ලෙස චාමරගේ රුව නිර්මාණය කල ශාන් නැමැති එම තරුණයාට ස්තුති කර සටහනක් තබන්නටද චාමර වීරසිංහ අමතක කර තිබුනේ නැහැ. ඔහු මේ නිර්මාණය කරපු තරුණයට ස්තුති කරලා තිබුනෙ මේ විදියට.


    පැන්සල් තුඩකින් පාට පැන්සලකින් පෑනකින් පැතලි කඩදාසියක මගේ රුව සිතුවමට නැගුනා..හැමෝම කියන විදියට ඒ මගේ මනුස්සමක හින්දලු.ඒත් හිතුවෙ නෑ මල්ලි උඹලගෙ අත් වලින් මගේ රූපෙ මේ විදිටය දකින්න පුලුවන් වෙයි කියල.දවස් ගානක් උඹ මගේ රූපෙ අඹන්න ඇති මහන්සි වෙන්න ඇති.දුප්පත් පවුලක ඉපදිල අද වෙනකොට මගේ මිනිස්සු මට දීපු හයියෙන් මම ගොඩක් දුර ආවා.ගොඩක් පින් හැමෝටම.වචන කීපයකට සංගීතය මුසු කරල මම එදා ගායනා කරද්දි කවදාවත් හිතුවෙ නෑ ඕගොල්ලො මාව මේ වගේ තැනකට ගෙනයි කියල.සිය දහස් වාරයක් ස්තුතියි හැමෝටම.මේ නිර්මාණය කරපු ශාන් මල්ලි ඔයාටත් ගොඩක් ස්තුතියි.උත්සහය ගොඩක් අගය කරනව. බුදු සරණයි..



    4ucbx0.jpg
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    චාමර[FONT=&quot] කියන්නේ මේ කාලේ [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot] ඉන්න 70-80 ගයකයෝ වගේ ජනප්‍රිය උන ගයකයා[/FONT]
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චාමර[FONT=&quot] කියන්නේ මේ කාලේ [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot] ඉන්න 70-80 ගයකයෝ වගේ ජනප්‍රිය උන ගයකයා[/FONT]

    ඔව් චාමරගෙ සින්දු ලස්සනය්, වැරදි වැඩ කරල දැන් වැරදි හදන් හොදින් ඉන්නව කියල ආරන්චිය්. හොද කෙනෙක්.