හිතේ ඇදුන මතක රූප..

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම ටීන් වයසේ කරපු වැඩක්. ඒ කාලේ හිටි ගෙදර ගැඹුරු ළිඳක් තියෙනවා. ගෙදර එක මුල්ලක. මේ ළිඳ හරි ගැඹුරුයි. ඒ වගේම වතුරත් තියෙනවා. තාප්පයට අල්ලලා ළිඳත් ආවරණය කරලා බාත්රූම් එකක් වගේ හදල තියෙන්නේ. ගෙදර සම්පූර්ණයෙන්ම වට තාප්ප වලින් ආවරණය කරලා. ගේ ඉස්සරහ ලොකු මිදුලක්. ඉතින් ගෙදර පිටුපස්ස කොරිඩෝ එකක් වගේ, කවුරුහරි හය්යෙන් ඇවිදිනකොට දෝංකාර සද්දය ඇහෙනවා.

    මේ කාලේ කරන්ට් කපන කාලයක්, ටැංකියේ වතුර පරිස්සම් කරන්න ඕන නිසා අපි ළිඳෙන් වතුර අරගෙන නානවා. දවසක් මගේ සහෝදරියෝ වතුර ඇදගෙන එළියේ ටැංකිය පුරවාගෙන නානවා. මම මිදුලේ ඉන්නකොට දැක්ක තඩි තලගොයෙක් ඉන්නවා. ඉතින් කොලු කම නිසා අරූ පස්සෙන් පැන්නුවා. මූත් දඩ බඩ ගාල ගේ පිටුපස්සේ කොරිඩෝ එකේ දුවනවා. මම ඌගේ පස්සෙන් පන්නනවා. ගේ මුල්ලෙන් මූ ළිඳ පැත්තට හැරිලා දුවනවා දැක්ක, එතකොට මට ඌ පෙනෙන්නේ නැතිව ගියා. එක පාරටම මහා විලාපයක් එක්ක ජබු සද්දයක් ඇහුන. මම ඉතින් ඉක්මනටම දුවගෙන ගියාම මගේ සහෝදරියෝ මිදුලට වෙලා හය්යෙන් හිනා වෙනවා.

    වෙලා තිබුනේ තලගොයා එන මහා සද්දේ එක්ක ඌ එනවා දැක්කම මගේ සහෝදරියෝ බය වෙලා බෙරිහන්දීල මිදුලට පැනල ගියා, උන් බාගෙට ඇදපු වතුර බාල්දිය ළිඳටම වැටුන.

    මාත් බොරුවට හිනාවෙලා නියව නියවා හිටියාට හිත ඇතුළේ තිබුනේ අමුතු සහනයක්. මොකද අර විලාප සද්දේ ඇහුණාම මම හිතුවේ මගේ සහෝදරියෝ තලගොයා එනවා දැකල බය වෙලා ලිස්සල ලිඳට වැටුනා කියලයි. ඒ ශබ්දය ඇහුණාම මගේ කකුල් පණ නැතිවෙලා ගියා බඩ කොර වෙලා ගියා. දහසක් භයානක දේවල් කල්පනා වුනා, ඒ වගේම ඒවා හිතට මැවිලා පෙනුන. දැන් ජෝක් එකක් කරන්න ගියත් දහපාරක් විතර හොයල බලනවා. කොටින්ම කිව්වොත් අර සිදුවීම ජීවිතේ වෙනස් කරපු එකක්, සුළු ජෝක් එකක් වුනත්, හරි බැරෑරුම් දෙයක් වෙන්න පුළුවන් කියල කොලු කාලෙදිම තේරුම් ගියා. පස්සෙන්ද මම කම්බි දැල් ගෙනත් ළිඳ වහල දැම්ම.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම ගියෙ මික්ස් ස්කූල් එකකට, ඉස්සර මයිලෝ එකෙ නෙට්බෝල් තරග තිබ්බ, ගොඩක් ඉස්කොල වල කෙල්ලො ඇවිල්ල හිටිය. මම එතකොට 9 වසර වගෙ, අපෙ ඉස්කොලෙ නිසා අපිත් හිටිය පිට්ටනිය වටේ කැලි බල බල,
    මියුසියස් එකෙ කෙල්ලො ටිකක් ඇවිත් හිටිය නිසාන් සිවිලියන් බස් එකක 62-, පොඩි පොඩි ෆුඩ් ස්ටොල් 2,3ක් තිබ්බ,
    මම ඔය ෆුඩ් ස්ටොල් එකක් ලග ඉන්නකොට කෙල්ලො දෙන්නෙක් මගෙ ඉස්සරහින් ගියා,එක කෙල්ලෙක් පට්ට ලස්සනයි
    උන් මැච් ඉවරවෙලා යනකන් බලන් හිටියා, මම පොඩි උන් 11 වසරෙ මේක තප්පර ගානක සීන් එකක් උනත් එ කෙල්ලව දවස් ගනන් හීනෙනුත් පෙනුන.
    අවු රුදු 12 කට පස්සෙ , දවසක ෆ්බ් ෆ්‍රරෙන්ඩ් රික්වෙස්ට් එකක් එනව මලක් ප්‍රොෆයිල් පික්ච එකට දාපු මියුචුවල් ෆ්‍රරෙන්ඩ් ල නැති, ඇක්සෙප්ට් කරල ප්‍රොෆයිල් එක ටිකක් බැලුවම මෙ අර කෙල්ල ,
    කොහොම හරි චැට් කරල සෙට් වෙනවා,හම්බ වෙනවා ,TIKaK Kal OhOMA YanAwA
    කෙල්ලගෙ ගෙදරට මෙක ඇලට් වෙලා අවුල් යනව. කෙල්ලව ප්‍රපොසල් එකකට බන්දනව. බන්දන්න කලින් එයාව අරන් යන්න කියල ඉල්ලුවත් මම එ වෙනකොට අස්තාවරයි. ජොබ් නෑ, ,ගෙයක් නෑ,
    කෙල්ලව බන්දනව ,
    DAn BaDaLa APE GEWaL LAnGAMaI INnE ,
    🙁
    THaT GUILTy & DEFETED FEElInG

    කතාව ඉවර නෑ.. WELAWaK HAmBUNaMa DannAM
    දාපන් බන්..කතාව :(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පොඩි කාලේ අපේ ආච්චිලත් එක්ක කතරගම ගියා. එතකොට මට අවුරුදු 7ක් හෝ 8ක් ඇති මම හිතන්නේ. නැවතුනේ දුටුගැමුණු එකේ. එකේ එකදිගට කාමර තියනවා. අපි කාමර කීපයක් ගත්තා. පහුවදා උදේ කට්ටිය එළියේ තියන කුස්සියේ කෑම හදනවා. මම මොකක් හරි හේතුවකට ආයේ කුස්සියේ ඉඳන් කාමරයට යන්න අවා තනියම. මට දැන් කාමරය හොයාගන්න බැරුව වෙන කාමරයක දොරක් ඇරලා ඇතුලට ගියා. එකේ ඇතුලේ හිටපු කට්ටිය පුදුමෙන් වගේ මාදිහා බලන් හිටියා. මම බයවෙලා ආපසු කුස්සියට දුවගෙන ගියා. මොන හේතුවකටද මන්දා අදටත් මට ඔතනින් යනකොට ඔය සිද්දිය මතක් වෙනවා. වෙලා අවුරුදු 13ක් විතර උනාට කවදාවත් අමතක වෙන්නේ නැහැ
    විශ්‍රාම ශාලා වල නැවතුන තුන් හතර වතාවකම මමත් අනුංගෙ කාමර වලට රිංගල තියනව....
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    1 වසරෙ ඉන්න කොට පංති භාර මිස් දොර ගාවට ගිහිං එතන පහු කරගෙන ගිය තව මිස් කෙනෙක්ට කතා කරා ""ස්...ස්...මේ...මේ..." කියල.මොකද මංදන්නෑ මට ඒ සීන් එක හොඳටම මතකයි.... මොන හුත්තකට මතක් වෙනවද මංදා....
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අම්මයි, මායි, අපේ ලොකු අම්මයි දවසක් මංගල්‍ය පොලකට ගියා...එහේ තියලා අම්මගේ පර්ස් එක නැති උනා...හොයලා හොයලා බැලුවා ඒත් හම්බ උනේ නම් නැහැ...පස්සේ මොකද කරේ අම්මා ගත්ත බඩුවලට, ලොකු අම්මා සල්ලි දුන්නා...පස්සෙ shopping ඉවර වෙලා අපි ගෙදර එන්න ලෑස්ති උනා...

    හරියට පොලෙන් එලියට එන හරියෙම පොඩි ටොයිස් කඩයක් තිබ්බා...මන් පොඩි කාලේ අර පොඩි guns වලට මාර ආසයි...බුලට් දාලා විදින එකට..අවුරුදු ගාණක් ඕකක් ගන්න මං බලන් හිටියේ...ඇයි කිව්වොත් තාත්තා කවදාවත් කැමති නෑ ඔය guns, knifes වගේ සෙල්ලම්බඩු අරන් දෙන්න...ඉතින් මන් අර ටොයිස් කඩේට ගිහින් ඕක බලාගෙනම හිටියා....ඕක අම්මා දැකලා මගෙන් ඕනෙද කියලා ඇහුවා...මන් දන්නවා අම්මගේ පර්ස් එක නැති වෙලා එයා ගාව සල්ලි නැහැ කියලා...මන් එපා කිව්වත්, අම්මා ලොකු අම්මගෙන් සල්ලි ඉල්ලලා මට ඕක අරන් දුන්නා... මට මාර හැපි

    පස්සේ මන් ඕක ගෙදර අරන් ඇවිත් එක බුලට් එකයි දාලා වෙඩි තිබ්බේ...gun එක කැඩුනා😪...කැඩිච්ච පාරට මට කොච්චර දුක හිතුනද කිව්වොත්, මං දන්නෙත් නෑ මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙනව... ඇඩුනා...ගොඩාක් දුක හිතුනා...

    දැන් උනත් ඒ ජාතියේ ටොයිස් gun එකක් දැක්කම හිතට අමුතු දුකක් එනවා...දැන් ඔය guns ඕන තරම් ගන්න සල්ලි තිබ්බත් එදා අම්මා පර්ස් එකත් නැති කරගෙන, අනුන්ගෙන් සල්ලි ඉල්ලලා අරන් දීපු gun එක මන් කඩාගත්ත එක ගැන මට තාම දුකයි....

    ඕකට වඩා මහා ලොකු දුක හිතෙන සිද්ධි වෙලා තියෙනවා ඕනතරම්... ඒත් තාම හිතේ රැඳිලා තියෙන්නේ ඕක...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේක නම් උනේ ළඟදි දවසක.ඒත් කවදාවත් අමතක වෙන්නෙ නෑ කියල ෂුවර් නිසා මෙතන දානවා.මගෙ කෙල්ලට පූසො දෙන්නෙක් හිටියා.අම්මයි දුවයි.කෙල්ල සැලකුවේ දරුවන්ට වගේ.මේ අම්මා(එයාට කීවෙ මැණිකෙ කියලා)අසනීප වෙලා නැති උනා.ඒ වෙද්දි කොවිඩ් නිසා මාස හයක් කෙල්ල බලන්න යන්න විදියක් නැතුව ඉඳලා ඉඳලා මාත් එහෙ ගිහින් හිටියේ.මැණිකෙ මැරුනේ රෑ එකොලහට විතර.මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා හොඳ වෙට් කෙනෙක් අහලා.ඒත් බේරගන්න බැරි උනා.මුලු ගෙදරම මල ගෙයක් වගේ.ඉතින් ඔන්න දවස් දෙකක් ගියා.එදා රෑත් මම වතුර බොන්න කුස්සියට ගියාම පූසෙක් අමාරුවෙන් කෑගහනව ඇහුනා.මම දොර ඇරල බැලුවම අර අම්මගෙ දුව(එයාගෙ නම සීනු)වත්තෙ ඉඳන් මං ළඟට දුවගෙන ඇවිල්ලා මගෙ කකුල් දෙක උඩට වැටුනා.මට තේරුනා මොකක් හරි වෙලා කියලා.මම ටක් ගාල එයාව වඩා ගත්තා.ඒතකොටම එයාට කක්කයි චුයි ගියා.එහෙම ගියා කියන්නෙ ගොඩක් වෙලාවට ඒ සතා ජීවත් වෙන්නෙ නෑ.කොහොම උනත් මමයි කෙල්ලයි පුලුවන් ඉක්මනට සතාව අරන් ගියා වෙට් ගාවට.ඩොක්ටත් පුලුවන් දේ කරා.ඒත් එයා නැති උනා.දවස් දෙකක් ඇතුලත සත්තු දෙන්නම මැරුනා.සත්තුන්ට ආදරේ කරන කෙනෙක්ට ඒක කියාගන්න බැරි තරම් දරුණු අත්දැකීමක්.මුලු ගෙදරම මල ගෙයක් වගේ.කෙල්ලගෙ අප්පච්චී ටිකක් තද ගතිගුණ තියෙන කෙනෙක්.එයත් අයිනකට වෙලා ඇස් දෙක ඇඟිලි වලින් මිරිකගන්නවා දැක්කා මම.මේකෙ මට මතක හිටිනම දේ මේක නෙවෙයි.සීනු ටිකක් අහංකාර සතෙක්.කෙල්ලගෙ අතට ඇරෙන්න වෙන කිසි කෙනෙක් අතට ගියෙ නෑ කවදාවත්.මා එක්ක ඕන සතෙක් පොඩි වෙලාවක් ඇතුලත ෆිට් වෙනවා.ඒත් සීනු කවදාවත් මා එක්ක ෆිට් උනේ නෑ.කොච්චර ආදරේ කරත්,හුරතල් කරත් මගෙ අතට ආවෙ නෑ.ඒත් එදා අන්තිම මොහොතෙ මම එයාව අතට ගත්තම එයා මගෙ අත ලෙවකෑවා බන්.ලෙවකාල මගෙ මූණ දිහා බැලුවා අමාරුවෙන්.මගෙ අතට නොආවට එයා දැනගෙන ඉඳල තියෙනව මම එයාට ආදරේ බව.එයත් මට ආදරේ කරන්න ඇති පෙන්නුවේ නැති උනාට.මේ සිද්ධිය එදා ඉඳන් අද වෙනකම් මට ලක්ෂ වාරයක් මතක් වෙන්න ඇති.ඉස්සරහටත් මතක් වෙයි.හිතේ අමාරුවටම තමා ලීවෙත්.දිග උනාට සොරි වෙන්න ඕනේ.

    මටත් තියනව මේ වගේම අත්දැකීමක් මචං..
    පොඩි කාලෙ මම පූසොන්ට මාර ආසයි (දැනුත් :P )
    ඉතිං අපේ ගෙදර එක එක කාලෙට එක එක පූසෝ හිටිය..
    එතකොට මම 8 වසරෙ
    එක දවසක් අපේ අයිය යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ආව 7ට විතර..
    ඇවිත් දොරෙන් ඇතුළට ආව ගමන් සුදු හාවෙක් වගේ සතෙක් බිමින් තිබ්බ
    ඒක බලන්න අම්මයි මායි අක්කයි එතනට ගියපු ගමන් ඒ සතා අක්කගෙ උරහිසට පැනල මූණ ලෙවකන්න ගත්ත
    බලනකොට රට පූසියෙක් ❤️ (Turkish angora)
    ඌ අපේ ගෙදර කලින් හිටපු පූසෝ වගේ නෙමෙයි
    හරි රෙස්පෙක්ට්.. ඒ වගේම ගොඩක් මැනර්ස් එහෙමත් තිබුන
    වෙන පූසොන්ට ලඟට එන්න දෙන්නෙ නෑ ගොරවනව
    සාලෙ සෙටි එකේ පුටුවක් වෙන් කරගෙනම හිටිය
    රෑට අපි tv බලනකොට එයත් ඇවිත් අර සෙටියෙ ඉන්නෙ
    හදිසියෙවත් ගෙදර දොර වහලනම් අතින් දොරට ගහනව දොර අරිනකන් හරියට මනුස්සයෙක් වගේ..
    දෙතුන් සැරයක්ම මූව එක එක බුවාල උස්සගෙන ගිහිං හොයාගත්තෙ හෙන ගේමක් දීල.. එක සැරයක් එහා පාරෙ ගෙදරක ගෙනිහින් රැවුල් ගස් එහෙමත් කපල තිබුන ඉව අල්ලගෙන ආපහු ගෙදර එයි කියල වෙන්නැති.. :P
    දවසක් මට මතකයි මම ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ඉස්කෝලෙදි ඉගන ගත්ත අළුත් කුනුහරුපයක් මුගේ ඉස්සරහ වැඩිවෙලා මූණටම කිව්ව..
    කියනකොටම මූ අතින් ගැහුව කියපන්කො.. වෙලාවට වැදුනේ ඇහැට පොඩ්ඩක් උඩින් :oo:
    ඔහොම ඉඳල ගමේ පූසෙක් එක්ක සෙට් වෙලා මූට පැටවූ හම්බුනා කාලෙන් කාලෙට (spay කරල තිබ්බෙ නෑ)
    හැබැයි මාස 6කට වගේ සැරයක් තමයි..
    ඒ ලැබුනම අඳුනන අය පට්ට පොරේ පැටවූ ගන්න.. මම අකමැතිම වැඩේ ඒත් තාත්ත බලෙන්ම දීල දානව :(
    ඉතිං ඔය විදියට අපිත් එක්ක අවුරුදු 4ක් ඉඳල අඩු වයසෙන්ම එයා නැති උනා..
    සතියකට වඩා ලෙඩ වෙලා හොටු පෙර පෙර හිටියෙ කෑවෙත් නෑ
    අන්තිමට වෙට් ගාවට එක්ක ගියාම ඉන්ජෙක්ෂන් 8ක් ගැහුව
    ඒත් ගෙදර ඇවිත් ටිකකින් එයා අවසන් හුස්ම හෙළුව මට අද වගේ මතකයි :(
    මම ගොඩක් විශ්වාස කරපු දෙයක් තමයි ඒ සතානම් මැරිල අපි අතරේම මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ඇති කියල
    ඒ තරම් කියන දේවල් තේරෙන මනුස්ස ගති තිබුන පූසෙක්

    මේ තියෙන්නෙ එයාගෙ එකම පින්තුරෙ.. මේක ඒ කාලෙ ෆිල්ම් කැමරා එකකින් ගහල සුද්ද කරපු පොටෝ එකක්.. මම පස්සෙ ස්කෑන් කරල ගත්තෙ

    35061_108746162509379_4030503_n.jpg
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මේ සීන් එක උනේ මම දෙක වසරෙදි..අපි නෑදෑ වෙන ගෙදරක ගියා වෙඩින් එකකට..අම්මලා එක්ක වෙඩින් එකට දවස් දෙකකට කලින් වගේ ගියේ උදව් වෙන්න..⁣ හිටිය අපේ වයස සෙට් එකත් එක්ක හැංගි මුත්තම් ගැහුවා එක එක සෙල්ලම් කරා දවසෙම..මම පිස්සු හරකා වගේ කාමරේක දොර ඇරගෙන හැන්ගෙන්න ගියා..ටහිකේ ⁣අක්කල වගයක් ඇදුම් මාරැ කරනවා මම හිතන්නේ අක්කලා දහය වසර වගේ කෙල්ලෝ පස් දෙනෙක් හිටියා.එක කෙල්ලෙක් හිටියා පෑන්ටියයි බ්‍රා එක දාගෙන.එක කෙල්ලෙක් බ්‍රා එක පටිය දාගෙන විතරයි ගෙඩි දෙක එලියේ..ඇවිල්ලා මගේ කනෙන් අල්ල ගත්තා, අල්ලගෙන ඇහුවා තවත් කාමරවලට තට්ටු කරන්නේ නැතුව එනවද ඇහුවා..

    මම එක පාරට ඇහුවා ගෙඩි දෙක පෙන්නලා මේ මොකද්ද කියලා මට එහෙම එකක් නෑනේ මුන් සේරම හිනා වුනා එක පාරට.. හිනා වෙලා ලොකු උනාම ඒවි කියලා කනෙන් ඇදලා එලියට දැම්මා..
    එදා දවසෙම මාරම කුතුහලයෙන් හිටියේ..

    කුක්කු දෙකක් දැක්ක පලවෙනි වතාව ඇස් දෙක පියාගෙන මතක් කරොත් ඒ දැක්ක විදියටම මැවෙනවා..ලොකුත් නෑ පොඩිත් නෑ..
     
    ආයි ඒ අක්කලව දැක්කේ නැද්ද?
     
    dan e akkala ubawa dekkama lajjawen abarenawada :P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ආයි ඒ අක්කලව දැක්කේ නැද්ද?
    දැක්කා දැක්කා දැන් බැදල ළමයි ඉන්නවා:lol:

    dan e akkala ubawa dekkama lajjawen abarenawada :P
    ගිය අවුරැද්දේ හම්බුනා..අහන්නත් හදලා අක්කේ තාම ලොකු උනේ නෑ නේ කියලා..ආයිත් නිකන් හිටියා..:lol:
    ------ Post added on Nov 27, 2021 at 2:04 PM
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Tawa 1k Matak una, Ekath Hondatama mataka 1k..

    Etakota 3 wasare, Class 1ke hondama eka mama.. teacher hama wadetama yawanne mawa.. dawask Teacher podi thunduwak deela qa,
    'Bell 1 gahana uncle hitiyoth ekkan enna, pora natnam me kole anith pantiye teacherta denna" kiyala...
    Mama kale kelinma Eha pantiye teacher hoyan giya, ae teacher hoyaganna bari una, eta passe aye class 1ta enakota bell 1 ghana uncle hitiya, mama uta ara thunduwa dunna teacher dunna kiyala... Utata wire una me mokakda me kiyala, pora math ekka teacher langata awit thunduwa pennuwa..
    Teacherge muna mata ada wage matakai ratu una, ae ekkama Toool gaala kanata 1k dunna mage...:dull:

    Passe kaale oka matak wenakota tamai mata terune, mama teacher qa 1 hondatama patalawagena neda kyla... :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: NRTG

    කොලේ මොකද්ද තිබ්බෙ