හිතේ ඇදුන මතක රූප..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    එතකොට මම 4 පන්තියේ වගේ.. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා දවස් 3 ක.. 4 පන්තියේ ළමයින්ව දවස් තුනේ ට්‍රිප් එක්කගෙන යන්නේ නැ එක දවසේ ඒවා විතරයි..අපේ අම්මයි තාත්තයි ඉස්කෝලේ නිසා මවයි අක්කවයිත් එක්කගෙන ගියා..
    ඉතින්..දෙවෙනි දවසේ ඇවිදලා ඇවිත් නාලා කරලා තේ එහෙම බිලා ආයෙම හවස ළමයි ඔක්කොම එක්ක පයින් ගියා පන්සල් කීපයකට දැන් හිතෙනවා තුපරාමය කියල...ඉතින් ඔහොම ඇවිදලා ප්‍රදාන පාරට ඇවිත් බලනකොට මගේ සෙරෙප්පු දෙක කියලා මතක් උනා.. මම ගෙන ගිය එරෙප්පු දෙක මම මුලින්ම ගිය පන්සලේ දොර ගාව ගැලෙව්වා කියලා මතක් උනේ එවෙලේ..මම දුවගෙන ගිහින් තාත්තට ගිහින් කිව්වා සෙරෙප්පු දෙක අමතක උනා කියලා... මම ගිහින් අරන් එන්නම් කියලා සෙරෙප්පු දෙකට තිබ්බ ආසාවට කිව්වට පාරවල් හොයාගෙන ගිහින් එන්න පුළුවන් කමකට එහෙම කිව්වා නෙමෙයි.. තත්තා කිව්වා දැන් යන්න බැ දුර වැඩියි ළමයි එක්ක අපහු යන්නත් බැ කියලා..අපි වෙන දෙකක් ගමු කියලා.. එතන ඉදලා බැලුවම මුලින්ම ගිය පන්සල පේනවා එක දිගට තනි තැනිතලාව නිසා.. මට දුකයි එත් එන්න උනා.. දම් පාට අලුත් සෙරෙප්පු දෙකක්.. සෙරෙප්පු දෙක පෙනී පෙනී දාලා එන්න උන එක හිතට ගොඩක් දැනිලා තිබ්බා.. අදටත් ඒ සිද්දිය මතක් උනාම අමුත්තක් දැනෙනවා...හිතට තැනින් දැනිලා ඒ සිද්දිය ලොකු දෙයක් නෙමේ උනාට.

    උබලටත් එහෙම දේවල් ඇති....
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    එක පාරක් කතරගම ගියා පොඩි කාලේ.
    මැණික් ගග එහෙම දැන් වගේ ජරා වෙලා නෑ මාර පිරිසිදුයි.
    ලොකු සෙනගකුත් නෑ මොකද දැන් වගේ ඉස්සර වාහන හුගක් කියලත් නෑනේ.
    ඔය කාලේ තමයි අර චයිනීස් ලයිට් පත්තු වෙන බඹර චක්කර ආවේ.
    කොල්ලා ඉතින් අතින් කටින් ඔය සෙල්ලම් බඩු කෑලි උස්සන් හිටියේ.
    ඔය මොකුත් වැඩක් නෑ අර ලයිට් පත්තුවෙන බඹර චක්කරේ ගන්නමයි දැන් ආසාව.
    පියාට අදහස දාලා බැලුවා, ම්ම් හඃ අරන් දෙන පාටක් නෑ.
    අම්මටත් කියලා බැලුව එත් අරන් දුන්න සෙල්ලම් බඩු ඇති කියල බර බරේ දැම්මා.
    කොච්චර සෙල්ලම් බඩු අරන් දුන්නත් අරක ගන්න බැරි වුන එක ගැන ගොඩක් දුක හිතුනා.
    අර ගත්ත සෙල්ලම් බඩු අරන් ආවත් මං ඒවා ඔහේ පැත්තකට දාලා නිකන් හිටියා.
    කොහොම හරි මාස ගාණක් යනකන් බඹර චක්කරේ ගන්න බැරි වුන කාන්සිය තිබ්බා.
    දැන් බඹර චක්කර ලක්ෂයක් වුනත් ගන්න සල්ලි තිබ්බත් වැඩක් නෑ අර පොඩි කාලේ ඒක අරගෙන සෙල්ලම් කරන්න තිබ්බ ෆීලින් එක ආයේ ගන්න බෑ.
    දැන් වුනත් කතරගම ගියාම සෙල්ලම් බඩු කඩවල් දැක්කම අර සිද්ධිය මතක් වෙලා ටිකක් සෙන්ටිමෙන්ටල් වෙලා මනෝ පාරක් වදිනවා.
    මං ලගපාත පොඩි එවුන් ටිකට සෙල්ලම් බඩු අරන් දෙනවා හැම අවුරුද්දෙම අවුරුදු කාලෙම.
    එතකොට නම් කැමැති අකමැති දේවල් අහලා තමයි ගෙනත් දෙන්නේ.
    එක පාරක් අපි ළමා නිවාසෙකට දානයක් දුන්නා. කෑම බීම පොත් පත් ඔක්කොම හරි.
    සෙල්ලම් බඩු ටිකක් අරන් එන වැඩේ සෙට් වුනේ මට.
    ගෑණු ළමයින්ට බෝනික්කොයි පිරිමි ළමයින්ට කාර් වාහන රොබෝ කෑලියි ඇරගත්තා.
    ඒ හැමෝටම ගත්තා කොමන් සෙල්ලම් බඩුවක්.
    ඒ තමයි බඹර චක්කර 32ක්.
    ගෙවල් ලග හරි නෑදෑ වෙන හරි පොඩි එවුන් ඉන්නවා නම් උන්ට සෙල්ලම් බඩු අරන් දියල්ලා.
    ඒක අපිට පොඩි දෙයක් වුනාට ඌ ඒ සෙල්ලම් බඩුවත් එක්ක සම්පූර්ණ ලෝකයක් හදාගන්නවා ස්ටෝරිලයින් එකක් එක්ක.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    මම ගියෙ මික්ස් ස්කූල් එකකට, ඉස්සර මයිලෝ එකෙ නෙට්බෝල් තරග තිබ්බ, ගොඩක් ඉස්කොල වල කෙල්ලො ඇවිල්ල හිටිය. මම එතකොට 9 වසර වගෙ, අපෙ ඉස්කොලෙ නිසා අපිත් හිටිය පිට්ටනිය වටේ කැලි බල බල,
    මියුසියස් එකෙ කෙල්ලො ටිකක් ඇවිත් හිටිය නිසාන් සිවිලියන් බස් එකක 62-, පොඩි පොඩි ෆුඩ් ස්ටොල් 2,3ක් තිබ්බ,
    මම ඔය ෆුඩ් ස්ටොල් එකක් ලග ඉන්නකොට කෙල්ලො දෙන්නෙක් මගෙ ඉස්සරහින් ගියා,එක කෙල්ලෙක් පට්ට ලස්සනයි
    උන් මැච් ඉවරවෙලා යනකන් බලන් හිටියා, මම පොඩි උන් 11 වසරෙ මේක තප්පර ගානක සීන් එකක් උනත් එ කෙල්ලව දවස් ගනන් හීනෙනුත් පෙනුන.
    අවු රුදු 12 කට පස්සෙ , දවසක ෆ්බ් ෆ්‍රරෙන්ඩ් රික්වෙස්ට් එකක් එනව මලක් ප්‍රොෆයිල් පික්ච එකට දාපු මියුචුවල් ෆ්‍රරෙන්ඩ් ල නැති, ඇක්සෙප්ට් කරල ප්‍රොෆයිල් එක ටිකක් බැලුවම මෙ අර කෙල්ල ,
    කොහොම හරි චැට් කරල සෙට් වෙනවා,හම්බ වෙනවා ,TIKaK Kal OhOMA YanAwA
    කෙල්ලගෙ ගෙදරට මෙක ඇලට් වෙලා අවුල් යනව. කෙල්ලව ප්‍රපොසල් එකකට බන්දනව. බන්දන්න කලින් එයාව අරන් යන්න කියල ඉල්ලුවත් මම එ වෙනකොට අස්තාවරයි. ජොබ් නෑ, ,ගෙයක් නෑ,
    කෙල්ලව බන්දනව ,

    බැන්දට පස්සෙ ෆෝන්, ෆේස් බුක් අනම් මනන් නැතිවෙලා යනව
    . ඔහොම මාස 5ක් විතර යනව, කෙල්ල බැදල හිටියෙ කෙල්ලගෙ ගෙදරමයි
    මට කොහොම හරි එක පාරක් එයාට කතා කරන්න ඕනෙ
    [need-help-2-find-a-mobitel-number] - Thread @ EK
    ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ගන්න ඕනෙ වෙනව. යාලුවො 4ක් දාගෙන වැන් එකක ටෙලිකොම් බෝර්ඩ් එකක් ගහගෙන දෙන්නෙක්ව ගෙදරටම යවල ගෙදර ෆෝන් නම්බර් එක ගන්නව, ගෙදරට ගිය උන් දෙන්න ඇවිත් කිව්ව කෙල්ල ප්‍රෙග්නට් දැන් ඕක අතෑ ඇරල දාපන් කියල. ඊට පස්සෙ ඉතින් කොහොම හරි ඔලුව වෙනස් කරගන්නව කියල පැත්තකට වෙනව.
    බොන්න, සිගරට් බොන්න සෙට් වෙනව,
    [How to smoke a cigarette?] - Thread @ EK
    මැරෙන්න හිතෙනව ,
    [whats the insurance company's policy , if a client commit suicide?] - Thread @EK
    පස්සෙ ජිම් යනව , දවසට 3න් පාරක් විතර ගිහින් සෙල්ලම් කරනව,වෙන මුකුත් ගැන කල්පනා කරන්න වෙලා නැති ගානට.
    [You against You / Bodybuilding for bigginers] - Thread @ EK
    අවුරුදු 2කින් පස්සෙ මේල් එකක් එනව , එයා හොන්දින් උන දෙවල් සෙරම අමතක කරන්න කියල...
    [Letter from EX] - Thread @ EK
    ටිකෙන් ටික කොහොම හරි හිත හදාගන්නව ... අවුරුදු 3ක් වගෙ අවුට් ගිහින්....
    ඒ සම්බන්දෙ නැති උනාට පස්සෙ කවදාවත් වෙන කෙල්ලෙක් දිහා උවමනාවෙන් බැලුවෙවත් ෆීලින් එකක් වත් ආවෙ නෑ
    කෙල්ලව අරන් යන්න කිව්වත් එයාගෙ ලයිෆ් එක අවුල් යඉ කියල එහෙම කලේ නැ.
    තාම ඉතින් ඒ මතක එක්ක ගිල්ටි & ඩිෆීටඩ් මික්ස් ෆීලින් එකක් එක්ක ඉන්නව
    මේ සිද්දියෙන් පස්සෙ , කිසිම දේකින් ගොඩාක් සන්තොස වෙන දුක් වෙන ෆීලින්ග් නැතිවෙලා යනව කිසිම දේක්ට ඉම්ප්‍රෙස් වෙන්නෙ නැති ගතියක් එනව ..

    me siddi yana time frame wala ek eke thread dala athi oya kaala wala

    🙁
    THaT GUILTy & DEFETED FEElInG

    කතාව ඉවර නෑ.. WELAWaK HAmBUNaMa DannAM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මම පොඩිකාලෙ ගෙදරින් ට්‍රිප් එකක් ගියා කතරගමට. අපේ නෑදෑ වෙන පවුල් තුනක් විතර වෑන් එකක තමයි ගියේ..

    තාත්තගෙ අතේ එල්ලිලා තාත්ත පස්සෙන් කාර් පාක් එකේ ඇවිදගෙන යන ගමන් මට තාත්තගෙ අත අතහැරුණ..
    ඒත් එක්කම තාත්ත එතනින් ඉස්සරහට යනව දැකල මම තාත්ත පස්සෙන්ම දුවගෙන ගිහින් නවත්තල තිබුණ බස් එකකට නැග්ග...

    බස් එකේ අනික් මිනිස්සු කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නව. තාත්ත කියල රැවටිලා, මම ගිහින් තියෙන්නෙ වෙන මනුස්සයෙක්ගෙ පස්සෙන්...

    බස් එකේ අය, "ඇයි පුතේ" කියල ඇහුවත්, මම "නෑ මුකුත් නෑ" කියල බස් එකෙන් බැහැල දුවන්න හැදුව.. එතකොටම පිටිපස්සෙන් ඇවිත් තාත්ත මගෙ අතින් අල්ලගත්ත...

    තාත්ත මගෙන් අහනව,
    "අත අතහැරල දුවගෙන ගිහින් වෙන බස් එකකට නැග්ගෙ මොකද?" කියල..😂😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පොඩි කාලේ අපේ ආච්චිලත් එක්ක කතරගම ගියා. එතකොට මට අවුරුදු 7ක් හෝ 8ක් ඇති මම හිතන්නේ. නැවතුනේ දුටුගැමුණු එකේ. එකේ එකදිගට කාමර තියනවා. අපි කාමර කීපයක් ගත්තා. පහුවදා උදේ කට්ටිය එළියේ තියන කුස්සියේ කෑම හදනවා. මම මොකක් හරි හේතුවකට ආයේ කුස්සියේ ඉඳන් කාමරයට යන්න අවා තනියම. මට දැන් කාමරය හොයාගන්න බැරුව වෙන කාමරයක දොරක් ඇරලා ඇතුලට ගියා. එකේ ඇතුලේ හිටපු කට්ටිය පුදුමෙන් වගේ මාදිහා බලන් හිටියා. මම බයවෙලා ආපසු කුස්සියට දුවගෙන ගියා. මොන හේතුවකටද මන්දා අදටත් මට ඔතනින් යනකොට ඔය සිද්දිය මතක් වෙනවා. වෙලා අවුරුදු 13ක් විතර උනාට කවදාවත් අමතක වෙන්නේ නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,809
    113
    This happened to me around 9, 10 years ago

    When I started working we would regularly go out for lunch/dinner or desserts. Each time spend over 1000 per head. When I joined I wasn't in a good financial situation and I was just starting to earn. Remember one day when the whole team was walking back to the office after having dessert I saw a old cleaning lady who was cleaning the road sitting down under a huge tree on the road. This was around 2 PM. She took out a old ice cream container and opened it and started eating a single slice of bread with sambol. For some reason I felt bad about myself thinking about the amount we spend for a single meal while people like this try to just survive.

    This thing keeps popping in my head time to time.
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම ගියෙ මික්ස් ස්කූල් එකකට, ඉස්සර මයිලෝ එකෙ නෙට්බෝල් තරග තිබ්බ, ගොඩක් ඉස්කොල වල කෙල්ලො ඇවිල්ල හිටිය. මම එතකොට 9 වසර වගෙ, අපෙ ඉස්කොලෙ නිසා අපිත් හිටිය පිට්ටනිය වටේ කැලි බල බල,
    මියුසියස් එකෙ කෙල්ලො ටිකක් ඇවිත් හිටිය නිසාන් සිවිලියන් බස් එකක 62-, පොඩි පොඩි ෆුඩ් ස්ටොල් 2,3ක් තිබ්බ,
    මම ඔය ෆුඩ් ස්ටොල් එකක් ලග ඉන්නකොට කෙල්ලො දෙන්නෙක් මගෙ ඉස්සරහින් ගියා,එක කෙල්ලෙක් පට්ට ලස්සනයි
    උන් මැච් ඉවරවෙලා යනකන් බලන් හිටියා, මම පොඩි උන් 11 වසරෙ,
    අවු රුදු 12 කට පස්සෙ , දවසක ෆ්බ් ෆ්‍රරෙන්ඩ් රික්වෙස්ට් එකක් එනව මලක් ප්‍රොෆයිල් පික්ච එකට දාපු මියුචුවල් ෆ්‍රරෙන්ඩ් ල නැති, ඇක්සෙප්ට් කරල ප්‍රොෆයිල් එක ටිකක් බැලුවම මෙ අර කෙල්ල ,
    කොහොම හරි චැට් කරල සෙට් වෙනවා,හම්බ වෙනවා ,කෙල්ල වැඩිමල් නිසා, බන්දින්න වෙන්නෙ නැ ........... :(
    අඩෝ මේක... මිට ලගින් යන දෙයක් උනා මට.. මම කරේ නැටුම් ඒ කාලේ නැටුම් තරග තිබ්බනේ ඉතින් ගාල්ලේ ඇලෝසියස් එකේ තිබ්බ නැටුම් තරගයක් එතකොට 10 පන්තියේ වගේ..කොහොම හරි නැටුම් තරගේ ඉවරයි.. ඔන්න ඉතින් ඉදලා හිටලා කෙනෙක් ගාව තියෙන කැමරා වලින් පින්තුර ගන්නවා..එතන හිටියා වැදගත් පෙනුම තියෙන අන්කල් කෙනෙක් එයා කිව්වා මම පුතාලට පින්තුර අරගන එවන්නම් පිලිනය දෙන්න කියලා ඔන්න මමත් පැනලා පින්තුර දෙක තුනකට ඉදියා තනි පින්තුර ගත්තේ නැ කීප දෙනෙක් ඉන්න ඒවා තමයි ගත්තේ..ලස්සන ලස්සන කෙල්ලෙත් එක්ක එහෙම ඉදියා.. ඔන්න ලිපිනයත් ලියලා දීලා අවා කොහොම හරි ෆොටෝ කෙස් එක අමතක වෙලා ගියා ටික දවසකින් ඔන්න මාස 6 කට විතර පස්සේ තැපෑලෙන් ආව ෆොටෝ 3 ක් ඒ එකක මමයි තව ලස්සන කෙල්ලෝ දෙන්නෙකුයි.. ඒ වෙලාවේ හරි අමුත්තක් දැනුනා.. කෙල්ලෙක් එක්ක පලවෙනි පාරට ෆොටෝ එකක් ගත්තා වෙන්න ඕනේ.. එත් නම වත් නොදන්න..ඉතින් ඕවා ඉවරයි..ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා මම ජොබ් එකට ගිය මුල් කාලේ ආසාවක් අවා ගෙදර තිබ්බ ෆොටෝ scan කරන්න ඔෆිස් එකේ ස්කෑනර් එකක් තිබ්බ නිසා අම්මත් කිව්වා ටික ටික scan කරගෙන එන්න කියලා මම ගෙනිහින් scan කරනවා මම වැඩ කරේ IT training දෙන company එකක work-shop type ඒවා තමා කරේ ඔන්න දවසක් කට්ටිය ගොඩක් ඉන්න දවසක කැන්ටිමේ ඉද මදි වෙලා අපි ඉදපු lab එකට එව්වා කට්ටියක් කෑම කන්න කියලා අපිත් නැගිටලා ගියා හරි නැනේ ඒ නිසා.. මම අර scan කරන්න ගෙනාපු ෆොටෝ එහෙමම මෙසේ උඩ දාලා ගියේ... ඔන්න අපි අපහු අවා එතකොට අර කෑම කන්න අපු සෙට් එකේ girl කෙනෙක් ඇහුවා මේ ෆොටෝ කාගේද කියලා මම කිව්වා මගේ කියලා... එතන තිබ්බ අර නැටුම් ෆොටෝ එක අතට අරගෙන අදුරන්න පුලුවන්ද ඇහුවා මට හිතා ගන්න බැරි උනා ෆොටෝ එකේ ඉදපු ගැනු ළමයෙක් මේ ඉන්නේ.. හරියටම අව්රුදු 10 කට විතර පස්සේ.. දැන් අදටත් ඉදලා හිටලා කතා කරනවා...
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේක උනේ මම 9 වසර හරි 10 වසර හරි, හරියටම මතක නැ . අපි ගෙදර අය නෑදෑයෝ ට්‍රිප් එකක් ගියා , එතොකොට කුරුණෑගල පැත්තේ මොකක් හරි වැවක් මට එකේ නම මතක නැ එකෙන් වතුර යන්නේ සිමෙන්ති දාල අගල වගේ හදල තිබ්බේ . වතුර අඩි 4ක් වගේ උසට තිබ්බ වගේ මතකයි. මේකෙන් අපි බැහැල නෑවා, තව මිනිස්සුත් මෙතන නානවා , අපිට ඉස්සරහ හිටියේ කෙල්ලෝ ටිකක්(කෙල්ලෝ කිව්වට මට වඩා වැඩිමල් එක එක වයසේ කෙල්ලෝ හිටියේ ) උන් කට්ටිය වතුරේ රවමට හැදිලා මොකක් දෝ සින්දුවක් කිය කිය කැරැකෙනවා . මම හොරෙන් ඔය දිහා බලන් හිටියේ නාන ගමන් . එක කෙල්ලෙක්ගෙ දිය රෙද්ද ගැලවිලා කුක්කුවක් දැක්කා මගේ ජිවිතේ පලවෙනි වතාවට . ඔය ඉමේජ් එක හැමදාම මගේ ඔලුවේ තියනවා තාමත් වැවක් ගාවින් යද්දී මතක් වෙනවා . නිකන් අමුතු ෆිලින්ග් එකක් එක්න්නේ වල් හැඟීමක් නෙමේ එක කියන්න තේරෙන්නේ නැ , නිකන් මොකක් හරි කනෙක්ෂන් එකක් තිබ්බ වගේ හැඟීමක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක 1991-1992 වගෙ උන එකක්. මගෙ පියා වැඩ කරෙ කඩදාසි සන්ස්තාවෙ. එකෙ තිබ්බ පත මැශීන් එකක් බේල් මැශින් කියල. එකෙන් තමා පිදුරු එකට කම්ප්‍රෙස් කරලා, හතරැස් කුට්ටි හදන්නෙ.

    ලෙලන්ඩ් බස් එකක් තරම් දිග ඊට වඩා පලල , 6x6 හරි 8x8 හරිවාහනයක්. ඕන තැනක යන්න පුලුවන් ලොකූ එකක්.

    තාත්තා සන්සතාවෙ සුපවයිස කෙනෙක්. ඉතින් ෆැක්ටරියෙ ඉදන් කුබුරු වලට මැශින් එක අරන් යනකොට අම්ම මාව එක්කන් යනව බලන්න පාරට. එක පට්ටම සද්දෙ, ලයිට් ගොඩාක් තියන එකක්. තාත්තෙ එකෙ ඉදන් අත වනනවා අපිට.

    මම හෙන ආසයි, ෆැක්ටරියට ගියාම මාව ඊකෙ නග්ගවනව. නවත්තල තියෙද්දි හැබැයි.

    පස්සෙ කාලෙක, මට ඒක හොයගන්න බෑ නෙට් එකේවත්. නෙට් එකෙ තියෙන්නෙ පොඩි ඒවා.

    එක පාරෙ යන්න තහන්ම්. කෑලි ගලවලා අරන් යන්න ඕනලු හරි නන්. රෝදයක් මිනිහෙකුට වඩා උසයි. ඒ කාලෙ ඕව බලන්න කවුරුවත් නෑ ඉතින්.

    ඒක ඔටෝ ගියර්ලු. ඇබිලිපිටිය ෆැකටරියටම තිබ්බෙ මැශීන් 4-5ක් වගේලු.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක නම් උනේ ළඟදි දවසක.ඒත් කවදාවත් අමතක වෙන්නෙ නෑ කියල ෂුවර් නිසා මෙතන දානවා.මගෙ කෙල්ලට පූසො දෙන්නෙක් හිටියා.අම්මයි දුවයි.කෙල්ල සැලකුවේ දරුවන්ට වගේ.මේ අම්මා(එයාට කීවෙ මැණිකෙ කියලා)අසනීප වෙලා නැති උනා.ඒ වෙද්දි කොවිඩ් නිසා මාස හයක් කෙල්ල බලන්න යන්න විදියක් නැතුව ඉඳලා ඉඳලා මාත් එහෙ ගිහින් හිටියේ.මැණිකෙ මැරුනේ රෑ එකොලහට විතර.මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා හොඳ වෙට් කෙනෙක් අහලා.ඒත් බේරගන්න බැරි උනා.මුලු ගෙදරම මල ගෙයක් වගේ.ඉතින් ඔන්න දවස් දෙකක් ගියා.එදා රෑත් මම වතුර බොන්න කුස්සියට ගියාම පූසෙක් අමාරුවෙන් කෑගහනව ඇහුනා.මම දොර ඇරල බැලුවම අර අම්මගෙ දුව(එයාගෙ නම සීනු)වත්තෙ ඉඳන් මං ළඟට දුවගෙන ඇවිල්ලා මගෙ කකුල් දෙක උඩට වැටුනා.මට තේරුනා මොකක් හරි වෙලා කියලා.මම ටක් ගාල එයාව වඩා ගත්තා.ඒතකොටම එයාට කක්කයි චුයි ගියා.එහෙම ගියා කියන්නෙ ගොඩක් වෙලාවට ඒ සතා ජීවත් වෙන්නෙ නෑ.කොහොම උනත් මමයි කෙල්ලයි පුලුවන් ඉක්මනට සතාව අරන් ගියා වෙට් ගාවට.ඩොක්ටත් පුලුවන් දේ කරා.ඒත් එයා නැති උනා.දවස් දෙකක් ඇතුලත සත්තු දෙන්නම මැරුනා.සත්තුන්ට ආදරේ කරන කෙනෙක්ට ඒක කියාගන්න බැරි තරම් දරුණු අත්දැකීමක්.මුලු ගෙදරම මල ගෙයක් වගේ.කෙල්ලගෙ අප්පච්චී ටිකක් තද ගතිගුණ තියෙන කෙනෙක්.එයත් අයිනකට වෙලා ඇස් දෙක ඇඟිලි වලින් මිරිකගන්නවා දැක්කා මම.මේකෙ මට මතක හිටිනම දේ මේක නෙවෙයි.සීනු ටිකක් අහංකාර සතෙක්.කෙල්ලගෙ අතට ඇරෙන්න වෙන කිසි කෙනෙක් අතට ගියෙ නෑ කවදාවත්.මා එක්ක ඕන සතෙක් පොඩි වෙලාවක් ඇතුලත ෆිට් වෙනවා.ඒත් සීනු කවදාවත් මා එක්ක ෆිට් උනේ නෑ.කොච්චර ආදරේ කරත්,හුරතල් කරත් මගෙ අතට ආවෙ නෑ.ඒත් එදා අන්තිම මොහොතෙ මම එයාව අතට ගත්තම එයා මගෙ අත ලෙවකෑවා බන්.ලෙවකාල මගෙ මූණ දිහා බැලුවා අමාරුවෙන්.මගෙ අතට නොආවට එයා දැනගෙන ඉඳල තියෙනව මම එයාට ආදරේ බව.එයත් මට ආදරේ කරන්න ඇති පෙන්නුවේ නැති උනාට.මේ සිද්ධිය එදා ඉඳන් අද වෙනකම් මට ලක්ෂ වාරයක් මතක් වෙන්න ඇති.ඉස්සරහටත් මතක් වෙයි.හිතේ අමාරුවටම තමා ලීවෙත්.දිග උනාට සොරි වෙන්න ඕනේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    🥴🥴🥴🥴🥴

    youtuber_asmr_darling_weight_gain_by_17basil_dda4bny-fullview (2).jpg
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Mama Podi Kale 3,4 wasare wage, Ape ammalage game yanawa hama niwaduwakatama, 1 paarak ehema awith anuradhapure yanna trip 1k set una ae game ayath ekka.. Ape paulen giye mamai, Nangi Ape Maamai..
    Khomahari ena dawase Dawal Pansalaka nawatila uyagena kaala ennna awe, Ape maama kiwwa "oun uyana ewa kawoth kelawenawa waren Kaden kamu" kiyala langa kadekin kewa...
    Maama kiwwa wagema kema aul wela kapu unta bus 1ke seat walama Bada yanwa..:sorry:
    Gande inna be, eda nam trip yana 1t epa una... Welawata Maama nisa api beruna... :yes:
     
    meka nam aththatama duka hithena deyak machan
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Mama Podi Kale 3,4 wasare wage, Ape ammalage game yanawa hama niwaduwakatama, 1 paarak ehema awith anuradhapure yanna trip 1k set una ae game ayath ekka.. Ape paulen giye mamai, Nangi Ape Maamai..
    Khomahari ena dawase Dawal Pansalaka nawatila uyagena kaala ennna awe, Ape maama kiwwa "oun uyana ewa kawoth kelawenawa waren Kaden kamu" kiyala langa kadekin kewa...
    Maama kiwwa wagema kema aul wela kapu unta bus 1ke seat walama Bada yanwa..:sorry:
    Gande inna be, eda nam trip yana 1t epa una... Welawata Maama nisa api beruna... :yes:
    මාමද දන්නෙ නෑ අරුන්ගෙ කෑමට මොනා හරි දැම්මෙ බඩ යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,548
    113
    එකමත් එක රටක
    සෑහෙන පොඩි කාලේ උන එකක් මතකයි හොදට. අම්ම , තාත්ත දෙන්න එකක්ම ගමනක් ගිය වෙලාවක එයාලට මාව අත අරුනා. 20m විතර පාලමක එහා කොනටම ගිහින් . අම්ම හිතල තාත්තගේ අතේ එල්ලිලා එනව කියල. තාත්තත් එහෙම හිතල. පාරක් හොයාගෙන යන්නවත් යන්න ඕනේ පාරේ ඉස්සරහට කියලවත් තේරෙන්නේ නැති කාලෙක. මට මතකයි මම කෑ ගැහුවා සැහෙන හයියෙන්. සෙනික දුවගෙන ඇවිත් ඒ වෙන කොටත් . ඔය පොඩි කාලේ කියනව නේ ළමයි අරන් යනවා කියලා බය කරන්න . ඒවත් මතක් උනාද මන්ද. :( මොන්ටිසෝරි යන්නත් කලින්. ඕක නම් හොදටම මතකයි. :rolleyes: