ග්‍රින්තන්ඩර් ඕකෙ අනික් පැත්ත. ඉස්සර Western media විතරයි consume කලෙ. ඒවා බ්‍රාහ්මණ අනිත්වා අඩුකුලෙ. සිංහල ඒවා ක්ෂත්‍රීය. හින්දි අවුරුද්දකට එකක් විතර බැලෙන වෛශ්‍ය. Tamil නම් ශුද්‍ර. බලලත් නෑ බලන්නෙත් නෑ කියල හිතාගෙන තමා හිටියෙ.
Western ඒව බැලුවෙත් පොඩි elitist අදහස් ඇතිව. Prison Break, Two and half men, Big bang Theory, Marvel, DC වගෙ mainstream කතා විතරක් බලන්නෙ අඩුකුලෙ අය. රදල අය එහෙම නැහැ. එයාලා "ගෝල්ඩ් පාට පෝසිලින් කෝප්පෙ ඇඟිලි තුඩු දෙකෙන් විතරක් අල්ලගෙන රදල උජාරුවට tea බොන ගමන් Downton Abbey බලන්නෙ". "Psychovile, Misfits, BSG වගෙ ඒ තරම් ප්‍රසිද්ධ නැති ඒවා බලල නැතිනම් TV බලලා නැහැ. Amélie, Casablanca, Mulholland Drive, Akira, Graves of Fireflies තමා ඉතිං චිත්‍රපටි". "Hitchcock, Nolan, Tarantino වගෙ තමා ඉතිං producersල". ලොකුවට අනිත් අයට කියන්න පෙන්වන්න නොගියට හිතේ තිබුණ අදහස් ඔව්ව.
දරපු මෝඩ අදහස් කියලා තමා කල් යනකොට තේරුනෙ. මීඩියා වලට ඕනෙ ඕනෙ විදිහට අඩුකුල රදල කියල standard ගහන්න පුලුවන්. But at the end of the day it's just moving colors and changing sounds designed to invoke various feelings. අපි ගහගන්න standard වලට එහෙම inherent වටිනාකමක් නැහැ කියන එක තේරුණ කාලෙ ඉඳන් media දිහා media විදිහටත් මිනිස්සු දිහා මිනිස්සු විදිහටත් බලන්න ඕනෙ කියල දැනුනා.
කිරියෙ දැන් ලොකුවට යනවනෙ අඩුකුලෙ-රදල standard. ඒ වචන නොකීවත් වෙන විදි වලටත් ඔය හැඟීම් අපි අතරන් එලියට එනවා පේනවා. ඕවා ඉතින් සමුහයක් විදිහට ඉන්නකොට ප්‍රයෝජනයට ගැනෙන, අවශ්‍යවෙන දේවල් වුනත් ඔය ගහගත්ත standard හුදු ගහගත්ත ඒවා කියලා තේරුම් ගන්නවනම් මිනිස්සු දිහා මානුශීය කෝණයකින් බලන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඒ වගෙම අවබෝධයෙන් යුතුව enjoy කරන්න පුලුවන් entertainment වපසරියත් වැඩිවෙයි කියල හිතනව.