හිමිනම ඝාතනයට පැමිණි මෝටර් රිය ගිනිගනී ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_3c57ad73e0.jpg


    (බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගායාන් සූරියආරච්චි)

    මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද 23 සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.

    හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අපවත් වූ මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනේගම විහාරස්ථානය කරා වැඩම කරවීම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ටී පනස්හයේ ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.

    මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවසීය.

    ඝාතකයන් පැමිණි මෝටර් රථය සවිකර තිබූ ලියාපදිංචි අංකය හිමි මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත. එම වාහනය කිසිවකුටත් ලබා නොදෙන බවත් මැටරියක් මාරුකර අලුත්වැඩියක් සඳහා පානදුරේ ගරාජයක යොමු කළ බව වාහනයේ හිමිකරු පොලිසිය කියා ඇත.

    කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.



    ----------------------------------------

    (ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක ඝාතනය කිරීම සදහා පැමිණි බවට සැක කෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයක් කඩුවෙල ප්‍ර දේශයේ සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවෙන බව පොලිසිය පවසයි.

    එම හිමිනම ඝාතනය සදහා සැකකරුවන් පැමිණි මෝටර් රථය දැයි තවමත් සැකයක් පවතින බව පොලිසිය පවසයි.
     
    • Wow
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    යකෝ දැන් වාහනයක් ගැරේජ් එකක තියලා එනවා නන් නම්බර් ප්ලේට් ගලවන් එන්න ඕනිද
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    තාජුදින් ටයිප් එකෙන් ගහලා තියෙන්නේ...

    ඉඳලා හිටලා ගහනවා තෝරන ශ්‍රීපති ටයිප් එකෙනුත්..

    කෙසේ වෙතත් පිටුව පෙරුවට සිතා පොත දන්නවා රාමා...
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද 23 සවස හමුවූ බව

    ඝාතකයන් පැමිණි මෝටර් රථය සවිකර තිබූ ලියාපදිංචි අංකය හිමි මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත


    මේ දෙකෙන් මොකක්ද කෝකද හරියට වෙලා තියෙන්නේ කියහල්ල ...
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ