මචෝ උපදෙස් දෙන්න තරම් මම මහලොකු පොරක් නොවෙමි.නමුත් එක දෙයක් කියන්නම්.මගෙත් තියෙනවා ඔයිට වෙනස් ආදර කතාවක්.අවුරුදු 4 & 1/2 එකම එක කෙල්ලෙක් වෙනුවෙන් හිතින් බලාගෙන ආදරය කල අතීතයක්.නමුත් මචෝ අපි මේ ලෝකෙට තනියම ආවා වගේම කවදා හරි මේ ලෝකෙන් යන්නෙත් තනියම.ජීවිතේ කෙලවුනු දාක තමුන්ට ඉන්නේ තමුන්ගේ දෙමව්පියන් විතරයි.කෙල්ලෙක් ලස්සන උනු පලියට කොහොමද බං එකට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ.?කොල්ලෙක් උනහම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ හැදියාව,උගත්කම,තැනට සුදුසු නුවණින් ක්රියාකිරීම වගේම තමුන්ව හදපු වඩපු දෙමව්පියන්ව ආදරයෙන් බලාගන්න පුලුවන්ද කියන එකයි මම හිතන විදිහට නම්.පිට ඕපේට කෙල්ලෙක්ට රැවටෙන්න එපා බං.පොත්ත සුදු ගෑණු ගොඩකට ඉක්මනට තරහා යන ගතිගුණ පට්ට චොර චරිත.එහෙමවත් එකක් තමයි ගතිගුණ වලින් හොඳ.අනික කොල්ලො ගොඩකගේ උණුසුම හොයාගෙන යන කෙල්ලෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්ද කියන එකත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.මම නම් කියන්නේ අත ඇරලා දාපං මචෝ.මොකද දෙයක් නැතිවෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියලා කියමනකුත් තියෙනවනේ.ඔය කෙල්ල හොඳයි කියලා උඹ කියලා තියෙනවා කොල්ලෝ ගොඩක් එක්ක කතා කලාට.වෙන්න පුලුවන් ඒ උනත් මටනම් හිතෙන්නේ හොඳ චරිතයක් නෙමෙයි කියලා.මොකද ආදරය කියන රෙදිකඩින් වහගත්තු ඇස් දෙකෙන් පේන්නේ සුන්දර ලෝකයක් විතරයි.කෙල්ලො නිසා තමුන්ව උස්මහත් කල අසරණ දෙමව්පියන්ට දුක් දෙන්න එපා බං.ඒ මිනිස්සු උඹෙන් ජීවිතේ ගැන ලොකු හීනයක් දකිනවා.ඒ හීනේ හැබෑකරපන් ඔක්කොටම කලියෙන් ඒ යන ගමනෙදි සුදුසු කෙනා ලැබෙයි.මමත් කෙල්ලෙක්ට හිතින් ලව් කර කර හිටියා බං අවුරුදු 4 & 1/2 පුරාවට උඹ වගේම ඒ වෙන කිසිම කෙල්ලෙක් ගැන හිතන්නෙවත් නැතිව.අපරාදේ ඒ කාලේ.චීත්තයකට උඹේ තියෙන ආත්ම ශක්තිය වට්ටන්න දෙන්න එපා.උඹේ අසරණ දෙමව් පියන් උඹෙන් දකින් හීන බොඳ කරවන්නත් එපා.තෙරුවන් සරණයි.(මට ලොකු අත්දැකීමක් නැහැ වයස 24 ක් විතරයි.ඒත් මගේ පුංචි මොලේට වැටහෙන දේ කිව්වේ)