හිරුණිකා_ප්රේමචන්ද්‍ර_කතා_කරයි...!!!

හිරුණිකා_ප්රේමචන්ද්‍ර_කතා_කරයි...!!!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කතා කරයි ....
images


ඔබේ පියාගේ අවමගුල් උත්සවයේදී ඔබ කතාවක් සිදුකලා "දැන් නැගී සිටිය යුතුයි" කියලා ඔබ එහිදී කිව්වා. ඔබ මෙයින් ඉඟි කරන්නේ කුමක්ද ?

හිරුණිකා : මගේ තාත්ත මහපාර මැද්දේ වෙඩි තියල දැම්ම. රටේ නීතියක් තියෙනව නම් එහෙම කරන්න පුලුවන්ද ? මගේ වයස අවරුදු 23 යි. මේවා කතාකරන්න ගිහින් මට මොනවා වෙයිද ? මට මොනව හරි වුනොත්, ඒ දුක වේදනාව මගේ අම්මටයි මල්ලිටයි නේද ?

images


අද රටේ තියෙන්නේ එහෙම තත්වයක්. එක හින්ද මම හිතන්නේ නීතියේ විධානය ඉහලින්ම තිබිය යුතුයි කියල. දියුණු රටවල් දිහා බලන්න. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ නිතිය හැමදේටම ඉහලින්. හැම කෙනාටම ඉහලින් තියෙන නිසයි. නමුත් අපේ රටේ එහම නැහැ. එක හරිම අවාසනාවන්ත තත්වයක්. අද පොලිස් නිලධාරියෙකුට පාරට බහින්න බැහැ. ගහල මරනවා.

පොලිස් නිලධාරීන්ට සාමාන්‍ය මිනිස්සු බය නැහැ. මම අවරුදු 05 ක් හිටියේ එංගලන්තයේ. එහෙ සාමාන්‍ය මිනිස්සු පොලිස් නිලධාරීන්ට "සර්" කියල ගෞරවයෙන් කතා කරනවා. පොලිස් නිලධාරිනුත් සාමාන්‍ය මිනිස්සුන්ට සර් කියල කතා කරනවා. නිතියට තියෙන ගරුසරුව එහෙමයි. නමුත් ලංකාවේ මේ තත්වය නැහැ.

ආයුධ ගත්ත මැරයෝ නීතියට බය නැහැ. ඒ නිසා මිනිස්සුන්ට මහපාරේදී වෙඩි තියල මරනවා. මේ විදියට රටට ඉස්සරහට යන්න බැහැ. මන් එකයි කිව්වේ "දැන් නැගී සිටීමට කාලයයි" කියල. ඒ සඳහා උගත් තරුණ පරපුර පෙරමුණ ගත යුතුයි.

ඒ සඳහා පෙරමුණගන්න නායකත්වය දෙන්න ඔබ සුදානම්ද ?

images


හිරුණිකා : තවම තාත්තගේ හත්දවසේ දානේ දීලත් නැහැ. අම්මයි මල්ලි මමයි මානසිකව හොඳටම වැටිලා ඉන්නේ. තාත්ත හම්බකලේ මිනිස්සු විතරයි එහෙම නැතිව හම්බකළ දෙයක් නැහැ. අපිට ඉන්න හිටින්න තැනක් නැහැ. මේ ඉන්න ගෙදරිනුත් අපට යන්න වෙයි. ඒ නිසා ඉදිරිය ගැන දැන්ම මුකුත් කියන්න බැරි වෙයි. දානෙට පස්සේ අපේ පවුලේ අය එක්ක සාකච්චා කරන්න ඕන. ඊට පස්සේ තීරණයක් ගන්න වෙන්නේ.

දේශපාලනය ගැන ඔබේ හැඟීම මොකද්ද ?

හිරුණිකා : මේ දේශපාලනය නම් එපා. මිනිස්සු මරාගන්න දේශපාලනයක් රටට මොකටද ? අපේ තාත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය පටන් ගන්නකොට කොළොන්නාවේ බලවත්වෙලා හිටියේ වීරසිංහ මල්ලිමාරච්චි අංකල් ලා. තාත්තයි මල්ලිමාරච්චි අන්කල්ල යි ස්ටේජ් එකේදී බැන ගත්ත. එත් මහපාරේදී හම්බ උනාම බදා ගත්ත. කවදාවත් අතින් පයින් දේශපාලනය කරලා නැහැ. තාත්තා මත එක්ක කියල තියෙනවා "දුව ඉන්න තිබුනේ ඒ කාලේ" කියල. ඇත්තටම ඒ කාලෙට තාත්ත පුදුම විදියට ආදරේ කළා.

එහෙම දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්න ඔබ මේ දේශපාලනයට එනවද ?

හිරුණිකා : මෙහෙමයි මන් එකයි මුලිනුත් කිව්වේ තාම කිසි දෙයක් තීරණය කරලා නැහැ කියල. ජනාධිපතිතුමා මම සලකන්නේ මගේ දෙවැනි තාත්ත විදියටයි. එතුමා අත්දැකීම්වලින් පරිපුර්ණ කෙනෙක්. එතුමත් එක්කත් සාකච්චා කරන්න ඕන. එහෙම කරලා තමයි තීරණයක් ගන්න ඕන.

ඔබ හා රාජපක්ෂ පවුල අතර තිබු ප්‍රශ්නයක් ඔබේ පියාගේ මරණයට හේතුවූ බව ඇතැම් අය වාර්තා කරලා තිබුනා ?

හිරුණිකා : මම හුඟාක් කනගාටු වෙනවා එහෙම දේවල් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්. ඒ අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මේ පැත්තෙන් මට මගේ පියා අහිමි වෙනවා. අනිත් පැත්තෙන් මගේ චරිතය ඝාතනය කරනවා. මොනතරම් සාහසිකද කියල බලන්න.

ඒ කතාව සම්පුර්ණයෙන්ම බොරු. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට දුවෙක් ඉන්නවද කියලවත් කව්රුවත් දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ ඒ විදියට මම ඉස්මතු වුනේ නැහැ. නම් කතා කරගෙන නැහැ. මම ඉගෙන ගත්තේ කොළොඹ විශාඛා විද්‍යාලයේ, හැදුනේ වැදුනේ අම්මගේ තාත්තගේ රැකවරණය මැද.

මේ කතා මට අසාධාරණයක් වගේම මරා දැමුණු මගේ තාත්තට අසාධාරණයක්. මරා දැමුණු මගේ තාත්තට සාධාරණය ඉටුකරන්න ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න මම සුදානම්.

ඔබ ලංකාවට එන්නේ මෙයට වසරකට පමණ පෙර?
ඔව්! 2006 වසරේ උසස්පෙළ ලියලා මම එංගලන්තයට ගියා.ඒ ගියේ නිතිය පිලිබඳ ඉගෙන ගන්න.ලන්ඩන් නුවර කිංස්ටන් යුනිවර්සිටි එකේ තමයි මම ඉගෙන ගත්තේ.ගිය අව්රුද්දෙ මම ලංකාවට ආවා.දැන් මම නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නවා.

ඔබේ ජායරුපත් ඇතැම් වෙබ් අඩවි පළකර තිබුනා ?

හිරුණිකා : මම දැක්කේ නැහැ. නමුත් මට කිව්වා. මම මිස් ශ්‍රීලංකා තරඟ වලට ඉදිරිපත් වුනා. හොඳම පස්දෙනා අතරට තේරුනා. ඒ හැම දෙයක්ම උනේ අම්මගෙයි තාත්ටගෙයි කැමැත්ත උඩ. ඒ අය තමයි මට ආශිර්වාද කලේ. මිස් ඉන්ටර් නැෂනල් 2011 තරඟයට මම මේ 19 වෙනිදා චීනයට යන්න හිටියේ. තාත්තත් හරිම කැමැත්තෙන් හිටියේ ඒ ගමන යන්න.

තාත්ත කිව්වා ජන්දේ ඉවරවෙලා නිසා හිතේ බරක් නැතුව යන්න පුළුවන් කියල. මේ වෙලාවේදී මම යමක් සිහිපත්කරන්න ඕන.

අර වෙබ් අඩවිවල දාල තිබුනේ තරඟයකට පෙනී හිටපු ජායාරුප වෙන්නැති. ඔබ දන්නවද ඇයි මම නිතිය ඉගෙන ගන්න කැමති වුනේ කියල ? මෝස්‌තර නිරුපිකාවක් නිලියක් කිව්වම අපේ අය බලන්නේ වැරදි විදියට. ඒකට යම් යම් හේතුත් ඇති. මම හිතුව මේ හිතන විදියත් වෙනස් කරන්න ඕන කියල. ඒ පින්තුරම අරගෙන අද මට පහර දෙනවා. මම යලිත් කියන්නේ මම නම කැත කරගත්ත කෙනෙක් නෙවෙයි. තාත්තව මරල තාත්තගේ ආත්මයත් මරන්නයි මේ අය හදන්නේ.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඔබ පෞද්ගලිකව හදුනනවද ?

හිරුණිකා : සත්තකින්ම නැහැ. මම දැකලත් නැහැ. වෙබ් සයිට් වල ගිය එයාගේ පින්තුර විතරයි දැකල තියෙන්නේ. නමුත් අපට අර මඩ ගහන ව්‍යාපාරය ලොකු කතා හදලා ප්‍රචාරය කරලා තියෙනවා. ඒ අය කියනවලු මම දුමින්ද කියපු කෙනාව බලන්න රෝහලට ගිය කියලා.

මම බඳින්න ඉන්නේ පියසේන ගමගේ ගේ පුතාවයි. අපේ සම්බන්ධයට අවරුදු 05 ක් වෙනවා . ළඟදීම අපි විවාහ වෙනවා. එහෙම තියෙද්දියි මේ කතා වපුරන්නේ.

දුමින්ද සිල්වායි ඔබේ පියා අතරයි තිබුන සම්බන්ධතාවය කොහම එකක්ද ?

හිරුණිකා : එයා ඔලොන්නාවේ ආසන සංවිධායක වෙලා අවම තාත්තට තිබුන හැම සම්බන්ධයක්ම එයාට හදුන්වල දුන්නා. කවදාවත් පෞද්ගලික තරහකාරයෙක් හිටියේ නැහැ

ගැටුම් පටන්ගත්තේ කොහමද ?

හිරුණිකා : එක දවසක් අම්මා කෙනෙක් අඬාගෙන ඇවිත් කිව්වා පුතා පොලිසියෙන් අල්ලන් ගියා කියල. හොයල බලනකොට ඒ ළමය කුඩු විකුණලා. තාත්ත ඒ වෙලාවේ කිවා මේ ජරා බිස්නස් එක නිසා මුළු ගමම විනාශ වෙනවා. මේවා නතර කරන්න ඕන කියල.

තාත්තා මරා දමන්න තරම් ඒක හේතුවක් උනාද ?

හිරුණිකා : මන් හිතන්නේ එහෙමයි. විශේෂයෙන් තාත්ත අනිතමට කරපු කතාව. ප්‍රසන්න සොලන්ගාරච්චිට ජය පතා සංවිධානය කරපු රැස්වීම. ඒක තිබුනේ 05 වෙනිදා. එදා කරපු කතාව තාත්තගේ මරණය ඉක්මන් කළා කියල මම හිතනවා.

සටහන :

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලනයට පිවිසීම පිලිබඳ මේ වනවිට සන්ධානයේ මතබේදයට තුඩු දී ඇති අතර බහුතරයක් ඇය දේශපාලනයට පිවිසීම අනුමත කර ඇති අතර ඇයට කොලොන්නාව සංවිධායක ධුරය ලබාදිය යුතු බව යෝජනා වී ඇත. නමුත් තවත් අමාත්‍යවරුන් පිරිසක් මෙයට විරුද්ධ වී ඇත.

මේ අතර දුරකතනයෙන් භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ ඇමතු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අවමඟුල් උත්සවයෙන් පසු පවුලම සමග තමා හමුවට පැමිණෙන ලෙසය. එහිදී ඔවුන්ගේ අනාගත සුබසිද්ධියට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග තමා ගන්න බව ජනාධිපතිවරයා විසින් භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳට සහතික කොට ඇත.

images
images


 
  • Like
Reactions: Kasunrock619

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    **ශානිකා**;11146952 said:
    Thanks... Attempt to Active this Thread.​

    අලුත් කිවුවට ගොඩක් දේවල් දන්නවා වගේ නේද
    ;);)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා කැමති දෙයක් දාන්ඩ අනේ, ඔයාට මම ඉන්නව :yes::love:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    **ශානිකා**;11147129 said:
    Font eka loku karala Colour karanna BIT thiyenna oneda....

    I'm NIBM Student ...

    Mama gena hoyanna epa..please Post eka balanna....no need REP..!!!!

    Post which post.:confused:
    these are not your own ideas.
    At least be honest to put source
    Also I didn't ask about your graduation or what ever things.
    If you are say you are not fake it's OK
    let's wait & see
    :cool::cool:
     
    ඔයා කැමති දෙයක් දාන්ඩ අනේ, ඔයාට මම ඉන්නව :yes::love:


    Post which post.:confused:
    these are not your own ideas.
    At least be honest to put source
    Also I didn't ask about your graduation or what ever things.
    If you are say you are not fake it's OK
    let's wait & see
    :cool::cool:

    මගේ ඡන්ද කෑල්ලත් එයාට හික්ස්:shocked:

    Everybody in materiel Poster's description...!
    See Only validity of POST !!
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    **ශානිකා**;11146854 said:


    ආයුධ ගත්ත මැරයෝ නීතියට බය නැහැ. ඒ නිසා මිනිස්සුන්ට මහපාරේදී වෙඩි තියල මරනවා. මේ විදියට රටට ඉස්සරහට යන්න බැහැ. මන් එකයි කිව්වේ "දැන් නැගී සිටීමට කාලයයි" කියල. ඒ සඳහා උගත් තරුණ පරපුර පෙරමුණ ගත යුතුයි.





    ඉතින් බන් මේ තුවක්කු තිබුනෙ දුමින්දගෙ ලග විතරක් නෙමේයිනෙ....

    කාගෙ කාගෙ කිල්ලොට වලත් හුනු තියෙනවනෙ....


    :D:D:D:D:D:D:D:D