ඊයෙ රෑ (03.02.2023) හිරු news බලපු අය දැක්කද දන්නෙ නෑ පොඩි දුවෙක් පාර පනිනකොට bike එක්ක් ඇවිල්ල හැප්පෙන cctv වීඩියෝ එකක් අමු අමුවෙ පෙන්නුව. මම පුරුද්දක් විදියට news බලන්නෙ නෑ ලංකාවෙ tv channel එකකවත්. අහන්බෙන් දැක්කෙ ඒකත්.
එහෙම දේවල් ඇත්තටම පෙන්නන්න ඕනද?
යකෝ අර අවුරුදු 5 විතර කෙලි පැටිය විසි වෙලා ගිහිල්ල ගේට්ටුවකත් වදිනව හැප්පුන පාරට. ඒක දැක්කම මොනවද කියන්නෙ කියලවත් ඇහුනෙ නෑ.
යාලුවෙක්ගෙ ගෙදරදි දැක්කෙ. තව ඩිංගෙන් කුනුහර්පෙකුත් කියවෙනව කේන්ති ගිය පාරට. ඒ වගේ දේවල් අමු අමුවෙ පෙන්නල views ගන්න හදනව කියන්නෙනම් මහ නපුන්සක වැඩ ඒව.
ඕව අමු අමුවෙ පෙන්නුවම මිනිස්සු බය වෙන එක නෙවෙයි වෙන්නෙ ටික ටික ඒව සාමාන්‍ය දේවල් වෙන එක.
නිකන් හිතල බැලුවොත් අපි මුලින්ම හොල්මන් film එකක් බලනකොට බය උනාට දැන් බලල බය වෙන්නෙ නෑනෙ. ඒ වගෙ මිනිස්සුන්ට ඕවත් ගානක් නැති වෙනව නේද.
සිකරට් එකක් අරක්කු දාපු glass එකක් පෙන්නනකොට කොටු දාන රටේ ඔහොම sensitive දේවල් අමු අමුවෙ දානවට නීති නැද්ද. ඔහොම නපුන්සක වැඩ කරන කාලකන්නින්ට කෙලවන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද. හැම channel එකේම ඔහොමනෙ.