හිරු සැගවිලා..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතා.. ගන්න බෑ.... කියා ගන්න බෑ...
    ඉතින් ඇය සොයා.. ඉගිල්ලෙන්න බෑ...
    ඇගේ මතකයෙන්.. මිදී වෙන්වෙලා......
    තවත් මේ රිදුම්.... දරා ගන්න බෑ......


    හිරු සගවිලා....සදු සැගවිලා....
    මල් පරවෙලා... අදුරට වෙලා.....
    සිත කැළඹිලා.... නෙතු ‍බොදවෙලා...
    ඇගෙ ස්නේහයේ... සුව නැතිවෙලා..........//

    මේ.. පාලු දිනයේ... සෝ සුසුම් අතරේ....
    නිල් නුවන් පියවී.... ඈ දෙනක වැතිරී....
    මා සිතේ දැවෙනා...... වේදනා පැතිරේ....
    නෑ යලිත් ඔබ රූ... දැක ගන්නෙ මිහිරේ........

    හිරු සගවිලා....

    ජීවිතේ අරුමේ..... කියාදුන් රහසේ...
    ආදරේ හදුනා.. සිත් තැවුල් බිදුනේ....
    ‍පාලුවේ හැරදා... ඇයි යන්නෙ මෙලෙසේ...
    සදා මා එන්නම්... ඔබ සොයා සසරේ.........

    හිරු සගවිලා....

    96fe475e1308ea7520c5c3870d6a8384_large.jpg


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවිතේ අරුමේ..... කියාදුන් රහසේ...
    ආදරේ හදුනා.. සිත් තැවුල් බිදුනේ....
    ‍පාලුවේ හැරදා... ඇයි යන්නෙ මෙලෙසේ...
    සදා මා එන්නම්... ඔබ සොයා සසරේ.........

    ‍යලි නොඑන ගමනක් ගි‍ය කෙනෙකුගේ ගමන වලක්වන්න දරන අසාර්ථක උත්සහ‍යක්........:dull::dull::dull:
    ඒත් ඉතින් මිනිස්සු විදි‍යට ඔහොම වෙන එක සාමාන්‍ය‍ය‍යි.......:rolleyes::rolleyes:

    ගොඩක් ලස්සන‍යි මචන්...... තවම රෙප් දෙන්න බෑ කි‍යනවා......:baffled::baffled::baffled: