හිර ගෙදර ජීවිතේ...3...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ටාං ටාං ටාං, යකඩ තහඩුවකට කල පහර දීමකින් නැගුණු ගෝරනාඩුවකින් බුරුල් උන දෑස්, යකඩ දොරේ කනු අස්සෙන් ආ උදෑසන මන්දාලෝකයට ඉඩ දුන්නේ කොළඹ අහසේ සීමිත වූ අරුනැල්ලේ ප්‍රබෝධය වෙනදාට තරම් විඳ ගැනීමට අපහසු කඩා වැටුණු හිතත් අවදි කර ගනිමිනි. තාප්ප කීපයකින් එහා වූ කොළඹ නාලන්දයේ සිටිය දී ද, කිලෝමීටර් භාගයකට එහායින් වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිටියදී ද හොඳින් හුරු වූ මේ අහස වැලිකඩ සිටිය දී ප්‍රිය නොවුනේ අහසේ වැරැද්දකට නොව බන්ධනාගාරයේ වූ සිරවී ඇති හිතේ අමාරුවට බව මට සිතිණ.

    කැලණියේ වෙදමුල්ලේ ඉස්කෝලේ සිටිය දී එහිදී ද හඬ ගෑවේ කෝච්චි පාරවල් වල රේලි පීලි සිල්බර කොටයට සවි කරනා ඝණ යකඩ තහඩුවකට මිටියකින් තැලීමෙනි. එබැවින් හිර ගෙදර මේ අවදි කිරීමට තැළූ යකඩයෙන් නිකුත් වූ මුවහත් සද්දය වෙදමුල්ල ඉස්කෝලේ ද සිහි කලේ නිරායාසයෙනි. බොහෝ ආරණ්‍යය වල දක්නට ඇති තැන්පත් වූ තාපස සිත් අවදි කරන මොට සද්දයක් නිකුත් කරන ලී බෙර මෙන් නොව සිර කුටියේ ඇති දැඩි පීඩිත හිත් අවදි කිරීමට ඒ මුවහත් යකඩ ගැටෙන හඬ අත්‍යාවශ්‍ය වූවා විය හැකිය.

    "පෝලීම්, පෝලීම්" - ඈතින් ඇහෙන හඬත් සමඟම පිළිවෙලට අඩුක් කල කඳන් යායක් මෙන් බිම නිදා සිටි සිර කුටියේ සාමාජිකයෝ වේගයෙන් නැගී සිටියේ ඔළුව පහත් කර මඩේ කෑම සොයමින් සිටි කොකුන් රෑනක් එකවර බෙල්ල උස්සා විපරම් කරන්නාක් මෙනි. කුටියේ දොර අසළට බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු පැමිණ එහි දොර විවෘත කලේන් කුටියේ වූ සියල්ලෝම පේළියට දොරෙන් ඉවතට ගියේ ය. නිලධාරීන් ශබ්ද නගා සිරකරුවන් පිරිස ගණන් කොට සටහන් කර ගත්තේ ය. සිර ගෙදර මාගේ පලමු දිනය එසේ ඇරඹී තිබිණ.

    කුටියේ දොර විවෘත වීමෙන් අනතුරුව අප පැමිණ තිබුණේ අඩි තිහක් පමණ දිගා හා පළල වූ හතරැස් මිදුලකට ය. එහි ද තුන් පැත්තකින් වටවූ අඩි 10ක් පමණ වූ උස තාප්පය. එක් පැත්තකින් හිර කුටි 2කි. ඒවා M1 හා M2 යැයි නම් කොට තිබිණ. M2 කුටියේ අප 11 දෙනෙක් වූ අතර, M1 කුටියේ පෝලිම් කිරීමේදී ඉන් ඉවතට පැමිණි සිර කරුවන් ප්‍රමාණය 10ක් වූයේ ය. ඇතැමුන් සරම් ඇඳ සිටියේය, ඇතැමුන් කොට කලිසම් ඇඳ සිටීයේ ය. මේ සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බැවින් හිර ගෙදර ජම්පර් ඇඳි සිර කරුවන් මෙහි නොමැත. හැමෝම ගෙදරින් ගෙනා පහසු ඇඳුමකින් සැරසී සිටියේ ය.

    මේ හතරැස් මිදුලේ වූ තාප්ප නම් විවිධ කාලවල තිබූ පරණ ගොඩනැගිලි වලින්ම ඉතිරි වූ නෂ්ඨාවශේෂ බිත්තීන් ය. ඒවායේ කපරාරු බිඳී ඇතුලේ වූ කබොක් ගල් තැනින් තැන මතු වී තිබූ අතර, කලින් කල දැමූ නඩත්තු කපරාරු පැච් වලින් එම බිත්ති රළු වී තිබිණ. හිර කුටියේ ඉදිරියෙන්ම ඇති එහා කොළේ තාප්පයේ අඩියෙන් හාරා යන ලොකු කාණුවකි. ඒ තාප්පයෙන් එහා තිබෙන E වාට්ටුවේ ජලය එම කාණුවෙන් ගලා ගියේ ය. තරමක ඉහළ සිට පහළට පැමිණෙන මේ කාණුවේ ජලය වේගයෙන් ගලා බහින දිර පාරක නොනවතින දිය බිඳෙන ශබ්දයේ තොර තෝංචියකින් ඒ මිදුල් කොටුව පුරවා දමා තිබුනේ ය. දෙසීයකට අධික රැඳවියන් සංඛ්‍යාවක් සිටින ඉස්පාසුවක් නැති E වාට්ටුවේ නාන වතුර ටැංකියෙන් නොකඩවා ගලා ආ ජලයෙන් මේ කාණුව දිවා කාලයේ කිසි විටෙක හිස් නොවුණි.

    අප සිටි මේ විවෘත හතරැස් කොටු මිදුලේ එක් කෙලවරක වම් පැත්තේ විශාලව වැඩුණු එහෙත් තාප්පවලින් ඉහළට යෑමට නොදුන් ජෑම් ගසක් වූයේ ය. එහි අතු හරහට දික් වී සෙවණ දෙන ආකාරයෙන් සකස් කර ගෙන තිබූ අතර වම් බිත්තියත් කාණුවත් අතර වූ පොළොවෙන් සිමෙන්ති කොටසක් පලා ගෙන ඒ ජෑම් ගහ වැඩී තිබුණේය. කොටුව පුරා සිමෙන්ති අතුරා තිබූ අපිළිවෙලට උස් පහත් වූ පොළොව රාත්‍රිය පුරා ජෑම් ගහෙන් වැටුණු කොළ වලින් හැඩි වී තිබුණ. වම් බිත්තියට යටින් අසූචි බටයක් කඩා ගෙන ආ තවත් හිඩැසකින් කාන්දු වූ අසූචි මිශ්‍ර ජලය ජෑම් ගසේ මුල් ටික නාවා ගෙනම E වාට්ටුවෙන් ආ කාණුවට හිස් වූයේ ය.

    සිර කුටි තිබුන පැත්තෙන්ම වූ එක් කොටසකින් වූ තවත් ගේට්ටුවකින් එම හතරැස් කොටුව බන්ධනාගාරයේ කොරිඩෝවට විවෘත වූයේ ය. M1 හා M2 කුටි දෙකට යන එන මූලික දොර එයයි. ඒ දොරින් එළියේ සිර කරුවන් දෙපළක් හා නිලධාරියෙන් කල්දේරම් දෙකක් තියා ගෙන කෑම බෙදමින් සිටියේ ය. කුටියෙන් එළියට පැමිණි හැමෝම ඇතුලේ තිබූ මල්ලකින් එළියට ගත් බෑගයකින් පිංගාන බැගීන් රැගෙන බත් බෙදා ගැනීමට එළියට ගියේ ය. හාල් සේරුවක හැඩය ගත් යකඩ ටින් හැඩැති භාජනයකින් මැන ඉන් පිරෙන්නට එකක් ඒ සිර කරුවා විසින් එක් එක් පිඟානට බෙදා දුන්නේ ය. මා රැගෙන ගිය පිඟාන ඉන් උතුරා ගිය අතර ඒ බත් ප්‍රමාණය මට වේල් 3 කට සෑහේ. ඉන් කොටසක් අඩු කිරීමට මා කාරුණිකව ඔහුට කීවේය. ඊළඟ කල්දේරමේ වූයේ පොල් සම්බෝල ය. හැමෝටම හැඳි දෙක බැගීන් ලැබුණු අතර මා ඉන් එකක් පමණක් ගත්තේ එය හොඳටම ප්‍රමාණවත් වූ නිසා වෙනි.

    සිර ගෙදර හැමෝටම උදෑසන ආහාරය ලෙස ලැබෙන්නේ බත් හා පොල්සම්බෝල ය. එය දිනපතා කෑම දුෂ්කර බැවින්දෝ රැඳවියන් කාගෙවත් මුහුණට සිනාවක් ගෙන ඒමට උදෑසන වේල අසමත් වූයේ ය. කලින් දා කුස්සියේ දුටු විශාල බොයිලේරුවේ තම්බා ඇති බත් , ගෙදර මුට්ටියේ බත් වල රසට කිට්ටු කෙරුවේ නොමැත. බත් යනු තැම්බූ වතුරෙන් ඉදිමී ඇති පිෂ්ඨය වූවත් උයන ක්‍රමය අනුව එහි රසය වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    උදෑසන ආහාරය කුමත් වූවත් එය කා දැමීමට සිදු වන්නේ ආයෙත් දහවල් වන තුරු කුමක් කෑමට ලැබෙවී දැයි යන සැකය නිසා ය. සීත කාලයට තණකොළ අහේනිය නිසා බඩ ගින්නට පිදුරු ගිලින හරකුන් මෙන් සිර කුටියේ වැසියෝ ඇඟිල්ලෙන් ඔබමින් ඒ බත සමග සම්බෝලය සප්පායම් වූයේ ය.

    උදෑසන ආහාරය අවසාන වත්ම මිදුලේ වූ ගේට්ටුව වසා දැමූ අතර, සිර කුටි දෙකේම වූ රැඳවියන් හට මිදුලේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබිණ. යලිත් සිර කුටිය හවස 5.30 වසන තුරු මේ මිදුලේ නිදහස අපිට තිබේ.

    සිය කුටියේ වූ බයිබල් කීපයක් අතට ගත් විශාල සිරුරකින් යුතු අප්‍රිකානු ජාතිකයෙකු එහි තිබූ කැඩුණු ප්ලාස්ටික් පුටුවකුත් රැගෙන මිදුලේ වම් දකුණු කෙලවර වූ මුල්ලට වැදුනේ ය. කොටකලිසමක් සහ ස්කිනියක් හැඳ සිටි ඔහුව කවුරුත් හැඳින්වූයේ බාබා ලෙසයි. ඔහු කළු ජාතිකයෙකු වුව ද මා තරම් කළු සම් ඇත්තෙකු නොවූයේන්, මට ඔහු සුදට පෙනිණ. ඔහු සිය භාෂාවෙන් ගීතිකා කියමින් මිදුලේ මුල්ලට වී දීර්ඝකාලයක් දෙවියන්ට යාඤා කලේ ය. වසර 3කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින ඔහු ඇඳ සිටින ස්කිනියේ ලියා තැබූ වචන පෙළ ඔහු හදවතින්ම විශ්වාස කරන බව මට සිතිණ. එහි ලොකු අකුරින් Never Give Up යැයි ලියා තිබිණ.

    මේ කොටුවේ ඌ අනෙක් සුවිශේෂීම දෙය වූයේ ඉදිරි බිත්තියට ආසන්නයේම වූ වතු සුද්ද මල් ගසයි. අවුරුදු කීපයක් වයස ඇති මේ වතු සුද්ද ගහ වටේම කොන්ක්‍රීට් ගල් වලින් බැඳි කොට බිත්ති 4 කි. එහි පුළුවන් අයුරින් ගසේ සාත්තුවට දැමූ පෝර පස් තට්ටුවකි. උදෑසන පිපිණු මල්, කුටි දෙකේ වූ රැඳවියන් දෙදෙනෙකු විසින් කුඩා භාජන දෙකකට නෙලා ගත්තේ බාබා ගේ යාඤාවට ඇහුම්කන් දෙන ගමන්මය.

    මේ හතරැස් කොටුව පිරවූ ජෑම් ගසත්, වතු සුද්ද මල් ගසත් මා හට කරුණාරත්න අමරසිංහයන් ඉගැන්වූ ස්ලෝකයක් මතක් කලේය.

    " ඡ්‍යාම් අන්න්ශ්‍ය කුර්වන්තී,
    තිෂ්ටන්ති ස්වයං ආතාපේ,
    පලාන්‍යෙපි පරාර්ථාය,
    වෘක්ෂාහ් සත්පුරුෂාහව...

    සෙවණ දෙන්නේ අනුන්ටයි
    තාමම අව්වේ සිට,
    පල හටගන්නේද අනුන් වෙනුවෙන් මයි,
    ඒ නිසා වෘක්ෂයෝ නම් සත්පුරුෂයෝම ය.

    පැතුම් කර්නර්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    Tired Britney Spears GIF
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,167
    113
    හොඳ වෙලාවට මූ වැඩි දවසක් රිමාන්ඩ් හිටියෙ නැත්තේ..අවුරුද්දක් විතර ඉන්න උනානං උඹට ත්‍රෙඩ් දාන්න වෙනවා 365ක්..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙය කොටස් වශයෙන් පලවන නවකතාවකි 🖖
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    අපෝ මූ ඇතුලට දාපු ඒක නම් මහා මෝඩ කමක්. ඔය කතාව කොටස් කීයක් ඇදෙයි ද පොඩ්ඩක් දන්න එකෙක් කියපන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පෙචුම් ට බොකක් ගියත් මූ thread එකක් දානවා.. ඉරෝසන් පොන්නයා වගේම පොන්නයෙක්,..🤮🤮
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    රිමාන්ඩ්ද ඉදලා තියෙන්නේ අයියෝ .... බන්ධානාගාර කරන්න එපැයි 40-50 සැමන් කරලා ඉන්න ජොලි කසානා පිරි තග්ලා දාමරිකයෝ කුඩ්ඩෝ කොලු අයියලා ඉන්න එක්කට එකනේ ආතල් කතා අහන්න

    අපෝ මූ ඇතුලට දාපු ඒක නම් මහා මෝඩ කමක්. ඔය කතාව කොටස් කීයක් ඇදෙයි ද පොඩ්ඩක් දන්න එකෙක් කියපන්
    ආ රාජපක්ශලා අවුරුදු 15 විතර කියපු කතා අහන් ඉන්න පුලුවන් මේක උබට බෑ .
    ------ Post added on Aug 9, 2022 at 9:44 AM
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Aparade kerner nidahas kale 1 year thibbanam mara story tikak ahanna puluwan. Apitath hire yanna asa wena widiyata.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    රිමාන්ඩ්ද ඉදලා තියෙන්නේ අයියෝ .... බන්ධානාගාර කරන්න එපැයි 40-50 සැමන් කරලා ඉන්න ජොලි කසානා පිරි තග්ලා දාමරිකයෝ කුඩ්ඩෝ කොලු අයියලා ඉන්න එක්කට එකනේ ආතල් කතා අහන්න


    ආ රාජපක්ශලා අවුරුදු 15 විතර කියපු කතා අහන් ඉන්න පුලුවන් මේක උබට බෑ .
    ------ Post added on Aug 9, 2022 at 9:44 AM
    උබ ගනන් ගන්නේ නැහැ බං නිකං වේශ ගෑනි වගේ පැන පැන පුක දෙන්න එපා මෝඩයා 🤩🤩
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉස්සර මව්බිමේ ආර්ටිකල් සීරීස් එකක් ගියා සටන් පෙරමුණේ හිටපු දොස්තර කෙනෙක් ලියපු. ඒ පැතුම් කර්නර්ද?

    2008 ඩිග්‍රී එක ගත්තු එකා 2009 මැයි වල ඉවර වෙච්ච යුද්ධේ යුධ පෙරමුණේ ප්‍රධාන දොස්තර කෙනෙක් උනේ කොහොමද? ඔච්චර අත්දැකීම් ගත්තෙ කොහොමද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    උබ ගනන් ගන්නේ නැහැ බං නිකං වේශ ගෑනි වගේ පැන පැන පුක දෙන්න එපා මෝඩයා 🤩🤩
    අනේ ගොනෝ වේස ගෑනු පුක දෙන් නෑ හිල දෙන්නේ . වේස කොල්ලො උබ වගේ උන් නම් පුක දෙනවා සීමාවක් නැතුව 😂😂
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    RIP Kosgoda Tharaka, We miss you!!!

    හිර ගෙදර බිත්තියේ පෑනකින් ඇඳ ඇති චිත්‍රයක් නිරීක්ෂණය වූයේන් මා එය කියවීමට උත්සාහ කළෙමි. මහ පොළොවේ වූ සොහොනක් ඇඳ ඒ ඉහළින් RIP කියා ලියා තිබූ අතර එයට පහළින් කොස්ගොඩ තාරක යැයි ලියා තිබිණ. සොහොනට යටින් We miss you යැයි සඳහන් කර එය අවසන් කර තිබිණ.

    කොස්ගොඩ තාරක යන නම මතකයේ මෑතක රැඳී තිබූ අතර ඔහු මීට වසර කීපයකට පෙර ඝාතනය වූ පතාලයේ ප්‍රභලයෙකු වූයේ ය. ඔහු මේ සිර ගෙදර දිග කාලයක් සිටි බවත්, රැඳවියන් අතර වීරයෙකු වූ බවත් ඔහුගේ කාලයේ සිදු වූ සිදුවීම් ගැනත් ඒ අසළින් ගිය රැඳවියෙකු ඇස් උඩ තබා ගනිමින් ගෞරවයෙන් මා හට කියා සිටියේ ය. කොස්ගොඩ තාරක යනු නම ගිය පාතාල නායකයෙකු වූවත්, ඔහු ගැන ඒ රැඳවියාගේ ඇස් වල ගෞරවයක් දැකීමට ලැබුනේ ඔහු ද එම ක්ෂේත්‍රයටම අදාල වූ නිසා විය යුතුය. කොස්ගොඩ තාරක පාතාලයට වීරයෙකු වන්නට ඇත. එහෙත් ඉතා කෙටි කලෙකින්ම සිය ආයුෂ අවසන් කර ගන්නට ඔහු තෝරා ගත් මාර්ගය හේතු වී ඇත්තේ ය. ඒ ගෞරවය ලබා දෙන්නා ද එවන් වූ තවත් වැරදි රැසකට බන්ධනාගාර ගත වී සිටී. ඔහුගේ හිතේ සිරවීම ගැන කනගාටුවක් ඇතත්, ඔහුගේ රැකියාව ගැන පසු තැවීමක් ඇත්දැයි මට සැක ය.

    සිර ගෙදර විශ්වවිද්‍යාලයක් නම්, එහි තිබෙන්නේ අනුන්ගේ අත් දැකීම් තුලින් හාරා අවුස්සා ගෙන ඉගෙන ගැනීමට අවස්ථාවකි. හිර ගෙදර තුල දී නොවේ නම් මේ තරුණයන් සමග කිසි විටෙක මට කතා බහ කොට ආශ්‍රය කිරීමට ලැබෙතැයි මා නොසිතමි. ඔවුන්ගේ ලෝකයට මාව ද මාගේ ලෝකයට ඔවුන්ව ද නොපෑහේ. එනයින් අප දෙගොල්ලෝ එකිනෙකාට අනෙකාගේ ලෝකය තුලට එබිකම් කිරීමට අවස්ථාවක් ලබා නොදෙයි. එබැවින් ඔවුන්ගේ ලෝකය, ඔවුන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ජීවිත අප දන්නේ නැත. එහි අනිත් පැත්ත ද එසේමය. එනම්, ඒ පතාලය නම් ක්ෂේත්‍රයේ සිටින අපරාධ නම් රැකියාව තෝරා ගත්තෝ ද අපේ ලෝකය නොදනිති ; අපේ සිතුම් පැතුම් නොදනිති; අපේ ජීවිත නොදනිති. සිර ගෙදරක එක කුටියක එකට කූඩු නොවන්නට අප එකම කුලකයකට නොවැටෙනු ඇත. අපි බාහිරය තුල මොන කොටුවේ සිටියත්, ඒ කොටු කෙතරම් එකිනෙකට ඈත් උනත්, සිර කූඩුව තුලදී අපි එකම කුටියක සිර කරුවෝ ය. අපේ ලෝක බලහත්කාරයෙන් වුව ද දැන් එකිනෙකට ඇළුණු සබන් බෝල දෙකක් මෙන් එකිනෙක යාවී තිබේ. ඒ යා වීමෙන් මෙතෙක් නොදුටු ඔවුන්ගේ ලෝකය ස්පර්ෂ කිරීමට මට අවස්ථාව ලැබුනේ යෝජිත විවාහයකින් පසු සිය සැමියාගේ නිවසට මුලින්ම ගිය මනාලියක සිය අලුත් වාසස්ථානය අතපත ගා හුරු කර ගන්නවා මෙනි.

    දිනක් වයඹ විශ්වවිද්‍යාලයෙන් මට ආරාධනාවක් ලැබුනේ ඔවුන්ගේ පුස්තකාලයක සජීවි මිනිස් පොතක් වන ලෙසයි. එනම්, සිසුන්ට මාගේ ජීවිතයෙන් කැමති දෙයක් තිබේ නම් අසා දැන ගැනීමට ඔවුන්ට මා විවෘත වීමයි. දැන් මා ඇතුළු වී සිටින්නේ එවන් වූ සජීවී මිනිස් පුස්තකාලයකට ය. මේ බිත්ති හතර මැද්දේ ඒ පොත් හුස්ම ගනිමින්, ඔබ මොබ ඇවිදිමින් කාලය ගෙවා දැමීමට වෙහෙසෙමින් සිටියේ ය. ඒවාට ඇහුම් කම් දීමට මා සූක්ෂමව ඔවුන් සමග කුළු පගු වීමට ඉටා ගත්තෙමි.

    ජෑම් ගහේ කොළ වැටීමෙන් හැඩි වී ගිය මිදුල ආසන්නයේ තිබූ ඉදලක් ගෙන සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දැමුයේ පුරුද්දට වාගේ ය. ඉදලක් දුටුවොත් අතුගෑමේ පුරුද්දක් මාගේ ඇඟ තුල වෙයි. ජෑම් කොළ ද වතු සුද්ද කොළ ද අතුගා අපේ පුංචි මිදුල පිරිසිදු කර ගත්තේ කොණකට වී ඉඳගෙන මා ඇතුලට ගෙනා පොතක් කියැවීමට ය. හිර ගෙදර එන විටම රැගෙන ආ තෝමස් සෝවෙල් ගේ Basic Economics පොත මිළදී ගැනීමට මට යොජනා කලේ ඇඩ්වොකාටා හී මුස්තාපා ජෙෆර්ජී විසිනි. ඔහු මා හට ආර්ථික විද්‍යා දැනුම එක් කල අයෙකු වන අතර එංගලන්තයේ සිටිය දී මාගේ ආර්ථික විද්‍යා අධ්‍යන කටයුතු වලට ඔහු බෙහෙවින් උපකාර කොට තිබේ. වතුර ගලා ගිය කාණුව අයිනේ බ්ලොක් ගල් දෙකක් උඩ ඉඳගෙන, කාණුවේ දිය පාරේ ඒකාකාරී සද්දයෙන් කන් දෙක පුරවා ගත් මා පොත සමග ඒකාත්මික වීමි.

    " ආහ් නෝටි අයියා" - මම ගැස්සී ඔළුව උස්සා බැලීමී. නෝටී යනු මට උපන් ගම වූ දිප්පිටිගොඩ මිනිසුන් ගමට කතා කල කෙටි නමයි. ගමේ සිටි දඟකාර පෝරිසාදයෙකු වූ මා නෝටි නමින් ප්‍රචලිත වී තිබුනේ අපේ තාත්තා විසින් මා හට එසේ ආමන්ත්‍රණය කළ බැවිනි. මා විසින් වසර 2019 දී " නෝටි ශාන් " යැයි ග්‍රන්ථයක් ද ලියා පල කලේ කුඩා කල ගමේ සිදු වූ රසවත් සිදු වීම් කැටි කොට ය. කෙසේ වෙතත් සිර ගෙදරින් ඒ නම ඇසෙනු ඇතැයි මා කිසි කලෙක බලාපොරොත්තු නොවූයෙමි.

    " ආහ් භක්ති, මේ කමල් අයියගේ පුතා නේ ද? "
    " ඔව් ඔව්"

    පොත පැත්තකින් තැබූ මා ඔහු වැළඳ ගෙන පිළිගත්තෙමි.

    " ඔයා අරගලේ නිසා නේ ආවේ, අපි දැක්කා ප්‍රවෘත්ති වල. මෙතනට එයි කියලා හිතුවේ නෑ." - භක්ති කියා ගෙන ගියේ ය.

    " ඔව් බං, මාත් ඇතුලේ, සතියක් තියෙනවා, ඇප ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. බලමු" මාත් උත්තර බැඳීමි.

    භක්ති එහි සිටින්නේ කුමක් නිසා දැයි ඔහු මට විස්තර කලත්, ඒවා ප්‍රසිද්ධ කිරීමට මා හට අයිතියක් නොමැත. මා මෙහි භාවිතා කල නම් ද සත්‍ය ඒවා නොවේ. නමුත් ඔහු පැමිණ සිටියේ පොඩි චෝදනාවකට නොවේ.

    " ඔහොම ඉන්න තව කොල්ලෝ ඉන්නවා, මූව දන්නව ද? " - ඔහු මා හට දැක පුරුදු තවත් තරුණයෙක් පෙන්නූයේ ය. ඔහු මාගේ ඉස්කෝලේ පංති වල හිටපු යෙහෙළියකගේ මල්ලී කෙනෙකි. ඒත් එක්කම මරුවා ය. මේ තුන් දෙනාම අපේ උපන් ගමේ අලුත් තරුණ පරම්පරාවේ ය. නෝටි ශාන් ග්‍රන්ථයේ ම මා පෙන්වා දෙන ආකාරයට ගමට පැතිරී ගිය මත්ද්‍රව්‍ය උවදුරේ නූතන ගොදුරු ය. මේ පරම්පරාව අප සිතනවාටත් වඩා ගැඹුරට එහි ගිලී ගොස් තිබේ.

    ඒ කෙටි හඳුනා ගැනීමෙන් මට පසක් වූ කරුණක් නිසා මට තවමත් මුවහට සිනා නැගෙයි. මේමා සිටින්නේ විශේෂ සිර කුටියක ය. එහි සිටින්නේ තදබල වැරදි ඇති සිරකරුවන් 21 ක් දෙනෙකු පමණි. මා ද ඇතුළුව ඒ 21 න් හතර දෙනෙක්ම අපේ ගමෙන් ය.කැළණියෙ වූ සුන්දර ගමක් වූ අපේ ගම අද වන විට පත්ව ඇති තත්ත්වය ඉන් මනාව පැහැදිලි වෙයි. ඒ ගමේම ඉපිද වෛද්‍ය විද්‍යාලයට සමත්ව, වෛද්‍ය වරයෙකු වී සමාජයේ ගෞරවට පාත්‍ර වූ මා ද දැන් ගමේ මා ගිය මාර්ගයට සම්පූර්ණ විරුද්ධ පාරේ ගිය තරුණයෝ 3 දෙනෙකු සමග එකම හිර කුටියේ ය. මදකින් ඔවුන් නික්ම ගියේන් මුව ගට නැගුණු සිනාව ගිල ගෙන මා යලිත් පොත කියවන්නට වූයේ කාණුවේ දිය ගලන රිද්මයට යලිත් අවතීර්ණ වෙමිනි.

    " නෝටී අයියේ!!!"

    බිත්තියට යටින් සිදුරු කොට දිය ගලා ආ කාණුවට තරම් පහත් වී ඔළුව හිඩැසෙන් ඔබමින්, විපරම් කරමින්, ඉහළින් ඇති E වාට්ටුවෙන් තවත් කොළු ගැටයන් දෙන්නෙක් M2 වාට්ටුව දෙස බලමින් මා සොයයි. මුවගට නැගි සිනහා මුසු පුදුම දනවන හැඟීම් යටපත් කර ගෙන ඒ අමුත්තන් ද හඳුනා ගැනීමට මාත් කාණුවට පාත් වූයෙමි.

    පැතුම් කර්නර්