අපේ සීයා ඔහොම වැඩක් කරලා අපේ මාමාට හොඳම එකෙන් කෙළ උනා.ඒක තමයි හොඳම වැඩේ
ගොඩක් කාලෙකට කලින් අපේ අම්මලගෙ ගෙදරට යන්න කුඹුරක් මැදින් පොඩි පාරක් තිබුනෙ, ඒ කුඹුර අයිතිකෙනාගෙන ඇහුවම පාර කුඹුර අයිනෙන් ටිකක් ලොකුවට හදාගන්න ඕන මොකද කරන්නෙ සල්ලි ඕනද එහෙම කියලා, පොර කියලා තිබුනෙ ගොවිජනසේවා එකෙන් අහල කරන්න, පාර හදනවා නං පොරත් කැමතියි කුඹුරට ට්රැක්ටරයක් එහෙම ගේන්න පුලුවන් වෙන්න හදන්න පොරටත් වැඩක් ගන්න පුලුවන් විදියට සල්ලි එපා කියලා. ඒ පාර ඒ විදියට හැදුවා.
සීයාලාගේ මහගෙදර පිටිපස්සෙ වත්තක් තිබ්බා ඒකෙ මිනිස්සු හිටියා. උන්ට පාරක් තිබ්බට මහ පාරට යන්න වටයක් යන්න ඕනෙ. සීයාගේ වත්තෙන් පැන්නම ළඟයි. අපේ මෝඩ සීයා කියලා වත්ත උඩින් යන්න කියලා. අන්තිමේ තාප්ප බඳිනකොටත් අඩි දෙකක්ද කොහෙද යන්න එන්න ඉඩ තියලා බැඳලා තියෙන්නෙ.
ඊටපස්සෙ පරණ පරම්පරාව නාකි වෙද්දි පාරෙ යන සෙනඟ වැඩී. උන් එතනින් පාරක් ඉල්ලන්න ගත්තා. සීයලත් මැරිලා ගියා. ඊටපස්සෙ අලුත් පරම්පරාවෙ උන් හෙන වලි වාහනයක් යන පාරක් එතනින් ඉල්ලලා. උන් පිළිගන්න කැමති නෑ මේ තිබ්බෙ නැති පාරක් සීයා දුන්නෙ කියලා.
දවසක් මාමලාගේ කවුද නැතිවෙලා ඈත මළගෙදරක ගිය වෙලාවෙ අරුන් සෙට් එක එකතු වෙලා තාප්පෙ ගලවලා පාර අරන් ආයෙ තාප්පෙ බැඳලා. සතියෙන් දෙකෙන් මාමලා එනකොට තාප්පෙ ඇවිදලා. ඊටපස්සෙ පොලීසි ගියත් අතන ජනතාව වැඩි හින්දා මොකුත් කරන්න වෙලා නෑ.
අන්තිමේ මිනිහා කලකිරිලා ගේ විකුණලා ආවා. අරුන් ඒ පාරෙන් නෝන්ඩි දදා යනවා බලන් ඉන්න බෑ කියලා.