මම අද පාන්දර මාර හීනයක් දැක්කනේ බන්. කොහේ හරි තැනක රෙස්ටුරන්ට් එකකට ගියා. ඒක නිකන් ගමේ විදිහට කැලේ මැද්දේ තියන කඩයක්. වහල කෑලෑ ගස්වලින් හෙවිල්ලපු තැනක්.
එතනට ගිහාම මට තිබ්බේ කන්න ලේනෙක් වේලලා එල්ලලා. බිම සර්පයෙක් බාගෙට මරලා කෑමට ගන්න තිබ්බා. ඌට පනත් තිබ්බා. මම කෑගැහුවා මූ මාව කන්න එනවා කියලා. එතන හිටපු කඩේ ඉන්න කෙනෙක් කිවා ඌව සුද්ද කරලා කන්න කියලා. ඒ සර්පයා මාව සපා කන්න වගේ ආවා. ඊට පස්සේ කවුරු හරි ඇවිත් සර්පයාගේ හම ගලවලා දුන්නා. තව ඉස්සරහා බැම්ම උඩ පැදුරක් එලලා එක උඩ කෑමට මරපු බල්ලෙක් හිටියා. කඩේ අය කිවා මේ බල්ලෙක් නොවෙයි මේ තලගොයි වර්ගයක් කියලා. ඒ උනාට බල්ලෙක්. සතා ගැනත් දුක හිතුනා. මම පැනල දිවුවා. ඒ එක්කම ඇහැරුනා මට.