හුරුල්ලන් ජාඩි
හුරුල්ලන් ජාඩි
අවශ්‍ය ද්‍රව්‍ය
හුරුල්ලන් කිලෝග්‍රෑම් 1 පමණ
ලුණු අවශ්‍ය තරමට
ගොරකා අවශ්‍ය තරමට
කුරුඳුපොතු
කරාබුනැටි
කරදමුංගු ඇට කීපයක්
සාදන ආකාරය
මාළුවල පිලී හැර බඩවැල්, කරමල් ගලවා ලුණු මිශ්‍ර වතුරෙන් හොඳින් සෝදා ගන්න. ගොරකාවල වැලි ඉවත්වන ලෙස හොඳින් සෝදා ගන්න. කරාබුනැටි, කුරුඳුපොතු, කරදමුංගු යන්තමට තලා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එහි අඩියට ලුණු තට්ටුවක් දමන්න. ඒ මත ගොරකා කැබැලි කීපයක් සහ කරදමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු ස්වල්පයක්ද ඉසින්න. දැන් සීරුවට මාළු එහි අඩුක් කරන්න. ඉන්පසු නැවත ලුණු තට්ටුවකින් වසන්න. ගොරකා සහ කරදමුංගු කරාබු නැටි, කුරුඳුපොතු කීපයක්ද දමන්න. දැන් ඉතා හොඳින් වසා සතියක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න. මේ ආකාරයටම බඳුන වසා අව්වේ වියළා ගැනීමටද පිළිවන.