හෘදයාබාධ ගැන කරුණු 07 ක්
01 හෘදයාබාධ උපතේදී හා පසුව ඇතිවන ආදී වශයෙන් කොටස් 02 කි. සංජානනීය හෘදයාබාධ උපතින් ඇතිවන ඒවා වුවත්, පසුව ඇතිවන ආබාධ, කපාට ආබාධ, රුධිර නාළ අවහිර වෙන කිරීටක හෘදයාබාධ, හෘද පේශියේ ආබාධ, ආසාදන, හදවතේ විද්‍යුත් ක්‍රියා පද්ධතියේ දුබලතා නිසා ඇතිවන ආබාධ වශයෙන් වෙන් කළ හැකිය
02 හාර්ට් ඇටෑක් යනුවෙන් මහජනයා අතර හැඳින්වෙන්නේ කොරොනරි හාර්ට් ඩිසීස් යනුවෙන් හඳුන්වන හෘදයාබාධයයි. හෘදයාබාධයකට වැඩියෙන්ම ගොදුරුවන්නේ වම් කෝෂිකාවයි.
03 හෘදයාබාධයක් ඇතිවීමට බහුවිධ සාධක බලපෑ හැකිය. අධිරුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් සහ දුම්පානය, මත්පැන් පානය, මෙන්ම පවුලේ ආරය මේ අතර පැවතිය හැකිය.
04 හෘදයාබාධයකදී ඇතිවන වේදනාව හෘදයාබාධ නොවන පපුවේ වේදනාවලින් වෙනස් වෙයි. හුස්ම ඉහළ පහළ යවන විට වැඩි වන වේදනාව, අල්පෙනෙති තුඩකින් අනින්නා වැනි වේදනාව, කඩියෙකු දෂ්ට කළ විට ඇති වන ආකාරයෙන් පපුවේ පැත්තක ඇතිවන වේදනාව, ක්ෂණයකින් ඇති වී නැති වී යන වේදනාව හෘදයාබාධයක ලක්ෂණයක් නොවේ.
05 හෘදයාබාධ වේදනාවක් මිනිත්තු කිහිපයක් පැවතිය හැකිය. ඊට අමතරව අධිකව දහඩිය දැමීම, වමනය හෝ ඔක්කාරය, පපුවේ ගැස්ම, හිස කරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව අතුරු ලක්ෂණ ලෙස පැවතිය හැකිය.
06 කායික ව්‍යායාම මඳකම, මානසික අසහනය, මෘදු ජලය පානය කිරීම, උපත් පාලන පෙති භාවිතය, අධික කෝපි පානය, උපත් බර අඩු වීම හෘදයාබාධවලට අනතුරු කාරක අවදානම් සාධකවලට සම්බන්ධය.
07 හෘදයාබාධයක වේදනාව පපුවේ මැද ඇරඹෙයි. පපුව තෙරපන්නාක්, මහා බරක් තැබුවාක් වැනිය. ඉතා දැඩිය. වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය. පිට පැත්තේ උරපතු ඇට දෙක අතරටද පැතිර යා හැකිය. බඩේ දැවිල්ලක් ලෙසද දැනීමට ඉඩ තිබේ. මෙවන් අවස්ථාවක වහා රෝගියා වෛද්‍ය පරීක්ෂාව හා වෛද්‍යාධාර වෙත යොමු කළ යුතුය.
(Ada)
01 හෘදයාබාධ උපතේදී හා පසුව ඇතිවන ආදී වශයෙන් කොටස් 02 කි. සංජානනීය හෘදයාබාධ උපතින් ඇතිවන ඒවා වුවත්, පසුව ඇතිවන ආබාධ, කපාට ආබාධ, රුධිර නාළ අවහිර වෙන කිරීටක හෘදයාබාධ, හෘද පේශියේ ආබාධ, ආසාදන, හදවතේ විද්‍යුත් ක්‍රියා පද්ධතියේ දුබලතා නිසා ඇතිවන ආබාධ වශයෙන් වෙන් කළ හැකිය
04 හෘදයාබාධයකදී ඇතිවන වේදනාව හෘදයාබාධ නොවන පපුවේ වේදනාවලින් වෙනස් වෙයි. හුස්ම ඉහළ පහළ යවන විට වැඩි වන වේදනාව, අල්පෙනෙති තුඩකින් අනින්නා වැනි වේදනාව, කඩියෙකු දෂ්ට කළ විට ඇති වන ආකාරයෙන් පපුවේ පැත්තක ඇතිවන වේදනාව, ක්ෂණයකින් ඇති වී නැති වී යන වේදනාව හෘදයාබාධයක ලක්ෂණයක් නොවේ.
(Ada)

බයටම බෙහෙත් ගන්න ගියාම ඩොකා කිව්වේ මසල් පේන් එකක් කියලා.. පසේ මේක අඩු උනේ නෑ..
ෆාස්ටින් ඉදලා කොලොස්ට්‍රෝල් චෙක් කරා.. හැමිනෙනෝ 298.89 ට කොලොස්ට්‍රෝල් කියහන් කෝ..
ඊසීජී ගත්තා ඔකොම නෝර්මල්..
ඒත් කැක්කුම විටින් විට ආවා..
උඹ අර උඩින්ම කියල තියන විදියට.. හාර්ට් පේන් එකක් නෙවේ කියල ශුවර්..
ඒක නිකන් එන එකක්.. උඩින්.. ඒ උනාට ඒ කැක්කුමට මානසිකව වැටෙනවා බන්.. ඊසීජී 3ක් ගත්තා ඔක්කොම නෝර්මල්..
හයියෝ වෙච්චි දෙයක්...