හෘදයාබාධ ගැන කරුණු 07 ක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world
    හෘදයාබාධ ගැන කරුණු 07 ක්

    01 හෘදයාබාධ උපතේදී හා පසුව ඇතිවන ආදී වශයෙන් කොටස් 02 කි. සංජානනීය හෘද‍යාබාධ උපතින් ඇතිවන ඒවා වුවත්, පසුව ඇතිවන ආබාධ, කපාට ආබාධ, රුධිර නාළ අවහිර වෙන කිරීටක හෘදයාබාධ, හෘද පේශියේ ආබාධ, ආසාදන, හදවතේ විද්‍යුත් ක්‍රියා පද්ධතියේ දුබලතා නිසා ඇතිවන ආබාධ වශයෙන් වෙන් කළ හැකිය

    getty_rm_illustration_of_heart_attack%20copy.jpg

    HN_BB_Heart_Disease_3_prevent-img_1280x720%20copy.jpg
    02 හාර්ට් ඇටෑක් යනුවෙන් මහජනයා අතර හැඳින්වෙන්නේ කොරොනරි හාර්ට් ඩිසීස් යනුවෙන් හඳුන්වන හෘදයාබාධයයි. හෘදයාබාධයකට වැඩියෙන්ම ගොදුරුවන්නේ වම් කෝෂිකාවයි.


    images%20copy.jpg
    03 හෘදයාබාධයක් ඇතිවීමට බහුවිධ සාධක බලපෑ හැකිය. අධිරුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් සහ දුම්පානය, මත්පැන් පානය, මෙන්ම පවුලේ ආරය මේ අතර පැවතිය හැකිය.


    04 හෘදයාබාධයකදී ඇතිවන වේදනාව හෘදයාබාධ නොවන පපුවේ වේදනාවලින් වෙනස් වෙයි. හුස්ම ඉහළ පහළ යවන විට වැඩි වන වේදනාව, අල්පෙනෙති තුඩකින් අනින්නා වැනි වේදනාව, කඩියෙකු දෂ්ට කළ විට ඇති වන ආකාරයෙන් පපුවේ පැත්තක ඇතිවන වේදනාව, ක්ෂණයකින් ඇති වී නැති වී යන වේදනාව හෘදයාබාධයක ලක්ෂණයක් නොවේ.

    woman-getting-sick%20copy.jpg
    05 හෘදයාබාධ වේදනාවක් මිනිත්තු කිහිපයක් පැවතිය හැකිය. ඊට අමතරව අධිකව දහඩිය දැමීම, වමනය හෝ ඔක්කාරය, පපුවේ ගැස්ම, හිස කරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව අතුරු ලක්ෂණ ලෙස පැවතිය හැකිය.


    Schwartz-Birth-Control-Development-1200%20copy.jpg
    06 කායික ව්‍යායාම මඳකම, මානසික අසහනය, මෘදු ජලය පානය කිරීම, උපත් පාලන පෙති භාවිතය, අධික කෝපි පානය, උපත් බර අඩු වීම හෘදයාබාධවලට අනතුරු කාරක අවදානම් සාධකවලට සම්බන්ධය.


    physc%20copy.jpg
    07 හෘදයාබාධයක වේදනාව පපුවේ මැද ඇරඹෙයි. පපුව තෙරපන්නාක්, මහා බරක් තැබුවාක් වැනිය. ඉතා දැඩිය. වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය. පිට පැත්තේ උරපතු ඇට දෙක අතරටද පැතිර යා හැකිය. බඩේ දැවිල්ලක් ලෙසද දැනීමට ඉඩ තිබේ. මෙවන් අවස්ථාවක වහා රෝගියා වෛද්‍ය පරීක්ෂාව හා වෛද්‍යාධාර වෙත යොමු කළ යුතුය.


    (Ada)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මෘදු ජලය පානය කිරීම කිව්වේ?


    කෑම බීමෙන් තමා පරිස්සම් වෙන්න ඕන.පැය භාගයක්වත් එක්ස්සසයිස් කරන්න ඕන.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,920
    113
    Dubai
    Good Post...
    ubata rep denna nam barilu


    You must spread some Reputation around before giving it to saturn again.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ගොඩක් වටිනවා මචන්.. පහු ගිය දවස් ටිකේ මගේ පපුවේ වම් පැත්ත කකියන්න ගත්තා මාර විදියට..:confused: බයටම බෙහෙත් ගන්න ගියාම ඩොකා කිව්වේ මසල් පේන් එකක් කියලා.. පසේ මේක අඩු උනේ නෑ..:sorry: ෆාස්ටින් ඉදලා කොලොස්ට්‍රෝල් චෙක් කරා.. හැමිනෙනෝ 298.89 ට කොලොස්ට්‍රෝල් කියහන් කෝ..:eek: ඊසීජී ගත්තා ඔකොම නෝර්මල්..:yes: ඒත් කැක්කුම විටින් විට ආවා..:( උඹ අර උඩින්ම කියල තියන විදියට.. හාර්ට් පේන් එකක් නෙවේ කියල ශුවර්..:D ඒක නිකන් එන එකක්.. උඩින්.. ඒ උනාට ඒ කැක්කුමට මානසිකව වැටෙනවා බන්.. ඊසීජී 3ක් ගත්තා ඔක්කොම නෝර්මල්..:rolleyes: හයියෝ වෙච්චි දෙයක්...:shocked:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Good Thread for Health...but
    You have given out too much Reputation in the last 24 hours, try again later.