හෘද_සාක්ෂිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුළුමහත් සමාජයක් ප්රචණ්ඩත්වය කරා තල්ලු කිරීමට සමත් වන පරිදි රාජපක්ෂ පාලනය රාජ්යයේ බලය ඊට දායක කරවීම කනගාටුදායක ය.
    එල්ටීටීඊ ප්රචණ්ඩත්වය පරදා රාජ්යයේ බලය මුළු දිවයින කරා පැතුරූ පමණින් “රට බේරා ගත් වීරයා” යැයි ඉහළට එසවීමට තරම් මහින්ද රාජපක්ෂ සුදුසු නොවන්නේ එනිසාය.
    රාජ්යයට එරෙහිව කැරළි ගැසූ එල්ටීටීඊය පරාජය කිරීම ඉස්පාසුවක් වුවත් එමගින් රාජපක්ෂ පාලනයට සුජාත බවක් අත් නොවන්නේ ඊට වෙනස් ප්රචණ්ඩත්වයක් හා මුලල්ය පරිපාලනය, අධිකරණය ඇතුළු සියලුම රාජ්ජය අංශයන් දූෂණයට ලක්කිරීමක් එම පාලනය උතුරේත් දකුණේත් ස්ථාපිත කළ බැවිනි.
    රාජපක්ෂ මොඩලයේ ඒ ප්රචණ්ඩ දේශපාලන සංස්කෘතියට එනම් මහින්ද චින්තන සංස්කෘතියට දේශපාලන තිත තැබුවේ ජනවාරී අට වැනිදා මෙරට සිදු වූ සමාජ විප්ලවයෙනි.
    2005 දී මහින්ද රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ව්යුහය වෙනස් කරමින් දේශපාලන පාදම අලුතින් සකස් කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ඨියට අවශ්ය පරිදි ය. කලින් පැවතියේ එහි ග්රාම්ය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයක් නම් මහින්ද රාජපක්ෂ විසින් හදුන්වා දුන්නේ පාදඩ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයකි. බොදුබල සේනා, රාවණ බලය වැනි සංවිධාන බිහිවීමත් එය පෝෂණය කිරීමත් මෙහි ප්රතිපලයන්ය.
    මහින්ද චින්තනවාදය සමාජය තුළ ශක්තිමත් බලවේගයකි. එය සමාජ ප්රවර්ධනට අගතිගාමී ලෙස දායක වුවද එමගින් යැපෙන සමාජ තීරුවක් පවතින නිසා මහින්ද චින්තනය සජීවීව පවතියි.වසර දහයකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ රාජ්යයේ දේපල කොල්ල කා ධනවත් වූ වෙළෙද ප්රජාවක් ක්රියාකාරීව එය ආරක්ෂා කරයි. එනිසා ජයග්රහණය පතා අවශ්ය ඕනෑම මුදලක් පොම්ප කරමින් වෙහෙස වී කටයුතු කිරීමට සමත් ශක්තියක් එය ගොඩනගා ගෙන තිබේ
    මහින්ද චින්තනය මුහුණ දී ඇති අභියෝග තුළ තමන්ට අහිමි වන දේශපාලන කීර්තිය හෝ තම පුත්රයාගේ දේශපාල අනාගතය ගැන හෝ සිතමින් කාලය කා නොදමා තමා ආරක්ෂා කළ දේශපාලන ව්යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට ඒම හැර වෙනත් විකල්පයක් මේ මොහොත තුළ මහින්ද රාජපක්ෂ සතුව නැත.
    ජනවාරී අට වැනිදා සමාජය ගත් සම්මුතිගත තීන්දුව වූයේ මහින්ද චින්තන සංස්කෘතිය පරාජය කිරීමෙන් තොරව ශ්රී ලාංකික සමාජයට තම ගමන් මගේ වෙනසක් ඇති කර ගත නොහැකි බවයි.
    එහෙත් ජනවාරී අටවැනිදා සමාජය පිළිගත් සම්මුතිය තේරුම් ගැනීමට තරම් ශ්රී ලංකා නිදහස් පක්ෂය බුද්ධිමත් නොවීමත් ඊට මුහුණ දීම සදහා උපක්රමශීලී නොවීමත් නිසා මහින්ද චින්තන සංස්කෘතිය නැවතත් වටයකින් පරාජය කර ජනවාරී අටවැනිදා විප්ලවීය පණිවුඩය සමාජය තුළ ස්ථාපිත කිරීමේ වගකීම මේ මොහොතේ මතුව තිබේ.
    අක්මුල් බැස ගත් හැගීම්බර වාර්ගික ආකල්පයන්ට කෙතරම් සමාජ ඉල්ලුමක් පැවතියත් සමාජයක ඉදිරි පැවත්ම රදා පවතින්නේ ඒවා මත නොවේ. ඒ නිසා සමාජයක තීරක බලවේග සූදානම් විය යුත්තේ සුළං හමන අත හදුනා ගනිමින් ඒ මත ස්ථාවර වීමට නොවේ
    ජනවාරී අටවැනිදා පරාජය කළ දේශපාලන ව්යාපාරය මොනයම් හෝ හේතුවක් නිසා නැවත හිස එසවීම සිදුවන්නේ නම් ඊට මුහුණදීම සදහා මුළුවැර යොදා මහන්සිවීමත් ඒ පරාජිත දේශපාලනයේ අනතුර අවම කර ගැනීමට කටයුතු කිරීමත් සමාජය මුහුණ දෙන අභියෝගයයි.
    රාජපක්ෂ පාලනයේ දශ වසරකට ආසන්න කාලය තුළ ලැබූ අත්දැකීම් මත යහපත් සමාජ සංස්කෘතියක අඩිතාලම් දමා ගැනීම සදහා රාජපක්ෂ සංස්කෘතියෙන් ගැලවිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණට බලකිරීමක් එල්ල වී තිබෙන්නේ ඒ නිසය්.
    එබැවින් මෙම මැතිවරනයේදී චන්දදයකයාගේ වගකීම වන්නේ මෙතුවක්කල් ජරාජීර්ණ දේශපාලනයේ වජබුන පදත්තර දේශපාලකයන්ට මුලනොවී තමන්ගේත් තම මතුපරපුරෙත් යහපත උදෙසා සාරදර්ම සුරකියහැකි මෙන්ම රටෙහි පවතින සම්පත් උපරිමයෙන් සමජයවෙත පරිබෝජනයට නිදහස්කලහැකි ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ වටිනා චන්දය පාවිච්චි කිරීමය්.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11752629_1581973268731513_9042994271001852541_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රධාන පක්ශ දෙකට හොරුන්ට තක්කඩින්ට දූශකයින්ට නාමයෝජනා නොදී ඉන්ඩ බැරි ඇයි? ඒ ඒ පක්ශ ජනතා අවශ්‍යතා මත යැපීමට වඩා ඉහත සදහන් පුද්ගලයින් මත යැපීම කරන බව නොවේද? සමාජයේ අවශ්‍යත පසෙකලා පක්ශයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන බව නෙමේද මොවුන් මේ නිරුවත් කරල පෙන්නන්නේ. සමජයට කොයිතරම් දුරට මේ ප්‍රධන පක්ශ ඇහුම්කන් දෙනවද කියන එක වටහා ගැනීමට එම පක්ශවල නාමයෝජනා ලයිස්තු කියවීම ප්‍රමාණවත් වේ. ප්‍රධාන පක්ශවලට අලුත් අපේක්ශකයින් නැත්ද? මෙයින් ගම්‍යවන්නේ මේ පක්ශ සෑදී තිබෙන්නෙම ඉහත සදහන් පුද්ගලයින්ගේ එකතුවකින් බවයි.එවැනි කණ්ඩායම් වලට පුලුවන් වෙයිද රටක් හදන්න. රටක් සමාජයක් ඉදිරියට ගෙනියන්න පුලුවන් මිනිස්සුන්ගෙන් එපෑ රටක් පාලනය වෙන්න. එවැනි මිනිස්සුන්ව එකතු කරගන්නවත් බැරි පක්ශ කොහෙද රටක් ඉස්සරහට අරන් යන්නෙ?? අහන්න ඕන ප්‍රශ්නයක් නෙමේද ඒක? ප්‍රධාන පක්ශ හැමදාමත් කරේ ඔවුන්ට ඕන දේ මිසක් සමාජයට අවශ්‍ය දේ නොවේ. ඔබ ප්‍රධාන පක්ශ දෙකේ පාක්ශිකයෙකුනම් ඔබගේ පක්ශය කොච්චර සමාජීය අවශ්‍යතා එක්ක බැදෙනවද? සමාජයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරනවද? කොතරම් අවන්කව වැඩ කරනවද? කියල ටිකක් හිතන්න. ඔබගේ පක්ශ නායකයින් පවා නොරකින පක්ශ ඔබ රැකීමට යාමේ පළය කුමක්ද? ප්‍රධාන පක්ශ වල අතීත දේශපාලන භාවිතාව එය ඔබට මනාව පසක් කර දෙයි. අද දවසේ සමාජීය අවශ්‍යතා ඉටුකිරීමට ඔබගේ පක්ශය අපොහොසත් බව පිලිගන්නවානම් ඔබ විකල්පයක් සෙවිය යුතුයි.රට ඉදිරියට ගෙනයෑමේ හැකියාව ඇති කන්ඩායමකට හෝ විකල්ප දේශපාලන පක්ශයක් වෙත රටේ පාලන බලය ලබා දීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතු සේම සන්වේදී විය යුතුයි. විශ්වාසය තැබිය හැකි ලන්කා පොළවේ විකල්පය ජනතා විමුක්ති පෙරමුණයි. හොරුන්, වන්චාකාරයින්,දූෂිතයන් ගෙන් සමන්විත පක්ශයක පාක්ශිකයකු නොවන්න. මන්ද ඔබ ඔවුන්ගෙන් එකෙකු නොවන බැවිනි. ?
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔබේ හෘද සාක්ෂිය

    47mVL95.jpg


    ඉපදුන හැම කෙනාමටම ජිවත් වෙන්න හැම කෙනාටම තුන්වේල අගහිගයකින් තොරව ලැබෙන ,හැම කෙනෙකුටම තම හැකියාවට සරිලන අධ්‍යාපනයක් ,හැම කෙනෙකුටම වුර්තිය නිපුනතාව මත රැකියාවක් ,හැම කෙනාටම නිවාසයක් ,උසස් සෞක්‍ය පහසුකම් ඇති රෝහල් ,උසස් සංස්කෘතියකට උරුම කම් කියන කලාවක් ,උසස්ම ක්‍රීඩා පහසුකම් මේ හැම දෙයක්ම මේ රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධක .මෙවන් උසස් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන්න හැක්කේ ජිවිතයේ කැපකිරීම් කල ,හදවතින්ම කැපකිරීමට කැමති පුද්ගලික කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නැති නායකයන් නැති ,ලොක්කෝ නැති ආදරණිය මිනිසුන්ගෙන් පිරුන ජනතා විමුක්ති පෙරමුණ ට පමණමයි .
    අප දිනවිය යුත්තේ තමන්ට ආදරය කරන මිනිසුන්ද? රටට ආදරය කරන මිනිසුන්ද? .... අපට දෙගිඩියාවක් නැහැ සහෝදරයා ....අපේ හර්ද සාක්ෂිය හැමදාම දිනවන්නේ රට .තවරාගත් දේශප්‍රේමයෙන් කුල්මත් වී කෑමොර දෙන තක්කඩියන් බලයට ගෙනෙනවා වෙනුවට හදවතට දැනෙන නියම දේශප්‍රේමින් දිනවිය යුතු කාලයයි මේ ........දේශයේ හර්ද සාක්ෂිය ....ඔබේ හර්ද සාක්ෂිය .....

    දේශයේ හර්ද සාක්ෂිය කියල ඔය අදහස් කරන්නේ මේ වගේ දෙයක් වෙන්න ඇති?

    jvp-supporters-killed-by-sla-dec-88.jpg


    anti-jr-graffiti-dec-88.jpg


    JVP-Madirigiriya-88-89.jpg

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින්ද සිල්වාගේ ඉතිහාසයෙන් බිඳක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1589530

    ඔයාට ඔය දාලා තියෙන post එකට කට උත්තර නැති වෙන උත්තරයක් දුන්නා මතකයි නේද? ආයිත් ඒකම දාන්නේ, ඒ පරණ post ඒක දැකපු නැති කෙනෙක් ඔයාගේ මේ post එක දැකල ඔයා කියන්නේ ඇත්ත කියල හිතයි කියල වෙන්න ඇති... අනුකම්පා කරනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...:no::no::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ කාලෙ එහෙම තර්ක කරල ලිපි ලියල තියෙනවනෙ ... මම ඕක දැම්මෙ නලින්ද සිල්වගෙ පරණ ලිපි කියවල එයා කවුද කියල දැනගෙන එන්න කියල කියපු අයට බලාගන්න

    හැමෝම බලාගන්න මෙයාගේ post එකට දීල තියෙන උත්තරය... නැත්නම් තව මෙයා කොහේ කොහේ මේ එකම දේ දදා යයිද දන්නේ නෑ...