නෑ.
ඇයි දන්නවද හේතුව.. මම දන්නාතරමින් (වැරදි නම් නිවැරදි කරන්න) ලංකාවෙ තියන කම්කරු නීති වලට අනුව සේවකයන් සංඛ්‍යාව එක අගයකට වඩා වැඩි (මට හරියටම ගාන මතක නැහැ 1000ක් කියල හිතන්නකො) ආයතනවල යුනියන් වලට ෆුල් ටයිම් යුනියන් වැඩ කරන්න පත්කරගන්න පුලුවන් එක්තරා සේවකයන් සංඛ්‍යාවක් (5ක් කියලා හිතමු) එතකොට එයාල පඩි ගන්න නමුත් ෆුල් ටයිම් යුනියන් එකට වැඩ කරන්නෙ. ඔය යුනියන් වලින් කරන්නෙ සේවකයන්ගෙ සුභසාධනයනෙ. ඉතිං සේවකයො ප්‍රමාණය වැඩි උනාම ෆුල් ටයිම් පිරිසක් ඉන්න ඔ්න ඒ දේවල් කරන්න.
හරියට ක්‍රීඩකයො වගේ. ඔය සමහර ක්‍රීඩකයො ඉන්නෙ බැංකුවල, විවිද ආයතන වල පත්වීම් ලැබෙන්නෙ. එයාල ඒ ආයතනවල වැඩකරන්නෙ නැහැ. ෆුල් ටයිම් ස්පෝට්ස් කරන්නෙ.