හෙදියන් වෙනුවෙන් පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ ලාල් කියන විදියේ නර්ස්ලා ඉන්නේ නම් සුනිල් පෙරේරා ගේ කොත්තමල්ලි සිංදුවේ විතරයි.

    නීති පනවලා ජිම් වලට යවන්න පුද්ගලික අංශයේවත් කටයුතු කරන්නේ නෑ.

    හැබැයි නර්ස්ලව යවන්න ඕන ගොඩක් තැන් තියෙනවා. හෙද අධ්‍යාපනය දියුණු කරන්න ඕනේ. විවිධ පාඨමාලා ගොඩක් තියෙනවා අලුතින් එකතු කරන්න. අන්තර්ජාතිකව පිළිගන්න ගොඩක් සායනික ක්‍රම ලංකාවේ තාම අප්ඩේට් වෙලා නෑ. හෙද ක්ෂේත්‍රය තව ගොඩක් ඉදිරියට ගන්න ඕනේ සෞඛ්‍යය ක්ෂේත්‍රය දියුණු කරද්දී.

    හෙදියන්ගේ ඇඳුම ගැන ගත්තොත්, ඇත්තෙන්ම අපි ඔය රකින්නේ සම්ප්‍රදායක්. අපෙ රටේ ඇඳුමෙන් දේවල් මනින හින්දා.

    සිංගප්පූරුවේ රජයෙ රෝහලක පවා හෙදියකට ඇඳුම් වර්ග 4 ක් තියෙනවා. එකක් ගවුමක්, අනික සායක් සහ උඩට බ්ලවුස් එකක්. අනික කලිසමක් සහ උඩට බ්ලවුස් එකක්, හතර වෙනි එක ස්ක්‍රබ් සූට් එක. මේ 4 දවසේ රාජකාරී අවශ්‍යතාවය මත ඒ අය තෝර ගන්නවා. එංගලන්තයේත් එහෙමයි. උෂ්ණත්වය බලන විදිය, ඒවා චාට් කරන ආකාරය, හැසිරීම, කතා කරන විදිය සියල්ල වෙනස්.

    අපේ රටේ සමස්ථ ක්‍රමයේම අප්ඩේට් එකක් ඕනේ. ඒක හෙද පුහුණුවෙන්ම එන්න ඕනේ. ඒත් මේ ලාල් කියන ජිම් ගිහින් සුන්දර ඇගක් හදා ගෙන සිටීම ගැන මොන රටේවත් කතා වෙන දෙයක් නෙවෙයි. ඒක අදාලත් නෑ.

    සමහර ක්ෂේත්‍ර තියෙනවා එහෙම කරන්න වෙන. උදාහරණයක් ලෙස ගුවන් සමාගම් දක්වන්න පුළුවන්. හැබැයි සෞඛ්‍යය ක්ෂේත්‍රය එහෙම එකක් නෙවෙයි.

    ලාල්ගේ ගොන් කතාවට නර්ස් නෝනලා තරහ වෙන්න එපා. හිතින් වාමාංශිකයෝ විහින් ලිබරල් කියලා පෙන්නන්න ගියාම ඔහොම වෙනවා.

    පැතුම් කර්නර්