අධ්‍යාපන ක්‍රමේ අවුලක් නැ. සම්පත්, මුදල්, රැකියා අවස්ථා සීමීතයි. ඉන්න ළමයි ගාන වැඩියි. ඉතින් රජයේ විශ්වවිද්‍යාලයකට යන්න හැමෝම තරග කරනවා. ඒකෙන් අවශ්‍ය සීමීත ප්‍රමාණය සමත් කර ගනන පුලුවන් වෙන්න තරග විභාග සංකීර්ණ වැඩි වෙනවා. ඉතින් රේස් එකක් තමයි 1 වසරේ ඉදන්.
imo, ළමයි හදන්න ආර්ථික මට්ටමක් සහ ගැළපෙන මානසික මට්ටමක් නැති හැම කෙනාම ළමයි හදන එකෙයි මූලික වැරැද්ද තියෙන්නේ.
මම අදහස් කරේ මේක
වෙන රටවල් වල නම් පාසලෙන් හදන්න හදන්නේ රටට වැදගත් පුරවැසියෙක් මිසක් දොස්තරලා ඉංජිනේරුවෝ නෙවෙයි
ලංකාවේ එක වසරේ ඉදලම ඉස්කෝලෙත් හදන්න බලන්නේ එක්කෝ දොස්තර කෙනෙක් නැත්නම් ඉන්ජිනේරු වරයෙක් නැත්නම් ලෝයාර් කෙනෙක් .
ඉංජිනේරු වරු දොස්තර වරු වෙන එවුන් ගොඩ යනවා අනිත් එවුන් අනාථ වෙනවා
සරලව කිව්වොත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් 2% ක් ගොඩ යන කොට 98% කට යන එනමන් නැති වෙනවා
දොස්තර ඉංජිනේරු පිස්සු පැතකින් තියලා ඉස්කෝලෙත් හදන්න ඕනේ කුසලතාවන් පිරුණ අය .වයවසායකයෝ, කාර්මිකයෝ වගේ අය
ලංකාවේ ළමයෙක් අවදානමක් බාර ගන්න හැඩ ගැහිලා නෑ හැම දේම කවුරු හරි කරලා දෙනකම් තමා බලාගෙන ඉන්නේ . මේ ලංකාවේ අය හිතන විදිය පිළිකාවක් වගේ
අනිත් මම දැකපු දේ තමා ලංකාවේ ඉස්කෝල වලින් කිසිම නිර්මාන්තමක හැකියාවක් තියෙන අය බිහිවෙන්නේ නෑ. ඉස්සරහට යන්න බය අවදානමක් ගන්න බය තැනක ගිහින් හැසිරෙන්න දන්නේ නැති කිසිම ජීවන කුසලතාවයන් නැති මැටි ගුලි ටිකක් තමා AL වලින් පස්සේ ඉස්කෝලෙත් එළියට යන්නේ
ලංකාව ඉස්සර හට යන්න නම් ඉස්කෝල වලින් එළියට එන්න ඕනේ කුසලතාවන් පිරුණ තරුණ පරපුරක්
එදාට තුවෙනි ලෝකයේ රටක් විදියට ලංකාව ගොඩ යයි
මෙහේ ඉස්කෝල වල නම්
ළමයින්ට පාර මාරු වෙන හැටි කියලා දෙනවා වෙන එකක් තියා කොමඩ් එකක් පාවිච්චි කරන හැටි ඉඳන් ඉස්කෝලෙත් කියලා දෙනවා අනිවර්‍යයෙන්ම බාහිර ක්‍රියාකාරම් තියෙන්න ඕනේ
ඉස්කෝලෙ න් පිටවෙච්ච් ගමන් මෙහේ ළමයි Technical colleges වලට යනවා Plumbing, Electrician, Mechanical, Electronic, AC Repairing, Motor mechanic , Construction වගේ Course කරනවා
ඒවා කරන එවුන් දොස්තර ලා ඉංජිනේරුවන් ට වඩා හොදට හම්බ කරලා ලස්සනට ජීවත් වෙනවා