හෙළිනොවූ_උමා ඔයේ මහා විනාශය

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම දන්න විදිහට මේ Project එකට දුන්නෙ Interest Free ලෝන් එකක්. ඒත් හැමදාමත් වගේ අපේ පාලකයො අනා ගත්ත මේකෙදිත් :angry::angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක හොද ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්.ඒත් මම නම් කියන්නේ මේක කරන්න දුන්න සමාගම වැරදියි.මේ වගේ බැරෑරුම් දෙයක් කරන්න බාරදෙන්න තිබ්බේ යුරෝපෙට හරි ජපානෙට හරි.එහෙම උනානම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ.අපේ පාලකයෝ ලාභය බලාගෙන කොමිස් කුට්ටියට වැඩ කරන නිසා තමා මේ ඔක්කොම.:(


    Europe pe එවුන්ට වඩ ජපන් එවුන් සුපිරි මචන් ඔය වගේ වැඩ වලට.. :rolleyes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇරෝසන්,ගුනේබායි නම් දන්නවා ඔය ප්‍රොජෙක්ට් එක ගැන හරියටම.උන් කිව්වා ඕකේ ඔය කියනතරම් ගැටළුවක් නැහැලු.ඒ පැත්තට වතුර නැති එක විතරයිලු.

    ehenam unta meka pahadili karanna kiyapanko awilla...........:yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇරෝසන්,ගුනේබායි නම් දන්නවා ඔය ප්‍රොජෙක්ට් එක ගැන හරියටම.උන් කිව්වා ඕකේ ඔය කියනතරම් ගැටළුවක් නැහැලු.ඒ පැත්තට වතුර නැති එක විතරයිලු.

    කෝ ඉතින් ඔක තාවකාලික තවත්වයක් කියන එක හලලනෙ..:P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝ ඉතින් ඔක තාවකාලික තවත්වයක් කියන එක හලලනෙ..:P

    උබ කොහොමද කියන්නේ ඕක තාවකාලිකයි කියලා?ඔය වගේ දේවල් කරලා වතුර නැත්තටම නැති උන පැති ලෝකේ තියෙනවා.ඕක කරන ඉන්ජිනියර්ලා කියන ඒවානේ උබත් ඔය කියන්නේ.ඉන්ජිනියර්ලා කියයි උන්ගේ ජාමේ බේරගන්න.උන් ඕක කරලා යනවා.අපේ මිනිස්සු තමා අමාරුවේ වැටෙන්නේ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නොතිර සසර

    June 21 at 1:08pm ·
    g_kf1vXYV_O.png









    මේකෙ මීහරක් ඇත්ත වගේ අමුබොරු ප්‍රචාර ගෙනියද්දි බලන් ඉන්න බැරිකමට කියන්නේ.. උමාඔය කියන්නෙ හම්බන්තොටට වතුර ගෙනියන්න හදන ලබ්බක් නෙවෙයි.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ..
    ඊලඟ පට්ටපල් බොරුව ෆරබ් සමාගම ඉරානයෙ තෙල් ලිං හාරන සමාගමක්ලු.. උන් කවදාවත් වෝටර් ප්‍රොජෙක්ට් කරල නෑලු.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2500MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්..
    උමාඔය ප්‍රශ්න තියනවා..ඒ ප්‍රශ්න මේ වගේ පට්ටපල් බොරු,මරි මෝඩ මීහරක් කතා කියලා යටගහන්න හදන එක තර සාහසික වැඩක් වෙන නෑ...

     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නොතිර සසර

    June 21 at 1:08pm ·
    g_kf1vXYV_O.png









    මේකෙ මීහරක් ඇත්ත වගේ අමුබොරු ප්‍රචාර ගෙනියද්දි බලන් ඉන්න බැරිකමට කියන්නේ.. උමාඔය කියන්නෙ හම්බන්තොටට වතුර ගෙනියන්න හදන ලබ්බක් නෙවෙයි.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ..
    ඊලඟ පට්ටපල් බොරුව ෆරබ් සමාගම ඉරානයෙ තෙල් ලිං හාරන සමාගමක්ලු.. උන් කවදාවත් වෝටර් ප්‍රොජෙක්ට් කරල නෑලු.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2500MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්..
    උමාඔය ප්‍රශ්න තියනවා..ඒ ප්‍රශ්න මේ වගේ පට්ටපල් බොරු,මරි මෝඩ මීහරක් කතා කියලා යටගහන්න හදන එක තර සාහසික වැඩක් වෙන නෑ...


    ඔය රටවල් පොලවේ වතුර අඩු රටවල්නේ ඉතින් ඒ ප්‍රොජෙක්ට් අවුලක් නැ, කොහොම උනත් ඉරාන් සමාගමකට දීපු එක ඔය ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්න එන්න හේතුවක්, ඉරාන සමාගම් තාක්ෂණිකව ඉන්නේ බොහොම පහලින් මුස්ලිම් රටක් උනාට සල්ලි තියෙන අනිත් කිසිම මුස්ලිම් රටක් ඉරානේ වගේ රටවල් එක්ක තාක්ෂනික වියපෘති කරන්නේ නැ, ඊට වැඩිය හොදි චීන සමාගමකට දුන්නා නම් ගොඩක් හොදයි, ඕලන්ද සමාගමකට ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් දුන්න නම්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නොතිර සසර උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ??
    උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්..
    සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නොතිර සසර ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ වික්ටෝරියාවලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම (රන්ටැඹේ හදන්න කලින් ඉදලම ) අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්.. ඒ නිසා පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණ්කින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නොතිර සසර මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!
    ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. www.farab.com මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්..
    ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..
    ඊලඟ එක නැවත පදිංචිකිරීම්... මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි... මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    පි.ඇස්: මේක මම ලියපු එකක් නෙමෙයි..
    මේ ගැන fb එකේ යන කතිකාවතක් දැම්මේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය රටවල් පොලවේ වතුර අඩු රටවල්නේ ඉතින් ඒ ප්‍රොජෙක්ට් අවුලක් නැ, කොහොම උනත් ඉරාන් සමාගමකට දීපු එක ඔය ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්න එන්න හේතුවක්, ඉරාන සමාගම් තාක්ෂණිකව ඉන්නේ බොහොම පහලින් මුස්ලිම් රටක් උනාට සල්ලි තියෙන අනිත් කිසිම මුස්ලිම් රටක් ඉරානේ වගේ රටවල් එක්ක තාක්ෂනික වියපෘති කරන්නේ නැ, ඊට වැඩිය හොදි චීන සමාගමකට දුන්නා නම් ගොඩක් හොදයි, ඕලන්ද සමාගමකට ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් දුන්න නම්

    පොලී නැති ණය දෙන්නෙත් ඉරානෙන්නේ බන්.. ඉතින් කොහොමද වෙන රටකට ප්‍රොජෙක්ට් එක දෙන්නේ