හේ අජන්තා රණසිංහ නම් විය....
ලංකාවේ එතෙක් මෙතෙක් පහලවූ ශ්‍රෙෂ්ට ගී පද රචකයකු වන අජන්තා රණසිංහ වෙනුවෙන් කෙටි සටහනක්
මේ සක්වලේහී ඔබගේ කලාවෙන්...
මිතුරෝ ඔබත් ජීවමානයි....!
මිනිසුන්ගේ හදවත් සුවපත් කරන, මානසික සුවය ගෙන දෙන කලාකරුවන් දෙවැනි වන්නේ දෙවි දේවතාවුන්ට පමණි.
සංගීත මඬලේ ප්රතිරාව නැංවූ
නිර්මාණ ගී ශිල්පියාණෝ....
සීගිරි ලෙනේහි රූ අප්සරාවෝ
ඇන්දවූ ඒ සිත්තරාණෝ
කවි ගී ලියුවෝ පිළිරු නෙලුවෝ
වෙන්වී ගියත් ලෝ නියාවෙන්
ආකාස තලයේ ඔවුහු සරන්නෝ
දෙවි දේවතාවුන් විලාසෙන්....
ජීවන ගීයේ අවසාන පද පෙළ ලියමින්... ආචාර්ය අජන්තා රණසිංහයෝ අප හැරදා ගියහ. ඒත් එය තවමත් සිහිනයක් වැනිය. සැබැවින්ම සුන්දර මිනිසෙකුවූ අජන්තා අද අප අතර නැත.
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩිවී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ.....
ඔහු ලියු ගීත සංඛ්‍යාව කොතරම්ද.. ඒ සියල්ල එකිනෙකට වෙනස්ය. පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ට ගී රැසක් ඔහු විසින් ලියා තිබේ.
කොළොම්තොට නැත මහලුවී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්න....
ඒ අමරදේවයන්ටය. ඔහු විශාරද නන්දාමාලිනියට ලියූ ගී පද වැල්ද අතිශයින් ජනප්‍රිය වූවේය.
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි
විශාරද නීලා වික්‍රමසිංහ ගයන ගී වලින් බහුතරය ලියා ඇත්තේ ආචාර්ය අජන්තා රණසිංහයන් විසිනි. මේ සෑම ගීයක්ම ගීතලෝලීන් අතර ජනප්‍රියව තිබේ.
බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනිවූ
බාලිකා ලොව මැළවුනදා
මුළු ලොවටම රෑ වෙනවා
කීන දම් මිටක් කඩන් ආවා
මගෙ නංගෝ....
කාටවත් නෙවේ නඟාටයි
ඒවා නගෝ....
එපමණක්ද... නැත... මිදුලේ අතන නංගෝ (රූකාන්ත සමඟ), පසළොස්වක සඳ පායනු වැන්නේ (අමරදේවයන් සමඟ), බලාහිඳිමි දුර ඈතක ඇයි ඔබ, දරුවෝ ඇති අම්මලා, පාරමීදම්, මේ අයුරින් අපි සංසාරේ... නීලා ගයන්නීය... ඒ ද අජන්තාවන්ගේ පද රචනාය.
අජන්තා රණසිංහයන් ලියන ගී පද රචනාවන්ට අමුතුවෙන් රූප රචනා අවැසි නොවේ. ඒ ගී අසද්දී රූ රචනා අපේ මනසේ ඇඳේ.
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ....
සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන්නේ
ඒ ගීය පමණක්ද නැත...
නිර්මාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පත්ම
වන්දනා කරම්....
ඔහු සනත් නන්දසිරි ප්රවීණයාටද ගී පද රැසක් ලියාදී ඇත. ඒ සියල්ලද අතිශයින් ජනප්‍රිය ගීත බවට පත්ව ඇත.
ආදර සැමරුම් කැටිවූ
නෙතු සඟලින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ.... යමුනා තීරේ.....
ඔහු මහා සෞන්දර්යවාදියෙකි. කෙටිකතා, කවි නිර්මාණය කරමින් ක්ෂේත්රයට ආ අජන්තා රණසිංහයන් ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙස මියෙන මොහොත දක්වාම කටයුතු කළේය. හේ ගුවන් විදුලියට මහත් සේ ආදරය කළේ ඒ ඔහුගේ තිඹිරිගෙය නිසා වන්න ඇත.
පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම් හද සන්තානේ.. සදාසරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මනමන්දිරයේ කලාලය මත මී අමා බඳුන්.....
දෙනෙත් අඳ යුවතියක් ගී ගයන අයුරු පසුගිය දිනෙක අජන්තා රණසිංහයන්ගේ නෙත ගැටිණි. ඈ දක්ෂ නිසාම ගීත කිහිපයක් ඈ වෙනුවෙන් ලියා පටිගත කරන්නට ඔහුට සිත්විය. සහෘද හිතවතා සනත් නන්දසිරිට මේ බැව් කී අජන්තා ගී දෙකකට සනත් නන්දසිරි ලවා සංගීතය නිර්මාණය කර ගත්තේය.
කෙසේ හෝ මේ ගීත පටිගත කිරීමේ වුවමනාව ඔහු අත හැරියේ නැත. උත්සාහය මල්ඵල ගැනිණ. පසුගිය 23 වැනිදා ගුවන් විදුලියේදී මේ දෙනෙත් අඳ යුවතිය ගී දෙකක් පටිගත කළාය. ඒ අවස්ථාව ආචාර්ය අජන්තා රණසිංහයන් ජීවිතයේ වැඩියෙන්ම සතුටුවූ මොහොතක් විය. එහෙත් පටිගත කළ ඒ ගී අසන්නට අජන්තාට වරම් අහිමි විය. පසුදා ඔහු ජීවිතයට සමුදුන්නේය.
තම දැසින් දකින්නට වරම් නොලද ආදරණීය ගුරුවරයාගේ නිසල සිරුරට අවසන් බුහුමන් දක්වන්නට මේ යුවතිය ආවාය. තම ගමන් මඟ එළිපෙහෙළි කරන්නට මූලිකත්වය ගත් මේ සුන්දර මිනිසාගේ සීතල වූ දෙපා... තම දැත් වලින් පිරිමදිමින් ඇය ඉකි ගැසුවාය. ලෝකය නොපෙනෙන දෙනෙත් වලින් කඳුළු කැට රූ රා වැටිණි. මේ ආචාර්ය අජන්තා.. ක්ෂේත්රයට එන්නට අතදුන් එක් චරිතයක් පමණි.
දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳපල්ලා.....
ඔහු මෑතක්වන තුරුම ගීත ලියුවේය. ජීවිතයෙන් සමුගැනීමට දිනකට පෙර අජන්තා රෝහණ වීරසිංහයන්ගේ නිවසට ගියේය. ඒ ඔහු ලියූ අලුත්ම ගීයට සංගීතය නිර්මාණය කරවා ගන්නටය. ගීතය රෝහණට භාර දුන්නේය.
බොල් වී අහුරු, විකසිත පෙම්, ජගදා නන්දන වැනි ගීත අමරදේවයන්ට ලියූ ආචාර්ය අජන්තා රණසිංහයෝ... එච්. ආර්. ජෝතිපාලයන්ටද ගීතය රැසක් ලියුවේය.
දුහුල් මීදුමේ, හංගා ගල් ලෙනේ, ඉද්දමල් කතාවේ, පාලු සුසානේ, රත්තරන් පෙම් පුරාණේ, රුවන්වලා විමානේ, සංගීත මඬලේ, උන්නේ නැද්දොa, විල්ලුද පුංචි දෙපා, ජලමැද ඕලූ නෙලුම් ඒ ගී අතර ඇත.
නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ.......
මේ ගී කිසිදා අපේ ගීත සාහිත්‍යයෙන් මැකී නොයනු ඇත. සංගීත මඬලේ ප්රතිරාව නැංවූ සැබෑම ගී නිර්මාණ ශිල්පියෙකු ලෙස අජන්තා රණසිංහයන්ද ආකාස තලයේ දෙවි දේවතාවුන් සේ සැරි සරනු ඇත.
අජිත් අලහකෝන්
දිවඉන පුවත්පතින්
2016.3.4
මේ අපුරු video එකත් බලලම යන්න

Last edited:
මේ වගේ ත්‍රෙඩ් වලට ඒකයි කමෙන්ට් අඩු.
මට නම් එතුමාගේ මරණය හිතට ලොකු වේදනාවක්. 