හේ අජන්තා රණසිංහ නම් විය....

lasa1106

Member
Apr 26, 2012
626
197
0
හේ අජන්තා රණසිංහ නම් විය....

ලංකාවේ එතෙක් මෙතෙක් පහලවූ ශ්‍රෙෂ්ට ගී පද රචකයකු වන අජන්තා රණසිංහ වෙනුවෙන් කෙටි සටහනක්

මේ සක්‌වලේහී ඔබගේ කලාවෙන්...
මිතුරෝ ඔබත් ජීවමානයි....!

මිනිසුන්ගේ හදවත් සුවපත් කරන, මානසික සුවය ගෙන දෙන කලාකරුවන් දෙවැනි වන්නේ දෙවි දේවතාවුන්ට පමණි.

සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ

නිර්මාණ ගී ශිල්පියාණෝ....

සීගිරි ලෙනේහි රූ අප්සරාවෝ

ඇන්දවූ ඒ සිත්තරාණෝ

කවි ගී ලියුවෝ පිළිරු නෙලුවෝ

වෙන්වී ගියත් ලෝ නියාවෙන්

ආකාස තලයේ ඔවුහු සරන්නෝ

දෙවි දේවතාවුන් විලාසෙන්....

ජීවන ගීයේ අවසාන පද පෙළ ලියමින්... ආචාර්ය අජන්තා රණසිංහයෝ අප හැරදා ගියහ. ඒත් එය තවමත් සිහිනයක්‌ වැනිය. සැබැවින්ම සුන්දර මිනිසෙකුවූ අජන්තා අද අප අතර නැත.

විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩිවී ගියාදෙන්

පතිකුලයට අද මට පිටුපා යන

මගේ සොඳුරු ළඳුනේ.....

ඔහු ලියු ගීත සංඛ්‍යාව කොතරම්ද.. ඒ සියල්ල එකිනෙකට වෙනස්‌ය. පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ට ගී රැසක්‌ ඔහු විසින් ලියා තිබේ.

කොළොම්තොට නැත මහලුවී

අවන්හල නැත පැරණි වී

එදා හඳමයි අදත් යෞවනයේ

එහෙත් අප දෙන්න....

ඒ අමරදේවයන්ටය. ඔහු විශාරද නන්දාමාලිනියට ලියූ ගී පද වැල්ද අතිශයින් ජනප්‍රිය වූවේය.

රන් කෙන්දෙන් බැඳ

අතැඟිලි එක්‌කළ ආදරයයි

පෙම් රැහැනින් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි

විශාරද නීලා වික්‍රමසිංහ ගයන ගී වලින් බහුතරය ලියා ඇත්තේ ආචාර්ය අජන්තා රණසිංහයන් විසිනි. මේ සෑම ගීයක්‌ම ගීතලෝලීන් අතර ජනප්‍රියව තිබේ.

බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනිවූ

බාලිකා ලොව මැළවුනදා

මුළු ලොවටම රෑ වෙනවා



කීන දම් මිටක්‌ කඩන් ආවා

මගෙ නංගෝ....

කාටවත් නෙවේ නඟාටයි

ඒවා නගෝ....

එපමණක්‌ද... නැත... මිදුලේ අතන නංගෝ (රූකාන්ත සමඟ), පසළොස්‌වක සඳ පායනු වැන්නේ (අමරදේවයන් සමඟ), බලාහිඳිමි දුර ඈතක ඇයි ඔබ, දරුවෝ ඇති අම්මලා, පාරමීදම්, මේ අයුරින් අපි සංසාරේ... නීලා ගයන්නීය... ඒ ද අජන්තාවන්ගේ පද රචනාය.

අජන්තා රණසිංහයන් ලියන ගී පද රචනාවන්ට අමුතුවෙන් රූප රචනා අවැසි නොවේ. ඒ ගී අසද්දී රූ රචනා අපේ මනසේ ඇඳේ.

ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ

දාං අදින්නේ....

සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන්නේ

ඒ ගීය පමණක්‌ද නැත...

නිර්මාණ ස්‌වර්ණ ද්වාරයෙන්

පිවිසූ තිලෝ සතුන්

සම්බෝධි රාජ පාද පත්ම

වන්දනා කරම්....

ඔහු සනත් නන්දසිරි ප්‍රවීණයාටද ගී පද රැසක්‌ ලියාදී ඇත. ඒ සියල්ලද අතිශයින් ජනප්‍රිය ගීත බවට පත්ව ඇත.

ආදර සැමරුම් කැටිවූ

නෙතු සඟලින් මුතු පබුලින්

නිමා කළෙමි සිහිවටනය

යමුනා තීරේ.... යමුනා තීරේ.....

ඔහු මහා සෞන්දර්යවාදියෙකි. කෙටිකතා, කවි නිර්මාණය කරමින් ක්‍ෂේත්‍රයට ආ අජන්තා රණසිංහයන් ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙස මියෙන මොහොත දක්‌වාම කටයුතු කළේය. හේ ගුවන් විදුලියට මහත් සේ ආදරය කළේ ඒ ඔහුගේ තිඹිරිගෙය නිසා වන්න ඇත.

පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම් හද සන්තානේ.. සදාසරනා ආයාචනා සුසුම්

නුරාගික පැතුම් පිපාසිත සිතුම්

මනමන්දිරයේ කලාලය මත මී අමා බඳුන්.....

දෙනෙත් අඳ යුවතියක්‌ ගී ගයන අයුරු පසුගිය දිනෙක අජන්තා රණසිංහයන්ගේ නෙත ගැටිණි. ඈ දක්‍ෂ නිසාම ගීත කිහිපයක්‌ ඈ වෙනුවෙන් ලියා පටිගත කරන්නට ඔහුට සිත්විය. සහෘද හිතවතා සනත් නන්දසිරිට මේ බැව් කී අජන්තා ගී දෙකකට සනත් නන්දසිරි ලවා සංගීතය නිර්මාණය කර ගත්තේය.

කෙසේ හෝ මේ ගීත පටිගත කිරීමේ වුවමනාව ඔහු අත හැරියේ නැත. උත්සාහය මල්ඵල ගැනිණ. පසුගිය 23 වැනිදා ගුවන් විදුලියේදී මේ දෙනෙත් අඳ යුවතිය ගී දෙකක්‌ පටිගත කළාය. ඒ අවස්‌ථාව ආචාර්ය අජන්තා රණසිංහයන් ජීවිතයේ වැඩියෙන්ම සතුටුවූ මොහොතක්‌ විය. එහෙත් පටිගත කළ ඒ ගී අසන්නට අජන්තාට වරම් අහිමි විය. පසුදා ඔහු ජීවිතයට සමුදුන්නේය.

තම දැසින් දකින්නට වරම් නොලද ආදරණීය ගුරුවරයාගේ නිසල සිරුරට අවසන් බුහුමන් දක්‌වන්නට මේ යුවතිය ආවාය. තම ගමන් මඟ එළිපෙහෙළි කරන්නට මූලිකත්වය ගත් මේ සුන්දර මිනිසාගේ සීතල වූ දෙපා... තම දැත් වලින් පිරිමදිමින් ඇය ඉකි ගැසුවාය. ලෝකය නොපෙනෙන දෙනෙත් වලින් කඳුළු කැට රූ රා වැටිණි. මේ ආචාර්ය අජන්තා.. ක්‍ෂේත්‍රයට එන්නට අතදුන් එක්‌ චරිතයක්‌ පමණි.

දේදුන්නෙන් එන සමනලුනේ

ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ

රෑන් රෑන් ඇවිදිල්ලා

අපේ ළඟින් ඉඳපල්ලා.....

ඔහු මෑතක්‌වන තුරුම ගීත ලියුවේය. ජීවිතයෙන් සමුගැනීමට දිනකට පෙර අජන්තා රෝහණ වීරසිංහයන්ගේ නිවසට ගියේය. ඒ ඔහු ලියූ අලුත්ම ගීයට සංගීතය නිර්මාණය කරවා ගන්නටය. ගීතය රෝහණට භාර දුන්නේය.

බොල් වී අහුරු, විකසිත පෙම්, ජගදා නන්දන වැනි ගීත අමරදේවයන්ට ලියූ ආචාර්ය අජන්තා රණසිංහයෝ... එච්. ආර්. ජෝතිපාලයන්ටද ගීතය රැසක්‌ ලියුවේය.

දුහුල් මීදුමේ, හංගා ගල් ලෙනේ, ඉද්දමල් කතාවේ, පාලු සුසානේ, රත්තරන් පෙම් පුරාණේ, රුවන්වලා විමානේ, සංගීත මඬලේ, උන්නේ නැද්දොa, විල්ලුද පුංචි දෙපා, ජලමැද ඕලූ නෙලුම් ඒ ගී අතර ඇත.

නින්ද නේන රාත්‍රියේ

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ.......

මේ ගී කිසිදා අපේ ගීත සාහිත්‍යයෙන් මැකී නොයනු ඇත. සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ සැබෑම ගී නිර්මාණ ශිල්පියෙකු ලෙස අජන්තා රණසිංහයන්ද ආකාස තලයේ දෙවි දේවතාවුන් සේ සැරි සරනු ඇත.


අජිත් අලහකෝන්
දිවඉන පුවත්පතින්
2016.3.4

119425_ajantha%20ranasinghe%20-02.jpg


මේ අපුරු video එකත් බලලම යන්න

 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බහුතර මිනිස්සු මචං කූඩැල්ලෝ වගේ. යම් දෙයක් ලබාගන්නකන් විතරයි. ඒ දේ ලබාගත්තට පස්සේ ඒ ලබාදීපු මිනිස්සු ගැන අඩුම තරමේ මතක් කරන්නවත් කැමති නෑ. :dull: මේ වගේ ත්‍රෙඩ් වලට ඒකයි කමෙන්ට් අඩු.
    අජන්තා රණසිංහ මහත්තයගේ අභාවයෙන් පස්සේ මම එතුමාව ටිකක් මත් කරලා පෝස්ට් එකක් දැම්මා. මේ පහල තියන්නේ ඒක.

    අපේ කාලේ
    මනරංජනා චලලෝචිනී උන්මාද චිත්‍රා මගේ.

    මීදුම් වසන්තේ සීතක් දැනේවී වගේ ගොඩක් ගීතත්

    අපි හැමදාම රස විදින
    මේ මැයි ගහ යට

    විකසිත පෙම් පොකුරු පියුම්

    පුංචි දවස්වල නින්දට යද්දි

    කීන දම් මිටක්

    මේ අයුරින් අපි සංසාරේ

    මේ වගේ ගීත දහස් ගනනක් රචනා කරපු අජන්තා රණසිංහ මහත්තයා අප අතරින් සමුගෙන, හෙට අවසන් කටයුතු කෙරුනත් මේ ඔන්ලයින් මිනිස්සු මෙච්චර වටින මනුස්සයා ගැන කතා කරනවා මදි නේද :( මට නම් එතුමාගේ මරණය හිතට ලොකු වේදනාවක්.
    ඒ වගේම අපි හැමෝම එතුමාට නිවන්සුව ප්‍රාර්තනා කරමු.


    ඒත් මේකට ලැබුනු ප්‍රතිචෙර ගැන නම් කියන්න කණගාටුයි.
     
    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බහුතර මිනිස්සු මචං කූඩැල්ලෝ වගේ. යම් දෙයක් ලබාගන්නකන් විතරයි. ඒ දේ ලබාගත්තට පස්සේ ඒ ලබාදීපු මිනිස්සු ගැන අඩුම තරමේ මතක් කරන්නවත් කැමති නෑ. :dull: මේ වගේ ත්‍රෙඩ් වලට ඒකයි කමෙන්ට් අඩු.
    අජන්තා රණසිංහ මහත්තයගේ අභාවයෙන් පස්සේ මම එතුමාව ටිකක් මත් කරලා පෝස්ට් එකක් දැම්මා. මේ පහල තියන්නේ ඒක.


    ඒත් මේකට ලැබුනු ප්‍රතිචෙර ගැන නම් කියන්න කණගාටුයි.

    දුක හිතන්න එපා මචං. දැන් ඉන්න ළමයින්ට සාහිත්‍යය, රසවින්දනය ගැන කියල දීල නෑ. ඒක නිසා ඒගොල්ලන්ට ගීත රසවින්දනය ඉතාම අසීරුයි. ඒ ළමයි කැමති හුදු ශබ්ද රසයට සීමා වුනු, නටන්න පුළුවන් ගීත වලට. වැරැද්ද එයාලගේ නෙවෙයි. අපේ සාහිත්‍යය, රසවින්දනාත්මක හැකියාවල් අධ්යාපනයෙන් ඉවත් කරපු කාලනණ්නි සෙට් එක තමා ඕවට වගකියන්න ඕනෙ. අද ඉන්න බහුතරයක් තරුණ ළමයි දන්නෙ නෑ අජන්තා රණසිංහ කියන්නෙ කවුද කියලා වත්. :(
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුක හිතන්න එපා මචං. දැන් ඉන්න ළමයින්ට සාහිත්‍යය, රසවින්දනය ගැන කියල දීල නෑ. ඒක නිසා ඒගොල්ලන්ට ගීත රසවින්දනය ඉතාම අසීරුයි. ඒ ළමයි කැමති හුදු ශබ්ද රසයට සීමා වුනු, නටන්න පුළුවන් ගීත වලට. වැරැද්ද එයාලගේ නෙවෙයි. අපේ සාහිත්‍යය, රසවින්දනාත්මක හැකියාවල් අධ්යාපනයෙන් ඉවත් කරපු කාලනණ්නි සෙට් එක තමා ඕවට වගකියන්න ඕනෙ. අද ඉන්න බහුතරයක් තරුණ ළමයි දන්නෙ නෑ අජන්තා රණසිංහ කියන්නෙ කවුද කියලා වත්. :(

    ඒක ඇත්ත බං. තරුණ පරපුරේ බහුතරයක් යන්ත්‍ර වගේ වෙලා. උන් දන්නේ මියුසික් වීඩියෝ එකකින් ඔලුවට දාන දේ බලාගෙන ඒක තේරුම් ගන්න විතරයි. මිනිස්සුන්ගේ තියන සංවේදී කම සෑහෙන්න දුරට අඩු වෙලා.
    අනිත් එක ෆේස් බුක් එකේ මහා ආදර්ශපාඨ දාන බහුතරයක් හරියට ත්‍රීවීල් එලවන උන් වගේ තමයි. ආදර්ශපාඨ දැම්මට, ඒවට ලයික් කරාට ඒවා තමන්ගේ ජීවිත වලට ගන්නෙ නෑ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා
    හෙටත් වාසනාවන්


    man asama sinduwak :(

    niwan suwa obata :(

    හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
    ගිය ඉරණම් ගමනේ
    මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
    නෑ නොවෙදෝ එන්නේ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Lankawe lassana sindu kiyapu saha liyapu aya atarin tawa keepa denai ithuru. Tawa t10-20 years yanakota itin lankawe music walata sorry ma tama
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    භාෂා දැනුමයි, මේ වගේ අදහසුයි තියෙන අය අද ගොඩක් අඩුයි.
    එකයි මේ අයගේ වටිනාකම හොඳටම දැන්නෙන්නේ

    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙත් මේ වගේ කතා බොහොමයි.

    එක දෙයක් අදටත් ඇත්ත. ලංකාවේ කලාකාරයන්ට සලකන්නේ නැහැ.....
    ඒ නිසා මේ වගේ ත්‍රෙඩ් එකක් දාල වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    අපේ මිනිස්සුන්ට අපේ දේ, අපේ කම ඕන වෙන්නේ තමන්ගේ වාසියට විතරමයි. :angry::angry::angry::angry::angry:

    එකත් හිතෙන් එන එකක් නෙමෙයි බඩෙන් එක දෙයක්.


    :no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: Pissu_Matta

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Lankawe lassana sindu kiyapu saha liyapu aya atarin tawa keepa denai ithuru. Tawa t10-20 years yanakota itin lankawe music walata sorry ma tama

    මෑත ඉතිහාසයේ වික්ටර්, සුනිල්, සනත්, එඩ්වඩ් වගේ කෙනෙක් බිහි වුනේ නෑනේ :dull: අපේ පරපුරේ කියලා ඉන්නේ කස්සා විතරයි. අනිත් ආපු අය වැඩි දෙනෙක් මොකද්දෝ අහේනියකට නිර්මාණ කීපයක් විතරක් කරලා එහෙමම යට ගියා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    භාෂා දැනුමයි, මේ වගේ අදහසුයි තියෙන අය අද ගොඩක් අඩුයි.
    එකයි මේ අයගේ වටිනාකම හොඳටම දැන්නෙන්නේ

    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙත් මේ වගේ කතා බොහොමයි.

    එක දෙයක් අදටත් ඇත්ත. ලංකාවේ කලාකාරයන්ට සලකන්නේ නැහැ.....
    ඒ නිසා මේ වගේ ත්‍රෙඩ් එකක් දාල වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    අපේ මිනිස්සුන්ට අපේ දේ, අපේ කම ඕන වෙන්නේ තමන්ගේ වාසියට විතරමයි. :angry::angry::angry::angry::angry:

    එකත් හිතෙන් එන එකක් නෙමෙයි බඩෙන් එක දෙයක්.


    :no::no::no::no::no::no::no:

    ඒක ඇත්ත මචං 100% එකගයි.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෑත ඉතිහාසයේ වික්ටර්, සුනිල්, සනත්, එඩ්වඩ් වගේ කෙනෙක් බිහි වුනේ නෑනේ :dull: අපේ පරපුරේ කියලා ඉන්නේ කස්සා විතරයි. අනිත් ආපු අය වැඩි දෙනෙක් මොකද්දෝ අහේනියකට නිර්මාණ කීපයක් විතරක් කරලා එහෙමම යට ගියා.

    Ekane karume
    Eeye Sunil ge program eka baladdith okamai hitune. E kale sindu Wala patta term tiyenne. Ekata ada kollo hotu peragena adanwa
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    "අපට බොහෝ පරාජිතයන් දක්නට ලබන්නේ මේ අර්ථ ක්රමය පරාජිතයන් බිහිකරන නිසාය. එහෙත් සුභාවිත ගීතය කවිය තුළ ජිවත් වීමෙන් එවන් පීඩනයන් මුදාහරින්නට පුළුවන."

    - Rathna Sri Wijesinghe