අන්න ඔය උඹලට පෙන්නපු හොඳ මූණ පෙන්නලා තමයි මචං ලංකාවේ ගොඩක් උන් මොලෙන් බිස්නස් කරන්නේ. එතකොට එකෙක්ට වරදක් අහු උනත් ඌව defend කරන්න set එකක් හැදෙනවා. සමහර google business බලපන්කෝ ඒව තනිකර දුවන්නේ reviews උඩ. ඕකට හොඳ කතාවක් කියන්නම් අපේ sir කෙනෙක් හිටිය. මිනිහ හම්බ වෙන මිනිස්සුන්ට, clients ලට කතා කරන්නේ තමන්ගේ එකෙක්ට කතා කරනවා වගේ හරියට නිකං ගොඩක් කාලෙක ඉඳන් දන්නවා වගේ. ඉතින් එන මිනිස්සු ආයෙත් එළියට යන්නේ පට්ට සතුටින්. දවසක් ආපු මනුස්සයෙක් මාරු කතාවක් කිව්ව. දවස් දෙක තුනක් ආව. ආව හැමදාම හරි සතුටින් ගියේ. අන්තිම දවසේ ඇහුවා ආව වැඩේ කරගත්තද කියල. පොර කියනවා මේ 3 වෙනි දවස ආවෙ, තාම වැඩේ නම් උනේ නෑ. ඒත් sir ගෙ මූණ බලාගෙන මොකුත් කියන්නත් මොකක්ද වගේ, මන් ඔන්න ඔහේ වැඩේ පරක්කු උනාට කම ක් නෑ කියල හිතා ගත්ත කියල...
ඒ වගේ තමයි මටත් පේන්නේ. මිනිහ කට්ටිය තියා ගන්න ගොඩක් හොඳට හැම එකාට ම කතා කරල තියෙනවා. ඒත් ඒ හැම තැනකම business එක ගැන මිනිහ හිතේ තියාගෙන තමා. මටත් පුද්ගලිකව කතා කරල තියෙනවා. ඇත්තටම මටත් පොඩි අවුලක් උනා lease එකක් ගන්න ගිහින්. හැබැයි ඒක උගෙම වරදක් නෙවේ. ඒත් ඌ පෙන්නුවේ වැඩ සුළු දෙයක් දවසෙන් ගොඩ දාල දෙන්නම් වගේ. ඒත් අන්තිමට ඔක්කොම හැව.. මම boc එකෙන් personal loan එකක් දාල වැඩේ කරගත්තා. ඒත් මම ගොඩක් රස්තියාදු උනා. නිවාඩු පවා දැම්ම ඒවට. ඒත් මූ ට්ක දවසකින් ආයෙත් call කරලා sorry ත් කියල, boc එකෙන් උඹ කොහොම හරි වැඩේ කරගත්තානේ එච්චරයි ඕනි වගේ හොඳට කථා කළා. ඊට පස්සෙ Gayan සෙට් කළා insurance වලට. එතැනදි මම මදි නොකියන්න හැව...කොහම උනත් මට පොර එක්ක තරහක් නෑ. අනුකම්පාවක් විතරයි. ඒත් ඕක තාම අන්තිමට වෙන්නෙ කරන දේවල් පිරිසිදු නොවුන ම මොන බණ කිව්වත්...