හොද කරන එකාට හරි යනවද බං ?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
To aliman

උඹ බෞද්ධයෙක් නම් බුදු දහම ආගමක් කර ගන්න එපා. බුදු හාමුදුරුවො දේශනා කරපු නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන එක තමා කරන්න තියෙන්නෙ. අපි පිං කරලා භෞතික සැප සම්පත් ප්‍රාර්ථනා කරන එක නෙවෙයි කරන්න ඕනෙ :)
 
aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    පැටියා;18646942 said:
    To aliman

    උඹ බෞද්ධයෙක් නම් බුදු දහම ආගමක් කර ගන්න එපා. බුදු හාමුදුරුවො දේශනා කරපු නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන එක තමා කරන්න තියෙන්නෙ. අපි පිං කරලා භෞතික සැප සම්පත් ප්‍රාර්ථනා කරන එක නෙවෙයි කරන්න ඕනෙ :)

    අනේ නෑ බන් මන් කතෝලික :) අනේ බන් මට සැප සම්පත් ඕනේ නෑ . හොද කරලා දුක් වෙන්න වෙන නිසයි පොස්ට් එක දැම්මේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ නෑ බන් මන් කතෝලික :) අනේ බන් මට සැප සම්පත් ඕනේ නෑ . හොද කරලා දුක් වෙන්න වෙන නිසයි පොස්ට් එක දැම්මේ.

    උඹලගෙ ආගමේ මොනාද ඔය සම්බන්ධව කියලා තියෙන්නෙ? පවු පිං කියලා දෙයක් ගැන විස්තර වෙනවද බයිබලේ? මරනින් පසු නැවත ඉපදීමක් ගැන කියවෙනවද? :)
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    පැටියා;18646991 said:
    උඹලගෙ ආගමේ මොනාද ඔය සම්බන්ධව කියලා තියෙන්නෙ? පවු පිං කියලා දෙයක් ගැන විස්තර වෙනවද බයිබලේ? මරනින් පසු නැවත ඉපදීමක් ගැන කියවෙනවද? :)

    නෑ බන් අපේ ආගමේ නැවත ඉපදීමක් නෑ. අපේ ආගමේ හැටියට නරක කරපු එකාට හදවතින්ම සමාව දෙන්න ඕනේ . එතකොට නම් සැනසීමක් ලැබෙනවා එත් හැමෝටම එහෙම දෙන්න බැනේ බන් . වෙන යට පුළුවන් උනත් හොදට රිද්දපු එකෙක්ට සමාව දීලා ඒ කෙනත් එක්ක යේ හිනාවෙවී ඉන්න අමාරුයි එහම පුලුවන්නම් හොදයි ඉතින්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බන් අපේ ආගමේ නැවත ඉපදීමක් නෑ. අපේ ආගමේ හැටියට නරක කරපු එකාට හදවතින්ම සමාව දෙන්න ඕනේ . එතකොට නම් සැනසීමක් ලැබෙනවා එත් හැමෝටම එහෙම දෙන්න බැනේ බන් . වෙන යට පුළුවන් උනත් හොදට රිද්දපු එකෙක්ට සමාව දීලා ඒ කෙනත් එක්ක යේ හිනාවෙවී ඉන්න අමාරුයි එහම පුලුවන්නම් හොදයි ඉතින්.

    :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන් නම් හිතන්නේ අපි කාට හරි හොදක් යහපතක් හෝ උදව්වක් කලාම එකෙන් අපිට හොදක් වෙයි කියල හිතන එකේම අවුලක් තියෙනවා කියල .එතකොට අපි කාට හරි උදව්වක් කරලා තියෙන්නේ යමක් බලාපොරොත්තුවෙන්.
    එතකොට එක පිනක් වෙනවා .හැබැයි කුසලයක් වෙන්නේ නැහැ .
    බෞද්දයෙක් විදිහට පිනෙයි කුසලෙයි වෙනසක් තියෙනවා .පිනෙන් නැවත සැප සම්පත් ලැබුනත් නිවන් මගට උදව්වක් වෙන්නේ නැහැ .

    අපි යම් හොද දෙයක් කිසිම ලාබ අපේක්ෂාවක් නැතිව කරනවානම් එය කුසලයක් වෙනවා එය අපේ නිවන් අවබෝදය පිණිස යන ගමනට උදව්වක් වෙනවා කියල තමයි මම අහල තියෙන්නේ .

    මේක කිව්වේ බෞද්දයෙක් විදිහට මම අහල ඇති විදිහට
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    "කවදා හෝ හරි යයි කියන බලාපොරොත්තුවෙන් දිගටම හොද වැඩ කරගෙන යන්න."

    මමත් මෙහෙමයි බන්..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මරුසිරා;18647059 said:
    මන් නම් හිතන්නේ අපි කාට හරි හොදක් යහපතක් හෝ උදව්වක් කලාම එකෙන් අපිට හොදක් වෙයි කියල හිතන එකේම අවුලක් තියෙනවා කියල .එතකොට අපි කාට හරි උදව්වක් කරලා තියෙන්නේ යමක් බලාපොරොත්තුවෙන්.
    එතකොට එක පිනක් වෙනවා .හැබැයි කුසලයක් වෙන්නේ නැහැ .
    බෞද්දයෙක් විදිහට පිනෙයි කුසලෙයි වෙනසක් තියෙනවා .පිනෙන් නැවත සැප සම්පත් ලැබුනත් නිවන් මගට උදව්වක් වෙන්නේ නැහැ .

    අපි යම් හොද දෙයක් කිසිම ලාබ අපේක්ෂාවක් නැතිව කරනවානම් එය කුසලයක් වෙනවා එය අපේ නිවන් අවබෝදය පිණිස යන ගමනට උදව්වක් වෙනවා කියල තමයි මම අහල තියෙන්නේ .

    මේක කිව්වේ බෞද්දයෙක් විදිහට මම අහල ඇති විදිහට
    ඔව් එකත් ඇත්ත
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    "කවදා හෝ හරි යයි කියන බලාපොරොත්තුවෙන් දිගටම හොද වැඩ කරගෙන යන්න."

    මමත් මෙහෙමයි බන්..

    දැනට මාත් එහෙමයි බන්. එත් වෙන දේවල් හැටියට එපා වෙනවා
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හෘදය සාක්ෂියට ඒකගව ජීවත් වන්න...!!

    මම අහල තියෙන කවියක්...
    හොඳ දේ අසමි
    අසමින් සිතමි
    සිතමින් කරමි
    කරමින් හැදෙමි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරියනවා කියන්නේ මොකක්ද? සල්ලි වැඩියෙන් හම්බ වෙලා පෝසත් වෙන එක? සතුටෙන් ඉන්න එක? හොද රැකියාවක් ලැබෙන එක? මොක වුනත් මේ හැම එකටම ඕනේ හොද වෙනම එකම නෙවෙයි, අවශ්‍යය වෙලාවට නිවැරදි තීරණය ගැනිමයි, බුද්ධිමත් වීමයි. අන්න ඒක තමයි සාර්ථකත්වයේ රහස.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඔබතුමාට එහෙම හරි ගිහින් තියෙනවාද?

    ඔව්. මම හොද වැඩ කරන නිසා මට හරියන්න ඕන කියන බලා පොරොත්තුවකුත් නෑ. වැරදුනත් දුකක් නෑ බන්. දිගින් දිගටම හොද වැඩ කරලා ඉවසන්න පුරුදු වෙනකොට වැරදුනත් දුක නෑ, ඒ තරම් හිත උපේක්ෂා සහගත වෙනවා. මේක ඉතින් තරාදියකට අබ ඇටයක් දාලා ඇයි තාරාදියේ මට්ටම වෙනස් උනේ නැත්තේ කියලා හිතෙන කෙනෙක්ට හිතා ගන්න අමාරුයි.

    මෙතන මම "කවදා හෝ" කියන එකෙන් අදහස් කරේ බෞද්ධ දර්ශනයට අනුව නිවන් දකිනා තුරු යන අදහසින්. ඒක මේ ආත්මයේ වෙන්නත් පුලුවන්, වෙනත් ආත්මෙක වෙන්නත් පුලුවන්.

    කතෝලික දහමට අනුව, ඒක මේ ආත්මයේ විය යුතුමයි. ඒත් ඒක විය හැකි සම්භාවිතාව බුද්ධ දර්ශනයට අනුව 8න් 1යි.

    8න් 7ක් විය නොහැකියි. අන්න ඒ තත්වය නොතේරෙන අයට මෙක ලොකු ගැටලුවක්. සමහර නාමික බෞද්ධයන්ටත් තියෙනවා. එහෙව් එකේ උබට ඇතිවෙන එක සාධාරණයි.

    මටත් හිතෙන්නෙ ඔය පව් පිං අනුව බලපාන කර්මය බොරුවක්... :(

    අචින්ත්‍ය විෂයයන් තියෙනවා. ඒවා සාමාන්‍ය මනුස්සයන්ට හිතා ගන්න බෑ. අපේ බුද්ධි මට්ටම සීමා සහිතයි. එතනින් එහාට යන්න බෑ. දකින්න බෑ. හිතුවත් හරියට හිතන්න බෑ වැරදෙනවා. කවදාවත් හිතලා අවබෝධයක් අරගෙන නිමාවක් නෑ. හිත වික්ෂිප්ත වෙනවා. ඒ නිසාම ඒවා ගැන හොයන්නේ නැති එක හිතට ගුණයි.

    හොයන්න අවශ්‍යනම් බුද්ධ කාරක ධර්ම කල්ප අසංඛ්ය ගානක් පුරලා සම්මා සම්බුද්ධත්වට පත් වෙන්න ඕනේ.

    අචින්ත්‍ය විෂයයන් කීපයක් තියෙනවා. මට මතක් උන ටිකක් මෙන්න.

    ලෝක විෂය
    සත්ව විෂය
    බුද්ධ විෂය
    කර්ම විෂය
    සෟද්ධි විෂය
     
    Last edited:
    • Like
    Reactions: shenic

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තමන්ට ලැබෙන දේ ගැන නොහිතා හරි දේ කරන්න
    තමන් කරන හොද දේට හොද දෙයක්ම ආපහු ලැබැයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.එත් තමාට තමන්ට ගෞරව කරන්න පුලුවන් වෙන්නේ අපි හරි දේ කලොත් විතරයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    "නරක මිනිසුන් නිසා සෑම විටම හොඳ මිනිසුන් දුක් විදිති.
    තාඩන පීඩන වලට ගොදුරු වෙති.

    හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් දක්ෂ‍යෝ වෙති.

    ඔව්හු ඉක්මනින් දි‍යුණු වෙති.

    එහෙත් අන්තිමේදි සෑම විටම බලාපොරොත්තුනොවු දෙ‍යක් සිදුවී
    නරක මිනිසුන් පරදිති.

    හොඳ මිනිසුන් සදාකාලිකවම දිනති."

    (මැක්සිම් ගෝර්කි.)

    එහෙමන නරක මිනිහෙක් වෙලා ඉක්මණට දියුණු වෙලා දියුණු වෙච්ච ගමන් හොද එකෙක් වුනා නම් හරි :rofl::rofl::rofl: