
පැටියා;18646942 said:To aliman
උඹ බෞද්ධයෙක් නම් බුදු දහම ආගමක් කර ගන්න එපා. බුදු හාමුදුරුවො දේශනා කරපු නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන එක තමා කරන්න තියෙන්නෙ. අපි පිං කරලා භෞතික සැප සම්පත් ප්‍රාර්ථනා කරන එක නෙවෙයි කරන්න ඕනෙ![]()
අනේ බන් මට සැප සම්පත් ඕනේ නෑ . හොද කරලා දුක් වෙන්න වෙන නිසයි පොස්ට් එක දැම්මේ.අනේ නෑ බන් මන් කතෝලිකඅනේ බන් මට සැප සම්පත් ඕනේ නෑ . හොද කරලා දුක් වෙන්න වෙන නිසයි පොස්ට් එක දැම්මේ.

පැටියා;18646991 said:උඹලගෙ ආගමේ මොනාද ඔය සම්බන්ධව කියලා තියෙන්නෙ? පවු පිං කියලා දෙයක් ගැන විස්තර වෙනවද බයිබලේ? මරනින් පසු නැවත ඉපදීමක් ගැන කියවෙනවද?![]()
නෑ බන් අපේ ආගමේ නැවත ඉපදීමක් නෑ. අපේ ආගමේ හැටියට නරක කරපු එකාට හදවතින්ම සමාව දෙන්න ඕනේ . එතකොට නම් සැනසීමක් ලැබෙනවා එත් හැමෝටම එහෙම දෙන්න බැනේ බන් . වෙන යට පුළුවන් උනත් හොදට රිද්දපු එකෙක්ට සමාව දීලා ඒ කෙනත් එක්ක යේ හිනාවෙවී ඉන්න අමාරුයි එහම පුලුවන්නම් හොදයි ඉතින්.

අනේ නෑ බන් මන් කතෝලිකඅනේ බන් මට සැප සම්පත් ඕනේ නෑ . හොද කරලා දුක් වෙන්න වෙන නිසයි පොස්ට් එක දැම්මේ.

ඔව් එකත් ඇත්තමරුසිරා;18647059 said:මන් නම් හිතන්නේ අපි කාට හරි හොදක් යහපතක් හෝ උදව්වක් කලාම එකෙන් අපිට හොදක් වෙයි කියල හිතන එකේම අවුලක් තියෙනවා කියල .එතකොට අපි කාට හරි උදව්වක් කරලා තියෙන්නේ යමක් බලාපොරොත්තුවෙන්.
එතකොට එක පිනක් වෙනවා .හැබැයි කුසලයක් වෙන්නේ නැහැ .
බෞද්දයෙක් විදිහට පිනෙයි කුසලෙයි වෙනසක් තියෙනවා .පිනෙන් නැවත සැප සම්පත් ලැබුනත් නිවන් මගට උදව්වක් වෙන්නේ නැහැ .
අපි යම් හොද දෙයක් කිසිම ලාබ අපේක්ෂාවක් නැතිව කරනවානම් එය කුසලයක් වෙනවා එය අපේ නිවන් අවබෝදය පිණිස යන ගමනට උදව්වක් වෙනවා කියල තමයි මම අහල තියෙන්නේ .
මේක කිව්වේ බෞද්දයෙක් විදිහට මම අහල ඇති විදිහට
"කවදා හෝ හරි යයි කියන බලාපොරොත්තුවෙන් දිගටම හොද වැඩ කරගෙන යන්න."
මමත් මෙහෙමයි බන්..
ඔබතුමාට එහෙම හරි ගිහින් තියෙනවාද?
මටත් හිතෙන්නෙ ඔය පව් පිං අනුව බලපාන කර්මය බොරුවක්...
"නරක මිනිසුන් නිසා සෑම විටම හොඳ මිනිසුන් දුක් විදිති.
තාඩන පීඩන වලට ගොදුරු වෙති.
හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් දක්ෂයෝ වෙති.
ඔව්හු ඉක්මනින් දියුණු වෙති.
එහෙත් අන්තිමේදි සෑම විටම බලාපොරොත්තුනොවු දෙයක් සිදුවී
නරක මිනිසුන් පරදිති.
හොඳ මිනිසුන් සදාකාලිකවම දිනති."
(මැක්සිම් ගෝර්කි.)


