හොඳට ඉගෙනගෙන ලොකූ මහත්තයෙක් වෙයන් මගේ පු&#3501

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    හරියට හරි මචන්.
    ඕලෙවල් වලින් ඒලෙවල් වලට එන හැම කොල්ලාටම ඉස්සරහට යන්න මහා බාධක දෙකතුනක්ම එනවා.
    1) කෙල්ලෝ සීන් එක.
    2) අරක්කු, සිගරට් හා මත්ද්‍රව්‍ය
    3) ගැන්සි බැහීම හා රස්තියාදුව.

    ලංකාවේ බහුතරයකට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නෑ මචන්. ඉගෙනගත්තේ නැත්තන් එයාලගේ ජීවිතේ විනාසයි. ළමයෙක්ගෙ ජීවිතේම තීරණය කරන කඩඉම වෙච්ච ඒලෙවල් එක පරිස්ස්මෙන් ගොඩදාගන්න පුලුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද.

    දොස්තරෙක් වෙලා තමන්ගේ ජීවිතයයි අනාගත පරම්පරාවේ ජිවිතයි ගොඩදාගන්නවද නැත්තන් කොන්දොස්තරෙන් වෙලා ආගාධෙට යනවද කියන එක තීරණය කරන්නේ ඒ ලෙවල් අවුරුදු 2.

    හොඳ ළමයි කීදෙනෙක් නම් විනාස වෙලා තියෙනවද. හැබැයි ඔය වයසේ අයට කිව්වට දෙයක් අහන්න බෑ. ඒ කාලේ අපිටත් එහෙමමයි. වරදින්නම ඕන ජීවිතේ හැදෙන්න. හැබැයි ඉතින් උසස් පෙල කාලේ වැරැදුනොත් ඉතින් ආයේ කවදාවත් හදන්නත් බෑ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන අවාසනාවන්ත කම.

    අන්තිමට කියන්න තියෙන්නේ ඔබතුමා කිව්ව එකමයි. අනිත් හැම දේම පැත්තකට කරලා ඉගෙනගන්න. ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්
     
    Last edited:

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    කියන්න ඕනේ ටික ලෙසටම කියලා තියෙනවා ! ආයි කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ . ඔය විභාග pass වුනේ නැහැ කියල ඒක ජීවිතේ අවසානේ නෙමෙයි. එත් එතනින් එහාට ජීවිතේ ගොඩක් අමාරු වෙනවා. දෙමාපියන්ට බරක් වෙන්න වෙනවා. දෙමාපියෝ දුප්පත්නම් ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් හිතාගන්න බැරි වෙනවා. එත් ගෙවල් උගස් තියල හරි ආයි මොනවා හරි කරලා දෙන්න බලයි. එත් ඒ මිනිස්සු පව් !

    මතක තියාගන්න ඕනේ දෙමපියෙක්ට දෙන්න පුළුවන් උපරිම ත්‍යගේ තමා , තමන්ගේ දරුවා හොද තැනක ඉන්නවා දකින එක.

    ගැන්සි බැහැපන්. කෙල්ලෝ කරපන්. ඔය හැමදේම කරලත් විභාග ගොඩ දාන එවුන් ඉන්නවා.හැබයි මතක තියගනින් හැම එකගේම චින්තන ශක්තිය එක වගේ නෙමෙයි. සමහරු ලේසියෙන් ගොඩ දාන දේවල් අනිත් අය බොහොම මහන්සිවෙලා ගොඩ දන්නා ඕනේ .

    අනාගෙතේ ගැන වැඩියම හිතන්නත් එපා . හැබැයි නොහිතම ඉන්නත් එපා. මද්‍යම ප්‍රතිපාදවෙන් වැඩකරන එක තමා හොදම .
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    හොඳට ඉගෙනගෙන ලොකූ මහත්තයෙක් වෙයන් මගේ පු&#3501

    මේක හොද කතාවක් තමාගේ දෙමපියන්ට පුලුවන් විදිහට තමා ඒ අය සලකන්නේ.අපේ වගකීම වෙන්නේ කොහොම හරි හොදට ඉගන ගැනීම.දැන් ඉන්න පොඩි කෙල්ලො කොල්ලොන්ට මාර අමාරුවක්නේ තියෙන්නේ??
    අම්මලා තත්තලාට කරදර කරල කෝම 20000 30000 හරි පොන් එකක් ගන්න තමා බලන්නේ??
    මම මේක හුගක් දැකල තියන දෙයක්??
    මම ෆොන් එක දැන් අවුරුදු 8ක් වෙනවා එත් මම තාම එක යුස් කරන්නේ
     
    • Like
    Reactions: Fox C2