හරියට හරි මචන්.
ඕලෙවල් වලින් ඒලෙවල් වලට එන හැම කොල්ලාටම ඉස්සරහට යන්න මහා බාධක දෙකතුනක්ම එනවා.
1) කෙල්ලෝ සීන් එක.
2) අරක්කු, සිගරට් හා මත්ද්‍රව්‍ය
3) ගැන්සි බැහීම හා රස්තියාදුව.
ලංකාවේ බහුතරයකට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නෑ මචන්. ඉගෙනගත්තේ නැත්තන් එයාලගේ ජීවිතේ විනාසයි. ළමයෙක්ගෙ ජීවිතේම තීරණය කරන කඩඉම වෙච්ච ඒලෙවල් එක පරිස්ස්මෙන් ගොඩදාගන්න පුලුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද.
දොස්තරෙක් වෙලා තමන්ගේ ජීවිතයයි අනාගත පරම්පරාවේ ජිවිතයි ගොඩදාගන්නවද නැත්තන් කොන්දොස්තරෙන් වෙලා ආගාධෙට යනවද කියන එක තීරණය කරන්නේ ඒ ලෙවල් අවුරුදු 2.
හොඳ ළමයි කීදෙනෙක් නම් විනාස වෙලා තියෙනවද. හැබැයි ඔය වයසේ අයට කිව්වට දෙයක් අහන්න බෑ. ඒ කාලේ අපිටත් එහෙමමයි. වරදින්නම ඕන ජීවිතේ හැදෙන්න. හැබැයි ඉතින් උසස් පෙල කාලේ වැරැදුනොත් ඉතින් ආයේ කවදාවත් හදන්නත් බෑ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන අවාසනාවන්ත කම.
අන්තිමට කියන්න තියෙන්නේ ඔබතුමා කිව්ව එකමයි. අනිත් හැම දේම පැත්තකට කරලා ඉගෙනගන්න. ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්