හොඳම මිතුරා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අරණායක සාමසර කන්ද නාය ගිය 17 වැනිදා රාත්‍රියේ සිට බල්ලෙක් නොකා නොබී මඩවළේ ලැග සිටී. මීට පෙර එහි මඩවළක් තිබුණේ නැත.

වෙල් යායේ මඩවළ හැදුණේ ගෙවල් 66ක් ද යටකරගෙන ආ කන්ද නිසාය. වතුර සමග කැලතී ආ මෙම කන්ද දැන් දොදොලක් වැනිය. ඒ අසලටවී විටෙක බුරමින් ද විටෙක ඉදිරි පා වලින් පස් හාරමින්ද සිටින මේ බල්ලා සිටිනුයේ ගමේ බෝධියට මීටර් 25ක් පමණ පහළින්ය. බුදු මැදුර ඇත්තේද එතැනය. එහි තිබූ පන්සල අරණායක සිතියමෙන් මැකී ගොසිනි. හොඳින් වැඩුණු මේ බල්ලා දුඹුරු පාටය. මෙම බල්ලාගේ පාට කුමක්දැයි හරියට කිව නොහැක්කේ මඩ තැවරී දුඹුරු පැහැවී ඇති හෙයිනි. මෙම සතා අද(19) උදෙත් එහි සිටියේය.

අඟහරුවාදා මේ බල්ලා දුකින් සිටිනු දුටු පුද්ගලයෙක් බල්ලා ඔසවාගෙන අනතුරුදායක පෙදෙසින් ගම පැත්තට රැගෙන ගියේය. එහෙත් බල්ලා එහි නතර වූයේ නැත. යළී සිටි තැනටම ගොස් බුරන්නට විය. ඒ බිරීමේ වෙනසක් ඇත. එහි දුක වේදනාව ගැබ්වී තිබිණි. මේ සුරතල් බල්ලාගේ හැසිරීමෙන් පෙනෙනුයේ බල්ලාගේ හාම්පුතා ඇතුළු ගෙදර සිටි සියලු දෙනාම ගමේ නැති බවයි. බල්ලා මඩ ගොඩේම රැඳී සිටීමෙන් පෙනෙනුයේ හාම්පුතා සොයන බවයි. බල්ලා සිටි මඩවළ අසල පෙදෙස හෙළක් වැනිය. එහි සිටි තරුණයන් දෙදෙනකු ජීවිත අනතුරුද නොතකා එහි බසින්නට ගියහ. දණහිසටත් වඩා එරී ගිය ඔවුහු ගොඩට ඇදගැනීමට එහි සිටි කිහිපදෙනෙක් සමත් වූහ.

මහවැසි මැද්දේත් බල්ලා එතැන සිටී. වැසි පෑයුවත් එතැනම සිටී. ඒ බල්ලාගේ හාම්පුතා කවුදැයි දන්නා ගැමියෙක් නැති බව පෙනේ.


:(:(:(:(

Lankadeepa

aaa1.jpg



 

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මිනිස්සුන්ගෙන් කරුණාව දයාව පිරිහෙන කොට මිනිසුන් තිරිසනුන් වන කාලයක හාම්පුතා වෙනුවෙන් දුක් වෙන මේවගේ සතුන් ආදර්ශයක්. :(