හොඳ භාවනා මධ්‍යස්ථානයක් දන්නවද?

Sheree

Member
Jul 17, 2007
119
14
0
හොඳ භාවනා මධ්‍යස්ථානයක් දන්නවද?

හොඳ භාවනා මධ්‍යස්ථානයක් දන්නවද?

යාලුවනේ
හොඳ භාවනා මධ්‍යස්ථානයක් / වන ආරණ්‍යක් වගේ තැනක් දන්නවද?
නුවර කිට්ටුව එකක් තමයි හොයන්නේ. හැබැයි කමක් නෑ කොළඹ හරි දන්න, හොඳ එකක් තියෙනවනම් පොඩ්ඩක් කියනවද
බොහොම ස්තූතියි වගේම පින් ඔයාලට!
:):):)
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mahemeunawa bhawna asapuwa hodai.bandara wela amathananda hamuduruwange thanak tiynwa kaduwela paththe..eekath balahan..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කඳුබොඩ විපස්සනා භාවනා මද්‍යස්ථානය - ගිහින් නැවතිලා භාවනා කරල තියනව. බොහොම නිස්කලංක පරිසරයක්. භාවනා යෝගින්ව හොඳින් අඳුරගන්න භාවනා නිවැරදි උපදෙස් දෙන්න දන්නා ස්වාමින්වහන්සේලා ඉන්න තැනක්. මෙතන මහනායක හාමුදුරුවන්ගේ මුල් පන්සලෙත් භාවනා කරන්න පුළුවන්. ඒක තියෙන්නේ ලෙල්ලොපිටියේ.

    නිස්සරණවනය - මේකනම් විශාල කැලෑවක්, එකේ භාවනා කරන හාමුදුරුවරු ඉන්නව. දානේ ගන්න පමණක් කැලයෙන් එලියට එනව. ලොකු විස්තරයක් දන්නේ නැහැ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මීතිරිගල හොදයි මචන් මම දන්නා තරමට .. මීතිරිගල උඩඊරියගම ධම්මජීව කියල ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා..උන් වහන්සේ ලග භාවනා කරලා හොද ප්‍රතිපල ලබපු අය ඉන්නවා
    නා උයන ත් එහෙමයි ..ඔය දෙකෙන් එකක් තෝරගනින්
    :)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කඳුබොඩ විපස්සනා භාවනා මද්‍යස්ථානය - ගිහින් නැවතිලා භාවනා කරල තියනව. බොහොම නිස්කලංක පරිසරයක්. භාවනා යෝගින්ව හොඳින් අඳුරගන්න භාවනා නිවැරදි උපදෙස් දෙන්න දන්නා ස්වාමින්වහන්සේලා ඉන්න තැනක්. මෙතන මහනායක හාමුදුරුවන්ගේ මුල් පන්සලෙත් භාවනා කරන්න පුළුවන්. ඒක තියෙන්නේ ලෙල්ලොපිටියේ.

    නිස්සරණවනය - මේකනම් විශාල කැලෑවක්, එකේ භාවනා කරන හාමුදුරුවරු ඉන්නව. දානේ ගන්න පමණක් කැලයෙන් එලියට එනව. ලොකු විස්තරයක් දන්නේ නැහැ.

    කඳුබොඩ යන්න එපා විහිලුවක්, එතන විදේසිකයින්ට හදපු තැනක්, සල්ලිත් ගන්නව රු500/=
    කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්ය සේනාසනය මරු, හැබැයි, සර්පයො ඉන්නව් ඒකෙ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කඳුබොඩ යන්න එපා විහිලුවක්, එතන විදේසිකයින්ට හදපු තැනක්, සල්ලිත් ගන්නව රු500/=
    කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්ය සේනාසනය මරු, හැබැයි, සර්පයො ඉන්නව් ඒකෙ.

    නා උයනට යන්න කැමතිනම් කියන්න .මම උදව් කරන්නම් .. :):)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කඳුබොඩ යන්න එපා විහිලුවක්, එතන විදේසිකයින්ට හදපු තැනක්, සල්ලිත් ගන්නව රු500/=
    කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්ය සේනාසනය මරු, හැබැයි, සර්පයො ඉන්නව් ඒකෙ.

    එතන පවත්වාගෙන යන්න එහෙම කරනව. භාවනා කරන්න ප්‍රත්‍ය පහසුකම් අවශ්‍යයි (දානය නොලැබෙන දවසට) එදෙවල් සපයන්න මුදල් උවමනායි. එකේ වැරද්දක්නම් මම දකින්නේ නැහැ. "කඳුබොඩ යන්න එපා විහිලුවක්" මේ දේ කිව්වේ ඔය මුදල් සාමාජික ගාස්තුව අය කිරීම මුල් කරගෙනද? නැතිනම් අත්දැකීමක් හේතුවෙන්ද?

    @OP

    මුලික පුහුණුව ලබන්න ඔය වගේ ස්ථානයකට ගිහින් බොහෝදුරට ඊට පස්සේ ගෙදර ඉඳන්ම භාවනා කරන්න පටන්ගන්න එක තමා හොඳ. Chathuranga1 කිව්වා මීතිරිගල අරණ්‍ය සේනාසනයම තම මම "නිස්සරණවනය" කියල කිව්වේ. එතන භාවනා උපදෙස් ලැබෙන්නේ පොදුවේ. ගැටළුවක් තියනවනම් තුන්ඩුවක ඒක ලියල දාන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ ඒවා බලල පොදුවේ තමා උපදෙස් දෙන්නෙ.එහෙම වුනහම පටන්ගන්න කෙනෙක්ට සමහරවිට ගැටලුසහගත වෙන්න පුළුවන්.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එතන පවත්වාගෙන යන්න එහෙම කරනව. භාවනා කරන්න ප්‍රත්‍ය පහසුකම් අවශ්‍යයි (දානය නොලැබෙන දවසට) එදෙවල් සපයන්න මුදල් උවමනායි. එකේ වැරද්දක්නම් මම දකින්නේ නැහැ. "කඳුබොඩ යන්න එපා විහිලුවක්" මේ දේ කිව්වේ ඔය මුදල් සාමාජික ගාස්තුව අය කිරීම මුල් කරගෙනද? නැතිනම් අත්දැකීමක් හේතුවෙන්ද?

    මිරිස්වත්තෙන් පූගොඩ බස් එක අරගෙන කඳුබොඩ ඉස්සරහම බැස්ස ඇහැකි, ලොක්කා ම#න් ගොඩ කලෙක ඉඳන් ඔතෙන්ට යන්නෙ, මන් දන්න තරමින් ඔතන මහණ කරන්නෙ නෑ, දස සිල් වෙලා සුමාන 2 ක් වගේ තම්යි ඉන්න පුලුවන්, ඉඩ සීමිතයි, කථාකරන්න ඉඩක් නෑ,අලුතෙන් යනකෙනෙක්ට එතන වැඩපිලිවෙල අල්ලගන්න අමාරුයි, දානෙ නැතිවෙන්නෙ නෑ කවදාවත්, ඒත් දානෙ ගන්නකොට අර නෙක්ඛ්ම්ම සීලය සමාදන් අය වගේ ඒක ගන්න ඕනෙ , ස්වාමීන් වහන්සේලත් එක්ක දානෙ අරන් එලියට යන්න ඕනෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මිරිස්වත්තෙන් පූගොඩ බස් එක අරගෙන කඳුබොඩ ඉස්සරහම බැස්ස ඇහැකි, ලොක්කා ම#න් ගොඩ කලෙක ඉඳන් ඔතෙන්ට යන්නෙ, මන් දන්න තරමින් ඔතන මහණ කරන්නෙ නෑ, දස සිල් වෙලා සුමාන 2 ක් වගේ තම්යි ඉන්න පුලුවන්, ඉඩ සීමිතයි, කථාකරන්න ඉඩක් නෑ,අලුතෙන් යනකෙනෙක්ට එතන වැඩපිලිවෙල අල්ලගන්න අමාරුයි, දානෙ නැතිවෙන්නෙ නෑ කවදාවත්, ඒත් දානෙ ගන්නකොට අර නෙක්ඛ්ම්ම සීලය සමාදන් අය වගේ ඒක ගන්න ඕනෙ , ස්වාමීන් වහන්සේලත් එක්ක දානෙ අරන් එලියට යන්න ඕනෙ.

    මමත් කඳුබොඩ ගැන යම් කාලයක ඉඳන් දන්නව. එහෙත් එතනට ගිහින් භාවනා කරපු/කරන්න උතසහ කරපු, මට කතාකරන්න හම්බුන අයගෙන් ඔයාතමා එතන ගැන අප්‍රසාදයෙන් කතාකරපු කෙනා. ඔතන ඉන්න දියසෙන්පුර විමල හාමුදුරුවෝ ඔතනට දානයක් දෙන්න ආපු පිරිසක් අතරේ ඉඳල අපහු යන්න බැහැ කියල එතනම මහන වුන කෙනෙක්. ඒකනිසා "මන් දන්න තරමින් ඔතන මහණ කරන්නෙ නෑ" පිළිගන්න බැහැ.

    දවස් 14 සිමාව දාල තියෙන්නේ මිනිස්සු ඇවිත් කකා බිබී ඔහේ ඉන්නවට. ඒවගේම අනිත් අයට අවස්ථාව ලබා දීමට. ඒවගේම භාවනාව කියන එක එකදිගට කරගෙන යන්නවත් එකසරෙන්ම කරලා ඉවර කරන්නවත් බැහැ. සියලුම ප්‍රත්‍ය පහසුකම් එක්ක දවස් 14ක් දෙනවා ධර්මදර භාවනාව "වඩපු" හමුදුරුවරුන්ගෙන් උපදෙස් ලබාගැනීමේ අවස්ථාවත් එක්ක. ඉන්පස්සේ ඒ උපදෙස් මත තමන් ඉන්න තැනක භාවනා කරල ගැටළු සහගත වෙනකොට අයෙ එන්න පුළුවන්. ඔයවගේ කරුණු රාශියක් පදනම් කරගෙන තමා "දස සිල් වෙලා සුමාන 2 ක් වගේ තම්යි ඉන්න පුලුවන්" වෙලා තියෙන්නෙ.

    "ඉඩ සීමිතයි". මේකනම් ඇත්ත. විශේෂයෙන් ගැහැණුන්ගේ පැත්තේ. පිරිමි කුටිනම් බොහෝවේලාවට කිහිපයක් හරි හිස්ව තියනව.

    "කථාකරන්න ඉඩක් නෑ". මේකත් ඇත්ත. උදේට ඇහැරෙන්න පරක්කු වුනාම, දානෙට යද්දී පෝලිම හැදෙනකොට, කුටි අවට පිරිසිදු කරගන්න කොට ඇරෙන්න කතාබහ කරන්න එපා කියනවා. මේකට මම හොඳ හේතුවක් කියන්නම්. බුදුන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ටාන සුත්‍රයේ තියනව "අරණ්‍ය ගතෝවා, රුක්ඛමුල ගතෝවා, සුන්‍යාගාර ගතෝවා" කියල. මේ කියල තියන දෙයින් අදහස් කරන්නේ පුළුවන් තරම් මිනිස් ආශ්‍රයෙන් තොරවෙලා භාවනා කරන්න කියන එක. අන්න ඒ අරමුණ ඉටුකරගන්නයි ඔය දේ තියෙන්නේ. ඒ පුරුද්දයි පුහුණුවයි තමා ඇති කරන්නෙ.

    උනන්දුව උවමනාව (සසර බය) නැති අලුතෙන් අලුතෙන් යනකෙනෙක්ට නම් එතන වැඩපිලිවෙල අල්ලගන්න අමාරුයි.

    "දානෙ නැතිවෙන්නෙ නෑ කවදාවත්" දානේ නැතිවෙන දවස් තියනව. එදාට ඒ අවට ඉන්න ගැහැණු කිහිපදෙනෙක් ඇවිත් දානය භාරගත්ත අය ගෙනත් තියන අහාර හදනව.

    ඒත් දානෙ ගන්නකොට අර නෙක්ඛ්ම්ම සීලය සමාදන් අය වගේ ඒක ගන්න ඕනෙ. මම නෙක්ඛ්ම්ම සීලය කියල දෙයක්නම් දන්නේ නැහැ, ඒවගේම ඔයා කිව්වදෙත් එතරම් පැහැදිලි නැ.? එත් නෙක්ඛ්ම්ම කියන්නේ සියල්ල අතහැරීම කියන එකයි මගේ දැනුම හැටියට. අපි ගන්න අහරයත් අපි අතහරින්න ඕනේ. ආහාරයට තියන රස තෘශ්නාව අතහැරලා, කය පවත්වාගෙනයාම උදෙසා පමණක් කියන පරමාර්ථයෙන් අහාර ගන්න ඕනෙ.

    ස්වාමීන් වහන්සේලත් එක්ක දානෙ අරන් එලියට යන්න ඕනෙ. ඔව් ඉතින් දානේ අරන් දාන ශාලාවෙන් එලියට පෝලිමට තම තමන්ගේ කුටිවලට යන්න ඕනේ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Matat attatama asai oya wage thanakata gihin manasa tikak hadaganna.

    Eth lankawe inna kale job ekat ekka kohe yannada...

    Lankawata awama 2weeks walata yannna one...
     
    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    මේ trd එකට ආපු අයටයි comment දැම්ම අයටයි බොහොම පින් යාලුවනේ :yes::yes::yes::yes::):):):):)
    (වැඩි විස්තර ඔන උනොත් මම pm1ක් දාන්නම්:))
     
    • Like
    Reactions: arsehole-froce