හොරුන්ට පලදීම

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගැටලුව තියෙන්නේ සමාජ ස්ථාවරයේ උඩ ඉන්න එකාට හොරකම් කිරීමේ පවර් එක වැඩියි. ඒ නිසා යට එකා හැමදාම තැලෙනවා.
    මේකට විසඳුමක් හොයන්න ඔක්කොම එකතු වෙන එකට වඩා එක එකා, ඉහළ අර හොරකම් කරන්න පුළුවන් තැනට යන්න ගිජු වෙන එකයි වෙලා තියෙන්නේ. ඒකත් ඔය guilty feeling එක අඩු වීමේ ලක්ෂණයක්. මොකද ඒක සාමාන්‍යකරණය වෙලා තියන නිසා.

    අපි දැනට සැපේ හිටියට භෞතික වෙනස් වීම් එක්ක දුක කියන එක පස්සෙන් එන්න පුළුවන්. මොකද දුකත් විවිධාකාරයි.

    ඒ නිසා සමාජයේ ඒක සාමාන්‍ය දෙයක් වුනාට ඒකෙ දුක තමන්ට විඳින්න වෙනවා. එකක් අනුන් කරන දේවල් වල දුක, අනික තමන් කරන දේවල් වල ප්‍රතිවිපාක. මේදෙක වළක්වන්න ඉතින් හැමෝම තමන් හැදෙන ක්‍රමයකට යන්න ඕන.
    මඩිහේ පඥාසීහ හාමුදුරුවෝ ඒ නිසා තමා කිව්වේ ’මිනිසා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදා ගෙන රටත් හදමු කියලා’.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    අනික මිනිස්සු නොදියුණු , ගෝත්‍රික , වනචාරි යුගයක් පසු කරල ටිකෙන් ටික තමයි ශිෂ්ටසම්පන්න සමාජයකට එන්නේ.
    ඔය කාලේදී පිනක් කරන මොකෙක්වත් ඉන්න විදියක් නෑ . නිකන්ම ටිකක් මොලේ තියන සත්තු විතරයි.
    ඔය ඔක්කොම කාලයත් එක්ක මිනිස්සු හදාගත්ත මත.. GT ගේ ත්‍රෙඩ් එකේ නිසා කතා කරන්න පුලුවන් . නැත්නම් මම නිකන්ම ශ්‍රද්ධාව නැති ආගමක් නැති එකෙක් වෙන්වා ;)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1. Skeptical doubt - Doubt about the Buddha, his teaching (Dharma), and his community (Sangha) is eradicated because the sotāpanna personally experiences the true nature of reality through insight, and this insight confirms the accuracy of the Buddha's teaching. Seeing removes doubt, because the sight is a form of vision (dassana), that allows one to know (ñāṇa).

     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    "අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට,"

    if you are studying the real Dhamma... you know this is not going to be a accurate Buddhist quote at all
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    හොරකමෙන් පගාවෙන් දියුණු wena eka awlak na kiyala neda conclusion eka widiyata kiyanne?

    මේ කියන්නෙ හොරකමෙන් පගාවෙන් දියුණු වෙන එක discourage කරන්න ඕන හරියට නීති හදල ඒව enforce කරල මිසක් ලබන ආත්මෙ ඌ නිරයට යනවනේ කියල බොරුවට හිත හදාගෙන නෙමෙයි කියන එක
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    දුප්පතාට කර්මය පුනර්භවය ආගම ජාතිය දේශය වගේ කැරට් එල්ලල උන්ව ඒක පස්සෙ එලෝලා, පුලු පුලුවන් එවුන් ෆුල් සැපේ ඉන්නව ඔය එක මගුලක්න්වත් ඔලුවට ගන්නේ නැතුව,

    දුප්පතා ඉතින් උන හැදුනත් එහා ගෙදර එකා කොඩිවින කරල කියක මාලේ උගස් තියල දෙහි කපනව

    දේසපාලුවෝ බය ම දේ තමා ජනතාව දැනුවත් වීම, ජනතාව මෝඩයෝ ගානට ඉන්න තාක් උන්ව කොටවන්න ලේසියි

    මාද්‍ය මගින් කරන්නේ සාමාන්‍ය ජන මනස වෙනස් කරල තියාගන්න එක, ඔකෙන් එලියට ඇවිල්ල බලන කීප දෙනාට මෙක පැහැදිලව පේනව මුන් අපිව අන්දන ඇන්දිල්ල..


    ඕවා ගැන මුකුත් නොදන්න අහිංසක බහුතරයක් මිනිස්සු වස ටික කාල ලෙඩ රෝග වලට යොමු වෙල මැරිල යනව

    පුලුවන් එවුන් ඕගනික් කාල යුරෝපේන් ගේන කොලිටිම බෙහෙත් ටික බීලා ආතල් එකේ ඉන්නව

    අපිට දෙන්නෙ ඉන්දියාවේ බෙහෙත්

    උබල අපිට කෙලවිල ගොඩක් කල් බන්,
    මේකෙන් පැන්න එවුන් දෙවනි හෝ තුවෙනි පුරවැසියන් වෙලා හරි කාල ජොබ් එක කරන් තමන් ගෙ දරු පවුල් එක්ක ඉන්නව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,108
    67,416
    113
    Nature law eke good or bad kiyala deyak ne.cause and reaction tiyenne.horakaran karoth salli hambenawa.hebei ahu wennath puluwan.ahu nowenna wede karoth sape inna puluwan.dupath unama suffer wediy eka tamai atta.hebei reaction eka koi wele eida kiyanna be.mae life eke nowenath puluwan.danata tiyena economic situation ekath ekka horakan karoth mae life eke sepata inna puluwan dupath ekekta wada.

    Manussa athama wedi wena eka nan earth eke idan decide karala kiyanna be.wediy kiyala kiyanne adui kiyala sapekshayakata aranne.samaharawita dan inna gana adu wenna puluwan wena kalpayak ekka compare karaddi
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    හෑ, මෙන්න මෙයා සිංහලෙන් කොටලා 🙀 හැක් වෙලා වත්ද?