හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    නාමල් ගැන FBI පරීක්ෂණ

    3c31778a3594162bc19664a7b0a80b2f_XL.jpg


    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ මහාපරිමාණ වංචාවක් පිළිබඳ ඇමරිකාවේ FBI සහ ශ්‍රී ලංකාවේ FCID ඒකාබද්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මෙසේ පරීක්ෂණයට ලක්වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Lobby Groups සඳහා කරන ලද ගෙවීම්ය. මේ අතර ඇමරිකාවේ සුප්‍රකට Squire Patton Boggs සමාගම සඳහා කරන ලද ගෙවීම් වේ.

    ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය සහිතව අදාල සමාගම වෙත කරන ලද ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇත්තේ පුද්ගලික ගිණුම්වලට බව මේ වන විට හෙලිදරව් වී තිබේ. මීට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳවද ඒකාබද්ධ විමර්ශණ සිදුවෙමින් පවතී.

    පසුගියදා අත්අඩංගුවට පත්වී මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේද සහාය ඇතිව මෙම වංචාවන් සිදුවී තිබේ.

    ඇමරිකානු ඩොලර් 3 22 027.35 ක ප්‍රමාණයක් පුද්ගලයන් දෙදෙනෙකු හරහා වංචා කළ බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා නගා ඇති අතර එම මුදලින් ඇමරිකානු ඩොලර් 2 50 000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් සෝසා නැමැත්තෙකුට අයත් PP International සමාගමටද අනෙක් ඇමරිකානු ඩොලර් 82 027.35 ක ප්‍රමාණයක් ඇමරිකානු ශ්‍රී ලාංකිකයෙකු වන විනෝද් බස්නායක නැමති අයට අයත් Paper Crown LLC සමාගම් හරහා වංචා කිරීම සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතා චෝදනා ලබා සිටී.

    මෙම Paper Crown LLC සමාගම අයත් විනෝද් බස්නායක නැමැත්තා නාමල්ගේ අපසහායකයා ලෙස හදුනාගෙන ඇත. ජාලිය වික්‍රමසූරිය චෝදනා ලැබ සිටින්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 කට වුවත් නාමල්ට හා විනෝද්ට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන ගණනක චෝදනා ගොනුවෙමින් පවතී.

    එමෙන්ම ජාලිය වික්‍රමසූරිය මහතාගේ සොහොයුරා වන මේජර් ප්‍රසන්න වික්‍රමසූරිය පසුගිය ආණ්ඩුව සමයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරය හෙබවූ අතර ඔහු මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටි ඇට්ලන්ටා ප්‍රදේශය හැර දමා සියෙටල්වලට ගොස් රහසේ ජීවත්වන බව රහස් පරීක්ෂකයන් විසින් මේ වන විට හෙලිදරව් කරගෙන ඇත.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/6566-fbi
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    හිටපු ඇමැති කරුණා රිමාන්ඩ්
    වෙඩි නොවදින රියක්‌ පාවිච්චි කර කෝටි 9ක්‌ අවභාවිත කළැයි චෝදනා



    හේමන්ත රන්දුණු සහ ඒ. ඡේ. ඒ. අබේනායක

    වෙඩි නොවදින මෝටර් රථයක්‌ පාවිච්චි කරමින් රුපියල් කෝටි නවයකට අධික මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනාව මත පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් මහතා ලබන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

    පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ නැගෙනහිර සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී කරුණා අම්මාන් මෙම වෙඩි නොවදින මෝටර් රථය පාවිච්චි කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

    මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීමට පැමිණෙන ලෙස හිටපු ඇමැතිවරයාට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් දැනුම්දී තිබිණි.

    ඒ අනුව හෙතෙම ඊයේ පෙරවරුවේ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි අතර පැය හතරකට ආසන්න කාලයක්‌ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ කරුණා අම්මාන් අධිකරණය වෙත රැගෙන යන ලදි.

    පසුව හිටපු ඇමැතිවරයා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ සවස 2.00 ට පමණය.

    ලබන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ කරුණා අම්මාන් විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ සවස රැගෙන යන ලදි.


    - http://www.divaina.com/2016/11/30/news02.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    Sri Lanka Foreign Minister unravels Gota's rent scam

    By Our Political Correspondent

    Nov 30, 2016 19:36 PM GMT+0530

    ECONOMYNEXT - Foreign Minister Mangala Samaraweera told parliament Wednesday that former defence secretary's son had illegally occupied a house rented for a consulate in Los Angeles and caused millions of rupees in losses to the state.

    The minister said the then defence secretary Gotabhaya Rajapaksa's only son Daminda Manoj Rajapaksa occupied the rented premises even after the fall of his uncle Mahinda Rajapaksa at the January 2015 presidential election.

    "This house had been rented even after our government came to power, but when we got to know about it in July 2015 we stopped it," the minister said during the committee stage discussion on the votes of his ministry.

    He said Sri Lankan tax payers had to bear the cost of Daminda Rajapaksa's water, electricity, gas, cable TV and telephone bills in addition to rent which amounted to 27.69 million rupees for 21 months.

    The younger Rajapaksa had no official position with the Sri Lankan foreign ministry, but he had also been provided with two Sri Lankan soldiers for his security.

    The opposition JVP wanted the minister to recover the payments from officials who had authorised the payments and Samaraweera said an investigation was underway in to the abuse of state resources during the final years of the Rajapaksa regime.

    Gotabhaya Rajapaksa, a lieutenant colonel in the army, secured a discharge from the military in 1991 and lived in Los Angeles and obtained US citizenship. However, he returned in 2005 for his brother's presidential election campaign and went onto become one of the most feared defence secretaries.

    "White-vanned" became a verb during his tenure because a large number of people were kidnapped in ubiquitous white painted vans and in most cases the victims were killed for being either political rivals or suspected Tamil rebels or their supporters. He is also accused of orchestrating the killing of prominent anti-establishment editor Lasantha Wickramatunga, a charge he has publicly denied.

    He currently faces charges of causing a loss of 11.4 billion rupees to the state by illegally allowing a private company to operate floating armouries. He also faces allegations of siphoning off millions of dollars from a controversial MiG aircraft purchase deal. (COLOMBO, Nov 30, 2016)

    - http://www.economynext.com/Sri_Lanka_Foreign_Minister_unravels_Gota_s_rent_scam-3-6762-10.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    බරපතළ වංචා-දූෂණ 171ක විමර්ශන අවසන්



    වංචා, දූෂණ, බලය, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස යෙදවීම (PRECIFAC) සඳහා වන බරපතළ ක්‍රියා විමර්ශන ජනාධිපති කොමිසන් සභාව පැමිණිලි 171 ක විමර්ශන කටයුතු සම්පූර්ණ කැර තිබේ.

    ඉදිරි සතිය තුළ දී විමර්ශන සම්පූර්ණ කළ සිද්ධි 6 ක තොරතුරු ඇතුළත් කළ වාර්තා හයක් (PRECIFAC) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දීමට නියමිතය. වාර්තා තුනක් ඉදිරිපත් කිරීමට සූදානම් අතර තවත් වාර්තා තුනක් අවසන් කරමින් පවතින බව කොමිසමේ පුකාශකයෙක් පැවසිය.

    කෙසේ වුවත් ලබන සතියේ දී ජනාධිපතිවරයා වෙත එම වාර්තා හය ඉදිරිපත් කරන තුරු ඒවායේ නම් සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර තවත් නඩු නවයක වාර්තා සම්පූර්ණ කිරීමට ආසන්න බව ද සඳහන් කෙළේය.

    මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය, වෙළෙඳ දැන්වීම් සඳහා අයි.ටී.එන්. ආයතනය වෙත මුදල් නොගෙවීම සහ මහියංගණයේ රාජ්‍ය ඉඩම් අවභාවිතය ආදිය ඇතුළත් සම්පූර්ණ කළ විමර්ශන වාර්තා හයක් මේ වන විටත් විමර්ශන කොමිසම ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ. PRECIFAC වෙත පැමිණිලි 357 ක් ලැබී ඇති බවත් පැමිණිලි 36 ක් පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවත් පැමිණිලි 171 ක විමර්ශන සම්පූර්ණ කැර ඇති බවත් ඉතිරි පැමිණිලි 150 කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන ලැබෙන තුරු සිටින බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කෙළේය. PRECIFAC වෙත 2016 මාර්තු මාසය වන විට ලැබුණ සම්පූර්ණ පෙත්සම් සංඛ්‍යාව 1,600 ක් වන නමුත් එයින් 1,265 ක් කොමිසමේ නියේග මත ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. තවත් පෙත්සම් 43ක් විමර්ශන කොමිසමින් එෆ්. සී. අයි. ඩී වැනි වෙනත් විමර්ශන වෙත නිර්දේශ කැර ඇති බව ද ඔහු ප්‍රකාශ කෙළේය.


    - http://www.dinamina.lk/?q=2016/12/17/26894
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    වනචාරී වීරවංශ රිමාන්ඩ්..! නෑදෑයින්ට හෙංචයියන්ට රජයේ වාහන 37 ක් බෙදා රු. 9 කෝටි 16 ලක්ෂයක් පාඩු කරලා

    අක්කගේ ලමයින්ට, මස්සිනාලට, ගෙදර බත් තැම්බූ බාල නංගිටත් වාහන බෙදලා (සම්පූර්ණ වාර්තාව)

    9 වන ශ්‍රේණිය පමණක් සමත්ව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුව ඉන් ඉවත් වෙද්දී ෆුට්සයිකලයක් හෝ නොතිබුණු නමුත් මහින්ද රාජපක්ෂගේ වනචර දශකයේ ඇමැතිවරයෙක් වී මහජන මුදල් හොරා කෑමෙන් කෝටිපතියෙක් බවට පත් විමල් වීරවංශ නමැති හොර තක්කඩි අන්ත ජාතිවාදී දේශපාලුවා අද දහවල් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව ඇසීමෙන් ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාර ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ඔහුව අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ හොර උප්පැන්න හදා හොර පාස්පෝට් භාවිතා කිරීමේ වරදට නොවේ. නිවාස ඇමැතිව හිඳිමින් රජයේ මුදලින් තැනූ නිවාස 6 ක් අඩු මුදලට තම ඥාතීන්ට ලබා දීමේ වරදටද නොවේ. නිශ්චිත ආදායමක් නොමැතිව කෝටි ගණනක් වටිනා මාලිගාවක හිමිකරුවෙක් වීමේ කළු සල්ලි වරදකටද නොවේ. රාත්‍රී කාලයේ තම නිවසේ දී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ශරීර ගතව තරුණයෙකු අභිරහස් ලෙස ඝාතනය කිරීමේ වරදට ද නොවේ. අන්ත ජාතිවාදී අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතීන් අතර අසමගිය සහ වෛරය වැපිරීමේ වරදට ද නොවේ. ඔහුව අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ ඔහු විසින් ඇමැති ධූරය දරද්දී අමාත්‍යාංශයේ රජයේ වාහන තම ඥාතීන්ට සහ හෙංචයියන්ට ලබා දී මහජන දේපොල අවභාවිතා කරමින් රුපියල් 9 කෝටි 16 ලක්ෂ 35,591 ක මුදලක් රජයට පාඩු කිරීමේ වරදට ය.

    වීරවංශගේ අපරාධය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කර තිබුනේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති මයිකල් එමිල් ජොයකිම් මහතා ය.

    රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම ආදී චෝදනා සහ ඊට අනුබලය දීමේ චෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 100, 102, 113, 388, 389, 400 යටතේ සහ මුදල් විශුද්ධි කරන පණත යටතේ වැරදි සිදුකර ඇතැයි අංක බී/3088/2016 දරණ බී වාර්තාව මගින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

    කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විමල් වීරවංශ සමග ඉංජිනේරු සංස්ථාවේ හිටපු මානව සම්පත් කළමනාකරු වූ තංගල්ලේ පදිංචි සමන්ත ප්‍රියනාත් ලොකුහැන්නැදිගේ නමැත්තාද ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළාය.

    විමල් වීරවංශ ජඩමාධ්‍ය කැමරා ඉදිරියේ තමන් සුදනා සේ කයිවාරු කෙළින නමුත් ඔහු විසින් තම ඥාතීන්ට සහ හෙංචයියන්ට අම්මාගේ අප්පාගේ බූදලය සේ භුක්ති විඳීමට ලබා දී තිබූ රජයේ වාහන ගණන එකක් දෙකක් නොව 37 කි.

    ඒ ඥාතීන්ට වාහන 05 ක්ද, ජනිපෙ හෙංචයියන්ට වාහන 10 ක්ද, තම කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නැති නිලධාරීන් 22 ක්ද ලෙසය.

    වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය.

    1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
    2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
    3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
    4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
    5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය

    මෙලෙස වාහන පාවිච්චි කර ඇති රිද්ම විමුක්ති වීරවංශ ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙසද, ලලිත් පුෂ්ප කුමාර විමල්ගේ අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර වරයෙකු ලෙසද, වී.ඩබ්. ආනන්ද අශෝක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක ලෙසද, පී.පී. ආනන්ද ප්‍රියදර්ශන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කළමණාකාර සහකාරවරයෙකු ලෙසද ගබඩා පාලක වරයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඉහත 4 දෙනා වාහන පාවිච්චි කර ඇත්තේ එම නිලයන්ට වාහන පාවිච්චි කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නොමැතිව තිබියදීය. මෙහි ඇති අපූරු සිද්ධිය නම් මෙහි සඳහන් විමල් ගේ බාල සොයුරිය වූ නිලානි වීරවංශ කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරක් දරා නොමැති අතර ඇය නිවසේ බත් තම්බමින් සිටි කාන්තාවක් වුවද ඇයටත් රජයේ වාහනයක් ලබා දී තිබීමය.

    වීරවංශ තම පක්ෂයේ හෙංචයියන්ට ලබා දී තිබූ වාහන මෙසේය.

    1. ලාල් කුලරත්නට - HK-8877, KT-2884
    2. පියසිරි විජේනායකට - JN-5767, KK-3081, 64-3225, HA-2189, KA-4685,
    3. කේ.ඩී.යූ ජයසේනට - KO-5871
    4. ඩී.වී.ඒ. ජයවර්ධනට - KM-0882
    5. එල්.සී කුමාරට - 54-5678
    6. විරාජ් සංජීවට - KT-6089
    7. නුවන් ඉන්දික - KA-8125, 32-9390
    8. පී.එස්.විජේසිරි හෙවත් දම්පාල - HR-7619, HN-4098
    9. චානක ට - GI-0001
    10. නිශ්ශංක ට - GF-0887

    වීරවංශගේ කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට අයිතියක් නැතිවද ලබා දී තිබූ අය සහ වාහන මෙසේය. ඒ අය අතර සිංහල රාවයේ නායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නමැති චීවරධාරියාද, ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් නමැති ලියන්නාද වෙති.

    1. ඒ.එන්.එස්. මෙන්ඩිස් - මහජන සම්බන්ධතා සහ වෘත්තීය සමිති ලේකම් - KQ-0976, KA-9447, KP-3768, KD-0158, KQ-9762
    2. යූ.ඩී.සංජීව පෙරේරා -මාධ්‍ය ලේකම්/උපදේශක - JO-5953, JE-6557,
    3. සිසිර හේරත් - ප්‍රධාන ආරක්ෂකයා (අයිපී) - PC-6171, 252-4908, PC-8430, PF-1277, EA-0260, PE-3626, KD-1494, EA-0004, PF-3770
    4. බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් - කළමණාකාර සහකාර - 65-5231, KI-3053, HR-0800, KG-2376
    5. ජේ.එච්.ආර්.නයනානන්ද - සම්බන්ධීකරණ ලේකම් - KB-4427, JC-2440, KB-8657, JO-5953, CAB-9727
    6. අලගිය හේවගේ සුරේෂ් ඉන්දික - සංවර්ධන සහකාර - 301-2751, HC-2349, JW-3549, KU-9867, 300-2590
    7. බී.ජී.ඉන්දික ප්‍රසාද් - ගිණුම් සහකාර - PC-2896, PC-9097
    8. ඉෂිකා නදී පෙරේරා - කාර්යාල නිලධාරිනී -JR-5354, 300-5690
    9. වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක - උපදේශක -HC-2048, HI-2658
    10. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (සිහල රාවය) - අධීක්ෂණ මණ්ඩල සාමාජික - GJ-7117, KO-6514, JS-9725, HN-2194, PD-2563, CAC-3327
    11. ප්‍රසන්න සංජිව තෙන්නකෝන් (ලංකාදීප මාධ්‍යකරුවා) - අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක - KK-8941
    12. දුෂ්මන්ත අබේසිංහ - පාර්ලිමේන්තු ලේකම් - KE-0231, KR-7730, KA-8125, KS-7735
    13. සම්පත් තිලකරත්න - ලිපිකරු/වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් - JR-5774, KT-9085, KI-1610, KS-0097, KQ-7961
    14. ප්‍රසාද් මංජු - අමාත්‍ය මාධ්‍ය ලේකම් - 250-4713, JY-0359
    15. රංජිත් එදිරිසිංහ - කළමණාකාර පුහුණු/සම්බන්ධීකරණ ලේකම් - JZ-2669
    16. කේ.එල්.එම්. සමරතුංග - පිරිස් කළමණාකරු -HM-6920
    17. රංජිත් ගාමිණී වික්‍රමසිංහ - සම්බන්ධීකරණ ලේකම් - KA-6932, GJ-4501, JN-9942

    වීරවංශ තම ගැලවිජ්ජාවට කට උත්තර දී ඇත්තේ තමා ලබා දෙන්නේ උපදෙස් පමණක් බැවින් එම උපදෙස් නීතියට අනුකූලව වන ආකාරයට ක්‍රියාවට නැංවීම නිලධාරීන් සතු යුතුකමක් ලෙසයි. තම ඥාතීන්ගෙන් සුමනාවතී අක්කාගේ දරුවන් දෙදෙනා තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වූ දෙදෙනෙකු යයි වීරවංශ ප්‍රකාශ කර තිබේ. බිරිඳගේ අක්කාගේ මහත්තයා, නංගීගේ මහත්තයා දෙදෙනා අමාත්‍ය මණ්ඩල කාර්ය මණ්ඩලයේ තනතුරු දැරූ නමුත් ඒ අයට වාහන ලබා දුන් බව තමන් දන්නේ නැතැයිද බාල නංගී ද තමාට සහාය වූ නමුත් වාහනයක් ලබා දී තිබූ බව දන්නේ නැතැයිද වීරවංශ පවසා තිබේ.

    වීරවංශට එරෙහිව කිහිප අවස්ථාවකදීම අධිකරණයට කරුණු වාර්තා කරන ලද අතර එහි අවසන් සම්පූර්ණ බී වාර්තාව පසුව ඉදිරිපත් කරන්නෙමු.


    - http://www.lankaenews.com/news/5113/si
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    FCID recovers Rs 1 billion in ill-gotten assets

    26 February, 2017

    by Ranil Wijayapala

    Over 70 cases pending before ag: More indictments to follow:


    The Financial Crime Investigation Division (FCID) which completes two years today (February 26) has recovered nearly Rs.1 billion worth of State and unduly earned assets of politicians through its investigations, FCID sources told the Sunday Observer.

    The sources said the FCID recovered the fraudulently earned assets having investigated 74 out of 322 cases referred to it.

    Currently 12 cases are being heard at different High Courts in the country and the FCID is awaiting the advice of the Attorney General on cases on which investigations have been completed for necessary action, the sources said .

    According to FCID sources, among the major assets recovered are the three houses said to belong to former Economic Development Minister Basil Rajapaksa and the buildings, equipment and assets belonging to CSN TV channel said to have run by Yoshitha Rajapaksa, the second son of former President Mahinda Rajapaksa.

    The house and land in Oruthota, Gampaha said to belong to former Minister Basil Rajapaksa is estimated to value over Rs. 50 million and the land and the house recovered from Browns Hill, Matara is also worth over Rs. 50 million, the FCID sources added.

    The third asset, the Malwana house and the land said to belong to former Minister Basil Rajapaksa and eminent businessman Thirukumar Nadesan is worth over Rs. 200 million. The Malwana property is slated for public auction in the next few days and the money earned from this auction will be remitted to the Treasury.

    The FCID has taken over the buildings and equipment used by the CSN TV channel and handed them over to the government. Apart from this another Rs.163 million recovered following the investigation into the CSN operations has been remitted to the Central Bank, the sources added. The FCID during in its investigations arrested high profile political figures, public servants and former diplomats. The FCID arrested MP Namal Rajapaksa thrice, Yoshitha Rajapaksa thrice and former Minister Basil Rajapaksa thrice during their investigations.

    According to the FCID many more arrests are eminent in the coming months as it had completed investigations on many cases and awaiting the response from the Attorney General’s Department.

    In terms of recovering the stolen and misused state properties and assets, the FCID has performed well ahead of other government and independent agencies investigating into such cases and earned a good reputation among the general public, according to independent surveys due to the impact it has made on government fiscal discipline.

    - http://www.sundayobserver.lk/2017/02/26/news/fcid-recovers-rs-1b-ill-gotten-assets
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    Sri Lanka freezes Rajapaksa assets exceeding five billion: FM

    By Our Political Correspondent
    Mar 19, 2017 16:16 PM GMT+0530

    ECONOMYNEXT - The value of assets seized as part of on-going investigations against immediate family members of former president Mahinda Rajapaksa exceed five billion rupees (30 million dollars), according to foreign minister Mangala Samaraweera.

    Real estate and bank accounts of former president's two elder sons and his minister brother Basil, amount to two billion rupees and money laundering investigations were underway, the minister said.

    Speaking to reporters at his ministry last week, Samaraweera said 16 local bank accounts of president Rajapaksa's close relative Udayanga Weeratunga had been frozen and the amount involved was three billion rupees.

    He said Weeratunga was known to have stashed money in Latvia and Russia.

    "Rajapaksa finger prints surfaced in many countries. They are found in Singapore, Dubai, Hong Kong, Ukraine, USA, Britain, Latvia, Russia and Seychelles," the minister said.

    He said the government was keen to speedily complete the investigations, but the authorities needed more time to track the international network of the former leader.

    Soon after coming to power, the government accused the former president and his immediate family of siphoning off billions of dollars from the country, but so far no evidence of cash abroad has been presented. Minister Samaraweera admitted that there was no direct evidence of any assets in the name of the former president.

    President Rajapaksa has accused the government of leading a witch hunt against his family.

    At the same time, there had been awkward questions about how his two sons -- legislator Namal and junior navy officer Yoshitha -- acquired vast amounts of wealth on the back of their modest earnings.

    Yoshitha has claimed that a multi-million rupee brand-new house at Mount Lavinia was a gift from an elderly aunt who in turn claimed she got money when an unknown person left a bag of gems with her.

    Similarly, Basil Rajapaksa has also claimed that a river-front house in Malwana that was being built allegedly in his name was not owned by him.

    There are no claimants for the property and courts ordered the sale of the palace with a floor price of 208 million rupees. He faces a money laundering charge at the Pugoda courts.

    Both namal and Yoshitha were key players at the Colombo Stock Exchange during its dizzy days in 2009 and 2010 with the duo joining the ranks of top 20 share holders of several listed companies. (COLOMBO, March 19, 2017)

    - http://www.economynext.com/Sri_Lank...ets_exceeding_five_billion__FM-3-7611-10.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    leed1.gif


    තිවංක සපරමාදු

    ගම්පහ මල්වානේ නිශ්චල දේපළක් අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂට හා ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඬේසන්ට එරෙහිව මාර්තු 9වැනිදා නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍රය ගොනුකර තිබේ.
    රුපියල් මිලියන 200ක් වටිනා එම නිශ්චල දේපළ අත්පත් කරගත් ආකාරයට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුදල් විශුද්ධිකරණය හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත බැසිල් රාජපක්‍ෂ මහතාට හා තිරු නඬේසන් මහතාට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැවැත්වූ විමර්ශනයක ප්‍රතිඵලය හැටියටය.
    බැසිල් රාජපක්‍ෂ මහතා නඩුවේ පළමු විත්තිකරු වන අතර තිරු නඬේසන් මහතා දෙවැනි විත්තිකරු වෙයි. තිරු නඬේසන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිරූපමා රාජපක්‍ෂගේ ස්වාමි පුරුෂයා වන අතර, රාජපක්‍ෂවරුන්ගේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගේද සමීපතම මිතුරෙකි. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලය හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සම්බන්ධීකරණය කළේ තිරු නඬේසන් මහතාය.
    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලයේ කළ විමර්ශනවල ප්‍රතිඵල ලෙස පසුගිය රජයේ ප්‍රධානීන් අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් බිලියනයක් පමණ වටිනා දේපළ නැවතත් අත්පත්කර ගැනීමට සමත්වී තිබේ. බැසිල් රාජපක්‍ෂ මහතා අයථා ලෙස උපයාගෙන ඇතැ’යි කියන ගම්පහ ඔරුතොට මිලියන 50ක් වටිනා දේපළක්ද මේ වන විට වෙන්දේසි කිරීම සඳහා අධිකරණය නියම කර ඇති අතර, මාතර බ්‍රවුන්ස් හිල්හි රුපියල් මිලියන 50ක් වටිනා දේපළක් සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ පැවැත්වෙයි.
    පසුගියදා කොළඹ මහාධිකරණයේදී බැසිල් රාජපක්‍ෂ මහතාට තවත් නඩුවක අධිචෝදනා පත්‍රද භාරදෙන ලදි. ඒ රුපියල් ලක්‍ෂ 360ක් වටිනා ජීඅයි බට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදාගත හැකි වන සේ පළාත් පාලන ආයතනවලට රජයේ වියදමෙන් බෙදාදීම සම්බන්ධයෙනි.


    - http://ravaya.lk/?p=167097#
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි එළවා මාස 5 කට දැම්මේ 1 නඩුවයි: 100 කට අධික FCID පැමිණිලි ඉවත් කරගෙන : මලිත් ජයතිලක ඝාතකයන් බේරා ගන්න CID යට කළ බලපෑම්: අනුර දිසානායක ආණ්ඩුවේ යහපාලන රෙද්ද ගලවයි..! (Full Video)


    මලිත් ජයතිලක නමැති නිකමා මන්ත්‍රීවරයා සුදු වෑන් ඝාතකයන් බේරා ගැනීමට පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද බලපෑම් පිළිබඳ ලංකා ඊ නිව්ස් පළමු වරට කළ හෙළිදරව්ව තව දුරටත් ඉදිරියට ගෙන යමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මන්ත්‍රීවරයා අපූරු කතාවක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කෙළේය.

    අපරාධකරුවන්ට දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන බවට පොරොන්දු දෙමින් බලයට ආ යහපාලන ආණ්ඩුව අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පන්නා ගැනීමෙන්ද, එෆ්සීඅයිඩියේ අධ්‍යක්ෂ වරයා මොණරාගලට මාරු කර යැවීමෙන්ද, එම ආයතන අකර්මණ්‍ය කරමින් දූෂිතයන් ආරක්ෂා කරන බවත් මලිත් ජයතිලක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් කප්පම් සඳහා සිසුන් මැරූ අපරාධකරුවන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සාක්කි සහිතව හෙළිදරව් කෙළේය.

    රටේ ධනවත් බලවත් අයට එරෙහිව නඩු පැවරූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඉවත් කිරීමෙන් පසු මේ වන විට මාස 5 කට නඩු පවරා ඇත්තේ 1 ක් පමණකැයි මන්ත්‍රීවරයා හෙළි කෙළේය.

    එෆ්සීඅයිඩියට අලුතින් පැමිණිලි නොදෙන බවත් කරන ලද පැමිණිලි වලින් 100 කට අධික පැමිණිලි තොගයක් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ නොදී යලි කැඳවා ගන්නා ලද බවත් අනුර දිසානායක හෙළිකෙළේය.

    මලිත් ජයතිලක බේරා ගන්නට වලිකන නාවික හමුදා ඝාතකයන් විසින් සිදු කළ සිසු ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක්ද අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙළේය.


    අනුර දිසානායක මහතා කළ සම්පූර්ණ කතාව පහතින්




    - http://www.lankaenews.com/news/5501/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    උදයංග වීරතුංගගේ ගිණුම් 16 කට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල්

    (ෂෙහාන් චාමික සිල්වා)

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ. යුක්රේනයේ නිෂ්පාදිත MiG-27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට සිදුවූ අලාභය පිළිබඳ පරීක්ෂණ කිරීමේදී මේ බව හෙළිදරව් වී තිබේ.
    මෙම මුදල් ලැබුණු ආකාරය අපහැදිළි බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.
    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසන්නේ සැකකරු ඇමරිකාවේ පදිංචි වී සිටින බව කියැවෙන හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි. ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක (රුපියල් මිලියන 225.5 කට වැඩි) පමණ ප්‍රමාණයක් උදයංග වීරතුංග මහතාට අයත් ගිණුම් 16 කට වරින් වර බැර කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කියයි.
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දන්වා සිටියේ සැකකරු හමුවේ අත්සන් තබන ලද කොන්ත්‍රාත්තුවේ මුල් පිටපත් තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙන බවයි.


    - http://www.lankadeepa.lk/top_story/...-කට-පැනමාවෙන්-සහ-ලැට්වියාවෙන්-මුදල්/10-511654
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    නාමල්ට අධි චෝදනා


    Wednesday, ජුනි 7, 2017 - 01:00
    කුමුදු හෙට්ටිආරච්චි

    රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (06) අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.

    ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන් මේ මස 28 වැනි දා තෙක් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලද පෙර ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය.

    විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මේ නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර, අධිකරණය නිකුත් කළ සිතාසි මත ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි.

    නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා ඔරහෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිතාසි බාරදීමට නොහැකි බවට සිතාසි වාර්තා හා ඔවුන් විදේශගතව පැමිණ නැති බව තහවුරු කිරීමට ගුවන් ගමන් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    මේ දෙවැනි හා සිවුවැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු පවසා සිටියේ විදේශගතව සිටින මේ විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තමනට බලය පවරා ලිපි ‍ලබාදී ඇති බවයි.

    අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම ලිපි විනිසුරුවරයා විසින් බාර ගන්නා ලදී.

    විත්තිකරුවන් හට ඇප නියම කිරීම සඳහා නඩුව ස්ථිර විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට මේ 28 වැනිදාට දින ලබා දුන් විනිසුරුවරයා එදින තෙක් විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඔවුනට නියම කළ පෙර ඇප වූ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් සිවු දෙනකුත් ඇප මතම මුදා හැරීමට ද නියෝග කළේය.

    අධිකරණය හමුවේ පෙනී නොසිටි ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරහෙලා ඉරේෂා සිල්වා හා නඩුවේ හයවැනි විත්තිකරු වූ සී/ ස ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම සම්බන්ධව ඉදිරි පියවර ගැනීම ද විනිසුරුවරයා විසින් මේ මස 28 වැනිදාට කල් තබන ලදී.

    2013 ඔක්තෝබර් මස 01 දින හා 2014 අගෝස්තු මස 31 අතර කාලයේ දී කොළඹ දී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මේ නඩුව පවරා ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සී / ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ සිදු කළ ගනුදෙනුවක දී මේ රුපියල් මිලියන තිහක මුදල අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවන්හි සඳහන් වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, අනිල් සිල්වා යන මහත්වරු සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.

    ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

    නඩුව නැවත කැඳවීම මේ මස 28 වැනිදාට කල් තැබුණි.


    - http://www.dinamina.lk/2017/06/07/පුවත්/35317
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අම්මා පල්ල තොටත් විලි ලැජ්ජාවක් නැති හැටි...තාමත් උබලගෙ හොරු අල්ලන ආණ්ඩුවෙන් අල්ලගත්ත එකම එක හොරෙක්වත් නැද්ද බන්..:lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    කෝටි 13ක් රජයට අලාභ කළ මහින්දගේ ආරක්ෂකයා රිමාන්ඩ්


    Wednesday, ජුනි 14, 2017 - 01:00
    කුමුදු හෙට්ටිආරච්චි
    විජයානි එදිරිසිංහ

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ හිටපු හමුදා කපිතාන්වරයකු වූ යුද හමුදා සේවා බළකායේ තිස්ස නමැත්තා කොරතොට ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන ගොස් රජය‍ට‍ රුපියල් කෝටි 13 කට වැඩි අලාභ හානියක් සිදුකිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශ්‍යාමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (13) නියෝග කළාය. මෙම සැකකරු මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කර එම කාලය තුළ රජයේ විවිධ කටයුතුවලට සම්බන්ධ වී අයථා මුදල් ගනුදෙනුවලටද සම්බන්ධව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

    පෙරේදා (12) මෙම සැකකරු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රශ්නකර පසුව ඊයේ (13) දිනයේද කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.


    - http://www.dinamina.lk/2017/06/14/අධිකරණ/35680
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    හේන්දෙවිතාරණගෙන් පැය අටක් ප්‍රශ්න කරයි

    (ඉන්දිකා රාමනායක)

    උතුරු නැගෙනහිර කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත් ආයතන කිහිපයකින් මිලියන ගණනක මුදල් සිය ගිණුමට බැර කරගෙන ඇතැයි කියන පැමිණිල්ලක් මත ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය අද(14) පැය 8 කට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

    මුල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමක් මත හෙන්දාවිතාරණය මහතා අද උදේ නවයට පමණ එහි ගොස් ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී ඇත්තේ සවස 5.30ට පමණය.

    මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශනය සිදු වෙයි.

    ඉකුත් රජය සමයේ සිදු වු පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදන් වීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද හෙන්දාවිතාරණ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.


    - http://www.lankadeepa.lk/latest_news/හේන්දෙවිතාරණගෙන්-පැය-අටක්-ප්‍රශ්න-කරයි/1-513905
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,551
    28,417
    113
    නාමල්-යෝෂිත කොටස් වෙළඳ පොලේ ප්‍රධාන කොටස්කරුවන් 20 දෙනා අතරට ආවේ කෙසේද?

    කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත සමාගම්වල ප්‍රධාන කොටස් කරුවන් 20 දෙනා අතරට හිටපු ජනාධිපති පුතුන් වන නාමල් රාපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාගේ නම් ඇතුළත්ව ඇති බව වාර්තා වේ. ඒ කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තු ගත සමාගමක් වන ඇස්කොට් ලංකා පීඑල්සී (Ascot Lanka Plc) සමාගමේ කොටස් මිලදී ගැනීම නිසාවෙනි.

    නාමල් රාපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙදෙනාට මෙම සමාගමේ කොටස් මිලදී ගැනීමට මේ සා විශාල මුදලක් ලැබුනේ කෙසේද යන්න පිළිබඳව විමර්ෂණයක් මූල්‍ය හා අපරාධ කොට්ඨාශය විසින් මේ වන විට අරඹා ඇත.

    සමාගමේ අන්තර් මූල්‍ය ප්‍රකාශනය අනුව මෙම සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් 20 අතරෙහි මෙම රාජපක්ෂ සහෝදර දෙපළද සිටී. (එය පහත පලවේ)

    කොටස් වෙළඳපොලෙහි මේ සම්බන්ධයෙන් වූ ගනුදෙනු සහ තොරතුරු විමර්ශණය මූල්‍ය හා අපරාධ කොට්ඨාශය විසින් සිදුකෙරේ.

    එසේම මෙම සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා මුදල් ලබා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී නාමල් හා යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට නියමිත වේ.

    නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට මුදල් අවභාවිතාව හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ වූ චෝදනා දිගින් දිගටම එල්ල විය.

    මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පසුවට


    ascot_11.jpg


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/9446-20
     

    Similar threads