amoxicillin500mg වගේ කරල් පොඩි උණටත් දැන් ඉන්න දොස්තරලා දෙනවා බන්.බෙහෙත් බිලා ටික වෙලාවක් යද්දි ලෙඩක් තිබ්බද කියලවත් හොයා ගන්න බෑ![]()

amoxicillin500mg වගේ කරල් පොඩි උණටත් දැන් ඉන්න දොස්තරලා දෙනවා බන්.බෙහෙත් බිලා ටික වෙලාවක් යද්දි ලෙඩක් තිබ්බද කියලවත් හොයා ගන්න බෑ![]()

matatchan gampaha weda gana kawadda danne kiriya..



මේ වෙදා කලින් හිටියේ හමුදාවේ කියලා කියනවා 
මචන් ලොකු වෙද මහත්තයා නැද්ද බන්? ඒ වෙදමහත්තයගේ පුතෙක් ලංකවේ තැන් දෙක තුනකම බෙහෙත් දෙනවා කියලා මට ආරංචි උනා. ( කොළඹ,, රදාවාන-කිරිදිවැල) . ඒ ශාන්ත සෙනවිරත්න කියන කෙනාද?
මම දන්න නැන්දා කෙනෙක් වෙදගම ගියා. එතන හිතපු මිනිස්සු කියලා තියනවා ලොකු වෙද මහත්තයගෙන් හැර බෙහෙත් ගන්න එපාකියලා. එයාගේ රට ගිහින් ඉගෙනගෙන ආපු පුතෙක් ඉන්නවා. එයාගේ බෙහෙත් ගොඩක් අයට අල්ලන්නෙ නෑලු.
අනොජ් ද සිල්වා
![]()
මෙයත් නුවර පැත්තෙ ඉන්න නො.1 හොරෙක් මම දන්න කීප දෙනෙක් ගෙම පිලිකා ලෙඩ්ඩු හොද කරනව කියල අන්තිමට උන් මැරුනා. වැඩි විස්තර youtube video මේ වල commnet වල තියනව
https://www.youtube.com/watch?v=Q-bRMx3cLMs
අපිට බබාලා නැති ප්‍රශ්නෙට වයිෆ්ට බෙහෙත් කරන්න ගිහින් මටත් හම්බුනා හොර කෙසේ වෙතත් ගිණි කන්නෝ. හොරද නැද්ද දන්නෙ නෑ හැබැයි වයිෆ්ට නම් හොද උනේ නෑ.
එක්කෙනෙක් නුවර. නම - Dr කුසුම්සිරි ද සිල්වා. හරි ප්‍රසිද්ධයි VOG කෙනෙක්, ඉංග්ලන්ඩ්වල, ඉන්දියාවේ එහෙමත් ගිහින් තව උපාදි වගයකුත් කරලා ඉන්නවා කියලා තමයි කියන්නේ. දෙන බෙහෙත් වල නම් මිනිස්සු දැන ගනී කියලා පැකින් කඩලා පෙති එලියට අරං පොලිතින් කවර ඇතුලේ දාලා දෙන්නේ. බෙහෙත්වල නම් ඔක්කොම ලියන්නේ කෙටි අකුරකින් දෙකකින්. ඒවා වෙන ඩොක්ට කෙනෙකුට හරි ෆාමසිස්ට් කෙනෙකුට හරි කියවන්න බෑ. ඒ නිසා වෙන මොකක් ලෙඩක් ඒ බෙහෙත් නිසා ආවොත් වගකීමක් නැති ගානයි. එක පාරකට බෙහෙත් ගන්න 15,000 ක් විතර යනවා. හරි ගිය අයත් ඉන්නවා. නමුත් අපි ලක්ෂ දෙකකට වැඩිය වියදම් කරලා අව්රුද්දකට වැඩියෙන් බෙහෙත් ගත්තා. බබෙක් තියා වයිෆ්ගේ endometriosis කියන අසනීපයවත් හොද උනේ නෑ. අතුරු ආබාද ගොඩක් නම් ආවා.![]()
අනිත් අය ආයුර්වේද වෙද්දු - එක ගෑනියෙක් ගෙන් අව්රුද්දකට වැඩිය ගත්තා. endometriosis හොද කරනවමයි කිව්වා. එක පාරකට රුපියල් 7000 ත් 10000 ත් අතර වගේ වියදම් උනා. අපි කරපු පවක්ද මන්දා එක දශමයක් වත් හොද උනේ නෑ. මේ ගෑනු කෙනත් ආයුර්වේද සුදුසුකම් තියන ආයුර්වේද රෝහලක ප්‍රසිද්ධ වෛද්‍යවරියක්. මෙයාගෙනුත් හොද උන අය ඉන්නවලු.
තව ආයුර්වේද වෙද්දුන්ගෙන් ගත්තා. හොද උනේ නෑ. නමුත් අර වගේ ලොකු ගනම් නම් අය කරේ නෑ. මම උඩ කියපු දෙන්නා හොර වෙද්දු ඛාන්ඩයට දාන්න බෑ. ඒත් ඒ මිනිස්සු ගිණිකන්නෝ. තමන්ට හොද කරන්න බැරි ලෙඩ්ඩු හොද කරන්නම් කියලා බාර ගන්න බාගෙට හොර වෙද්දු.
ලේවැල්ලේ ඩෙකෛක් ගැන එෆ් බී ෂෙයා වෙනවා නේද? මු නම් ලෝක හොරෙක්.... අඩුම තරමේ ආයුර්වේද බෙහෙත් දෙන්න සුදුසුකමක් වත් නැති.... දුරු කතර ගෙවාගෙන අපේඥාති කෙනෙතුට බෙහෙත් ගන්න ආවා.... වෙලාවට ළගම හිතවතෙක් ඒ කිට්ටුව ඉන්නවා. පොර ස්ටෝරියම කීව.... තනිකරම බිස්නස් එකක් කරන්නේ........

1) පද්මසිරි උඩුගම-වෑහැර ,කුරුණෑගල
මෙකාගෙන් අපිත් බෙහෙත් අරන් තියනවා..උබ කියපු එක හරි ලෙඩුන්ට බනිනවා බලන්ට වගේ ...cctv දාගෙන ලෙඩ්ඩු moniter කරනවා... දවසකට ලෙඩ්ඩු 100 වැඩිය එනවා..එක්කෙනෙක්ගෙන් 1000 ගානවා..පැය ගානක් යනවා බෙහෙත්ගන්න..මොනවද දෙන බෙහෙත් කියලා දන්නෙනැ .කකුලට බෙහෙත් බදිනවා.. වාර 30 - 40 අතර යන්නවෙනවා.. ලෙඩේ හොදවෙන් නෑ .මාස 5 - 6 යනකොට අපහු ලෙඩේ එනවා.. TV වල පතර වල marketing පාර දානවා


ඔකා ගෑන දන්න හැම ලෙඩෙක්ම පුලුවන් විදිහට දෑනුවත් කරන්න .මුන්ට නීතියෙන් උනත් රින්ගලා යන්න පුලුවන් .මේවට නීති හැදෙන්න ඔනි ..
Rep added for the topic
මට නං තියෙන්නෙ ආයුර්වේද වෙදකම් ගැන මිශ්‍ර අදහස් අත්දැකීම් අනුව. මට මතකයි මං පුංචිකාලෙ 1996 විතරද කොහෙද අපේ සීයට පැරලයිස් වගේ ස්නායු ප්‍රශ්නයක් වෙලා මට මතකයි මගේ අම්මට ඩොක්ටර්ස් ල කියනව හොඳ කරන්න බෑ කියල. අම්ම ඊට පස්සෙ අම්බලන්ගොඩ හරි බලපිටිය හරි මට හරියට මතක නෑ ගාලු පාරෙන් මූද පැත්තට නෙමෙයි අනිත් පැත්තට හැරිල ටික දුරක් ගියාම වලව්වක් වගේ තැනක් තිබුන ඒකෙ ඔස්ටින් කේම්බ්‍රිජ් කාර් එකක් තිබුන. වෙද මහත්තය සුදු කලිසමයි සුදු කෝට් එකකුයි දාගෙන හිටියෙ ටිකක් උස මහතයි. සීය පරීක්ෂා කරල බලල බෙහෙත් ජාති හැටහුටාමරක් තියෙන තුන්ඩුවක් දුන්න තුන්ඩුව අර බිලින් මැශින් එකක පේපර් රෝලක් වගේ. බෙහෙත් ජාති හොයාගෙන කසාය තම්බල තවන ඒව කරාම මාස කීපයකින් සීයට ඇවිදගන්න පුලුවන් වුනා තනියම. මට සිංහල වෙදකම ගැන ගෞරවයක් ඇතිවුනේ ඒ සිද්ධියෙදි මට ඒ වෙදමහත්තයගෙ නම මතක නැ.
මගේ අම්මට පස්සෙ කැන්සර් එකක් හැදුනා ඩම්බ කෝෂ වල ෆයිනල් ස්ටේජ්. කිමෝතෙරපි වල දරුණුකම් නිසා අම්ම ප්‍රතිකාර අතඇරිය. මට මතකයි ඩොක්ටර් කණිෂ්ක කරුණාරත්න අවධාරණය කරනව අම්මට මම මෙච්චර කල් කරපු ඔපරේෂන් සහ අනිත් ප්‍රතිකාර වැඩක් නැතිවෙනව මේක නොකරොත් කියල. අම්ම ඊට පස්සෙ වෙන විකල්ප වෙදුන් හොයාගෙන ගියා. පුස්සල හාමුදුරුවො, අර පොලොස් ගැට වලින් වෙදකම් කරන බලන්ගොඩ වෙදහාමිනේ, තව අර අහංගම පැත්තෙ වෙදෙක් ගාවටත් ගියා. මට හිතෙන විදියට ඒ මොනව වත් හරිගියේ නෑ. සල්ලියි කාලයයි නාස්ති වුනා විතරයි පස්සේ ආපහු බටහිර වෙදකම් වලට ගියා ඔපරේෂන් ගොඩක් කරල කොලොස්ටොමි දාන තත්වෙයට ඇවිල්ල අවුරුදු 10ක් විතර පිලිකාවෙන් විඳවල මරණයට පත්වුනා.
තව වැඩක් මගේ වයිෆ්ගේ අවුරුදු 5කට කලින් වම්පැත්තෙ තුනටියෙන් අඟල් 4ක් විතර යටට වෙන්නෙ කැක්කුමක් ආව වම්පැත්තෙ, ඒක කාලයක් තිබුන හොඳවුනේ නෑ වැඩිවුනා මිසක්. එක එක ඩොක්ටර්ස් ලට පෙන්නල අන්තිමේදි නියුරොලොජිස්ට් කෙනෙකුට පෙන්නුවාම එම් ආර් අයි එකක් ප්‍රයිවෙට කරන්න නිර්දේශ කරා, ඒකට ලොකු ගානක් යනව වගේ තේරුණ පස්සෙ අපේ නෑ කෙනෙකුගෙ කීමට ඔය අම්බලන්ගොඩ තරංගා කුමාරි කියන අර ඩෙංගු ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්තයි කියල එක්කෙනා ගාවටත් ගියා. ඒ කාලෙ එයා ජනප්රියත්වයෙ උපරිමයට ගිහිල්ල හිටියෙ මාර සෙනඟ. වයිෆ් එයාට පෙන්නුවාම පුටුවෙ වාඩිවීමෙ ඉරියව් වල වැරද්දක් කියන කියල කුඩක් දිල සේලයින් වතුරෙ පොඟවල තවන්න කිව්ව. වැඩේ කියන්නේ සතියක් යන්න කලින් ලෙඩේ හොඳටම හොඳවුනා ආයි ආවෙ නෑ මේ වෙනකන්. හැබැයි එයා අර ඩෙංගු වලට කියන බෙහෙතෙන් කරන්නේ ඩෙංගු හොඳකරනවට වඩා ප්ලේට්ලට් අඩු කරන එක.

හොද වෙද්දුත් ඉන්නවා අතරින් පතර
මගේ අතේ ගෙඩියක් ඇවිල්ලා හොස්පිටල් ගියාම ඔපරේෂන් කරන්න කිව්වා
පස්සේ මුල්ලේරියාවේ වෙද නෝනා කෙනෙක් ලගට ගියා
දෙපාරක් ගියා
ගාන්න බෙහෙත් දෙක තුනක් දුන්නා දවස් 4න් හොද උනා
රුපියල් 600 ගියේ
![]()
එයාගේ විස්තර දාන්නමචන් ලොකු වෙද මහත්තයා නැද්ද බන්? ඒ වෙදමහත්තයගේ පුතෙක් ලංකවේ තැන් දෙක තුනකම බෙහෙත් දෙනවා කියලා මට ආරංචි උනා. ( කොළඹ,, රදාවාන-කිරිදිවැල) . ඒ ශාන්ත සෙනවිරත්න කියන කෙනාද?
හරියටම දන්නේ නැහැ මචන්.
මම දන්න නැන්දා කෙනෙක් වෙදගම ගියා. එතන හිතපු මිනිස්සු කියලා තියනවා ලොකු වෙද මහත්තයගෙන් හැර බෙහෙත් ගන්න එපාකියලා. එයාගේ රට ගිහින් ඉගෙනගෙන ආපු පුතෙක් ඉන්නවා. එයාගේ බෙහෙත් ගොඩක් අයට අල්ලන්නෙ නෑලු.