හොල්මන් කතාවක් බොලව්
එබිලා බලන්නැතුව වරෙල්ලා, මේක හොල්මන් කතාවක්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේක මට අපේ ගෙවල් පැත්තේ එකෙක් කියපු කතාවක්, වෙලා තියෙන්නෙ දැනට අවුරුදු 15කට විතර කලින්. සීන් එක ටිකක් වෙනස් එකක් නිසා මට බොලාට මේක කියන්න හිතුනා.
සිද්ධියේ කථා නායකයා කොල්ලෙක්, අපි ලේසියට කතා නායකයට නුවන් කියමු, එතකොට කථා නායිකාවට සදුනි කියමු. සීන් එක මේකයි.
නුවන්ට සදුනි හම්බ වෙලා තියෙන්නේ කැම්පස් යන කාලේ. කොල්ල දැන් එවුන් වගේ කටේ කිරිසුවද යන්නටත් කලින් කෙල්ලො ඉන්න ජාතියෙ එකෙක් නෙවේ. කෙල්ලත් හොද චරිතයක් තියාගත්ත කෙල්ලෙක්. කෙල්ලත් කෙල්ලගෙ පවුලේ එකම කෙල්ල. කොල්ලත් එහෙම්මමයි, හැබැයි මුට යන යන තැන යාළුවෙ සෙට් එකක් ඉන්න එකෙක්. නුවන් කළුතර පැත්තෙ එකෙක්, හැබැයි කෙල්ල උඩුනුවර පැත්තෙ කෙල්ලෙක්. මුන් දෙන්නම උසස් පෙළ හොදට පාස් වෙලා පේරාදෙණිය කැම්පස් එකේ එක බැච් එකට සෙට් වෙලා තියෙන්නෙ.
කොහොමින් කොහොමින් හරි මුන් දෙන්න ඔහොම ඉන්නකොට කැම්පස් එකේදි ආදරේ කරන්න පටන් අරන් තියෙන්නේ. මුන් දෙන්නම සිරාවට ලව් කරලා තියෙනවා. කොහොම කොහොම හරි කැම්පස් එකෙන් අවුට් වෙන කාලෙ සම්බන්දෙ ගැන ගෙදරට කිව්වහම කෙල්ලගෙ පැත්තෙන් කොල්ල පහත රට කියලා කොහොමවත් කැමති වෙලා නෑ, ඇරත් කෙල්ල කොහොමත් වලව් කාරයොලු.
කොහොමින් කොහොම හරි වැඩේ කොට උඩ ගිහින් ලව් එක කම්බස් වෙලා. අවුට් වුනාට පස්සේ කොල්ලට ජොබ් එක සෙට් වුන කම්පැණියෙන් මූව අවුරුදු දෙක තුනකට ජපන් යවලා තියෙනවා. දැන් කාලෙ වගේ ස්කයිප්, ෆේස් බුක් නැති වුනත් මූ ඉදල හිටල කෙල්ලට ලියුමක් යවන්න අමතක කරලා නෑ. නමුත් පහු වෙනකොට කෙල්ලගෙන් කිසි ප්රතිචාරයක් නැතිව ගිහින් තියෙනවා. පස්සෙ ඒකට නැවතීමේ තිත තියලා තියෙනවා.
අවුරුදු ගානකට පස්සේ මූ ලංකාවට ආවහම පර්ණ සීන් එක මතක් වෙලා කෙලින්ම කෙල්ලගෙ ගෙදර යන්නෙ නැතිව ගොහාගොඩ පැත්තෙ මුගෙ යාළුවෙක්ව සෙට් කරගෙන යන්න කියල හිතාගෙන මේකා බයික් එකේ නුවර ඇවිත් තියෙනවා. ඒ එද්දි කොහොම හරි රෑවෙලා කොල්ලට ක්ලොක් ටවර් එක හරියෙ තියෙන ටනල් එකේ කෙල්ල වැස්සට හොදටම තෙමිලා සුදු සාරියකුත් ඇදගෙන වැස්ස පායනකම් ඉන්නව දැකලා තියෙනවා. මූ කරල තියෙන්නෙ කෙල්ලව අරන් ගිහින් ගෙවල් ලගින් දාලා හෙට ගුඩ් ශෙඩ් එකේදි හම්බ වෙන්න වෙලාවක් දාගෙන යාළුවගෙ ගෙදර ඇවිත්.
මූ ඇවිත් යාළුවට සීන් එක කිව්වට ඌ පිලි අරන් නෑ. මූ කෙල්ල එක්ක යනකොට කෙල්ලට වහින නිසා ජැකට් එක දීලා තියෙනවා. මුට ඒකත් ගන්න අමතක වෙලා.
පහුවදා යාළුවට කෙල්ලගෙ ගෙදර යන්න කතා කලාට මූ අදි මදි කරලා, පස්සෙ කියලා තියෙනවා කෙල්ල මුගෙන් කිසි ආරංචියක් නැති නිසා වැල් බොධියට භාරයක් වෙන්න ආපු වෙලාවක ක්ලොක් ටවර් එක ලග ඇක්සිඩන් එකකින් මැරුණා කියලා. ඒත් මේක නුවන් පිලි අරන්ම නෑ. අන්තිමට බැරිම තැන යාළුව නුවන් එක්ක සදුනිගෙ ගෙදර ගිහින් තියෙනවා.
නුවන් දැක්කහම අම්මයි තාත්තයි හොදට පිලි අරන් තියෙනවා. පස්සෙ සදුනි ගැන ඇහුවහම මේ දෙන්න අඩන්න පටන් අරන් තියෙනවා. වෙලා තියෙන්නෙ කොල්ලගෙ ලිවුම් ගෙදරින් හන්ගලා කෙල්ලටත් හුගක් නීති දාලා. පස්සෙ කෙල්ල ඇක්සිඩන්ට් එකකින් මැරිලා. ඒත් මේ කතාව නුවන් පිලි අරන්ම නෑ. පස්සෙ බැරිම තැන කෙල්ලගෙ තාත්තා සදුනිගෙ සොහොන පෙන්නන්න මුන් දෙන්නව ගෙනිහින්. ගිහින් බලනකොට කෙල්ලගෙ සොහොන උඩ නුවන්ගෙ ජැකට් එක තියෙනවලු. පස්සෙ කොහොම හරි මුන් දෙන්නා හෙන අප්සට් එකෙන් යාළුවගෙ ගෙදර ඇවිත් තියෙන්වා. ඇවිත් බලනකොට නුවන්ගෙ ඉනේ කෙල්ල අල්ලගත්ත අත්පාර තියෙනවලු.
පස්සෙ නුවන් ගෙඩර ඇවිත් සතියක් විතර විකාර දෙඩව දොඩව ඉන්දලා, දවසක් උදේ බලනකොට ඇද උඩම මැරිල වැටිල ඉදල තියෙනවා.
__________________________________
මම මීට සමාන තව කතා අහල තියෙන්වා. නම් ගම් මනකල්පිතයි.