හොල්මන් කතා

sinhalamark

Member
May 15, 2011
320
24
0
ඔන්න ඉතිං මම හිතුව හොල්මන් කතා කියන්න ත්‍රෙඩ් එකක් පටං ගන්න. තමන් දන්න හොම්මං කතා තියෙනවනම් මෙතන දාන්න, ටිකක් ලොකු අකුරෙන් දාන්න. එහෙනම් මම මුල්ම එක දානව.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
මට යන්න බෑ මං යන තැන්වලින් මාව පන්නනවා

අප ජීවත්වන පරිසරය පුරා දුගතිගාමී වූ ප්‍රේත පිශාචාදී අමනුස්සයෝ විශාල වශයෙන් සැරිසරති. එසේ සිදුවන්නේ යම් යම් පුද්ගලයින්ට හා වස්තු දේපළවලට තණ්හාවෙන් මියයෑම නිසාය. ජීවිතයේ අවසාන අවස්ථාවේ “අපොයි මේ දේපළ මගේ. මම මහන්සි වී ගොඩනඟාගත් දේවල්. මට අයිති දේවල්. මම කොහොමද මේවා අතහැර යන්නේ? මේ මගේ බිරිය. මගේ දරුවෝ. මේ අය අතහැර යන්න බෑ. මේ මගේ සහෝදරයා. මූ මට සැලකුවේ නෑ. මම මළා ම මූ මගේ දේපළ භුක්ති විඳීවි. ඒකට ඉඩ තියන්න බෑ. මම මුගෙන් පළිගන්න ඕනෑ. මූව දාල යන්න බැහැ.” යැයි අවසාන චුති චිත්තය සමඟ සිතුවිලි පහළ වුවහොත් ඔහු හෝ ඇය ඒ දේපළ හෝ පුද්ගලයන්ට ඇලීමෙන් එහි ම උපදී. ඉන්පසු ඉන් කෙනෙක් ඒ දේපළ පිළිබඳ තණ්හාවෙන් බදාගෙන සිටිනවා මිසක ඉන් ප්‍රයෝජනයක් ගත නොහැකිව ද අනුන් ප්‍රයෝජන ගන්නවා දැක තරහෙන් ද මහත් දුක් විඳිති.

තවත් කෙනෙක් තමන් ගේ අකුසල කර්ම විපාක හේතුවෙන් ඒ ප්‍රේතාත්මයට ආවේණික වූ දුර්ගන්ධයෙන් එම පරිසරය අපවිත්‍ර කරමින් සිටිති. සමහර කෙනෙක් ඇල්මෙන් හෝ වෛරයෙන් සිටි පුද්ගලයාගේ සිරුරට රිංගා ගෙන ලෙඩ කරවති. ඒ දුගති භවයේ හෙවත් ප්‍රේතාත්මයේ ස්වභාවය අනුව එහි යැපීම සඳහා එම සිරුර අයිති පුද්ගලයාගේ කෙළ සෙම් සොටු පමණක් නොව රුධිරය ද උරාබීම නිසා එම රුධිරය විෂ වීමෙන් හා රුධිර හීනතාවයට ලක් වී රෝගියකු බවට පත්කරවයි.

ජීවත්වන කාලය තුළ මේ ජීවිතයෙන් පසු මරණයක් ඇතැයි ද, මරණයෙන් පසු තමන් ඊළඟ භවයක් ඇතැයි ද, ඒ භවය සකස්වන්නේ තමන් විසින් කරන ලද කුසල අකුසලයන්ට අනුව යැයි ද නොසිතන පුද්ගලයෝ තමන්ගේ ජීවිතය කෑමටත්, බීමටත්, මත්පැනටත්, පංචේන්ද්‍රියයන් පිනවීමේ විනෝදයටත් පමණක් සීමා කොට දුගතිගාමීව, ප්‍රේත පිශාචව උපදිති. ඔවුන් ජීවත් වූ කාලයේ කෙනෙකුට උදව්වක් යහපතක් සිදු නොකළ බැවින් ඔහු වෙනුවෙන් පිනක් දහමක් කොට අනුමෝදන් කරන්නට කෙනෙකු ඉදිරිපත් වන්නේ ද නැත. දුගතියෙහි උපන් පුද්ගලයා එයින් මිදීමට නොහැකිව අනන්ත වූ කාලයක් සා පිපාසාවෙන් පෙළි පෙළී ශාරීරිකව ද මානසිකව ද දැවි දැවී දුක්විඳිති.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
ඇය කොළඹට නුදුරු කාන්තාවකි. සහෝදරයන් වෙනුවෙන් වෙහෙස මහන්සිව කාලය ගත කරන විට ඇයට විවාහයක් කැර ගැනීම පවා අතපසු විය. දැන් ඇගේ වයස අවුරුදු හැටට ආසන්නව ඇත. ඇය දැන් ආතෙරෙටීස් රෝගයෙන් දුක් විඳින්නී අත පය ඇඟිලි පවා නවන්නට දිග හරින්නට නොහැකි වේදනාවෙන් පෙළෙයි. හෘදය වස්තුවේ කපාටයක් පවා ඉවත් කොට පපුව කෘත්‍රිම මැසිමක් මඟින් ක්‍රියාත්මක කරයි. මේ රෝගී තත්ත්වයෙන්, යම් සහනයක් හෝ ලබාගැනීමේ අදහසින් ‘සිළුමිණ’ පියවි ඇසින් ඔබ්බට ලිපි පෙළ කියවා ඇතුල්කෝට්ටේ, ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියා ය.

ඇගේ ශාරීරික දුර්වලතාව නිසා පළමු දිනයේ සුළු ප්‍රතිකාරයක් කොට බෝධි පූජා පවත්වා එන ලෙස එතැනින් උපදෙස් ලැබුණි. ඊළඟට නියම කළ දිනයේ ඇය සිය සහෝදරියන් සමඟ එහි පැමිණියාය. එදා ගුප්ත ගවේෂණයේදී ඇය හඬන්නට වූවා ය.

”අනේ! මාව පුච්චන්නට එපා” යැයි විළාප දෙමින් පිරිමි හඬකින් අඬන්නට වූවාය.

”හොඳයි, පුච්චන්න එපා නම් දැන් මම අහන දේවල්වලට සත්‍ය පිළිතුරු දෙන්න ඕනෑ. කවුද? මේ ස්ත්‍රී ශරීරයට රිංගාගෙන ඉන්නේ?” නාගොඩවිතාන මහතා ඇසීය.

”ම්..ම්..ම්..ම්...”

”ම්.. ම්.. කියල හරියන්නෙ නෑ. ඉක්මනින් කියන්න. අපට තව වැඩ තියෙනවා. නැත්නම් පිච්චෙන්න තමයි වෙන්නේ”

”මම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒ නිසයි නම කියන්න අකැමැති”
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
”ඔය කතාවලින් වැඩක් නැහැ. මේ කාන්තාව දුක් විඳිනවා. ඇය මරාගන්න හදන්නෙ කවුද කියල අපි දැනගන්න ඕනෑ”

”මම..... සංස්ථාවෙ හිටපු සාමාන්‍යාධිකාරී. මට හොඳට සල්ලි තිබුණා. මට තරුණ කාන්තාවන්ගෙන් කිසි ම අඩුවක් තිබුණෙ නැහැ. ඒ නිසා ම අවිවාහකවයි හිටියේ. මම හොඳට බිව්වා. මත්පැන් නොබීපු දවසක් නැහැ.”

”හරි හරි ඉතින් නම කීවෙ නැහැනෙ”

”මගෙ නම ජයසිරි”

”ඉතින් මේ ගෑනු කෙනෙකුගෙ ඇඟට රිංගුවෙ මොකද?”

”මම ගැහැනුන්ගෙ ශරීරවලට ආසනෙ. මේ මගේ අක්කා. ඒ වුණත් මම රිංගුවා. මාව බලාගත්තෙ මට උදව් කළේ මේ අක්කා. ඒ නිසා මෙයා ළඟට ආවා.”

”ජයසිරි... තමුන් කරපු අකුසල්වලට දුගතියක ඉපැදුණා මදිවට දැන් අක්කවත් මරාගන්න ද හදන්නේ? මේක මහා අපරාධයක්. වහාම මේ ශරීරය අතහැර පිටවෙලා යන්න ඕනෑ. සිරිමා බෝධීන් වහන්සේ වගේ පුණ්‍යස්ථානයකට ගිහින් ඒ වගේ තැනක ආව තේව කර හොඳ ආත්මයක් ලබාගන්න”

”හොඳයි. හොඳයි එහෙනම් මම යන්නං” යැයි භූතාත්මය අක්කාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.

ඇය නැවතත් සති දෙකකින් “අනේ! ආයෙත් අමාරුයි” ගියාගෙන ආවාය. එදින ද භූතාත්මය සමඟ නාගොඩවිතාන මහතා සාකච්ඡා කෙළේය.

”ජයසිරි.... තමුසෙ අපිව රවටන්නද හදන්නේ? එදා යනව කියල ගිහින් ඇයි ආයෙත් ඇවිත් මේ අක්කට කරදර හිරිහැර කරන්නේ?”

”අනේ! මහත්තයෝ මට යන්න තැනක් නැහැ. මම ජීවත්ව ඉන්දැද්දි පිනක් දහමක් නොකළ නිසා මට සොහොනෙත් ඉඩක් නෑ. සොහොනට ගියාම එතන ඉන්න අය “පලයං පලයං උඹට මෙහෙ ඉඩ නැහැ” කියලා මාව පන්නා ගත්තා. මම ජීවත්ව ඉන්දැද්දි ගෑනුන්ටයි, බීමටයි වියදම් කළා මිසක් දානයක් මානයක් දුන්නේ නෑ. අනේ! මේ අපේ අක්කලට කියල සාංඝික දානයක් දී මට පිං අනුමෝදන් කරන්න කියන්න. එතකොට මට යන්න පුළුවන් වේවි”

”හොඳයි. දැන් යන්න” රෝගී තත්ත්වය නිසා දුර්වලයි. සතියක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස කාන්තාවට උපදෙස් දුන්නේය.

ඊළඟ සතියේ ද රෝගී කාන්තාව පැමිණියාය. භූතාත්මය ආවිශ්ට විය.

”මහත්තයෝ මට යන්න බෑ. මම යන යන තැන්වලින් මාව පන්නනවා. මම ඉස්සර කව්රු හරි ගෙදරට ආධාර පත්‍රයක් අරගෙන ආවොත් හැංගෙනවා. කවදාවත් ජීවිතේට පන්සලකට ගියේ නෑ. ඒ නිසා පිං දෙන කොට පිං අනුමෝදන් වෙන්න අත් දෙක උස්සලා සාදු සාදු කියන්න බෑ.”

”තමුන්ගෙ කරුම තමුන්ම ගෙවන්න වෙනවා. තමුන් ජීවත්ව ඉන්දැද්දි කරපු පාපකර්ම බරපතලයි. දැන් නම් තමුන් යන්නම ඕනෑ. නැත්නම් දඬුවම් කරන්න වෙනවා” යැයි කියා ඊළඟ සතියේ වැටකෙයා මලක් හා පලතුරු වට්ටියක් රැගෙන එන්නැයි රෝගී කාන්තාවට උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ ඇය පලතුරු වට්ටියක් හා වැටකෙයා මලත් අරගෙන ස්ථානයට ඇතුළුවුණේ ම හඬාගෙන ය.

පලතුරු වට්ටිය මිදුලේ තබා වැටකෙයා මල ඒ අසලින් තබා භූතාත්මය අමතා “දැන් වැටකෙයා මල උඩට නගින්නැ”යි නියෝග කළේය.

”දැන් කළුතර බෝධීන් වහන්සේ ළඟට යන්න ඕනෑ. එතැන සිටින දෙවියන්ට කන්නලව් කොට උදව් ඉල්ලන්න.මෛත්‍රී බෝධිසත්ත්ව දෙවියන්ට වැඳ නමස්කාර කොට උන්වහන්සේ ඉදිරියේ නැවත මේ ශරීරයට ඇතුළු නොවන බවට පොරොන්දු වෙන්න. කළු දේවතා බණ්ඩාර දෙවියන්ට කියා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟින් ඉඩකඩක් ඉල්ලා ගන්නැ”යි භූතාත්මයට උපදෙස් දුන්නේය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, කළු දේවතා බණ්ඩාර දෙවියන්ටත්, බාර හාර වී කිරි ආහාර පූජාවක්, සුදු නෙළුම් මල් වට්ටියක් හා සිවුරක් පූජා කරන බවට පොරොන්දු වී දානයක් දී මල්ලීට පින් අනුමෝදන් කොට සතියකින් ගොස් බාර ඔප්පු කරන ලෙස රෝගී කාන්තාවට උපදෙස් දුන්නේය.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
මිදුලේ තැබූ පලතුරු වට්ටිය හා වැටකෙයා මල දෙදෙනකුට ඔසවන්නට බැරි තරම් බරින් යුක්ත විය.

මෙහිදී අපට පැහැදිලිව පෙනෙන විශේෂත්වය නම් මේ භූතයාට සහෝදරියගේ ශරීරය අතහැර යන්නට වුවමනාව තිබුණ ද යා නොහැකි තත්ත්වයක් උදා වී තිබීමය. සොහොනට ගියත් එතැන පදිංචිව සිටින භූතයින් විසින් පන්නා ගනු ලැබුණි.

ජීවත්ව සිටිය දී කෙනෙකුට ඉඩමක් ගෙයක් ගැනීමට උදව් කිරීම විශාල පිනකි. ගෙයක් හදන කෙනෙකුට උදව් කිරීම ද එසේ ම ය.

ඊටත් වඩා භාවනා මධ්‍යස්ථානයකට, පන්සලකට ඉඩමක් ලබාදීම හෝ ඉඩමක් ලබාගැනීමට ආධාර කිරීම ද කුසලයකි. කෙටියෙන් කියනවා නම් කෙනෙකුට ඉන්නට හිටින්නට තැනක් ලබා දෙන අයට මරණයෙන් පසු ලබන උපතේ දී ඒ ආනිසංසයෙන් සුදුසු තැනක් ලැබේ. විමානයක් සකස් වේ.

අතීතයේ සිට සිංහල බෞද්ධයන් අතර චාරිත්‍රයක් ලෙස පවතින, මළ ගිය කෙනෙකුට පින් දෙන්නට සිදු කරන දානයේදී පැදුරක් හා කොට්ටයක් පූජා කරන්නේ ඒ නිසාය. මළගිය ඥාතියාට පවතින්නට සුදුසු තැනක්, දෙවියෙක් නම් දිව්‍ය විමානයක්, ලබාදීමට කරන පූජාවකි. දන්දීමකි.

ජීවත්ව සිටියදී එවැනි කුසලයක් නොකළ අය, අමනුෂ්‍ය ආත්ම භවයක උපන්නොත් එවැන්නෝ තුන් මංසලේ, සිව් මංසලේ, නානතොටේ ඉපිද පීඩා විඳිති. ඔවුන්ට සොහොනේවත් ඉඩක් නැත. එතැනින් ද පන්නා ගනිති. ඒ නිසා ආරාම පූජා, නිවාස පරිත්‍යාග, ඉඩම් පූජා බොහෝ ආනිසංස ඇති කුසලයෝය. මේ භූතයා ඉහත භවයේ සංස්ථාවක සාමාන්‍යාධිකාරී කෙනෙකු වුව ද අද ඔහුට සොහොනේවත් ඉඩක් නැත.
 

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
මාර්ක් අය්යෙ හොල්මන් කතා කියන්න ඔනෙ නැහැ.... එලකිරි එකෙ ඉන්න කව් රුහරි one and only කෙල්ලෙක් එක්ක චැට් කලාම නිකම්මම හොල්මන් වෙනවා....

anywy nyc thread :)
 

nirwana2007

Member
Mar 21, 2011
49
6
0
:shocked: Pissu kathawak.. kiyapanko boothata lankawe Oil [Bora thel] thiyana thanak penwanna kiyala, the we can earn money like Middle east country.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    machan font size eka 3 wage dapan..ethakota pahadili..umba dala thiyena size eka loku wadi :D
    thawa holman wena dewal danna..:rofl:
     

    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0
    mae lipiyata bohoomathma sthuthie sahodaraya.. api nohithana, godaak dewal igena ganna thiyana paatai... mae widiyata karunu pennuwa ekata godaak pin.. :yes:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මාර්ක් අය්යෙ හොල්මන් කතා කියන්න ඔනෙ නැහැ.... එලකිරි එකෙ ඉන්න කව් රුහරි one and only කෙල්ලෙක් එක්ක චැට් කලාම නිකම්මම හොල්මන් වෙනවා....
    ලොල්ය. අනේ මට නම් ඔහොම නෑ. පාඩුවෙ බුකියෙ වැඩක් බලාගෙන ඉන්නව. ලොල්ය. කමෙන්ට් (එලකිරි එකේ මේවට කියන්නෙ කමෙන්ට් ද මොනවද දන්නෙ නෑ) එකට තෑන්ක්ස්

    anywy nyc thread :)

    Thanks

    :shocked: Pissu kathawak.. kiyapanko boothata lankawe Oil [Bora thel] thiyana thanak penwanna kiyala, the we can earn money like Middle east country.

    ලොල්ය. ඇයි උඹ ගිහිං හාරනවද ?
    ලොල්ය.
    කිව්වත් ඕව හාරන ඉන්ජිනියොර්ස්ල ඕව පිලිගන්නවද ? :lol::lol::lol:

    machan font size eka 3 wage dapan..ethakota pahadili..umba dala thiyena size eka loku wadi :D
    thawa holman wena dewal danna..:rofl:

    හා. ඊලඟ එකේ දාන්නම්.

    mae lipiyata bohoomathma sthuthie sahodaraya.. api nohithana, godaak dewal igena ganna thiyana paatai... mae widiyata karunu pennuwa ekata godaak pin.. :yes:

    හ්ම්ම් ඒක නම් ඇත්ත. මේව ගැන හොඳට විස්තර කරල තියෙනව මතුගම මහින්ද විජේතිලක මහතා ලියපු අපට නොපෙනෙන ලෝකය 1,2,3 පොත් වල. පලවෙනි එක බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො ලියපු එකක්. ඒකෙ නම් මේ වගේ කතා කිහිපයකුත් එහෙම වෙන්න හේතුත් තියෙනව. දෙකේ නම් වැඩිය නෑ. තුන බෙල්ලන ඥනවිමල හාමුදුරුවො ලියල තියෙන්නෙ. ඒකෙත් කතා ගොඩක් තියෙනව. එහෙම වෙන්න හේතුත් තියෙනව. පුළුවන්නම් හොයාගෙන කියවන්න. ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තහැකි

    thanks machan thawa danna rep added

    Thanks :D

    maru machn,,aniwa pin karanna ona,,me mama,,kello karanawa tama,,bt adi gahanne ne,,,
    man magema Styl ekata inna dial 1k,,ona 1k help 1 illuwt lowet karanawa,,prana gatha,,danagena nan giviteta karanna,,bt meat kanawa,,,

    :O හොඳයිනෙ. මස් කන එකත් නැවැත්තුවනම් හොඳයි නේ ?
    කුණපාස කියල ප්‍රේත කොට්ඨාසයක් ඉන්නව. උන් නම් කන්නෙ සත්තුන්ගෙ මල කුණු. ඉතින් මිනිස්සු වුන අපි මොටද ඒ වගේ ප්‍රේතයො ගානට වැටෙන්නෙ ?

    ahuwamai...holnakwa..thawa holman wisin kanaththen elawanawa kiyala..... :shocked:
    really intersting story bydway... :)

    ඔව් එහෙම එලවන්න පුලුවන්. සමහර මිනිස්සුන්ව එපා වෙලා ගම් වලින් එහෙම පන්නල දාන්නෙ. ප්‍රේතයො අතරත් එහෙම වෙන්න ඉඩ තියෙනව.

    digatma kara gana yanna thx

    :D welcome

    Ela Ela Rep ++

    Thanks
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ලොල්ය. ඔන්න තව එකක් දානව. කාලෙකට කලින් පත්තරේකින් උස්සල සේව් කරල තියාගත්තෙ,. පත්තරේ නම් මතක නෑ. එහෙඤං කියවල බලන්නකො.​

    දහවල් වල දැමූ මිනිහා රෑ මැදියමේ ගේ ළඟ දෙවටේ

    මේ කියන සිදුවීම අඩුම වශයෙන් වසර හතළිහකට වඩා පැරණිය. මේ සිදුවීමට මුහුණ දුන් අය අදත් ජීවත්ව සිටිති. මෙතැන් සිට අපගේ කතා නායකයා සරත් ලෙස හඳුන්වමු. සරත් එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ඉගෙන ගනිමින් සිටි අතර හදිසියේම ඔහුට සිය ගමට පැමිණීමට සිදුවෙයි. එදා ඔහු විසින් මුහුණදෙන ලද මෙම අත්දැකීම තවමත් ඔහුගේ මනසෙහි රැඳී තිබේ. සරත් කොළඹ - පිටකොටුවට එද්දී මැදියම් රැයටද ළංව තිබුණි. පිටකොටුවේද හාත් පස අඳුරුය. අපිළිවෙළකට ගොඩගසන ලද බඩු පොදියක්‌ මතට වී ගොරවමින් සිටි මිනිසා නාට්‌ටාමියකු බව ඔහුට හැඟුණි. ඔහු දෙස බලා උගුර පෑදූ සරත් තරමක්‌ ඉදිරියට ඇවිද ගියේ රෑ කඩයක්‌වත් තිබේදැයි බැලීමටය. බෝගහ හන්දිය ළඟම තිබුණු මුස්‌ලිම් හෝටලයේ යාන්තම් දොරක්‌ හැර තිබුණි. එයින් හිස පොවා එබී බැලූ සරත්ට කඩේ ඇතුලෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්‌ නොවේ. පැය තුනකට ආසන්න කාලයක්‌ බස්‌ රියේ ගමන් කළ ඔහු තුළ කිසියම් තෝන්තුවා ගතියක්‌ද විය. උණුසුම් තේ කෝප්පයක්‌ බීමේ දැඩි වුවමනාවක්‌ තිබුණත් එය සපුරා ගත නොහැකි බව ඔහුට වැටහිණි. එතරම් විශාල නොවූ පිටකොටුව ලං. ග. ම. බස්‌ නැවතුම් පොළද නිදා සිටින අයුරු ඔහු දුටුවේය.
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මගී ආවරණයක්‌ තුළ බහින් බස්‌ වන හිඟන මිනිසා හා හිඟන ගැහැනිය දෙස ඔහු හිටගෙනම බලා සිටියේය. හිඟන ගැහැනිය ගේ රන්ඩුවට මුළ මුදල් පලහිලව්වක්‌ බව ද ඔහු තේරුම් ගත්තේය. ගැහැනිය හා මිනිහා අඹු සැමියන් නොවූවද ඔව්හු එකට ජීවත් වන්නෝ බව ද සැණකින් සරත්ට වැටහුණි. එහෙත් තමාට හිමි විය යුතු මුදලක්‌ නොදීම ගැන හිඟන මිනිසා අමු තිත්ත කුණුහරුප කතා කීවේය. හිඟන ගැහැනියට ඇති තරම් අපහාස කළේය. එහෙත් ඒ කිසිවකින් කම්පා නොවූ ගැහැනිය සරත් දෙස ද විමසිල්ලේ බැලුවාය. මුළු පිටකොටුවේම සිටින ප්‍රාණීන් දෙදෙනාගෙන් එකෙකු වූ ඒ සිඟන ගැහැනියට රෑ බස්‌ ගමන් ගැන ද අවබෝධයක්‌ තිබිය හැකියෑයි සරත්ට හැඟුණි. "අර වානෙ සංස්‌ථාවට යන බස්‌ එක ගියාද දන්නෙ නෑ." සරත් සිඟන ගැහැනිය දෙස බලාගෙනම ඇසුවේය. "තවම නෑ. ඕක එන්නෙ වරායෙ ඊළඟ වැඩ මුරේ ඉවර වෙනකොට වගේ." සිඟන ගැහැනිය පිළිතුරු දුන්නාය. සරත් ගමට යා යුතු වූයේද එම බසයෙනි. ඒ බසය පිටකොටුවේ සිට ඔරුවල වානේ කම්හල දක්‌වා යන බසයකි. වරායේ රෑ වැඩ මුරය අවසන් කරන කම්කරුවෝ ඒ බසයෙහි වැඩිපුරම සිටිති. ඒ බසය ඔරුවල වානේ කම්හල ප්‍රධාන දොරටුව ඉදිරිපිටට යන්නේ හරියටම කම්හලේ රෑ වැඩ මුරය අවසන් වන වෙලාවට බව සරත්ට මතක්‌ විය. සරත් බස්‌ නැවතුමෙන් එළියට පැමණ ඕල්කොට්‌ මාවතේ නතර විය. එවේලේ එහි තවත් මගීන් කීප දෙනෙක්‌ද වූහ. බසය පැමිණීමට වැඩි වේලාවක්‌ නැති බවද එයින් ඔහු තේරුම් ගත්තේය. තවත් විනාඩි කිහිපයක්‌ ගත විය. මරළතෝනි දෙමින් එන සතෙක්‌ මෙන් බස්‌ රිය පැමිණියේය.රියෑදුරා එහි සිටි මගීන් ගැන කිසිම උනන්දුවක්‌ නොදක්‌වන්නෙකු බව ඔහු රිය නැවැත්වූ ආකාරයෙන්ම සරත්ට හැඟිණි. බසයට ගොඩවූ සරත් රියෑදුරු අසුනට පේළි දෙකක්‌ පමණ පසු පසින් වූ අසුනක හිඳ ගත්තේය. කොන්දොස්‌තර ළඟින් වහනය වූයේ අරක්‌කු ගඳකි. ඔහුගේ මුහුණේ වූ උඩු රැවුල ඔහුට ගෙන දුන්නේ අලුගෝසු පෙනුමකි. කොහාටද? අතුරුගිරියට. කොන්දොස්‌තර විසින් දෙන ලද ටිකට්‌ එකත් සාක්‌කුවේ දමාගත් ඔහු අසුනේ හරි බැරි ගැසුණේය. රියෑදුරාගේ කළබලය කුමක්‌ නිසාදැයි සරත්ට තේරුම් ගත නොහැකි විය. පිටකොටුවේ සිට බොරැල්ල දක්‌වා අතරින් පතර මගියෙක්‌ ගොඩ වන අයුරුද ඔහු දුටුවේය. බොරැල්ලෙන් නැවත බසය පිටත් වෙද්දීත් අට දෙනෙකුට හෝ දහ දෙනෙකුට වඩා බසයේ නොවූහ. හෙමින් ඇරඹුණු ගමන බත්තරමුල්ල දෙසට එද්දී දුම්මල වරම්ගත් ඇදුරකුගේ විලාසය ගෙන තිබුණි. මග දෙපස වූයේ කෑලි කපන අඳුරකි. වැහි පොදක්‌ ද වැටයි. මුහුණටම එල්ලවන සුළං ප්‍රහාරයෙන් විඩාපත් සරත් එය වසා දැමීය. බොරැල්ල අතුරුගිරිය බස්‌ මාර්ගය ඔහුට අලුත් දෙයක්‌ නොවූවත් ඒ මග දෙපස තිබෙන ගහ කොළ සරත්ට මතක නැත. විනාඩි කිහිපයකින් ඔහුගේ ඇසට හසුවූ පෝරේ වෙල්යාය බව ඔහුට සිහි විය. ගොයම් කපා තිබුණු කුඹුරු බසෙහි ලාම්පු එළියෙන් දුඹුරු පැහැයෙන් බබලන අයුරු ඔහු ආශාවෙන් බලා සිටියේය. පලින් පල ගොයම් නොකැපූ කුඹුරක්‌ දෙකක්‌ ද ඉතිරි වී තිබුණි.
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    බස්‌ රියෑදුරා වේගයෙන් සරත් බැසීමට නියමිත නැවතුම වෙතටම ඔහු රැගෙන ආවේය. සීනුව හැඬවූ ඔහු බසයෙන් බැස ගත්තේය. වේලාව මැදියම් රැය පසුවී තිබුණි. වැස්‌ස අඩුවී තිබුණත් සෑහෙන වේලාවක්‌ වැටුණු වැස්‌ස මඟ දෙපසම දිය පාරක්‌ බවට පත්කර තිබුණි. කිසිවක්‌ තෝරා බේරා ගැනීමට නොහැකි තරමටම අඳුර දැඩි විය. සුළඟත්, හිරි පොදයත් සරත්ට වදයක්‌ විය. බස්‌ නැවතුමේ සිට ගෙදරට යා යුත්තේ ගුරු පාර දිගේය. කුලී රියක්‌ හෝ අසලක නැත. දසත අඳුරුය. අඳුරට බියෙන් මෙන් වැස්‌සෙන් ඉතිරිවූ බොර පැහැ ජලය ගලා යයි. සරත් සාක්‌කුවට අත දැම්මේ පේරාදෙණිය හන්දියෙන් මිලදී ගත් ගිනිපෙට්‌ටිය අතට ගැනීමටය. ඇඳුම් බෑගයෙහි අයිනේ ඉටිපන්දමක්‌ තිබෙන බවද ඔහුට මතක්‌ විය. බෑගය දෙපා අතර රැඳවූ ඔහු ඉටිපන්දම දල්වා ගත්තේය. එහෙත් පොල්කටුවක්‌ නැත. අතින් ඉටිපන්දම මුවා කළත් එයට වඩා සුළං පහර දැඩි විය. ඔහු යළිත් අඳුරින් වැසී ගියේය. කළ යුතු කිසිවක්‌ ද නොවීය. මොහොතක්‌ කල්පනා කළ ඔහුට මතක්‌ වූයේ තව යාර කීපයක්‌ දුරින් තිබෙන රබර් වත්තය. හිතේ සෝදිසියෙන් මෙන් එතැනට ගිය ඔහු රබර් ගසක්‌ මුලට නැමී එහි තිබුණු පොල් කටුවක්‌ අතට ගත්තේය. වැසි වතුර වැටී තිබුණු පොල්කටුවෙන් තරමක දුඟඳක්‌ද හැමුවේය. එහෙත් පොල්කටුව වීසි කළ නොහැක. මේ අන්ධකාර රාත්‍රිය පියමං කර නිවසට ළඟාවීමට තිබෙන එකම පිළිසරණ ඉටිපන්දම හා පොල්කටුව පමණි. ගුරුපාර දිගේ ගලන ද=ඹුරු පැහැ ජල කඳ කෙමෙන් වැඩි වන බව ද සරත්ට දැනේ. සැතපුම් තුන් කාලක්‌ පමණ වූ මිනිස්‌ කටහඬෙන් තොර පාලු ගුරු පාර දිගේ ඔහු යා යුතුය. ඉඳහිට නැගෙන විදුලියක එළියෙන් තවත් ඔහුගේ ඇස්‌ මං මුළා කරනු වැනි විය. අඳුරු රබර් හේඩාවෙන් නැගෙන රෑහි හඬද මහ මූසලය. ඒ සමඟම විලාප ගසන මැඬියකුගේ හඬක්‌ද ඇසෙයි. පසළොස්‌වක සඳ එළිය දවස්‌වලට නම් මේ ගුරු පාර මොනතරම් සුන්දරද? දෙපස ගස්‌ කොලන් වුවද සරත් සමඟ සිනාසෙයි. එහෙත් මේ ඇඳුර ළදැඩියකුගේ සිත වුවද පසු බස්‌වන සුළුය. සරත්ට අඳුර නුහුරු දෙයක්‌ නොවේ. එහෙත් අද ඔහු තුළ කිසියම් නුහුරු චකිතයක්‌ රැඳී තිබේ. ක්‍රමයෙන් වැඩිවන වැස්‌ස හා නිශාචරයන්ගේ මූසල හඬවල් රැගෙන ඇඟට පනින සුළඟ ද සරත්ගේ සිතට නගන්නේ අසහනකාරී හැඟීම්ය. කඩින් කඩ ඇදවැටුණු වැස්‌ස අලුත් රිද්මයකට වසියි. හිසට වැටෙන වතුර දෙපතුල තෙක්‌ ඇදෙනු ඔහුට දැනේ.
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ඉටිපන්දම ලොකු ගිනි දැල්ලක්‌ නගමින් නිවී ගියේය. තෙත බරිත කලිසම් සාක්‌කුවට අත ගියේ ඉබේටමය. සියලු අපේක්‌ෂා බොඳ විය. එහි තිබූ එක ගිණි කූරුක්‌ හෝ දල්වා ගත නොහැකි විය. තමා පසු කරමින් ගලා යන වැහි දිය ඔහුට ඇසුනේ පසු පසින් කෙනෙකු ගමන් කරන්නාක්‌ මෙන්ය. ඔහු ඒ පිළිබඳ වැඩිපුර නොසිතීමට වෑයම් කළේ වළ ගොඩැලි සහිත මේ ගුරු පාර ගම් සභාවට අයිති එකකි. බර වාහන යැම තහනම් වුවද සිදාදියට බඩු එකතු කිරීමට එන ලොරි බාග නිසා පාර හොඳටම අබලන් වී තිබුණි. සමහර තැන්වල අගල් බේරී තිබුණි. වල ගොඩැලි වැසී යන තරමට ජලය එක්‌ව තිබුණි. එනිසා ප්‍රවේශමින් ගමන් කළ යුතු විය. සරත් ඇඳුම් බෑගය කරට ගත්තේය. ඉටිපන්දම යළි දල්වා ගත යුතු යෑයි සිතුනත් ගින්දර නැත. අහල පහළ දුරින් දුරින් ගෙවල් දෙක තුනක්‌ තිබුණත් ඒවා අඳුරින් වැසී ගොසින්ය. නැතත් මේ රෑ දෙගොඩහරි ජාමෙට කිසිවෙක්‌ දොරවල් නොහරිති. ඇතැම් දේවල් දෛවය විසින් ඉටුකරන්නාක්‌ වැනිය. සරත් ගුරු පාරේ කුඩා කඳු ගැටය නැග බඹයක්‌ පමණ ඉදිරියට යද්දී කිසියම් අඳුරු සේයාවක්‌ දුටුවේය. මේ මහ රෑ ඔහු ඔහුගෙන්ම ඇසුවේය. හිතට තරමක බියක්‌ ද ඇතිවිය. කිසිවෙක්‌ හිටගෙන සිටින බව ඔහු සැක හැර දැනගත්තේය. ඔහු ගෝනියකින් හිසත් සිරුරේ උඩුකොටසත් වසා ගෙන සිටියේ වැස්‌ස නිසාය. මේ ගමේ කවුරුත් වැසි දිනවලට ගෝනියක්‌ මොට්‌ටැක්‌කිළියක්‌ ලෙස දමාගෙන යති. හිටගෙන සිටි මිනිසාද ගෝනි මොට්‌ටැක්‌කිලියක්‌ දමා ගත්තෙකි. පුදුමයකට මෙන් ඔහු අතේ බාගෙට නිවී ගිය හනස්‌සකි. පොල් කොළ හා හනස්‌ස එක්‌ක බැඳ ගන්නා හුළු අත්ත කළුවරේ යන අයට පාර පෙන්වයි. සරත් හිටගෙන සිටි මිනිසාට ළං විය. ගිනියම් වූ හනස්‌ස දෙසට අතේ තිබුණු ඉටිපන්දම ළං කළ ඔහු හෙමින් සැරේ¨ එයට පිම්බේය. හනස්‌ස ඇවිළී ඉටිපන්දම දල්වා ගත් ඔහු හනසු එළියෙන් එහි සිටි පුද්ගලයා හඳුනා ගත්තේය. ඔහු නතරවී සිටි දෙවට සරත්ට පුරුදුය. එහි වූයේ ගෙවල් දෙකකි. එක්‌ ගෙයක්‌ තමා සමඟ එකට ගමේ පාසල් ගිය ආරියසේනලාගේය. අනෙක්‌ ගෙය සිරියාවතීලාගේය. තමා අසල සිටිනේනේ ආරිසේනගේ තාත්තා බව ඔහුට මතක්‌ විය. "මේ ආරියසේනලගෙ තාත්ත නේද? මාත් මේ පෝරාදෙණියෙ ඉඳලා එන ගමන්." සරත්ගේ කතාවට ඔහු "හම්" කීවේවත් නැත. එහෙත් එය ඔහුට අමුත්තක්‌ නොවීය. බාග වෙලාවට ඔහු තමන් හඳුනා නොගත්තාද විය හැකිය. සරත් ගමන ඉක්‌මන් කළේ ඊළඟ සුළං ප්‍රහාරයට කලින් වත්ත ළඟට හෝ යැමටය. සරත් වත්ත ළඟට ගොස්‌ උණ ලී ගේට්‌ටුව අමාරුවෙන් ඇර ගත්තේය. ඉටිපන්දම හා පොල්කටුව නිවී බිමටම වැටුණි. දැන්නම් ඕන කෙංගෙඩියක්‌ යෑයි ඔහුට සිතුණි. අඳුරේම ඔහු ගේ දොරකඩට ළං විය. සරත්ට තවමත් හුළු අතු එළියෙන් දිළිසුණු ආරියසේනලාගේ තාත්තාගේ මුහුණ මතක්‌ වෙයි. කාන්සිය යන්ටත් වචනයක්‌ කතා නොකර ඔහු දෙවට දිගේ ගිය ගමනද ඔහුට මැවී පෙනෙන්නට විය. එත් මේ අන්ධකාර රාත්‍රියෙහි හමුවී වචනයක්‌ තරම්වත් කතා නොකර ගිය ගමන ගැන ඔහුට දුකක්‌ද දැනුණි. ඒත් ඔහු කළ උදව්ව නොවන්නට තමන්ට අඳුරේම ගමන් කරන්නට සිදුවන බව ද සරත්ට සිහි විය. සරත්ගේ සිතට දැන් කිසියම් අස්‌වැසිල්ලක්‌ දැනෙයි.
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    එත්අ ඔහුගේ සිත කිසියම් ගුප්ත හැඟීමකින් වැසී ගියාක්‌ වැන්න. සරත්ගේ ඇඳුම් සියල්ලම හොඳටම තෙත බරිතය. හිස දිගේ පහළට ඇදෙන වැහි වතුර සිරුරෙන් නැගෙන උණුසුමෙන් වාෂ්ප වී යන්නාක්‌ මෙන් ඔහුට දැනෙයි. සරත් ගේ ළඟට එද්දී නිසොල්මන්ව තිබුණු ගේ අවදිවී ඇත. අම්මා සරත්ගේ පැමිණීම අපේක්‌ෂාවෙන් සිටියාක්‌ මෙන් ඔහු අම්මේ යයි එකවරක්‌ කියද්දීම දොර හැරුණි. "හානේ පුතා හොඳටම තෙමිලා. මහ වැස්‌සක්‌නෙ වැස්‌සෙ. දැන් තමයි ඔන්න යන්තම් හරි වැස්‌ස අඩුවුණේ. පුතා කොහොමද කරුවලේ ආවේ. නෑ ටික දුරක්‌ එද්දී මගෙ ඉටිපන්දම නිවුණා. පස්‌සෙ අර දෙවට ළඟ ආරියසේනලගෙ තාත්තා හිටිය. මං එයාගෙන් ආයිමත් ඉටිපන්දම පත්තු කරගෙන ආව. අම්මා සරත්ගේ කතාව හාරා ඇවිස්‌සුවේ නැත. පුතා එහෙනං කෝපි ටිකක්‌ බීල නිදාගන්න. දැං දෙගොඩහි ජාමෙත් පහුවෙලානෙ. උදේට කන එක හොඳයි. ඔය ඇඟපත පිහදාගන්න හොඳට. සරත්ගේ කතාව අම්මාට පුදුමයකි. සරත් කියන ආරියසේනලාගේ තාත්තා මියගොස්‌ සිටි අතර ඔහුගේ භූමදානය සිදු වූයේද එදාය. කුමක්‌ වුවත් ඒ පිළිබඳව පුතාට නොකීමට සනිටුහන් කරගත් අම්මාද ඇඳට ගියේය. පසුදින උදෑසනින්ම අම්මා අවදි වූවාය. සරත් තවමත් නිදන බව අම්මා සැකහැර දැනගත්තේය. රාත්‍රියේ සිදුවීම කිසිම කෙනෙකුට නොකිව යුත්තක්‌ බව ද එවේලේ අම්මා සිතුවේය. පුතා කියන කතාව කිසිසේත්ම බොරුවක්‌ විය නොහැක. ආරියසේනලාගේ තාත්තා සාමාන්‍යයෙන් බොහෝ රාත්‍රි කාලවල ඒ දෙවට ළඟදී තමන්ට ද මුණ ගැසී ඇති වග අම්මාට මතක්‌ විය. සරත් අවදි වූයේ උදේ නවයට පමණය. අම්මා වත්ත පහළ පාර අයින ළඟ කව්දෝ සමඟ කතාබහකය. එතැනට ආ සරත් එකවරම දුටුවේ ගුරු පාර දෙපස තිබුණු ගොක්‌ සැරසිලිය. තමා රාත්‍රියේ එද්දී ඒ කිසිවක්‌ දුටු බවක්‌ද ඔහුට මතක නැත. කව්ද අම්මෙ මැරුණෙ. මේ පාර සරසල තියෙන්න. සරත්ගේ ප්‍රශ්නයට අම්මාට කලින් පාරේ නතර වී සිටි ගැහැනිය පිළිතුරු දුන්නාය. "ඇයි දන්නෙ නැද්ද අර ආරියසේනලගෙ තාත්තා හදිසියේ මැරුණනෙ. ඒ සැරසිලි කළේ එයාට මරණ සමිතියෙ කට්‌ටිය. ඊයෙ තමයි මිනිය තිබුණෙ." සරත් පුදුමයට පත්වූයේ ඒ පිළිතුර ඇසීමෙන්ය. "එතකොට අපේ අම්ම දැනගෙන හිටියෙ නැද්ද?" සරත්ට පිළිතුරු නොදීම අම්මා ඔහු සමඟ මිදුල දෙසට ආවාය. මං ඉතිං රෑ දෙගොඩ හරියෙ හින්ද පුතාට ඒ වගක්‌ කීවෙ නෑ. අනික මං කොහොමද පුතා ඒ මිනිහ හම්බු උනයි කියල කියද්දී ඒ මිනිහ මළ විත්තිය කියන්නෙ. පුතාගෙ හිත ගැස්‌සෙයි කියල මට බය හිතුණා. අම්මා සරත් දෙස විමසිල්ලෙන් බලා සිටියාය. සරත්ගේ සිත අම්මාට අපැහැදිලිය. කුමක්‌ වුවත් පුතා කියන කතාව බොරු විය නොහැක. "මට හොඳටම විශ්වාසයි ඒ ආරියසේනගෙ තාත්තා කියල. මට දැන් හිතෙනව ඒ වෙලාවෙ මිනිහගෙ මූණෙ හ රිම බයක්‌ තිබුණා. මට හොඳට මතක්‌වුණා දිලිසි දිලිසි තිබුණා. පස්‌සෙ මිනිහා කරබාගෙන ගෙවල් පැත්තට යන දෙවට දිගේ යනවත් මං දැක්‌කා." එදා දහවල් වෙද්දී සරත්ට උණ ගැනී තිබුණි. අම්මා ඔහුට ඕඩිකොලොන් පැලැස්‌තරයක්‌ද දැම්මාය. පසුදා පේරාදෙණිය ගමනද අම්මාගේ පෙරැත්තයත්, තෝන්තුගතියත් නිසා කල් දැමිණි. සරත් ගෙදරින් පිට වූයේ සතියකට පමණ පසුවය. ඒ එද්දී අම්මා කී දේ තවමත් ඔහුට මතකය. මීට පස්‌සෙ මොනම හදිස්‌සියකටවත් රෑ ජාමෙ ගෙදර එන්න තියාගන්න එපා. සත්තකින්ම අම්මා කියූ ආකාරයටම එදා සවස වළ දැමූ මිනිහා මහ රෑ ගෙදරට හැරෙන දෙවට ළඟ කළ සක්‌මන කුමක්‌දැයි අදටත් සරත්ට ප්‍රහේළිකාවකි.
     
    • Like
    Reactions: chamaz