හොල්මන් කතා ...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ මගේ හොඳම යාලුවෙක්ගේ තාත්තට...
    ඒ කට්ටිය ගාල්ලේ.....
    ඉස්සර ගාල්ල පැත්තට විතරක් නෙවි සීමිත පැත්තකට විතරනේ කරන්ට් එක තිබුනේ....
    ඉතිං මේ සිද්දිය වෙලා තියෙන්නේ අපි උපදින්නත් කලින්....
    යාළුවගේ තාත්ත සිරිල් කියල හඳුන්වන්නම්....
    එතකොට සිරිල්ට වයස අවුරුදු 18ක් විතර ඇතිලු....
    කොල්ල කාලේ නිසා දන්නවනේ කරන තරමක් කරන්නේ පිස්සු වැඩමනේ...
    ඒ වගේම නාහෙට අහන්නේ නැති වයස...
    මෙයා පොඩි පොඩි ගුරුකම් වගේ දේවල් එහෙම කරනවලු...
    එහෙම වැඩකට ගිහිං තනියම යන්නේ නැතිලු..
    ගෝලයෙක් එක්කලු යන්නේ...
    එදත් සුපුරුදු පරිදි එහෙම වැඩකට ගිහිං ගෙදර එන්න ආවලු...
    එනකොට එන්න වෙලා තියෙන්නේ තනියම...
    ඉතිං හඳ එළියේ හෙමින් හෙමින් එනවලු...
    දැන් වගේ ජනාකීර්ණ නැති නිසා එක ගෙයක ඉඳල තව ගෙයකට එන්න ගොඩක් දුර එන්න ඕනලු....
    ඒ මදිවට බලන බලන පැතිවල තියෙන්නේ ඝන කැලෑවලු...
    ඉතිං මෙහෙම එනකොට සිරිල්ට දැනෙනවලු පිටිපස්සෙන් කවුද එනවා වගේ...
    මෙයා පිටිපස්ස හැරිලා බැලුවම කළුම කළු බල්ලෙක් ඉන්නවලු..
    වෙන බල්ලොන්ට වගේ නෙවි ගොඩක් ලොකුයිලු..
    දන්නවනේ සිරිබිරිස් ගැන...
    සිරිබිරිස් කියන්නේ අපායේ මුරකාරය...
    ඒත් බල්ලෙක්...
    ඔලු තුනක් තියේලු...
    මෙතන ඔලු තුනක් නැති උනාට බල්ලා කළුම කලුයි කියල හඳ එලියට පෙනුනලු....
    ඒත් එක්කම මෙයා වැලි අහුරක් අරගෙන මතුරලා ගැහුවලු....
    බල්ලා කොහේ ගියාද නැතිලු..
    ඒ පාර අයිත් ගමන ඉස්සරහට යද්දී....
    රිච්මන්ඩ් කන්දේ දෙපැත්තේ ලොකුවට උසට කණු දෙකක් පේනවලු....
    දෙපාරක් හිතල නැහැ, දන්නවලු කවුද ඉන්නේ කියලා...
    ඉන්න කෙනා උස යනවලු, අයිත් මිටි වෙනවලු...
    ඒ මදිවට උස ගිහිං පාර කන්ද දෙපැත්තට කකුල් දෙකත් ගැහුවලු.....
    වෙන කවුරුත් නෙවි මහාසෝන...
    කකුල් දෙක යටින් ගියෝතින්, පිට මැද්දට ගහනවලු....
    ගැහුවොතින් උන්දෑ එතනමලු...
    ඒ මදිවට පිටිපස්සෙන් අර බලලත් එළවන් එනවලු...
    සිරිල් දන්නා සාස්තරේ පිහිට පතල,
    ආරක්ෂා මන්තර කියල ....
    එතකොට මහාසෝනාගේ අවතාරේ නොපෙනී ගිහිං....
    අයිත් පස්ස නොබලා ගෙදර ආවලු...
    ගෙදර කට්ටියත් බය වෙලා...
    ගෙදර අයට ඒ සිද්දිය වෙන වෙලාවේ, ඇහිලා තියෙනවලු කවුද ඇවිත් සිරිල් අයියට කරදරයක් ඉක්මනට එන්න කියනවා....
    ගෙදරින් පිට වෙද්දී සිරිල් ආරක්ෂා මන්තර කියල ගෙදර ආරක්ෂාව දාල යන්නේ අම්මේ මුත්තේ කිවුවත් දොර අරින්න එපා කියලලු....
    සිරිල්ව නොලැබුන නිසා ගෙදර උන්දෑ ගන්න හිතාගෙන තමයිලු එදා මහසෝනා ඇවිත් තියෙන්නේ....
    ..............................
    මේ කතා අපි පොඩි කාලේ අහපුව...
    ඉස්සර අපේ නැන්දලගේ ගෙදර මිරිස්සේ ගරාඩුව පැත්තේ ගියාම ගොඩක් මේ වගේ කතා අහන්න ලැබෙනවා...
    දේව කතා, ගරා එළි, හොල්මන් කියල රැවටුන දේවල් වගේ එවුව...
    ලාම්පු එළියෙන් පවුල් වල සේරම එකතු වෙලා ඉන්න වෙලාවේ වයසක උදවිය එයාලගේ අත්දැකීම් අපි එක්ක කියනවා...
    ඒ කාලේ අයිත් එන්නේ නැහැ, වගේම දැන් ඉන්න පොඩි එවුන් ගැන ගොඩක් දුකයි...
    ඒ අපිට තිබුන අතීතේ, ඒ සුන්දරත්වය විඳින්න පින දැන් ඉන්න පරම්පරාවට නැහැ.....
    ....................
    කුණුහරුප දාන්නේ නැතිව ත්‍රෙඩ් එක ගෙනියමු....
    අහපු දේවල් ඒ විදියටම කියන්න උත්සාහ ගන්නවා....
    තව ටිකකින් තව කතාවක් දාන්නම්...
    රෙප් දීල තිබුන ගොඩක් දෙනෙක්, ඒ සේරටම ගොඩක් ස්තුතියි....
    නම තිබුන සේරටම රෙප් දුන්නා...
     
    • Like
    Reactions: asylum and hilander

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දිගටම ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න..අපිට දෙයක් පේන්නේ නෑ කියලා ඒ දේ නෑ කියන්න අපිට බෑනේ..දිගටම ලියන්න..:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දිගටම ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න..අපිට දෙයක් පේන්නේ නෑ කියලා ඒ දේ නෑ කියන්න අපිට බෑනේ..දිගටම ලියන්න..:D

    එළ එළ අක්කේ...:love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගරාඩුව පැත්තේ ඉන්න අපේ සීය කෙනෙක්ට මේ දේ වෙලා තියෙන්නේ....
    එයා ගොඩක් ඉස්සර මන්තර ගුරුකම් වැඩ කරලා තියෙනවා...
    ඒ අපේ තාත්තත් පොඩි එකා කාලේදී...
    ඉතිං දවසක් ගුරුකමක් කරලා එනකොට රෑ උනාලු....
    ගෙදර මිනිස්සු කියල තියෙනවා යන්න එපා අද ඉන්න කියලා...
    මහසොනට බය නැති මට කවුරු වින කරන්නද කියල සීය එන්න ඇවිල්ල...
    කෝකටත් කියල හුළු අත්තක් පත්තු කරලා දීල...
    හුළු අත්ත කියන්නේ කුනුහරුපයක් නෙවි හොඳේ...:P
    ඉස්සර ලයිට් නැහැනේ....
    කලාතුරකින් ගෙදරක බැටරියක් තිබුනලු..
    ඒ කියන්නේ ටෝච් එකක්...
    පොල් කොළ හෝ පොල් හනසු එකතු කරලා මිටියක් වගේ බැඳලා තමයි හුළු අත්ත හදාගන්නේ...
    ඒකෙ අග්ගිස්ස පත්තු කරලා දෙනවා යන්න....
    නිවිගෙන එනකොට හුළු අත්ත වනනවා...
    එතකොට අයිත් ගිනි ඇවිලෙනවා...
    ඉතිං සීයත් හුළු අත්ත වන වන එනවලු...
    ගෙදර තිබිල තියෙන්නේ කැලෑවක් මැදින් යන්නලු...
    ඉතිං රෑ 12ත් පහු වෙලා හෙමින් හෙමින් සීය යනවලු...
    සියට ඇහෙනවලු නරි කෑගහන සද්දේ....
    ඉතිං බුලත් විටකුත් හප හප,
    සරමත් කහිපට ගහගෙන,
    ඉස්සරහට එනකොට,
    පඳුරක් අස්සේ ඉඳගෙන කවුද වැලි ගහනවලු...
    සීය උගුර පාදල කවුද කියල අහල....
    එතකොට සද්දේ නැතිලු..
    අයිත් ඉන්නකොට අයිත් ඔලුවට උඩින යන්න වැලි ගහනවලු...
    ඒ පාර සීය වැලි මතුරලා ඒ පැත්තට ගහල...
    ඒ පාර යන්න පිටත් වෙද්දී අයිත් වැලි ගහනවලු...
    නිකන් නෙවි වැලි ස්ප්‍රේ වෙනවා වගේලු....
    මන්තර වලට අහන්නෙත් නැත්නම්, අතින් පයින් බලමු කියල සීය ගියාලු කැලේ පැත්තට....
    යනකොට ලොකු ඉත්තෑවෙක් පඳුරක් හාරනවලු....
    හාරන වේගෙට තමයි වැලි විසි වෙලා තියෙන්නේ....
    සියා කියනවා වෙන එකෙක් නම් එතනම මැරිලා වැටෙනවලු...
    ඉස්සර ඒ දවස් වල සතා සිවුපාව උනත් මිනිස්සුන්ට කිට්ටුවෙන් හිටිය කියන්නේ...
    නැත්නම් සීයාගේ සද්දෙට ඊට කලින් ඉත්තෑවා දුවන්නේ....
    සීය කලබල උනා නම් එදා සීයට සනීප කරන්න වෙන යකදුරෙක්ට එන්න වෙනවලු..
     
    • Like
    Reactions: jhoncenamama

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹව රෑකට දැක්කොත් නම් කැරීම සීන් එක වෙන්නෙ :lol:

    :lol: ඌ පාර මැද හිටගන හිටියොත් කව්රුහරි හිතනවා මහ සෝනා කියලා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹව රෑකට දැක්කොත් නම් කැරීම සීන් එක වෙන්නෙ :lol:

    පල යන්න ඉරිසියා කාරය...:(:(
    අරුගේ මගුල් ගෙදර ගියා වගේ තුන් දෙනා එක්ක යමුද හොල්මන් බලන්න....
    මතක ඇතිව හිර වෙන බෙල්ට් එකක් අරගෙන වර, නැත්නම් හොල්මනක් හම්බ උනොතින් උගෙනුත් කටු ඉල්ලාවි කලිසම හැලෙනවා කියලා :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: ඌ පාර මැද හිටගන හිටියොත් කව්රුහරි හිතනවා මහ සෝනා කියලා

    ඔවු බං... කිවුවම මතක් උනේ... මේක මෙතන දැම්මේ නැත්නම් හරි නැහැ වගේ... අහගනින්කෝ...
    දවසක් මම අපේ අම්ම එක්ක වැලිගම ටවුන් එකට ගිහිං බඩු අරගෙන ගෙදර එන්න එනවා...
    වෙලාව රෑ 7 විතර වෙලා...
    අම්මට තනියෙන් ගෙනියන්න බැරි නිසා මම බඩු මල්ල ගත්ත ඔලුවට..
    දැන් මහන්සි නිසා දෙන්න එක්ක කතා නොකරම වේගෙන් යනවා...
    ත්‍රිවිල් නැති නිසා පයින් ගියේ...
    ගාමන්ට් ඇරිල කෙල්ලෝ තුන් දෙනෙක් යනවා ඉස්සරහ....
    මම අඩිය ඉක්මන් කරලා ගියේ උන්ව බල බල යන්න...
    මම කිට්ටු වෙද්දී එක කෙල්ලෙක් අහම්බෙන් පස්ස හැරිලා බලල
    "බුදු අම්මෝ, යකෙක්" කියල කෑ ගැහුවනෙ...
    අනිත් කෙල්ලොත් කෑ ගහනවා...
    අපේ අම්මත් බය වෙලා...
    අරුන් ටික හොල්මන් කතා කියා කියා ඇවිත්,
    මම ලඟට ආවම හිතල තියෙන්නේ මහාසෝන කියලලු...
    ගෙදර එනකන් අපේ අම්මට මග දිගට හිනා..
    ඉතිං බලපන්කො උස එකෙක්ට පාරේ යන්න නැහැනේ, මේ යක්කු පෙරේතයෝ නිසා..:(:(:(
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    @ labu gediya
    Holman aththatama innawa nam ai hamoma dakinne naththe?
    Ahamben samahara aya baya wenawa dark place ekakadi.
    Samahara wita hithe bayen e wage place ekakin yana nisa gahak haiyen helawunath, sathek diwwath bayawenawa athi.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    @ labu gediya
    Holman aththatama innawa nam ai hamoma dakinne naththe?
    Ahamben samahara aya baya wenawa dark place ekakadi.
    Samahara wita hithe bayen e wage place ekakin yana nisa gahak haiyen helawunath, sathek diwwath bayawenawa athi.

    හොඳ තර්කයක්...
    දෙන්න උත්තර හොයාගන්න බැරිව ඉන්නේ මේ වෙලාවේ...:(:(
    හිත දෙගිඩියාවෙන් ඉන්න වෙලාවට පේන දේවල් වෙන්නත් ඇති...
    අනේ මන්ද....
    දැකපු උන් ඉන්නවලුනේ...
    මමත් දැකපු නිසා ඉතිං විශ්වාස කරනවා...
    අදටත් කාමරේ නිදාගන්නේ ලයිට් එක දාගෙන.:(:(
    ලයිට් ගියපු ගමන් ඔලුවේ ඉඳල රෙද්ද පෙරවගන්නවා...:no::no:
    කොල්ලෝ එක්ක ඉන්න වෙලාවට පොර ටෝක් දුන්නට මම බයයි අනුත්තරා පට්ට විදියට හොල්මන් වලට...
    බොරු කියන්න ඕන නැහැනේ....
    තව කතා ඉස්සරහට වැටෙනකොට බලන්න...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පල යන්න ඉරිසියා කාරය...:(:(
    අරුගේ මගුල් ගෙදර ගියා වගේ තුන් දෙනා එක්ක යමුද හොල්මන් බලන්න....
    මතක ඇතිව හිර වෙන බෙල්ට් එකක් අරගෙන වර, නැත්නම් හොල්මනක් හම්බ උනොතින් උගෙනුත් කටු ඉල්ලාවි කලිසම හැලෙනවා කියලා :lol::lol:
    කැළණියේ ඉන්නව මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්
    ඌ ඕනෑම යක්ෂ කෙස් තියෙන තැනකට එනවා
    තනියම ඉන්නවා කනත්තක උනත් ඌ ම උයාගෙන කනවා
    ඕනෑම මසක් ඔට්ටුවක් අල්ලනවනම් උගේ ගාන 50000ක් වගේ ගන්නෙ මචං
    වෙනේසේත් උගේ ගුරා ගැන එහෙම ගියා

    ඌ හැමදාම කරන චාරිත්‍රයක් තියෙනවා කොයි කෝරලේ හිටියත් හරි 12ට රෑ ඌ කැළණි බෝධිය වදිනවා