හොල්මන් කතා ...

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ඉස්සර කාලේ හිටපු ගොඩක් මන්තර දන්න කොඩිවින කරන,
    කොඩිවින කපන ගොඩක් මිනිස්සු ගෙදරින් යන්න කලින් ගෙදරට ආරක්ෂාවක් දාල තමයි යන්නේ...
    මේ කතාවත් ඒ සම්බන්ද එකක්...
    මේක මම අහපු එකක්...
    එක පිටිසර බද ගමක ඉඳල තියෙනවා මේ වගේ ගුරුකම් කරන කෙනෙකුයි එයාගේ නෝනයි, කිරිදරුවෙකුයි...
    ගොඩක් දක්ෂ කෙනෙක්...
    කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ....
    දවසක් සුපුරුදු පරිදි පිට ගමකින් ආව මෙයාව එක්කගෙන යන්න...
    සුපුරුදු පරිදි ගෙදරට ආරක්ෂාවක් කරලා යන්න අමතක කලේ නැහැ...
    ඉතින් අදාළ තැනට ගිහිං බලනකොට,
    බලගතු යක්ෂයෙක් ගැහැණු ළමයෙක්ට වහලා...
    මේ ළමයි කටින් සෙම පෙරාගෙන විරූපී වෙලා බලන්න බයන්කාරයිලු...
    ඉතින් මේ යකදුරා තටුවක් හදල පිදෙනියක් තියල
    එදාම එලියට ගත්තු මිනි ඔලුවක් අරගෙන මතුරනවලු...
    එදා අමාවක දවසක් නිසා ගොඩක් පාලු මුසල ගතියක් තිබිල තියෙන්නේ...
    වැස්ස නැති උනත් හුළඟ තිබිල තියෙනවා...
    රෑ 12 පහු වෙද්දී වටේට විලක්කු පත්තු කරලා,
    යකදුරා මන්ත්‍ර කියන එක තීව්ර කරලා...
    කට්ටියට ඉන්න බැරි තරම් සිතලයිලු...
    ඒ මදිවට මිනී පිච්චෙන ගඳ අවටින් එනවලු....
    ගෙදර බවලත් උදවිය කෝකටත් දේ ඇතුලට කරලා ආරක්ෂා කරලා වැඩේ පටන් ගත්ත...
    දැන් ටිකෙන් ටික ආතුර නටනවා...
    යකදුරාගේ බෙල්ලටමයි එන්නේ...
    අන්තිමේදී යකදුරා මන්තර කියල යකාව මෙල්ල කළා...
    යන්න කිවුවම බිල්ලක් ඉල්ලුවා...
    නිකන් බිල්ලක් නෙවි මනුස්ස බිල්ලක්....
    අන්තිමට පොරොන්දු උනා බිල්ලක් දෙන්නම් කියල...
    යකාව එලියට ගත්තා..
    දුන්නේ කුකුල් බිල්ලක්...
    ඒ පාර අයිත් අර ගැහැණු දරුවාගේ ඇඟට යන්න බැරි වෙන්න බලගතු නුලකුත් දැම්ම...
    යකාට මදි...
    යකාට කේන්ති ගිහිං කිවුව පලි ගන්නවා කියලා...
    අයිත් ආවොතින් පුච්චනවා කියල යකදුරා බය කරපු නිසා යකා ගියා...
    ඉතින් ගෙදර සේරටම සතුටුයි...
    පුද පඬුරු දීලා යකදුරා යැවුවා ගෙදර...
    ගෙදර යද්දී කිසිම හැල හොල්මනක් නැහැ...
    කතා කරත් සද්දයක් නැහැ...
    ගේ ඇතුලේ කවුරුත් ඉන්නවා පෙන්නේ නැහැ...
    ඒත් අමුත්තක් තේරුනා....
    ගෙයි දොර කඩල බලද්දී දැක්කේ තමන්ගේ බිරිඳගෙයි කිරි දරුවගෙයි බෙලි කඩල කියලා...
    දෙන්නගෙම ඇඟේ ලේ බින්දුවක් වත් තිබිල නැහැ...
    කෝච්චර ආරක්ෂා දැම්මත් උනේ කොහොමද කියල හෙව්වා...
    අන්තිමට බලද්දී දැක්කේ අල්ලපු වත්තේ පොල් ගහක අත්තක් තමන්ගේ ගෙයි වහලේ ගෑ වෙනව...
    ගෙදරට ආරක්ෂාව දාපු නිසා ගෙදර වටේට යකාට පේන්නේ අහස උසට ගිනි දැල්...
    ගෙට එන්න ගියෝතින් පිච්චෙනවා..
    යකා බලද්දී දැකල තියෙන්නේ අත්ත....
    අන්තිමට අනුන්ගේ ගෙවල් වල ප්‍රශ්න විසඳන්න ගිහිං,
    තමන්ගේ සුරතල් දරුවගෙයි ජිවිතේ ගොඩක් දුර යන්න හිතං හිටපු බිරිඳගෙයි ජිවිත අරගෙන යකා ගියා.....

    :angry::angry::angry::angry::angry::angry:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔයාටත් මාර අත්දැකීම් තමයි තියෙන්නේ.. :baffled:

    මම නම් දැකලා නෑ, දකින්න ලැබෙන්නත් එපා! :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයාටත් මාර අත්දැකීම් තමයි තියෙන්නේ.. :baffled:

    මම නම් දැකලා නෑ, දකින්න ලැබෙන්නත් එපා! :dull:

    giphy.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොග්ගල නිලමේ 1 : https://drive.google.com/file/d/0BxXJ-mSgCddbU0hFZkUtdkRTa3c/view?usp=sharing

    කොග්ගල නිලමේ 2 : https://drive.google.com/file/d/0BxXJ-mSgCddbY1RVNnlsNVY5WTg/view?usp=sharing

    ගත්තොතින් කියන්න බලන්න...
    ෂෙයා කරලා තියෙන්නේ.
    කොග්ගල නිලමේ 1

    මේක බලන්න බැහැ මචං පර්මිෂන් දීපන් පබ්ලික් බලන්න පුළුවන් විදියට
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ela machan digatama katha liyapan,
    mn kohomath holman story walata kamathi.
    kalu kumaraya, mohini, gana witarakma liyanath epa bn.
    tikak wenas widhiye awath liyapan.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක තිබුනේ පත්තරේක...
    පාරමී, සිත් දෙකින් එකක තිබුනේ....
    කැම්පස් එකක ඉගෙන ගත්තලු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
    තව ඉඳල තියෙනවා..;)
    කොල්ල දුප්පත්, කෙල්ලට හොඳට සල්ලි තියෙනවා...
    ඒත් දෙන්නගේ ආදරේ ඊට ඉහලයි...
    කෙල්ලගේ තාත්ත ගොඩක් සල්ලි වලට කෑදරයි...
    තමන්ගේ දුවට උනත් සල්ලි දුන්නේ ගානට මිම්මට....
    මේ අස්සේ කෙල්ලගේ ගෙදරින් දැනගත්ත පෙම් පලහිලවුව...
    කෙල්ලගේ තාත්ත නිතර නවත්වන්න කියල අවවාද කලත්,
    කෙල්ල ඇහුවේ නැහැ....
    අන්තිමට කෙල්ලගේ තාත්ත ප්රෝපොසල් ගෙන්න පටන් ගත්ත...
    මෙහෙම ඉන්න අතරේ දවසක් කෙල්ලට ආරංචි උනා හදිසියේ තාත්ත නැති උනා කියලා...
    එයා යාලුවෝ කිහිප දෙනෙක් එක්ක ගෙදර ගියා....
    එතකොට කොල්ල හිටියේ කොල්ලගේ ගමේ ගිහිං....
    මල ගෙදර දැන ගත්තු ගමන් කොල්ලත් එහෙ ගියා...
    එතකොට කෙල්ල ගෙදර ගිහිං දවසක් වෙනවා...
    කොල්ල මල ගෙදර හොයාගන්න මහන්සි වෙන්න උනේ නැහැ...
    සුදු කොඩි අස්සෙන්, අඩ හඳ එළියෙන් පාර හොයාගෙන ගියා..
    තනියෙන් ගියේ...
    ඒ පළාත ගොඩක් පාලු මුසල පෙනුමක් තිබුනේ...
    කොහොම හරි ගේ හොයාගෙන ගිහිං,
    ගෙදර දොර ලඟට ගියත් ඇතුලට යන්න මොකක්ද වගේ නිසා ඉස්තොප්පුවෙන් වාඩි උනා...
    ගේ ඇතුලේ කවුරුවත් හිටියේ නැහැ කියල දැනුනත් එයා එළියේ හිටියා...
    එළියේ ටෙන්ට් එක ඇතුලේ පොඩි එවුන් කැරම් ගහනවා...
    කොල්ල ආව කියල දැනගත්තු කෙල්ල අඩ අඩ එලියට ආව...
    කොල්ල එක්ක කතා කර කර ඉන්නකොට කෙල්ල අහම්බෙන් ගේ අතුලට ගියා...
    ඒ වෙද්දී ටිකක් වයසක පිරිමි කෙනෙක් ඔලුව බිමට හරවාගෙන කොල්ල ලඟට ඇවිත් වාඩි උනා...
    කතා කරන්න කෙනෙක් නැති නිසා මෙහෙම වත් ඉන්න එක හොඳය කියල කොල්ලට හිතුන..
    "මේ නැති වෙච්ච කෙනා මහා ලොබයෙක්ලු නේද අන්කල්" කියල කොල්ල කියද්දී,
    ඔලුව බිමට හරවගෙනම හිනා වෙනවා ඇරෙන්න වෙන දෙයක් කිවුවේ නැහැ...
    "මේ ළමය කවුද" කියල වෙවුලන හඬින් අහද්දී,
    "මම තමයි මෙහෙ නංගි බඳින්න ඉන්නේ" කියල කොල්ල කිවුවා..
    "ආ එහෙමද, ඒත් ඉතින් තාත්ත හොඳ තැනකින් කෙල්ලට මගුලක් ගෙනත් තියෙන්නේ" කියල වයසක මනුස්සය කියද්දී,
    "දැන් ඉතින් තාත්ත නැහැනේ" කියල කොල්ල කිවුව...
    "හෙක් හෙක් හෙක් හෙක්" ගාල හිනා වේවි අර වයසක මනුස්සය හෙමින් හෙමින් උඩ බැලුවම කොල්ලට තමන් ඉන්නේ කොහෙද කියල අමතක උනා...
    රතුම රතු ඇස් දෙක එලියට පනින්න ඔන්න මෙන්න වගේ...
    නළල පලාගෙන ලොකු අඟක් තියෙනවා...
    බලාගෙන ඉන්දැද්දී ඇඟ පුරාම ලෝම වැවෙනවා....
    ලේ බේරෙන කට ලොකුවට විහිදෙද්දී,
    කොල්ලට යටි ගිරියෙන් කෑ ගහගෙන බිම වැටෙනවා මතකයි...
    ඔක්කොම කළුවර වෙලා ගියා...
    සිහිය එද්දී කෙල්ලගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉන්නවා මතකයි....
    කෙල්ල කොල්ලගේ ඔලුව හෙමින් හෙමින් අතගාද්දී,
    ඉස්ස‍ර ඉන්න ගුරුන්නාන්සේ අතේ ආරක්ෂා නුල ගැටගහල
    "දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ" "මොනවද මේ ළමය දැක්කේ" කියල අහල...
    දැකපු දේ කියද්දී සේරම මුහුණට මුහුණ බලනවලු...
    "මම කිවුවේ, ඉන්නකොට දීල කාල පුරුදු මිනිහෙක් නෙවිනේ. මිනිය ළඟ හිත බය නැති පිරිමි හිටපල්ලා. නැත්නම් මල පෙරේතය තව බිලි ගන්න බලාවි."
    "ගෙදර දාල යන්න ලොබ කමට, මැරිලත් මල පෙරේතය වෙලා ඇවිත් තියෙන්නේ"
    එහෙම ගුරුන්නාන්සේ කියද්දී තමයි සේරටම තේරුනේ වෙච්ච දේ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැක්ක දැක්ක.;);)
    දීපු හැමෝටම 7 ගානේ දුන්න.:yes:

    එල එල.. කෝ තව දාපන්කෝ... මේ දැක්කොත් දෙවියෝ සහ බුතයෝ පොත බාගන්න ලින්ක් එකක් දීපන්කො..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    holman dakala na ban,
    eth wiswasa karanawa,kattadiyonta yaka wahunama ekage aga bara wena eka mama athwidala thiyenawa,eka kelina pissu,kata karana widiya mama dakala thiyenawa,ewa hithala boruwata karanna ba ban,jakson anthony ta wath :D mama ehema aul yana ekek newei,eth e welawe nam sahen aul :dull:

    u kettu dial ekak ban,api 5 denata e huttawa ussaganna bari una,aga kohomath daradadu wela thibbe,mama echchara mahatha ekek newei,eth mata wada usa mahatha ewun anith 4 dena,ekek campus athlete kenek,gym yanawa bara usssanawa,mara haiyak uta thiyenne,u iddith ara kettu buwa ussaganna bari una.. :baffled:
    eka nam thanikara pissuwak,man wiswasa karanawa,eth dan inna godak un danne pacha...
     
    Last edited: