ඉස්සර කාලේ හිටපු ගොඩක් මන්තර දන්න කොඩිවින කරන,
කොඩිවින කපන ගොඩක් මිනිස්සු ගෙදරින් යන්න කලින් ගෙදරට ආරක්ෂාවක් දාල තමයි යන්නේ...
මේ කතාවත් ඒ සම්බන්ද එකක්...
මේක මම අහපු එකක්...
එක පිටිසර බද ගමක ඉඳල තියෙනවා මේ වගේ ගුරුකම් කරන කෙනෙකුයි එයාගේ නෝනයි, කිරිදරුවෙකුයි...
ගොඩක් දක්ෂ කෙනෙක්...
කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ....
දවසක් සුපුරුදු පරිදි පිට ගමකින් ආව මෙයාව එක්කගෙන යන්න...
සුපුරුදු පරිදි ගෙදරට ආරක්ෂාවක් කරලා යන්න අමතක කලේ නැහැ...
ඉතින් අදාළ තැනට ගිහිං බලනකොට,
බලගතු යක්ෂයෙක් ගැහැණු ළමයෙක්ට වහලා...
මේ ළමයි කටින් සෙම පෙරාගෙන විරූපී වෙලා බලන්න බයන්කාරයිලු...
ඉතින් මේ යකදුරා තටුවක් හදල පිදෙනියක් තියල
එදාම එලියට ගත්තු මිනි ඔලුවක් අරගෙන මතුරනවලු...
එදා අමාවක දවසක් නිසා ගොඩක් පාලු මුසල ගතියක් තිබිල තියෙන්නේ...
වැස්ස නැති උනත් හුළඟ තිබිල තියෙනවා...
රෑ 12 පහු වෙද්දී වටේට විලක්කු පත්තු කරලා,
යකදුරා මන්ත්ර කියන එක තීව්ර කරලා...
කට්ටියට ඉන්න බැරි තරම් සිතලයිලු...
ඒ මදිවට මිනී පිච්චෙන ගඳ අවටින් එනවලු....
ගෙදර බවලත් උදවිය කෝකටත් දේ ඇතුලට කරලා ආරක්ෂා කරලා වැඩේ පටන් ගත්ත...
දැන් ටිකෙන් ටික ආතුර නටනවා...
යකදුරාගේ බෙල්ලටමයි එන්නේ...
අන්තිමේදී යකදුරා මන්තර කියල යකාව මෙල්ල කළා...
යන්න කිවුවම බිල්ලක් ඉල්ලුවා...
නිකන් බිල්ලක් නෙවි මනුස්ස බිල්ලක්....
අන්තිමට පොරොන්දු උනා බිල්ලක් දෙන්නම් කියල...
යකාව එලියට ගත්තා..
දුන්නේ කුකුල් බිල්ලක්...
ඒ පාර අයිත් අර ගැහැණු දරුවාගේ ඇඟට යන්න බැරි වෙන්න බලගතු නුලකුත් දැම්ම...
යකාට මදි...
යකාට කේන්ති ගිහිං කිවුව පලි ගන්නවා කියලා...
අයිත් ආවොතින් පුච්චනවා කියල යකදුරා බය කරපු නිසා යකා ගියා...
ඉතින් ගෙදර සේරටම සතුටුයි...
පුද පඬුරු දීලා යකදුරා යැවුවා ගෙදර...
ගෙදර යද්දී කිසිම හැල හොල්මනක් නැහැ...
කතා කරත් සද්දයක් නැහැ...
ගේ ඇතුලේ කවුරුත් ඉන්නවා පෙන්නේ නැහැ...
ඒත් අමුත්තක් තේරුනා....
ගෙයි දොර කඩල බලද්දී දැක්කේ තමන්ගේ බිරිඳගෙයි කිරි දරුවගෙයි බෙලි කඩල කියලා...
දෙන්නගෙම ඇඟේ ලේ බින්දුවක් වත් තිබිල නැහැ...
කෝච්චර ආරක්ෂා දැම්මත් උනේ කොහොමද කියල හෙව්වා...
අන්තිමට බලද්දී දැක්කේ අල්ලපු වත්තේ පොල් ගහක අත්තක් තමන්ගේ ගෙයි වහලේ ගෑ වෙනව...
ගෙදරට ආරක්ෂාව දාපු නිසා ගෙදර වටේට යකාට පේන්නේ අහස උසට ගිනි දැල්...
ගෙට එන්න ගියෝතින් පිච්චෙනවා..
යකා බලද්දී දැකල තියෙන්නේ අත්ත....
අන්තිමට අනුන්ගේ ගෙවල් වල ප්රශ්න විසඳන්න ගිහිං,
තමන්ගේ සුරතල් දරුවගෙයි ජිවිතේ ගොඩක් දුර යන්න හිතං හිටපු බිරිඳගෙයි ජිවිත අරගෙන යකා ගියා.....














mama ehema aul yana ekek newei,eth e welawe nam sahen aul