හොල්මන් චිත්‍රපටය ‘ANNABELLE’
හොලිවුඩ් හොල්මන් චිත්‍රපටය ‘ANNABELLE’ පිටුපස ඇති සත්‍ය සිදුවීම.
බොහෝ වෙලාවට සාමාන්‍ය තිර පිටපත් යටතේ විතරක් හොල්මන් චිත්‍රපට නිපදවුවත් ඇතැම් චිත්‍රපට පිටුපස ඇත්තේ කිසි දිනක නොවිසඳුණු සත්‍ය සිදුවීම් මාලාවකි. මේ සිදුවීම් බොහොමයක සත්‍ය සාක්ෂි අදටත් ඇමරිකාවේ Warren Accult Museum එකේ දකින්න ලැබෙනවා.
මේ චිත්‍රපටය 2014 නිපද වූ box office වාර්තා අතරට ගිය හොලිවුඩ් චිත්‍රපටයක් බවට පත් වුනා, එහෙත් මේ සත්‍ය Anabelle කතාව මීට වඩා ටිකක් වෙනස්. ඇත්ත කතාව පටන් අරන් තියෙන්නේ මෙහෙමයි.
අම්මගෙන් තෑග්ගක්.
Donna ඇමරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ ජීවත් වෙන හෙදියක්. 1970 එයාගේ 28 වෙනි උපන්දිනය දවසේ උදෙන්ම තැපෑලෙන් donna ට තෑග්ගක් ලැබුණා, ඒ නිව් යෝර්ක් වල ජීවත් වෙන එයාගේ අම්මගෙන්, පෙට්ටිය ඇතුලේ තිබුනේ තැඹිලි පාට කොණ්ඩයකුයි, මූණ පුරා දිග හිනවකුයි පිරුණු රෙදි බෝනික්කෙක්, පරණ බඩු කඩේකින් ගත්තු මේ බෝනික්කාව දැක්ක ගමන් එයාට Donna ගේ මුහුණ මතක් වුණා කියලත් අම්මා පුංචි ලියුමක ලියලා දාලා තිබුණා. ඉතින් Donna බෝනික්කව එයාගේ ඇඳෙන් තියා ගත්තා. මේ බෝනික්කාගේ අමුතු හැසිරීම් මුලින්ම දැක්කේ Donna ගේ යාළුවා Angie.
බෝනික්කට ඇවිදින්න පුළුවන්… ඒ වගේම ලියන්නත් !
තෑග්ග ලැබිලා ටික දවසකින්ම බෝනික්කාව උදේට Donna තියලා යන විදියට නොවේ හවස තියෙන්නේ, මුලින්ම බෝනික්කාගේ අත් හා කකුල් තියෙන විදිය වෙනස් වෙන්න ගත්තා. උදේට අත් පා විසිරිලා තියෙද්දී හවසට ඒවා එකිනෙක එකට බැදී තිබුණා. තවත් කල් යනකොට බෝනික්කා සිටින තැන පවා වෙනස් වෙන්න ගත්තා, Donna සාමාන්‍යයෙන් බෝනික්කාව තියන්නේ සාලේ සෝෆාව උඩ, එත් හවසට එද්දී එයා Donna ගේ කාමරයේ ඉන්නවා, කාමරයේ දොරත් අගුළු දාලා තියෙද්දීම!
ටික දවසක් මෙහෙම සිද්ධ වෙද්දී, දවසක් යාළුවෝ දෙන්නාට හවස් වරුවක ගේ පුරාම විසිරුණු කඩදාසි ලිපි දකින්න ලැබුනා. ඒවා පැන්සලකින් ලියපු පුංචි දරුවෙකුගේ අත් අකුරුවලට ගොඩක් සමානයි. මේ ලිපි වල ලියලා තිබුණේ, “Help Us” වගේ උදව් ඉල්ලන වචනයි.
පුංචි ගැහැණු ළමයෙකුගේ ආත්මය…
මාසයක් විතර මේ විදියට ගෙවිලා යද්දී, දවසක් මේ දෙන්නා ගෙදර එනකොට මේ බෝනික්කාගේ අත්වලත් පපුවෙත් ලේ තියෙනවා දැක්කා, මේ සැරේ නම් Donna සහා Angie හොදටම බය වුනා. එයාලා භුතයොත් එක්ක කතා කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගෙන ගියා. Donna ගේ ගෙදර ඉන්න භූතාත්මය සමග කතා කලාට පස්සේ ඒ Annabelle Higgins කියන අවුරුදු 7ක පුංචි ගැහැණු ළමයෙක් බව එයාලට දැන ගන්න ලැබුනා. Annabelle ට ඕන කරලා තියෙන්නේ මෙයාලා එක්ක මිතුරු වෙලා ඉන්නයි. එදා ඉදන් Donna සහ Angie, Annabelle ට සාමාන්‍ය කෙනෙක් විදියට සලකන්න පටන් ගත්තා. එකට කෑම කෑවා, නිදා ගත්තා, පික්නික් ගියා… හැමදේම හොඳින් සිද්ධ වෙනවා කියලා Donna ට දැනෙන්න පටන් ගත්තා, එත් නපුර පටන් ගත්තේ එතනිනුයි.
පලිගැනීම ආරම්භ වීම.
Donna ට හිටියා මිතුරෙක්, Lou, ඔහු නිතරම ඇගේ නිවසට ඇවිත් යන්න පුරුදු වෙලයි තිබුනේ. එහෙත් ඔහු කිසිම දවසක මේ බෝනික්කාගේ කතාව විශ්වාස කලේ නැහැ. ඒ ගැන කියද්දී වුනත් ඔහු උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා. දවසක් Donna වැඩට ගියපු වෙලාවක , Lou එයාලගේ ගෙදර ඇවිත් පොඩ්ඩක් නිදාගෙන හිටියා. බෝනික්කා හිටියේ පුරුදු විදියටම සෝෆා එක මතයි. , Lou ට යන්තම් නින්ද යාගෙන එද්දී එයා සිහිනෙන් දැක්කා Annabelle බෝනික්කා ඇවිත් ඔහුගේ පපුවටත් බෙල්ලටත් පහර දෙනවා. ඉක්මණින්ම Lou ඇහැරුනා. බෝනික්කා තවමත් සෝෆා එකේ. එත් , Lou ගේ පපුවෙන් ලේ ගලාගෙන ගියා.
ඉක්මනින්ම මෙයාලට වැටහුණා මෙතන තවත් රහසක් සැඟවිලා තියෙන බව. Donna පාදිලිතුමෙකුගේ මාර්ගයෙන් ඉක්මනින්ම ඇමරිකාවේ භූත ගවේෂණයට සුප්‍රසිද්ධ Warren යුවළ මුණ ගැසුනා.
බෝනික්කාගේ සත්‍ය ස්වරූපය..
Donna ගේ නිවස හා බෝනික්කා සෝදිසියෙන් පස්සේ Warren යුවල සත්‍ය වටහා ගත්තා. ඇත්තෙන්ම Annabelle Higgins ද මේ බෝනික්කා තුල සිටින යක්ෂ ආත්මයේ ගොදුරක් පමණයි. සැබෑ යක්ෂයා සැම විටම ගැහැණු ළමුන් තෝරාගෙන ඔවුන් මිය යන තෙක්ම ඔවුන්ගේ ශක්තිය උරා ගනිමින් ශරීර තුල ජිවත් වෙනවා. තව කාලයක් ගත වුන නම් Donnaට හා මිතුරියට සිදු වන්නේද එයමයි. මේ නිසා හැකි ඉක්මනින්ම Warren යුවළ පාදිලිතුමෙකු ලවා Donna ගේ ගෙදර ශුද්ධ ජලයෙන් සෝදා, Annabelle බෝනික්කා ඔවුන්ගේ කෞතුකාගාරය වෙත රැගෙන ගියා.
රැගෙන යන අතර වාරයේදී පවා කිහිප වරක්ම අනතුරු සිදු වීමට ගිය නිසා, ඔවුන්ට කාරය හා බෝනික්කා ශුද්ධ ජලයෙන් නාවන්න පවා සිද්ධ වුනාලු ,
යක්ෂයා තවමත් දඩයමේ.
වාර්තා වන පරිදි බෝනික්කා Warren යුවළ භාරයේ තියෙන විට පවා, තවමත් මිනිසුන් කෙරෙහි එහි බලපෑම අඩු වී ගියේ නැහැ. Warren පවසන පරිදි වරක් පාදිලිතුමෙකු පැමිණ “you can’t hurt anyone” ලෙස පවසා යන්නට ගොස් ඇත. එහෙත් යන අතරවාරයේ ඔහුගේ වාහනය ගසක හැපී ඔහු මිය ගිය බව ආරංචි විය.
ඒ වගේම තරුණයෙකු හා ඔහුගේ පෙම්වතියත් මෙලෙස Anabelle ඉදිරියේ අපහාස කර පිටව යද්දී කෞතුකාගාරයට යන මාර්ගයේම ගසක හැපීමෙන් තරුණයා මිය ගිය අතර ඔහුගේ පෙම්වතිය වසරක් පමණ රෝහලේ සිට පූර්ණ අබාධිතයෙකු ලෙස පිටව ආවාය.
දැන් කෞතුකාගාරයේ Annabelle ගේ වීදුරු කබඩය ශුද්ධ ජලයෙන් නහවා, කුරුස වටකොට බයිබලය ඉදිරියෙන් තබා සම්පූර්ණ දේව ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒ වගේම කබඩය ඉදිරියේ වැඩි ආරක්ෂාවට මෙලෙසින් ලිවීමටද Warren යුවළ තීරණය කළා.
“Warning: Positively Do Not Open” (අවවාදයයි: විවෘත නොකර ඉන්න එක ඇඟට ගුණයි!)
පහල ෆොටෝ එකේ තියෙන්නේ ඇත්තම බෝනික්කා
මෙන්න චිත්‍රපටයේ ටොරන්ට් ලින්ක් එක
https://kat.cr/annabelle-2014-720p-brrip-x264-yify-t10050694.html
උපුටාගැනිමක් වෙනස්කර ඇත.

Last edited:
dan 2th enawalu 

warren couple eka bassala thama game eka complete karanne.. 