- හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    - හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

    හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි

    ෂර්ලොක් හෝම්ස් - විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්‍රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්).

    ලොව පුරා පාඨක ජනතාව වශී කරගන්නා අයුරින් ඩොයිල් මහත්මයා විසින් නිර්මාණය කරන ලද "ෂර්ලොක් හෝම්ස්" චරිතය ශ්‍රී ලාංකික ලොකු කුඩා පාඨක ජනතාව අතර ඉමහත් ප්‍රසාදයට පත්වුණේ චන්දන මෙන්ඩිස් මහත්මයා හරහායි. අපේ රටේ දක්ෂ පරිවර්තකයෙකු වු කේ.ජී කරුණාතිලක මහත්මයා විසින් එක් කෘතියක් එනම් "රුදුරු බලුව" පරිවර්තනය කළ ද ඉහත කී පරිදි ශ්‍රී ලාංකික පොත් කියවන්නන් අතර "ෂර්ලොක් හෝම්ස්" උන්මාදයක් ඇති කළේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ දක්ෂ පරිවර්තනයි.
    "සුනඛ ශාපය", මෙන්ඩිස්ගේ පළමු හෝම්ස් කතා සංග්‍රහය. හෝම්ස් කතා අතරින් බොහොමත්ම ජනප්‍රිය වුණු The Hound of the Baskervilles නම් දීර්ඝ කතාව ප්‍රධාන කොටගත් මෙය පළවුණේ 1998දි. කේ.ජී කරුණාතිලක ශූරින් විසින් පරිවර්තනය කරන්නට යෙදුනු එකම කෘතියද මෙයයි.ඉන්පසුව "සිව්රහස් සලකුණ", "බිහිසුණු නිම්නය", මළගිය ඇත්තෝ සාක්කිදෙති" ආදී වශයෙන් 1998 සිට 2002 දක්වා වසර 5ක කාලපරාසයකදී, මෙන්ඩිස් පරිවර්තන කෘති 11ක් එළිදැක්වූවා. මේ පොත් 11 තුල කොනන් ඩොයිල් විසින් රචිත හෝම්ස් කතා 60 අන්තර්ගතවුණා.
    2003 වසරෙදි චන්දන මෙන්ඩිස් මහත්මයා ලියා නිකුත් කෙරූ "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" සහ පුද්ගලිකයි රහසිගතයි" කෘති දෙකෙන් තමයි ඔහු, මෙතෙක් කල් කොනන් ඩොයිල් ලියූ ෂර්ලොක් හෝම්ස් කතා 60 පමණක් කියවු පාඨකයින්ට ඒ කතා 60ට අමතරව තවත් කතා ඇතැයි ප්‍රකාශ කරන්නේ,

    "මා මෙයට පැටලුනේ ඉතාම පුදුම සහගත අයුරෙනි. මා කියන මේ කතාව ඔබට විශ්වාස කිරීමටත් අපහසු වනු ඇත. මේ කියන්නේ මගේ පෞද්ගලික පුරාජේරුවක් යයි තවදුරටත් කියවද්දී ඔබ සිතනු ඇත. එහෙත් මේ එවැන්නක් නොවන බව මම අවධාරණය කරමි. මගේ ආගිය තොරතුරු නොකියා, මා මෙයට සම්බන්ධ වූ හැටි හෙළිකළ හැකි, වෙනත් ක්‍රමයක් මම නොදනිමි. කෙසේ වුවද මේ සිදුවීම ඇත්තක් බව ඔප්පු කිරීමට සාක්ෂි ඇත්තේ ද ස්වල්පයක් පමණි. දීර්ඝ කතාවක් හැකි තරම් කෙටියෙන් කීමට මම උත්සාහ දරන්නෙමි....." මෙන්න මේ විදිහට "ආපසු එයි" පොතේ මුල පිටු 9ක් පුරා සදහන් වෙලා තියෙනවා කොහොමද මෙතෙක් කරළියට නොආපු හෝම්ස් කතා "තොගයක්ම" මෙන්ඩිස්ට අහඹු ලෙස හමුවුනේ කියලා.

    මුලින්ම අලුත් හෝම්ස් කතා වල වලංගු බව පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙන්නේ 2004දි එළිදක්වපු "ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්" පොතේ කතාවත් එක්ක. මෙතෙක් තිබුණු කතා රටාවෙන් ඉවත් වෙලා අමනුෂ්‍යයන් සම්බන්ධ පරීක්ෂණයක් කියල මේක හඳුන්වන්න පුළුවන්. ගැටළුව කියන්නේ, "සසෙක්ස් හි වැම්පයර් භීෂණය" කතාවෙදී වැම්පයර් කියල දෙයක් නෑ කියල හිනාවෙන හොම්ස්ම ඩ්රැකියුලාට එරෙහිව සටනට යෑම.
    "පට්ටපල් බොරු වොට්සන්! මහ අමුලික බොරු! ජීවත්වෙන අයගේ ලේ උරා බොමින් තැනින් තැන ඇවිදින මළමිනී එක්ක අපට තියෙන රාජකාරිය මොකක්ද වොට්සන්? උන්ව මිනීවලේ තියන්න පුළුවන්, හර්දය පාසාවෙන්න ලී උලක්‌ යැව්වොත් විතරලු. පිස්සු විකාර!" - සිව්රහස් සලකුණ 194 පිට

    චන්දන මෙන්ඩිස් පිලිබඳ අපේ තිබුන විශ්වාසය බිඳ වැටුනේ මේ පොත නිසා. ඉන් පස්සේ හැමෝම කියන්න ගත්තා අලුතින් එන කතා කොනන් ඩොයිල් ලියපුවා නෙමෙයි මෙන්ඩිස් විසින් ලියපුවා කියල. නමුත් පොත් එලියට එන එක නැවතුනේ නෑ. මං ඒ පොත් එකතු කරන එක නැවත්තුවෙත් නෑ. පස්සේ ආපු පොත් මුල් ඒවා තරම් හොඳ නැති බව ඇත්ත. හැබැයි සේරම නෙමෙයි. සමහර කතා බොහොම හොඳ තත්වයේ ඒවා. තවත් සමහරක් කතා මීට කලින් අවස්ථාවල වොට්සන් විසින් නාමිකව විතරක් සඳහන් කරපුවා. ඉතින්, කව්ද මේවා ලිව්වේ??? ඩොයිල්ද?? මෙන්ඩිස්ද??? කලින් කිව්වත් වගේ, ඩොයිල් විසින් ලියපු කතාවලදී, වොට්සන් සඳහන් කරපු හැම කතාවක්ම ඩොයිල්ට සම්පූර්ණ කරන්න බැරිවුණා. අන්න ඒ වගේ කතා සමහරක් ඩොයිල්ගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුතාගේ අතින් මෙන්ම අනෙකුත් ලේඛකයන් අතින් ලියවුණා. "The Exploits of Sherlock Holmes" කියන්නේ ඒ වගේ කොනන් ඩොයිල්ගේ පුතා ලියපු පොතක්. අපි මෑතකදී කියවපු, මෙන්ඩිස්ගේ "නිධාන පෙට්ටියේ තිබුණු" කතා කිහිපයක්ම මේ පොතේ ඇතුලත්. ඉතින්, දැන් තේරුනානේ මේ කතා ආවේ කොහෙන්ද කියල. ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් ගාවගන්නේ නැතුව ලියපු සමහරක් කතා, ඔහුගේ පුතා ලියපු හෝම්ස් කතා, වෙනත් ලේඛකයන් ලියපු හෝම්ස් කතා සහ තවත් රහස් පරීක්ෂක අද්භූත කතා තමයි මෙන්ඩිස් දැන් අපිට විකුනන්නේ. ඒ කොහොම වුණත් චන්දන මෙන්ඩිස් කියන්නෙ අපිට ඉන්න දක්ෂ පරිවර්තකයෙක් ඒ නිසා අදටත් සියළු ෂර්ලොක් හෝම්ස් පොත් විතරක් නෙමෙයි ඔහුගේ අනෙකුත් කෘතීනුත් මා මිළදී ගන්නවා (2014දි නිකුත් වු අද්භූත ආගන්තුකයා සහ හදිසි අනතුර යන කෘති ඇතුළුවද) ඒ ඔහු අප කුඩා කල අපට ඇතිකළ ෂර්ලොක් හෝම්ස් උන්මාදය තවමත් පවතින නිසා.


    Bl6A68w.jpg


    මුල් කාලයේ ඇඳි ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් සිටිනා සිතුවමක්

    4ujgGE1.jpg


    "ෂර්ලොක් හෝම්ස්" චරිතය නිර්මාණය කල සර් ආතර් කොනන් ඩොයිලි

    cDxO00U.jpg


    පරිවර්තක වෛද්‍ය චන්දන මෙන්ඩිස් මහතා.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒත් මචන් පුද්ගලිකයි රහසිගතයි එකෙන් පස්සෙ ආපු පොත් ටික නම් හරි නෑ.:dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒත් මචන් පුද්ගලිකයි රහසිගතයි එකෙන් පස්සෙ ආපු පොත් ටික නම් හරි නෑ.:dull:


    ඒක තමයි මචන් කියල තියෙන්නේ.. ඒවා ඩොයිලි ගේ පොත් නෙවෙයි. පසු කාලීනව වෙනත් ලේඛකයෝ ලියපුවා..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමයි මචන් කියල තියෙන්නේ.. ඒවා ඩොයිලි ගේ පොත් නෙවෙයි. පසු කාලීනව වෙනත් ලේඛකයෝ ලියපුවා..:)

    :yes: :(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම නං ඔක්කොම වගේ කියෙව්වා.. මොනවා උනත් චන්දන මෙන්ඩිස් මහත්තය ලියන විදිය හිතට වදිනවා මචන්... කව්රුහරි කියපන්කො රුසියානු ඔත්තුකාරයාගෙන් පස්සේ තව කතාවක් ආවද කියල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෛද්‍ය චන්දන මෙන්ඩිස් කෘතහස්ත දන්ත වෛද්‍යවරයෙක් පමණක් බව ලියමි.

    ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ පොත් කියවිය යුත්තේ මුල් බසිනි!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වෛද්‍ය චන්දන මෙන්ඩිස් කෘතහස්ත දන්ත වෛද්‍යවරයෙක් පමණක් බව ලියමි.

    ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ පොත් කියවිය යුත්තේ මුල් බසිනි!

    too correct :) the Victorian english in which the originals are written in is really beautiful.

    This is also same for all the translations..if you have not read in original language, you can never feel the true beauty of the book. :)