- හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    K.G කරුණාතිලක මහත්මයාගේ පරිවර්තන අසංෂිප්ත යි.. ඒකයි මුල් කෘතියේ ආභාෂය තියෙන්නේ.. චන්දන මෙන්ඩිස් මහත්මය පරිවර්තන අපිට, අපේ රටට ගැලපෙන විදිහට වෙනස් කරලා තමයි පරිවර්තනය කරන්නේ.. ඒකයි වෙනස...

    මගේ පුද්ගලික අදහසනම් වෙනත් රටක සාහිත්‍ය එක්ක ලියවුනු පොතක් අපේ රටේ භාෂාවට 100% හැරවෙන්න පරිවර්තනය කිරීම නොකළයුතු දෙයක් කියලයි.. එහෙම කරානම් අපිට රුසියන් සාහිත්‍ය කියල දෙයක් නොලැබෙන්න ඉඩ තිබුන...
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    ඒක පරිවර්තනය කරලා තියෙනවා බන්.. ''ප්‍රේම සැදෑවෝ'' කියල රංජිත් කුරුප්පු මහත්මයාගේ පරිවර්තනයක්.. හැබැයි එකක් .. සිංහල එක කියවන්න අදහසක් තියෙනවා නම් ඒක අතැරලා මුල් ඉංග්‍රීසි පොතම කියවන එක ගොඩක් හොඳයි

    2ANUWrb.jpg

    :shocked::shocked::shocked: මේක කොහොම පරිවර්තන කරලද දන්නෑ :baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :shocked::shocked::shocked: මේක කොහොම පරිවර්තන කරලද දන්නෑ :baffled:

    රංජිත් කුරුප්පු කියන්නේ ලංකවේ ඉන්න ඉතා හොඳ පරිවර්තකයෙක් මචන්.. ජර්මන් භාෂාව ගැන හසල දැනුමක් තියෙනවා.. ජර්මන් කතා පවා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා බොහොම සාර්ථකව.. “Desert Flower” කියන ලෝක අවධානය ලබාගත් කෘතියක් කාන්තාරයේ කුසුම නමින් පරිවර්තනය කරලා පාඨක ප්‍රසාදය නොඅඩුව ලැබුන කෙනෙක්..

    කොහොම උනත් E. L. Jamesගේ Fifty Shades of Grey කියවලා තියෙන ඕනෙම කෙනෙක් දන්නවා
    ඒ පොත සිංහලට නැගීමට හිතීමත් විහිලුවක් බව.. රංජිත් කුරුප්පු මහත්මයා දක්ෂයි.. නමුත් මෙතැනදී නම් නෙවෙයි.. ඒ නිසා හොඳම දේ මුල් ඉංග්‍රීසි පොත කියවන එක තමයි..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ පුද්ගලික අදහසනම් වෙනත් රටක සාහිත්‍ය එක්ක ලියවුනු පොතක් අපේ රටේ භාෂාවට 100% හැරවෙන්න පරිවර්තනය කිරීම නොකළයුතු දෙයක් කියලයි.. එහෙම කරානම් අපිට රුසියන් සාහිත්‍ය කියල දෙයක් නොලැබෙන්න ඉඩ තිබුන...

    ඒක නම් සහතික ඇත්ත මචන්.. හැබැයි 100% පරිවර්තන නොකෙරෙනවා නම් ඒවා පරිවර්තකට ඕන විදිහට වෙනස් කරනවා නම්.. ඒක ලොකු වරදක් පාඨකයට කරන..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113

    රංජිත් කුරුප්පු කියන්නේ ලංකවේ ඉන්න ඉතා හොඳ පරිවර්තකයෙක් මචන්.. ජර්මන් භාෂාව ගැන හසල දැනුමක් තියෙනවා.. ජර්මන් කතා පවා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා බොහොම සාර්ථකව.. “Desert Flower” කියන ලෝක අවධානය ලබාගත් කෘතියක් කාන්තාරයේ කුසුම නමින් පරිවර්තනය කරලා පාඨක ප්‍රසාදය නොඅඩුව ලැබුන කෙනෙක්..

    කොහොම උනත් E. L. Jamesගේ Fifty Shades of Grey කියවලා තියෙන ඕනෙම කෙනෙක් දන්නවා
    ඒ පොත සිංහලට නැගීමට හිතීමත් විහිලුවක් බව.. රංජිත් කුරුප්පු මහත්මයා දක්ෂයි.. නමුත් මෙතැනදී නම් නෙවෙයි.. ඒ නිසා හොඳම දේ මුල් ඉංග්‍රීසි පොත කියවන එක තමයි..

    උබට පොත් ගැන සෑහෙන්න දැනුමක් තියෙනවා වගේ.:cool:
    එල මචෝ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබට පොත් ගැන සෑහෙන්න දැනුමක් තියෙනවා වගේ.:cool:
    එල මචෝ.

    එහෙම ලොකු දැනුමක් නැහැ මචන්.. පොත් එක්ක නිතරම ඉන්නවා.. ඒ නිසා තමයි ඔය දේවල් ගැන ටිකක් දන්නේ..:)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.

    අදහස නම් හොඳයි.. මටත් හිතෙනවා වෙන කවුරු හරි පරිවර්තනය කරලා නාගන්නවට වඩා චන්දන මෙන්ඩිස් මහත්මයා ඔය සෙට් එක පරිවර්තනය කරනවා නම්... මන් ඉඩක් ලැබුනම යනවා එතුමාව හමුවෙන්න... අදහස කියලා බලන්නම්...:)
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    අදහස නම් හොඳයි.. මටත් හිතෙනවා වෙන කවුරු හරි පරිවර්තනය කරලා නාගන්නවට වඩා චන්දන මෙන්ඩිස් මහත්මයා ඔය සෙට් එක පරිවර්තනය කරනවා නම්... මන් ඉඩක් ලැබුනම යනවා එතුමාව හමුවෙන්න... අදහස කියලා බලන්නම්...:)

    අඩෝ එලනෙ. අනිවා කියපන් මචෝ. :love:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    අදහස නම් හොඳයි.. මටත් හිතෙනවා වෙන කවුරු හරි පරිවර්තනය කරලා නාගන්නවට වඩා චන්දන මෙන්ඩිස් මහත්මයා ඔය සෙට් එක පරිවර්තනය කරනවා නම්... මන් ඉඩක් ලැබුනම යනවා එතුමාව හමුවෙන්න... අදහස කියලා බලන්නම්...:)

    ඇඩේ හම්බවෙන්ට ගියොත් එහෙම dune කියන පොත් සෙට් එක ගැන පොඩ්ඩක් කියහන් දැනට ඇවිත් තියෙන පට්ටම Si-Fi වර්ගේ පොත් සෙට් එකක්. පොත් 20ක් වගේ තියෙනවා පොත් සෙට් එකේ. කියවන්ට try කරා english හින්ද හරි ගියේ නෑ :no:.​
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇඩේ හම්බවෙන්ට ගියොත් එහෙම dune කියන පොත් සෙට් එක ගැන පොඩ්ඩක් කියහන් දැනට ඇවිත් තියෙන පට්ටම Si-Fi වර්ගේ පොත් සෙට් එකක්. පොත් 20ක් වගේ තියෙනවා පොත් සෙට් එකේ. කියවන්ට try කරා english හින්ද හරි ගියේ නෑ :no:.​

    බලමු මචන්.. මෙන්ඩිස් ලොක්කා කාර්යබහුල කෙනෙක් නිසා තමයි අවුල... ඒ වගේ පොත් පොර පරිවර්තනය කරයි කියල හිතන්න අමාරුයි...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    බලමු මචන්.. මෙන්ඩිස් ලොක්කා කාර්යබහුල කෙනෙක් නිසා තමයි අවුල... ඒ වගේ පොත් පොර පරිවර්තනය කරයි කියල හිතන්න අමාරුයි...

    එක තමයි බන්. ඒ වගේ පොත් කියවන උනුත් අඩුයි ලංකාවේ.​
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Eth ei bun Chandana Mendis e potha liyapu author ge nama danne neththe.eya dala thiyenne Asanshiptha pariwarthanayaki kiyala witharai.Nodanna kenekta heththenne meka eya liayala kiyalane.Translation 1k nam aniwa mul pothe authr ge nama mention karanna oni nedda bn?

    චන්දන මෙන්ඩිස් මහතා ඔහු විසින් ම ෂර්ලොක් හෝම්ස් කතාවක් ලියා ඇත් ද?
    නැත.
    ඔහු විසින් ලියන ලද සියලු ම ෂර්ලොක් කෘති වෙනත් ඉංග්‍රීසි කතුවරුන් විසින් ලියන ලද පොත් වල පරිවර්තන හෙවත් ආනීත කතා පරිවර්තන වේ. ෂර්ලොක් හෝම්ස් කෘතියක් නිර්මාණය කිරීම ඔබ සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එයට බ්‍රිතාන්‍ය සහ වික්ටෝරියනු යුගයේ ඉතිහාසය, ෂර්ලොක් හෝම්ස් වුසූ 1850 තරම් ඈත කාලයේ සමාජයීය භූගෝලීය සාධක, ඩොයිලියානු පිටකය පිලිබ්ඳ හසල දැනුම (මෙය නම් චන්දන මෙන්ඩිස් මහතා සතුව ඇතැයි මම විශ්වාස කරමි.) මෙන්ම අතිශය තාක්ෂණික සහ කලාත්මක පරිචයක් තිබිය යුතු ය. එයට මට නම් "අඩුම වශයෙන්" වසරක් වත් ගත වන ක්‍රියාවකි. නමුත් පරිවර්තන‍යක් කිරීම සාපේක්ෂ වශයෙන් අතිශයින් පහසු ය. එබැවින් මම සිතන ආකාරයට "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" කෘතියේ සිට මෙපමණ කලක් ඔහු ක‍ර ඇත්තේ ආනීත කෘති පරිවර්තනය කිරීම ය. ඔහු තම සියලු ම ෂර්ලොක් කෘතීන්හි "පරිවර්තන" නම් ප්‍රත්‍ය‍ය යෙදීමෙන් මෙය සනාථ වේ.

    වෙනත් ‍රචකයන්ට ආනීත හෝම්ස් කෘති තම හිතු මනාපයට නිර්මාණය කළ හැකි ද?
    එය තීරණය වන්නේ අදාල කතාව ලාබ ලබන නිර්මාණයක් ද නැද්ද යන කරුණ මතයි. ලාබ නොලබන තාක් pastiche කෘතියක් Fair Usage නම් ඇමරිකානු නීතිය යටතේ ලිවිය හැක. එංගලන්තය තුළ (ෂර්ලොක් ගේ රට) මීට සමාන වෙනත් නීතියක් ‍යටතේ ලිවිය හැක. නමුත් Defamation හෙවත් කීර්ති නාමය නීතිය යටතේ රචකයාට විරුද්ධව ඩොයිල් භාරකාරත්වයට (Estate of Conan Doyle) අදාල ආනීත රචකයාට විරුද්ධව නඩු පැවරීම හැකි ය.
    Copyright හෙවත් බුද්ධිමය දේපල නීතිය යටතේ තත්ත්වය මෙසේ ය. මුල් රචකයාගේ (ඩොයිල්) ම‍රණින් වසර 70කට පසු copyright බලය ඕස්ට්‍රෙලියාවේ හැර ලොව පුරා නිශ්ක්‍රීය වන්නේ ‍ය. දැනට මුල් ෂර්ලොක් හෝම්ස් කතා, එනම් ඩොයිලියානු පිටකයේ copyright ඉහත නීතියට අනුව අහෝසි වී ඇත. එයින් සිදු වන්නේ පිටකය ඒ අයුරින් ම පිටපත් කිරීමේ නිදහස් අයිතිය ඕනෑම අයකුට ලැබීම ය.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන් ෂර්ලොක් හෝම්ස් පොත් කියක් තියද චන්දන මෙන්ඩිස් ලියපු ඒවා.පොත් සෙට් එකම ගන්නවානම් කොහෙන්ද ගන්නේ ?කියක් විතර යනවද පොත් සෙට් එකම ගන්න​

    gPuCpCR.png
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    නොකා නොබී නිදි මරාගෙන ඉස්සර මේ පොතක් හම්බුනාම කියවන්නේ. මගේ හිතට තදින්ම වැදුනු කතාවක් තමයි බිහිසුණු නිම්නය.කතාව කියවද්දි එ සිද්දි මැවිල පේන්ව වගේ. කියවල ඉවර වෙලා දවස් ගානක් යනකන්ම හිත හදාගන්න බැරිඋනා අවසානය ගැන. මතක විදියට මම ඒ කාලෙ 7 හෝ 8 වසරේ.