ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බවත්, අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවත් දරුවාගේ පියා සහ ඥාතීන් පවසති.


    අනතුරෙන් තුවාල ලැබූ මාස හයේ දරුවාගේ හිසේ පිටුපස අඹ ගෙඩියක තරම් ලොකු ගෙඩියක් ඇති වී ඇති බව දරුවාගේ පියා සඳහන් කරයි. දරුවා මේ වන විට අඬන බවත්, කිරි නොබොන බවත්, හිසේ ඇති වූ ඉදිමුම තවමත් බැස නැති බවත් ඔහු පවසයි.

    ඊට අමතරව තම මවගේ කකුල සම්පූර්ණයෙන්ම ස්ථාන දෙකකින් කැඩී ඇති අතර, මව සහ බිරිද මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්ම සඳහා සූදානම් කර ඇති බවත් ඔහු කියයි.

    දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මන්ත්‍රී අශෝක රන්වල මහතා තමා හමුවීමට පැමිණ "මගේ අතින් වරදක් වුණා, මට සමා වෙන්න" යැයි පැවසූ බවයි.

    "ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ" යැයි රන්වල මහතාගේ වෛද්‍ය පුතා පැවසූ බවත් එම ප්‍රකාශය නිසා තමාට තවත් කෝපය වැඩි වූ බවත් ඔහු කීය.

    අනතුර සිදුවී අද වනතුරුත් මන්ත්‍රීතුමා බීමතින් සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කර නැති බවට දරුවාගේ පියා චෝදනා කරයි.

    මන්ත්‍රී රන්වල මහතා අනතුර සිදුවී පැය ගණනකට පසු, මධ්‍යම රාත්‍රී 12ට පමණ රෝහලට පැමිණ ඇති අතර, ඔහු රුධිර පීඩනය වැඩි වී ඇතැයි පවසමින් රෝහල්ගත වී ඇත. ඔහු රෝද පුටුවකින් රෝහල තුළට ගිය බව දරුවාගේ පියා දැක තිබේ.

    තුවාල ලැබූ දරුවාගේ මව සහ ආච්චි ජාතික රෝහලේදී ට්‍රොලි දෙකක සිටියදී, ඔවුන්ගේ ඥාතීන්ට ඇතුළට යාමට ඉඩ නොදුන් බව දරුවාගේ ඥාතීන් කියා සිටියි. එහෙත්, මන්ත්‍රීවරයාගේ ආදාරකරැවන්ගේ වාහන කෙළින්ම රෝහල ඇතුළට ගෙන ගිය බවට ඔවුන් චෝදනා කරයි.

    තවද, අනතුර සිදුවූ ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පස් හය දෙනෙකු පැමිණි බවත්, ඔවුන් විසින් තමාට කතා කිරීම සඳහා නීතිඥවරයෙකුගේ සම්බන්ධීකරණ අංකයක් ලබා දුන් බවත් දරුවාගේ ඥාති සහෝදරියක් සඳහන් කළාය.

    පියා සහ ඥාතීන් පවසන්නේ තමන්ට රෝහල තුළට යාමට නොදුන් අවස්ථාවලදී පවා ඔවුන්ට පහසුවෙන් රෝහල තුළට ඇතුළු වීමට ඉඩ ලැබුණු බවයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ඉදිරි සතිය ඇක්සිඩන්ට් සතිය විදිහට මම නම් කරනවා
    පොඩ්ඩක් මොනවහරි කියලා හොදපන්කෝ බන්. ඇයි නිහඩ?
    "රනිලුත් රනිලුත් රනිලුත්" වගේ 🤭 🥱
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Ai ban salli adu unma hapenne?nikanwath posh ekek ehema hapenne nane oya wage manthree wahanketa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් මොනවහරි කියලා හොදපන්කෝ බන්. ඇයි නිහඩ?
    "රනිලුත් රනිලුත් රනිලුත්" වගේ 🤭 🥱

    හිටපු මන්ත්‍රීවරයෙක් වන මනුෂ නානායක්කාර ගමන් කළ කැබ් රථයට පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් සම්බන්ධ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

    මෙම අනතුරින් අදාලා පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ වයස අවුරුදු 76ක්.


    මනූෂ නානායක්කාර ඇතුළු පිරිස මැතිවරණ කටයුත්තක් සඳහා අකුරැස්ස සිට ගාල්ල බලා යමින් සිටියදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ. https://gossip.hirufm.lk/6112/2015/08/manusha-nanayakkara-cab-accident.html


    මොකක්ද ඒ කේස් එකට වුනේ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    මොකක්ද ඒ කේස් එකට වුනේ?
    කලින් හිටපු අය හොද නැති නිසානෙ උයාලා මේ අයව උස්සගෙන ආවේ. ඉතින් උයාලා දැන් කලින් හොලු එක්කද මල් පැල සසදන්නෙ 😌
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    උන් කොහොම හරි ප්‍රශ්නේ විසදා ගනී.

    උබලා ගන්න ඕන ආදර්ශය තමයි, පොඩි උන් ගෙනියන කොට අඩු ෂීට් බෙල්ට් හරි child ෂීට් එකක හරි අරන් පලයල්ලා.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් හිටපු අය හොද නැති නිසානෙ උයාලා මේ අයව උස්සගෙන ආවේ. ඉතින් උයාලා දැන් කලින් හොලු එක්කද මල් පැල සසදන්නෙ 😌
    කලින් හිටපු උන්ව පන්නන්න මුන්ව ගෙනාවේ. අනාගතේ දී මුන්ව පැන්නුවාම කලින් උන්ව ආපහු නොගෙනෙන තැනට වැඩ සිද්ධවෙන්න ඕන
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,041
    113
    කැරි පගයව ඇට දෙකෙන් එල්ලන්න ඕන බීල ඉදල නං. අනුර හෙලිකොප්ටරෙන් ඇවිත් බදා ගන්නව නං දැක්කෙ නෑ. ඒක නිසා කලින් හිටපු උන්ට පුක දෙන සෙට් එකට බලා ගන්න පුලුවන් නීතිය හරියට ක්‍රියාත්මක වෙන හැටි.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    කැරි පගයව ඇට දෙකෙන් එල්ලන්න ඕන බීල ඉදල නං. අනුර හෙලිකොප්ටරෙන් ඇවිත් බදා ගන්නව නං දැක්කෙ නෑ. ඒක නිසා කලින් හිටපු උන්ට පුක දෙන සෙට් එකට බලා ගන්න පුලුවන් නීතිය හරියට ක්‍රියාත්මක වෙන හැටි.
    දැනටමත් ක්‍රියත් මක වෙලා බං... හරියට.... වෙරි බහිනකල් ඉඳලා පොලිසියට අරන් ගිහින්.... ඒ මදි ද ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    කලින් හිටපු උන්ව පන්නන්න මුන්ව ගෙනාවේ. අනාගතේ දී මුන්ව පැන්නුවාම කලින් උන්ව ආපහු නොගෙනෙන තැනට වැඩ සිද්ධවෙන්න ඕන
    එතකොට කලින් කරපු උන් වගේම කරලා ශරීද?