ළමයින්ව හිර කරලා තියන්න එපා...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ළමයින්ව හිර කරලා තියන්න එපා...

    ඈ ආදරේ දැක්කේ සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ අපි දකින ආදරයේ සුන්දරත්වය නෙවෙයි..
    සාමන්‍ය ආදර කතාවකට වඩා ඇගේ කතාව වෙනස්..සාමාන්‍ය ගැහැණු ළමයෙකුගේ චරිතයට වඩා ඇයගේ චරිතය වෙනස්..ඔබට මේ කතාව පිළිකුල් වෙන්න පුළුවන්...එත් මේ කතාව ඇහුවොත් කවදාවත් අම්මල තාත්තල තමන්ගේ ළමයිව කොටු කරලා තියා ගන්නේ නැහැ...

    මේ කතාවේ කතා නායිකාව වෙච්ච ඇය ඉගෙන ගත්තේ සුප්‍රසිද්ද බාලිකා විදුහලක...අම්මයි තාත්තයි උසස් රැකියා වල නිරත උනා..යාන වාහන සැප පහසුකම් අතින් සුපිරි ජීවිතයක් ගත කල පව්ලක්..
    මේ දෙමුපියන්ට හිටපු එකම දරුවා ඇය හින්ද රැක ගත්තේ මැණිකක් වගේ..එත් ඒ අසීමිත ආදරේ ,කරුණාව ඇයගේ ජීවිතය මේ තරම අකාරුණික විදියට බලපායි කියල ඒ දෙමුපියෝ කීයටවත් හිතන්න නැතුව ඇති..මේ කතාවේ කොතන හරි වැරද්දක් තියෙනවා ...එක ඔබම තීරනය කරන්න,,,

    මම ඉපදුනේ කොළඹ ...අම්මගෙයි තාත්තගෙයි එකම දරුවා මම..මගේ අම්ම ඉහලම පෙලේ විදායක රැකියවක් කරනව්. තාත්ත පෞද්ගලික අංශයේ ප්‍රදානියෙක්....පුංචි කාලේ ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක.පස්සේ කොළඹ ඉහල පෙලේ බාලිකා පාසලකට ගිය,,,පුංචි කාලේ ඉදලම ජීවිතේ උපරිම සැප වින්ද...කවදාවත් පාරේ බස් එකක ගිහින් නැහැ...ටියුෂන් ගියේ නැහැ ...ඔක්කොම ටීචර්ස්ල ගෙදරටම අව..
    එත් මම ඒ පරිසරයට පොඩ්ඩක්වත් ආස කලේ නැහැ ...මටත් ඕන උනේ අනික් අය වගේ සාමන්‍ය විදියට ඉන්න,..යාළුවොත් එක්ක පන්ති යන්න...කොල්ලෙක්ට ආදරය කරන්න..එත් මට පිරිමි ළමයෙක් තිය ගෑනු ළමයෙක් එක්කවත් විනෝද වෙන්න අම්ම ඉඩ දුන්නේ නැහැ...අඩුම තරම යාලුවෙක් කියලවත් කොල්ලෙක් එක්ක හිනා වෙන්න කතා කරන්න හම්බුනේ නැහැ,
    ,
    හැම විෂයකටම වගේ ගුරුවරු ගෙදරට ගෙන්නුවා...ගෙදරට ගුරුවරයෙක් ආවත් අම්ම ලග ඉන්නවා...ඉස්කෝලේ බාලිකාවක් හින්ද පිරිමි ළමයි එකක් ගැටෙන අවස්තා අඩුයි..ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට යන්න මට අවස්තාවක් ලැබුනෙම නැහැ...ඉස්කෝලේ ඇරෙනකොටම අම්ම ගේට්ටුව ලග..යාලුවෙක් කියල මට ආශ්‍රය කරන්න ලැබුනේ පොඩි කලේ ඉදන් ආශ්‍රය කරන ළමයෙක්ව විතරයි..ටිකෙන් ටිකෙන් මේ දේවල් මානසික පීඩනයක් බවට පත්වෙන්න ගත්ත ...ඒ හදුනා පරිසරය ඇගේ ජීවිතයට බලපෑවේ භයානක විදියට..ඇගේ අම්ම නිතරම ඇගේ පිටිපස්සෙන් ඉදලත් පුංචි දුකක්වත් නොදී ආරක්ෂා කලේ ආදරේට . ඒ ආදරේ පෙරලුනු පිට බලන්න..

    පාසලේ හැම බාහිර වැඩකටම වගේ මම ප්‍රමුකස්ථානය ගත්ත ...ඒ නිදහස අම්ම මට උපරිමයෙන් දුන්න...එත් ගැහැණු ළමයි විතරක් ඉන්නවනම් විතරයි අම්ම මට ඒවාට යන්න දුන්නේ...අපේ සහෝදර පාසල් වල යාළුවොත් එනවනේ..

    පාසලේ පැවැත්වෙන සාද,උත්සව වලදී ,මම උපරිමයෙන්ම විනෝද උන..මට පුංචි හරි සැනසීමක් ලැබුනේ පාසල ඇතුලේ විතරයි. ගෙදර පරිසරය මට ජීවොතේ එපා කෙරෙව්වා.. අඩුම තරමේ අම්ම තාත්තටවත් මගේ කාමරේ ඇතුලට එන්න දුන්නේ නැහැ. මම තාත්ත එක්ක හුරතල් වෙනකොට අම්ම තාත්තට බනිනවා ,ගෑනු ළමයි ඔහොම හුරතල් කරන්නේ නැහැ කියල..පිරිමි කියන චරිතය මට එපා කෙරෙව්වේ අම්ම..තාත්ත ගෙදර ඉන්නවනම් මට කොටට අදින්න දෙන්නේවත් නැහැ...මේ දේවල් නිසා මම ජීවත් උනේ හරිම පීඩනයකින්..


    ඉතුරු ටික.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතුරු ටික ඕන්නෑ මේ ටිකම ඇති නිගමනයකට එන්න.. :yes: :yes:
    ඔය කෙල්ල කවදාවත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ ඒකයි ඔහොම කෙලවුනේ :sorry: :sorry:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    kiyawala thiyenawa :) lankadeepa paththare wage mata mathakai !

    ඔව් මචං...හොඳ ලිපියක් හින්ද දාන්න හැදුවේ...හැබැයි ඉතින් ගොඩක් කට්ටිය කියොල තියෙනවනම් මහන්සි වෙලා දාල වැඩක් නැහැ බන්...:confused::confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් මචං...හොඳ ලිපියක් හින්ද දාන්න හැදුවේ...හැබැයි ඉතින් ගොඩක් කට්ටිය කියොල තියෙනවනම් මහන්සි වෙලා දාල වැඩක් නැහැ බන්...:confused::confused:

    na na bn daapan .. kiyawapu nathi unta balaa ganna puluwan ne :yes:
    internet use karana godayk aya paththara kiyawanawath adui mama hithanne !
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් මචං...හොඳ ලිපියක් හින්ද දාන්න හැදුවේ...හැබැයි ඉතින් ගොඩක් කට්ටිය කියොල තියෙනවනම් මහන්සි වෙලා දාල වැඩක් නැහැ බන්...:confused::confused:

    මං කියෝල නෑ.. :no: :no:
    මගෙ ෆේක් අකෞන්ට් ටිකත් කියෝල නෑ.. :baffled: :baffled:
    ඉතිං ගොඩක් තමා.. :rolleyes: :rolleyes:
    ඒ නිසා දාපං :D :D
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මං කියෝල නෑ.. :no: :no:
    මගෙ ෆේක් අකෞන්ට් ටිකත් කියෝල නෑ.. :baffled: :baffled:
    ඉතිං ගොඩක් තමා.. :rolleyes: :rolleyes:
    ඒ නිසා දාපං :D :D

    තෝ නම් මාරු මිනිහ ඔයී...ඔක්කොගෙන්ම රෙප් දීල..
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දෙවැනි කොටස

    දවසක් ඉස්කෝලේදී.......එදා අපේ ඉස්කෝලේ කළා උළෙල තිබුන...කඩිමුඩියේ වැඩ අස්සේ වැඩසටහන් කීපයකටත් මම ඉදිරිපත් උනා...ඒ අතරතුර අමුතු දේකට මට මුහුණ දෙන්න සිද්ද උන...ඒ දේ මොකක්ද කියන්න මට තේරුමක් නැහැ ...(තේරුම් ගනින්.ආප්පයක් වගේ ) දින ගණනාවක්ම ඒ සිද්දියට මට මුහුණ දෙන්න උනා ...මුල් දවස් වල මට මහා පිළිකුලක් දැනුන ..හැමදේම අම්මට කියන මම මේ දේවල් අම්මගෙන් වසන් කලේ අම්මට කියන්න ලෑජ්ජා නිසාද කියලත් මට හිතෙනවා..ඒ දේවල් එහෙම වෙද්දී මගේ හිත ඒ දේවල්වලට ඉඩ දුන්නේ ඇයි කියල මට හිත ගන්න බැහැ...ටිකෙන් ටික මම ඒ දේවල් වලට ඇබ්බැහි උනා...ඒ දේවල් එක්ක මගේ හිතේ පිරිමි ළමයෙක් ගැන කිසිම කැමැත්තක් ඇති උනේ නැහැ...ඇගේ නම අනුවී..(ඈන් <මේක ටයිප් කරන්න අමාරුයි බන්.>)අනුවී පස්සේ පස්සේ අපේ ගෙදර ආව..ඇය අපේ ගෙදර එනවට අම්ම අකමැති උනෙත් නැහැ..සැක කලෙත් නැහැ.කෙල්ලෝ දෙන්නෙක් ගෙදර කාමරේකට වෙලා මොකද කරන්නේ කියල අම්ම බලන්නේ නැහැනේ.

    මුලදී මට පිළිකුලක් වගේ දැනුන දේ පසුව මගේ ජීවිතයට නැතුවම බැරි උනා...මට තේරෙන්නේ නැහැ ඇයි මම අනුවිට ආදරේ කරන්න පටන් ගත්තේ කියල...මගේ ගෙදර මොන තරම සැප සම්පත් තිබුනත් අම්මයි තාත්තයි මගේ නිදහස සිර කළා..
    මගේ යාලුවෝ නිදැල්ලේ යද්දී මං ඒවා දිහා බලාගෙන පීඩනයකින් ජීවත් උන..

    ඇගේම මිතුරියක් අමුතු යෝඋජනාවක් ගෙනෙද්දී ඇය දැක්කේ එය එය පිලිකුලක් විදියට..
    අනුවිගේ යම් යම් ක්‍රියාවන් ඇයට අලුත් දෙයක් උනා..ලිංගිකත්වය කියන් දෙය සම්ප්‍රදායට පටහැනි විදියට ඇය දැක්කේ අනුවිගේ ක්‍රියාවන් එක්ක..ගැහැණු ළමයෙක් ප්‍රිමි ළමයෙක්ගෙන බලාපොරොත්තු වෙන ආදරය ඇය දැක්කේ අනුවී තුලින්..

    අම්මයි තාත්තයි ඇගේ නිදහස ගෙදරට සීමා කලෙත් යහළුවන්ගේ අශ්රයත් සීමා කලේ යට නරකක් කරන්න නෙවෙයි,,,එත් ඒ දේවල් වලින් ඇයගේ ජීවිතයට කරපු විනාශයක මහත බලන...ඇගේ මනස දරුණු විදියට පීඩනයට ලක් කළා..
    කවදාවත් පිරිමි ළමයෙක් එක්ක හිතවත්කමටවත් කතා කරන්න නොදුන්නු ඇයට පිරිමියෙකුගේ ආදරයට වඩා දැනෙන්න ගත්තේ සමාජය ඇතුලේ පිළිකුල් වෙච්ච ආදරයක්..

    මගේ හීවිතේ අනුවී නිසා ටික ටික වෙනස් උනා...මගේ මනස යොමු උනේ ඒ දේට ..ඉගෙන ගන්න ආසාවක් ඇති උනෙම නැහැ..මට නිතරම හිතුන මේ දේවල් නිසා මට පිස්සු හැදෙයිද දන් නැහැ කියල..අපි අනෙක් ගැහැණු ළමයි වගේ එකට කෑවා..එකට ගමන් ගියා ..කව්රුත් සැක හිතුවේ නැහැ..මේ චර්යාවන් මගේ පාසලේ හුරු පුරුදු දෙයක්නේ..ඒ දේට ඇබ්බැහි උනාට පස්සේ මගේ හිතට පිරිමි ළමයි අප්‍රසන්න උනා..

    මට මොනවා උනාද කියල හිත ගන්න බැහැ..අනුවී මට අසීම්තිව ආදරය කළා..මමත් අනුවිට අසීම්තව ආදරය කළා ...මට පිරිමි ළමයි එපා උනේ අනුවී නිසා..මටත් හීන තිබුන ..පිරිමි ළමයෙක් එක්ක යාලු වෙන්න ...අනේ මන්ද..

    මුලදී මට ඇති උන පිලිකුළත් එක්ක මම අනුවිව ප්‍රතික්ෂේප කළා..ඇය මට ආදරය කරද්දී ඇගේ හිත ගියේ පිරිමි ළමයි කීප දෙනෙක්ම හිටිය...එත් අනුවී මම නිසා ඇත පය කපා ගන්න ගත්ත..ඇය කැමති උනේ නැහැ මම පිරිමි ළමයි එක්ක යාලු වෙනවට..
    මගේ වෙනසක් දැනුන ගමන් අනුවී බ්ලේඩ් වලින් අත කපා ගන්නවා .මම ලේ බලන්න බයයි..ඒ දේවල් වලට මම ගොඩක් බය උනා..

     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    යම් දෙයකදී මන් අඩුවොත් ,දුකෙන් හිටියොත් එයත් අඩනවා...ඒ තරම අනුවී මට ආදරය කලා..ඒ ආදරේ හරිම අමුතු එකක්..අපි දෙන්නගේ හැසිරීම් රටාව වෙනසක් උනේ අපි දෙන්න අටහ්ර විතරයි,,පිටට අපි සාමාන්‍ය ගෑනු ළමයි දෙන්නෙක් විතරයි,,,,,අපි දෙන්නගේ සම්බන්දය ගොඩක් දුර ගියා..අපි දෙන්නට දෙන්න නැතිව බැරි උනා..අම්ම දුන්න පීඩනය නිසයි මන් මේ වගේ දෙකට ඇබ්බැහි උනේ..

    ගැහැණු ළමයෙක් තවත් ගැහැණු ළමයෙක්ට ආදරය කරනවා..මේක අපේ සමාජය ඇතුලේ හරි දර්ය්නුවට වගේම පිලිකුල්වට කිදා බැහැපු දෙයක්,..බන්දනාගාර ,බාලිකා පාසල්,බාලිකා නේවාසිකාගාර ඇතුලේ මෙවැනි දේවල් සිදු වෙන බව අකමැත්තෙන් උනත් අපිට පිලි ගන්න වෙනවා...

    අනුවී වරදක් කළා කියල මම හිතන්නේ නැහැ ...මමත් එයාට ආදරය කල..මගේ අම්ම වගේම අනුවී මාව ආරක්ෂා කළා...එත් අපේ ආදරේ අනාගතයක් ගැන හීන දැක්කේ නැහැ...හැමදේම ලෝකයට රහසක් කරලා තියාගන්න ගොඩක් උත්සහ කළා...මට පුංචිම දුකක්වත් දැනෙනවට අනුවී කැමති උනේ නැහැ...ඇය නිතරම මගේ ලගින් හිටිය.

    එත් ඒ හැමදේම මන් නොහිතපු විදියට වෙනස් උනා...දවස් ගණනාවක් තිස්සේ මට ෆේස්බුක් එකෙන් හම්බුනා යාලුවෙක් හිටිය,,,එය ෂේන් ...මම ෂේන් එක්ක කතා කරනවට අනුවී කැමති උනේ නැහැ...එත් ෂේන් මගේ ෆෝන් එකට කතා කල..මට පිරිමියෙක් ගැන ආසාවක් ආදරයක් නොතිබුනත් මම ෂේන් එක්ක කතා කලා..ඒ කතා කලේත් ෂේන් එක්ක මම අනුවී ගැන...

    එත් ශේන්ට අපේ ආදරේ වෙනසක් දැනුනේ නැහැ...අනුවී දිගින් දිගටම මම ෂේන් එක්ක කතා කරනවා අකමැති උනා...අනුවී මට ආදරේ වගේම අපි දෙන්න අතරේ ප්‍රශ්නත් ඇතිඋන තවත් හේතුවක් තිබුන...අනුවිගෙයි මගෙයි ආකර්ෂණය පිලිබදව නිතර නිතර ප්‍රශ්න ඇති උනා..අනුවිට වඩා මාව ගොඩක් කැපිල පෙනුන...මේ නිසම මගේ දිහා බලන අය ..ආදරය කරන අය ගොඩක් හිටිය..මේ දේවල් වලට අනුවී පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ..

    මම ෂේන් එක්ක කතා කරනවා කියල අනුවී කීප වරක්ම අත පය කපා ගත්ත..ශේන්ගේ කතාවකට අනුවී මට දවසක් කනට ගැහුවා..එදා මට ගොඩක් දුක හිතුන...අනුවිට ටික වෙලාවක් යද්දී මට ගහපු දුක දරා ගන්න බැරිව අන්න ගත්ත,, අනුවිට මම නැතුව ජීවත් වෙන්න බැහැ කිව්වා...ඇය මම නිසා කීප වරක්ම ජීවිතය නැති කර ගන්න හැදුව...

    අන්තිම හැම දෙකටම වැරදිකාරය උනේ මම...මාව පුනුරුත්තාපනය කරන්න මෙහෙට එව්වා...අනුවී දැන් ඉන්නේ විදේශ රටක,,,මගේ ජීවිතේ අරමුණක් බලාපොරොත්තුවක් නැහැ..



    ඇගේ ජීවිතය මේ අගාදයට ඇද දැම්මේ කව්ද..? ඇගේ දෙමුව්පියෝ ඇයව ගෙදරට කොටු කළා..ඒ කොටුකිරීමත් එක්ක පීඩනයෙන් මිරිකුණු මනසින් ලිංගිකත්වය දැක්කේ අමුතුම ආකාරයකට..කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන එක ...ආදරය කරන එක...කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන එක ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්,,,මේ දේවල් වලට දෙමව්පියෝ වට කදුළු බදින්න එපා,,,

    ගැටවර වියට පත් වෙච්ච් දරුවන්ගේ හෝමෝන වර්දනය්ත් එක්ක විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති වෙනවා..පාසල් ප්‍රේමය එකට උදාහරණයක්..මේ ලෝකයට ස්ත්‍රියක් හා පුරුෂයෙක් නිර්මාණය කරලා තියෙන්නේ පරම්පරාව පවත්වාගෙන යන්න ..ප්‍රජනනය කියන්නේ පවුලක මුලික අවශ්‍යතා වලින් එකක්..

    එහෙත් මෙවැනි අසම්මත සම්බන්දතා වලින් සිදු වන්නේ සොබාදහාමට පටහැනි වීමක්..එය සමාජ සමතුලිතාවයටත් විශාල තර්ජනයක්...

    මේ දරුවන්ගේ නිදහස එයාලට දෙන්න...ජීවීතය කියන්නේ විදින්න ඕනේ දෙයක්... තරුණ දරුවෝ මේ සමාජය ඇතුලට බහින්න ආසයි..ඒ අත්දැකීම් ජීවිතයට අවශ්‍යයි..ගෙවල් ඇතුලේ බෝනික්කෝ වගේ හදන දරුවන්ගේ ජීවිත ගොඩක් වැරදෙන්නේ ඔන්න ඔය නිසා..අත්දැකීම් නැහැ ..සමාජයට බයයි,,අම්ම තාත්තගේ පරිසරයට වැඩ එහා ගිය දෙයක් දරුවන්ට විදින්න දෙන්න,,,

    දරුවන්ගේ අවශ්‍යතා ,හැගීම් මාපියන් වන ඔබ තේරුම් ගත යුතුයි....එයාලගේ නිදහස අයිතීන් ගෙදර කාමරෙකට දාල දොරගුළු දැම්මොත් ඒ දරුවන්ගේ ජීවිත විනාශ වෙන්නේ බල ඉද්දීමයි...



    අවසානයි...හිතන්න දෙයක් තියෙනවා මේකේ...අදහසක් දාල යන්න..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    owwa ithin nawatthanna baha ban ammala hewwa kiyalath :( owwata yana eka yanawa..hira karala thibba kiyala ehema kellek gana feelings enne nahane..anemanda..homosexual kiyanne metal case ekak kiyala mama ahala thiyenne nam...

    bump..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඉතුරු ටික ඕන්නෑ මේ ටිකම ඇති නිගමනයකට එන්න.. :yes: :yes:
    ඔය කෙල්ල කවදාවත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ ඒකයි ඔහොම කෙලවුනේ :sorry: :sorry:


    games again... :lol::lol::lol::lol::lol: lol
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ නම් මාරු මිනිහ ඔයී...ඔක්කොගෙන්ම රෙප් දීල..

    ඔව් නැත්තං උඹ කියයිනෙ මං ෆේක් ගොඩක් තියෙනව කිව්වෙ බොරුවට කියල :dull: :dull:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඉතුරු ටික ඕන්නෑ මේ ටිකම ඇති නිගමනයකට එන්න.. :yes: :yes: ඔය කෙල්ල කවදාවත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ ඒකයි ඔහොම කෙලවුනේ :sorry: :sorry:
    Film balala mole kuruwal wechch suttek :(
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඊටපස්සේ කෙල්ල කොහොම හරි ගෙදරින් ෆෝන් එකක් ඉල්ලගන්නවා..පස්සේ ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා කෙල්ල උත් එක්ක පැනල යනවා..ගියාට පස්සේ බැලින්නම් කොල්ල බැදපු එකෙක්..පස්සේ උගේ අතින් කෙල්ල අමාරුවේ වැටිලා අන්තිමට ගණිකාවක් වෙනවා..නිමි..