ළමයි ඉන්න උන් ඇතුලට :(

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    උබලට කවද හරි උඹලගෙ ළමයි ලොකු මහත් වෙනකොට දුකක් දැනිල නැද්ද?
    ළමය ලැබිල හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආපු දවසෙ ඉඳන් රෑ නිදිමරාගෙන කටු කාල. උන්ගෙ ආතල් වැඩ බල බල ඉන්නකොට අර ඉස්සර කාපු කටු දැන් නෑ නේද කොච්චර කටු උනත් ඒව හෙන අමුතු අත්දැකීමක් නේද කියලා. ඉස්සර ළමයට නිතරම ඕන වෙන භාන්ඩ දැන් වැඩක් නැතුව පැත්තක දාල තියෙනකොට ඒවා අයින් කරපු දවසක්වත් මතක නැතුව යනව නොදැනීම. මේක මම මේ සිරා දාන පොස්ට් එකක් මොකද අද මට මේව හිතිලා ටිකක් ඇඬුනා. මගේ අම්ම 2010 මැරුන දවසෙ ඇඬුනට පස්සෙ කිසි දවසක මට මෙහෙම දුකක් දැනිල නෑ. :(
     

    Morbius

    Well-known member
  • ළමයි නෑ එත් අම්මයි තාත්තයි වයසට යනවා පේනවා.දැනුත් මම පරණ පොටෝ බල බලා ඉදියේ. මට එකට ලොකු බයක් දුකක් දැනෙනවා. එක කියන්න බැරි තරම් දුකක් .. එයාලා නැති උනාම මම කොහොම එක දරා ගනිද දන්නේ නෑ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    ළමයි නෑ එත් අම්මයි තාත්තයි වයසට යනවා පේනවා.දැනුත් මම පරණ පොටෝ බල බලා ඉදියේ. මට එකට ලොකු බයක් දුකක් දැනෙනවා. එක කියන්න බැරි තරම් දුකක් .. එයාලා නැති උනාම මම කොහොම එක දරා ගනිද දන්නේ නෑ.
    ඒත් එක්කම මට හිතෙනව අපේ අම්මලත් අපි ලොකුවෙන දිහා මෙහෙම බලන්න ඇති නේද කියල. මොකද මගේ ළමය නිදිකරවන්න පාවිච්චි කරල තියෙනව අපේ අම්ම මාව නිදිකරවන්න පාවිච්චි කරපුම පැනල්. අපේ අම්ම මැරිලත් අවුරුදු 15ක් වෙනවා අම්ම ඒව ඒතරම් පරිස්සම් කරල තියල තිබ්බා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    උඹ පොඩි කාලෙ සෙල්ලම් කරපුවා එකක්වත් දැන් තියනවද?

    මන් බැඳලා නෑ ඒත් ඕකට බෙහෙතක් කියන්නම්.

    අපි පොඩිකාලෙ සෙල්ලම් කරපුවා චුට්ටක් ලොකුවෙනකොටම (ඉස්කෝලෙ 3-4 වගේ වෙද්දි) අපිට වඩා පොඩි උන්ට දුන්නා. ඒවා එකක්වත් දැන් අපිලඟ නෑ. උන්ගාව තියද දන්නෙත් නෑ. හිතේ අමාරුවකුත් නෑ
     
    • Like
    Reactions: Lionzzz and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    උබලට කවද හරි උඹලගෙ ළමයි ලොකු මහත් වෙනකොට දුකක් දැනිල නැද්ද?
    ළමය ලැබිල හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආපු දවසෙ ඉඳන් රෑ නිදිමරාගෙන කටු කාල. උන්ගෙ ආතල් වැඩ බල බල ඉන්නකොට අර ඉස්සර කාපු කටු දැන් නෑ නේද කොච්චර කටු උනත් ඒව හෙන අමුතු අත්දැකීමක් නේද කියලා. ඉස්සර ළමයට නිතරම ඕන වෙන භාන්ඩ දැන් වැඩක් නැතුව පැත්තක දාල තියෙනකොට ඒවා අයින් කරපු දවසක්වත් මතක නැතුව යනව නොදැනීම. මේක මම මේ සිරා දාන පොස්ට් එකක් මොකද අද මට මේව හිතිලා ටිකක් ඇඬුනා. මගේ අම්ම 2010 මැරුන දවසෙ ඇඬුනට පස්සෙ කිසි දවසක මට මෙහෙම දුකක් දැනිල නෑ. :(
    ඔය විදියටම ඔයාගෙ අම්මටයි තාත්තටයි ඔයා ගැන හිතල ඇඬෙන්න ඇති.
    ඊටපස්සෙ ඔයාගෙ ළමයි, මුණුබුරොත් අඬාවි.

    ඒක තමා සංසාර චක්‍රය.

    ඕක ඉතින් cycle එකක් වගේ එකම වටයක් යන්නෙ.
    ළමයි ලොකු උනාම හරි එයාලගෙ වගකීම් වලින් නිදහස් වෙලා ධර්මයට යොමු වෙන්න, භාවනා කරන්න, නිවන් දකින්න, මගඵල ලබන්න try කරන්න.

    බුදු සරණයි !
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ෂොට් එකක් දාපු වෙලාවට ඔය සබ්ජෙක්ට් මතක් උනාම සෙන්ටිමෙන්ටල් වෙනවා.
    නැත්තම් ගානක් නෑ. ඕක තමා වෙන්න තියන විදිය.
     

    nidarsha91

    Well-known member
  • ඉපදීමවත්, පැවතීමවත්, මිය යාමවත් නැති කරන්න බැහැ මචන්. ඒත්, ඒ හැම ඉපදීමකම අරමුණ, ඒ මූලික අරමුණ කුඩා අණු කොටස් වලට බෙදීමේ කාල සීමා වගේ දේවල් දැන ගැනීම, කොටින්ම තමන් ගැන දැන ගැනීම තමයි - නිවන වෙන්නේ. ඒක තේරුම් ගන්න උත්සාහ ගමු මචන්.

    උඹට ඇවිල්ලා තියෙන දුක මටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ දුකට හේතුවත්, ඒ හේතුව නැති කර ගැනීමේ මාර්ගයත් ගැන හිත යොදවද්දි, පුරුදු කරද්දි, ඕකෙන් ගොඩ එන්න පුළුවන් වෙලා තියෙනවා මචන්.

    වෙනස් වීම නතර කරන්න හදන එක = ෆිසිකල් ඩ්‍රයිව් එකක් (හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකක්) හැමදාම එකම වේගෙන් ඩේටා ට්‍රාන්ස්ෆර් කරයි කියල බලාපොරොත්තු වෙනවා වගේ.

    වෙනස් වීමට හුරු වෙනවා = තමන්ගෙ ඩේටා ටික (සංසාර පුරුදු ) කොච්චර වටිනවද කියල හිතල ඉවසල ඉවසල ෆයින්ඩර් එකේ පෙන්නන්නෙ නැතුව යද්දි, එක්ස්ප්ලෝරර් එකේ පෙන්නන්නෙත් නැතුව යද්දි පවා නෑ මම අත හරින්නෙ නෑ කියල R-Studio වගේ ඩේටා රිකවරි සොෆ්ට්වෙයා එකකින් කොහෝමහරි උත්සාහ කරල කරල හරි ටික ටික ටික ටික ගන්නවා වගේ මචන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහම්බෙන් ත්‍රෙඩ් එක දැක්කේ. අද ඉස්කෝලේ අන්තිම දවස. ප්‍රයිමරියට යන අවසාන දවස. පට්ට දුකයි හැමෝටම. මමත් නිවාඩුවක් දාල පුතාව ගන්න ගියා😑

    මේ පාර ඉස්කෝලේ කාටවත් කිසි තෑග්ගක් දුන්නේ නෑ. ශිශ්‍යත්වෙට කිසි පුහුණුවක් කරේ නෑ ඉස්කෝලෙන්. අපේ මහන්සියයි සල්ලියි, ළමයින්ගේ කැපවීමයි විතරමයි. අන්තිමට හැමෝම වගේ අවමෙන් හරි ශිශ්‍යත්වේ පාස්. අපේ මහන්සියෙන් ඉස්කෝලෙ නම තමයි ප්‍රසිද්ද වෙන්නේ. ඒ වගේම ඉස්කෝලේ එක්ක වලි හතර පහක්ම දාගත්තා. ෆොටෝ ගන්නවට කේස් දාපු උන් අද මගෙන් ළමයින්ගේ ස්ටේජ් ප්ලේ එකේ වීඩියෝ එක ඉල්ලනවා උන්ට කවුරුත් ඉඳල නෑ රෙකෝඩ් කරගන්න. ඔන්න ඔහේ දීල දැම්මා. 😊
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    දැන් මොකටද ඉතින් දුක?

    ලමයා ලොකු වෙන නිසාද?
    සෙල්ලම් බඩු අපරාදේ නිසාද?
    :unsure:
    anime-meme.gif
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ළමයි නෑ එත් අම්මයි තාත්තයි වයසට යනවා පේනවා.දැනුත් මම පරණ පොටෝ බල බලා ඉදියේ. මට එකට ලොකු බයක් දුකක් දැනෙනවා. එක කියන්න බැරි තරම් දුකක් .. එයාලා නැති උනාම මම කොහොම එක දරා ගනිද දන්නේ නෑ.
    මටත් මේක තියෙනව
    එයාලට කලින් මං මැරුනොත් හොදයි