ළමයි වැඩි වෙන්න හේතුව..

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ළමයි වැඩි වෙන්න හේතුව..

    උඩරට පළාතේ ගම් කීපයක දරු උපත් පිළිබඳ සමීක්ෂණයක යෙදී සිටි නිලධාරියා ඉන් එක් ගමක දරු උපත් අනෙක් ගම් හා සසඳද්දී ඉතා අස්වාභාවික ලෙස වැඩි ප්‍රවණතාවයක් දක්වන බැව් නිරීක්ෂණය කළේය. හේ එම ගමේ පිහිටි පාසලේ විදුහල්පති තුමා හමුවී ඒ පිළිබඳ විමසීමි.
    ’මේකනෙ මහත්තයො වැඩේ. මහත්තයා දකින්ඩ ඇතිනෙ මේ ගම මැදින් වැටිලා තියෙන රේල් පාර. ඒ රේල් පාර ආන් අර කඳු දෙක මැදින් යද්දි දිග බිංගෙයක් පහුකරගෙන යන්නෙ. උදේ පාන්දර 4.00 ට මේ ගම මැදින් යන කෝච්චිය ඔය බිංගෙට ඇතුල් වෙන්ඩ කලින් දිග හූවක් කියනවා.
    ඒ හූවේ සද්දෙට නිදා ඉන්න මුළු ගමම ඇහැරෙනවා. ගම්මුන්ට ආයෙත් නිදා ගන්ඩ කල් මදියි. ඒ වගේම නැගිටින්ඩත් කල් වැඩියි. ඒ වෙලාවට කරන්ඩ කියල දෙයක් ඇත්තෙත් නැහැ. ඕන්න ඕකයි මේ ගමේ දරු උපත් වැඩි වෙන්ඩ හේතුව.’ විදුහල්පතිවරයා විස්තර කළේය.

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතින් හරිනෙ

    ’මෙච්චර කියල දීලත් මේ වාක්‍යය ලිව්වේ වැරදියට නේද?’ චමරි, ලකීගෙ කන මිරිකමින් රවා බලා ඔහුට එහි වරද පහදා දුන්නාය.
    ” ‘තාත්තා ගෙදර ආවාය’ මේ වාක්‍යය වැරදිනෙ ළමයො. තාත්තා කියන උක්තය පුරුෂ ලිංග. එතකොට ආඛ්‍යාතයත් පුරුෂ ලිංග වෙන්ඩ ඕනෙ. ‘ආවාය’ කිව්වම ඒක ස්ත්‍රි ලිංග නෙ.”
    ’ඉතින් හරිනෙ ටීචර්. අපෙ තාත්තා ගෙදර ආවාම ස්ත්‍රී ලිංග නෙ. එතකොට අපෙ අම්මා තමයි පුරුෂ ලිංග.’ ලකී කන අතගාමින් කීවේය.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාර පල් එක

    ඔයා දන්නව ද අපේ කරූ හැමදාම උදේට ඔෆිස් යන්නෙ මට හාද්දක් දීලා. ඔෆිස් ඇරිලා ආවමත් එයා මට හාද්දක් දෙනවා.’ කරුණාරත්නගේ බිරිය ශ්‍රීමා තම මිතුරියක වූ ප්‍රේමා සමඟ කීවේ තරමක ආඩම්බරයකිනි.
    ’කොයිතරම් හොඳ හස්බන්ඩ් කෙනෙක් ද ඔයාට ඉන්නෙ නේද?’ ප්‍රේමා තරමක ඉරිසියාවෙන් මුත් සිනාවක් පාමින් කීවාය.
    ’ඔයා දන්නවද වැඩක්. දවසක් දා මට හදිසියෙම කරූව හම්බ වෙන්ඩ ඕනැ වුණා. මම එයාගෙ ඔෆිස් එකට ගිහින් කෙළින්ම එයාගෙ රූම් එකට ගියා. මම හදිසියෙම කාමරේට යනකොට එයාගෙ බ්‍රාන්ච් එකේ ඉන්න අර තඩි අම්මන්ඩි රජිතාව ළං කරගෙන කරූ එයාට හාද්දක් දෙනවා.’
    ’චිකේයියා...! බලන්ඩකොට අනේ චපල පිරිමින්ගෙ හැටි.’ ප්‍රේමා කට ඇද කරමින් කීවාය.
    ’නෑ අනේ... කරූ මාව දැක්ක ගමන් රජිතාව පැත්තකට තල්ලු කරලා දාලා මට හාදු 100 ක් විතර දුන්නා. රජිතාට මාර පල් එක අනේ. ඒකි මුහුණ රතු කරගෙන බකල ගගහා අඩියට දෙකට කාමරෙන් යන්ඩ ගියා.’ ශ්‍රීමා සිනාසෙමින් කීවාය.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉරුවේ මොකද්ද?

    ඇඳිරි වැටුණු වේලාවේ පටන් රූපවාහිනියේ විකාශය වන අවර ගණයේ ටෙලි නාට්‍ය දෙස ශාන්ති අනිමිසලෝචනයෙන් බලා සිටිද්දී ඇයගේ සැමියා වන චන්ද්‍රසිරි සාලයේ කෙළවර මේසයක් ඉදිරිපිට වාඩි වී පුවත්පතකට ලිපියක් සකසමින් සිටියේය. හදිසියේම කුස්සියෙන් කිසිවක් රෝස් වන ගඳක් දැනුණු ශාන්ති අකැමැත්තෙන් වුවත් වහා නැඟිට කුස්සියට දිව ගියාය. ඇය නැවත සාලයට පිවිසෙද්දීම රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ ටෙලි නාට්‍ය දර්ශනයේ යමක් ජරාස් ගා ඉරා දමන ශබ්දයක් ඇයට ඇසුණි. ඇය වහා රූපවාහිනියට යොමු වෙද්දී එකී දර්ශනය මැකී යමින් තිබිණ.
    ශාන්ති රූපවාහිනිය ඉදිරිපිට පුටුවක වාඩි වුණේ තම සැමියාගෙන් මෙසේ අසමිනි.
    ’මොකද්ද අනේ ඒ ඉරනවා ඇහුණෙ?’
    අන්දමන්ද ව හිස ඔසවා බැලු චන්ද්‍රසිරි රූපවාහිනි තිරය දෙස බලා මෙසේ කීවේය.
    ’මං හිතන්නෙ ඔය ටෙලි නාට්‍යයේ තිර නාටකය වෙන්ඩ ඇති.’
     
    • Like
    Reactions: Nu1Dnk

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඩරට පළාතේ ගම් කීපයක දරු උපත් පිළිබඳ සමීක්ෂණයක යෙදී සිටි නිලධාරියා ඉන් එක් ගමක දරු උපත් අනෙක් ගම් හා සසඳද්දී ඉතා අස්වාභාවික ලෙස වැඩි ප්‍රවණතාවයක් දක්වන බැව් නිරීක්ෂණය කළේය. හේ එම ගමේ පිහිටි පාසලේ විදුහල්පති තුමා හමුවී ඒ පිළිබඳ විමසීමි.
    ’මේකනෙ මහත්තයො වැඩේ. මහත්තයා දකින්ඩ ඇතිනෙ මේ ගම මැදින් වැටිලා තියෙන රේල් පාර. ඒ රේල් පාර ආන් අර කඳු දෙක මැදින් යද්දි දිග බිංගෙයක් පහුකරගෙන යන්නෙ. උදේ පාන්දර 4.00 ට මේ ගම මැදින් යන කෝච්චිය ඔය බිංගෙට ඇතුල් වෙන්ඩ කලින් දිග හූවක් කියනවා.
    ඒ හූවේ සද්දෙට නිදා ඉන්න මුළු ගමම ඇහැරෙනවා. ගම්මුන්ට ආයෙත් නිදා ගන්ඩ කල් මදියි. ඒ වගේම නැගිටින්ඩත් කල් වැඩියි. ඒ වෙලාවට කරන්ඩ කියල දෙයක් ඇත්තෙත් නැහැ. ඕන්න ඕකයි මේ ගමේ දරු උපත් වැඩි වෙන්ඩ හේතුව.’ විදුහල්පතිවරයා විස්තර කළේය.

    මේක මරූ!
    :lol: :lol: