ළමයි හදන්නේ ඇයි?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ තර්කෙ ලත් තැනම ලොප් නේ බන්. උපදින ළමය පව් කරන්නත් පුළුවන් පින් කරන්නත් පුළුවන්. ඒක හින්ද ඒ ළමයාගේ සංසාරේ දික් වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන් :)

    මම අහන්නේ ළමයි හදන එකෙන් දෙමව්පියෝන්ගේ සංසාරේට තියෙන බලපෑම ගැන

    ඔව් බන් එකේ වෙන කතාවක් ගියෙ මම නිකන් මතක්උන හින්ද දැම්මේ
     
    • Like
    Reactions: ryandok

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    newborn-photography-tips-3_thumb%25255B2%25255D.jpg

    අපි ජීවත් වෙන මේ සමාජයේ ගොඩක් මිනිස්සු හිතන පතන විදිහ හරිම වෙනස්. ඒ වගේම තමන් හිතන පතන විදිහ හරියි කියලා තමයි හැමෝම හිතන්නේ. විවාහය ගැන මේ සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සු දරන්නේ එකම මතය. පිරිමියෙක් හොඳ ගැහැණියෙක්ව බැඳගෙන ළමයි හදාගෙන ජීවත් වෙන එක තමයි විවාහය කියලා දකින්නේ. ආදරෙන් වෙලිලා ඉන්න යුවලක් දැක්කොත් ගොඩක් දෙනා අහන්නේ කවදද බඳින්නේ කියලා. බැන්දට පස්සේ අහන්නේ තාම ළමයි නැද්ද කියලා. ගොඩක් අයට මේ ප්‍රශ්ණ හරිම හිසරදයක්. ඒත් වැඩිහිටියෙක්ගේ මූණටම බනින්න අපහසු නිසා ගොඩ දෙනෙක් මේ ප්‍රශ්ණ විඳදරා ගන්නේ හරිම අමාරුවෙන්. ළඟදි මට අහන්න ලැබුන සංවාදයක කොටසක් මෙතන දැම්මොත් හොඳයි කියලා හිතුනා. මේ සංවාදයට අදාල යුවතිය විවාහ වෙලා අවුරුදු පහක් විතර වෙනවා. මේ සංවාදය යන්නේ ඇය අඳුනන තවත් ගැහැණියක් එක්ක.

    "මොකද තාම ජෝඩුවට ළමයෙක් හදන්න කල්පනාවක් නැද්ද?"

    "ආවට ගියාට ළමයි හදන්න බැහැනේ ආන්ටි. ළමයෙක් හදන්න කලින් කරගන්න කොච්චර දේවල් තියෙනවද?"

    "අපිනම් ඒ කාලේ ළමයි හැදුවේ පේන බල බල නෙමෙයි. අද මම මෙහෙම සතුටෙන් ඉන්නේ ඒ ළමයි හින්දා."

    "ඉස්සර වගේ දැන් ජීවත් වෙනවා කියන එක ලේසි නැහැ. දෙන්නෙක්ට හරියට කන්න බොන්න විදිහක් නැතුව තව ළමයෙකුටත් කන්න බොන්න දෙන්නේ කොහොමද?"

    "බැඳපු ගමන් ඉක්මණට ළමයෙක් හදන එක තමයි හොඳ. පහු වෙනකොට ඕවා පුලුවන් වෙයිද දන්නේ නැහැනේ. ගෑණු අපි ජීවත් වෙන්නේ ළමයි හදන්න. ළමයෙක් හදන්න බැරි නම් ඒ ගෑණිගෙන් වැඩක් නැහැ. ඔය ළමයිට දැන් නෙමෙයි තේරෙන්නේ, වයසට ගියහම. වයසට ගිහින් වැඩපල කර ගන්න බැරි උනහම තමයි ළමයිගේ අගේ තේරෙන්නේ."

    "ආන්ටි, මම ළමයෙක් හදනවනම් හදන්නේ වයසට ගියහම මගේ වැඩ කර ගන්න නෙමෙයි. මට හිතුනොත් මට හිතුන කාලෙක හදනවා. කවුරුවත් ඒ ගැන වද වෙන්න ඕනා නැහැ."

    මේ යුවතිය එතැනින් පිටත් උනේ තරහෙන් පුපුර පුපුර. තමන්ට ළමයෙක් හදන්න උවමනාවක් නැත්නම් හරි, ළමයෙක් හදන්න නොහැකියාවක් තියෙනවම් හරි ඒ ගැන මොකටද අනිත් අය වද වෙන්නේ? ඒත් එක්කම අද ගොඩක් දෙනා ළමයි ගැන කතා කරනකොට කියන්නේ තමන් වයසට ගියහම ළඟ ඉන්න ළමයෙක්වත් ඉන්නම ඕනා කියලා. හැමෝම නැති උනත් අද සමාජයේ ජීවත් වෙන මිනිස්සු තමන් තනි වෙයි කියන බයට එක ළමයෙක් හරි කොහොම හරි හදා ගන්න අවස්ථා තියෙනවා. තමන්ගේ හිතෙන් ප්‍රශ්ණ කරලා බලන්න තමන් ඇත්තටම ළමයෙක් හදන්න කැමති ළමයෙකුට තියෙන ආසාව නිසාද, එහෙමත් නැත්නම් තමන්ගේ තනියටද කියලා. කීයෙන් කී දෙනෙක් මේ ප්‍රශ්ණෙට අවංකව උත්තර දෙයිද?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මිනිස්සුගේ පැවැත්ම රඳා පවතින්නේ.. බලාපොරොත්තු සහ සතුට මත .. ඔය දෙකම නැති නම් ජිවිතේ ප්‍රශ්න වැඩි.. අර්ථ රහිතයි කියලා හිතෙනවා , ජිවිතේ එපා වෙනවා.. බැඳපු දෙන්නෙක් බැඳලා මැරෙනකන්ම තනියෙන් ඉන්නවා කියන්නේ, ඉන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් හිතුවට ඒ අය මානසිකව පිඩා විඳිනවා දරුවෙකුගේ සුරතල් සහ දරුවන් උස් මහත් කරලා හොඳ තලයකට එනවා දකින්න නොමැති නිසා.. මොකද ඒක තමයි ඒ අයව ජිවත් කරවන එකම දේ .. බැඳලා ළමයි නැති අය කොයිතරම් කටු කනවද තමන්ගේම දරුවෙක් හරි වෙන දරුවෙක් හරි අරන් හදාගන්න.. ඒ ඇයි ඒ අය ජිවත් උනාට ඒ අයගේ සතුට සහ බලාපොරොත්තු කියන දේ රඳා පවතින්නේ ඒ දේවල් මත.. උබ ඔය හිතන විදිහට ඉස්සර පරම්පරා හිතුවා නම් අද අපි මේ තැන නෑ.. මෙහෙම හිතපන්කෝ උබ බඳින්නේ නැතුව මුළු ජිවිත කාලෙම ඉන්න පුලුවන්ද ? කව්රුත් පොර වෙන්න එහෙම කිව්වට ඇත්තටම බෑ .. බැඳීම් කියන දේත් ජිවිතෙකට ඕනේ.. ආදරේ කියන දේත් ඕනේ.. නැත්තං පිස්සු හැදෙයි අනිවාර්යෙන්ම.. නමුත් ඕනෑවට වඩා ඕනේ නෑ..

    :):):)

    මට තේරෙන විදිහට දැම්මේ ඈ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    සෑහෙන හොඳ පැහැදිලි කිරීමක් :yes: Rep + :)
     
    • Like
    Reactions: ryandok